තරු විසුල රැයක
ඔබේ කුඩා කුටියෙහි කවුළුවෙන්
‘අහස බලන්නැයි’
පණිවිඩයක් එවමි..
ඔබ අවදිවූ බව හඟවන
කොළ එලිය දැල්වෙන තුරු
තත්පර ගනිමි..
පණිවිඩය දුටු බව කියන
ඔබේ රුව මතුව ආ සැනින්
‘හා’ කියන්නත් ඉස්සර
ඔරායන්ගේ කඩුව අරගෙන
තරු කඩා දමමි…
තරු කඩා වැටෙන’තර
දෙහදවතක සලකුණක් යවා
ඔබ ආය එන්න පෙර
කෙටි ඇමතුම් කවුළුව වසමි..
ඉතිං ,
ඔබ මටම ලැබේදැයි නොදනිමි..