RSS Feed

Monthly Archives: පෙබරවාරි 2010

පසු බැසීම……

ඇස හැර බැලිමි

ඔබ සිත දුටිමි

විදි දුක් හැඟිමි

සටනට ගියෙමි

පැරදුම ලදිමි

සිත රිදව ගති

කඳුලුත් සැලිමි

මම නික්ම යමි

ඔබ අතැර යමි

යලි එන්න පතමි

හැකි වෙදැයි නොදනි

ආවොතින් කියමි

යලි එන්න ලැබුම

පිනෙකැයි සිතමි

Advertisements

තනිව සිට මඟ බලමි….!!

තල් වැටේ මායිමේ තනිව සිට මඟ බලමි

යලි එතැයි සිතෙයි මට පෙර පුරුදු ලෙසින් ඔබ

කුරුලු කිචි බිචි ඇසෙයි බය වෙන්න එපා දැන්

ආඬි ලිඳ පැහැදිලියි වතුර නිල් කඩිත්තක්

තල් හකුරු තේ කහට හා පුරුදු ලෙන්ගතුව

මඟ බලයි හැමදාම ඔබේ පැමිනීම ගැන

කිරි පැණියි කලු දොදොල් අරන් නෑගම් එන්න

බඳිමු අපි අත් වැටක් යලි බිඳී නොමයන්න…!!!

Manju..Thank  you for the photo

උකුස්සාගේ සිහින නවාතැන….

සිත්තරකු වී තෙලි තුඩින්
අඳින්නට සිටි සිතුවමින්
දුරස් කර මා සිත මරා දැමු
හැමට කරදර ගෙන දෙමින්
මගේ සිත රැදි මගේ සිහිනය
සැබෑ කලෙ මම මේ ලෙසින්
කඳු වලල්ලේ පැහැය අරගෙන
වලාකුළු වල සිහින අරගෙන
මීදුමේ සුදු පාට අල්ලන
සෑම උදයම සුන්දරයි මට
සැබෑ සිත ලෝකයට හංගා
නපුරු දුදනෙකු ලෙසින් පෙන්නා
සැඟව ඉන්නට තැන් සදා දුන්
ඇල්ෆ්ස්  හී මේ සොදුරු නිවසට
ඇවිත් යන ඔබ සැම සිතාවී
කොහෙද? කොතැනද? වැරදුනේ මට
මමත් නොදනිමි හරියටම එය……

මේ ජර්මනිය හා ඔස්ට්‍රියාව අතර ඇල්ෆ්ස් කඳුකරයේ පිහිටි ඇඩොල්ෆ් හිට්ලර්ගේ පිටිසර නිවසකි.

Manju.. Thank you for the photo.

Made in ශ්‍රී ලංකා නම් ……!!!

මම අද ලියන්න යන දේ ගැන පිට රටවල ජීවත් වෙන ගොඩක් දෙනාට හිතිල ඇති කියල මම හිතනවා.බොහෝ ලාංකිකයින් මා දන්න තරමින් ලෝකෙ කොහේ හිටියත් තමන්ට පුරුදු ආහාර තවමත් අත හැරලා නැහැ.ඔවුන් තමන්ට හැකි විදියට ඒවා සපයා ගනිමින් ඉන්නවා.ඒත් මම මේ කියන්න යන්නෙ ඒවා සොයගෙන යද්දී මට ඇතිවෙන හැඟීම

මට මේවා මිලදී ගන්න යන හැම විටකම අපේ රට ගැන ලොකු දුකක් ඇති වෙනවා..තරහකුත් එක්කම.

ඉතින් ඒ ඇයි..,

සරලව හිතන්න කොස් හා පොල් අපේ රටේ සුලබව වැවෙන ශාක දෙකක්.පොල් පැත්තකින් තියන්නකෝ කොස් ගහක් හදාගන්න මහා මහන්සියක් ගන්නේ නැහැ නේද? කවුරුත්.කොස් වාරෙට කොස් ගස් ලඟින් යන්න බැරි තරමට කුණුවෙලා වැටුන ගෙඩි මම ඕන තරම් දැකලා තියනවා.

ඒ කුණු වෙලායන්නේ අපේ රටට ලැබෙන්න තියන හොඳ විදේශීය විනිමයක් නේද? කියල මට හිතෙනවා.අපට පුලුවන්නම් එසේ අපතේ යන ආහාර ටින් කරලා විදේශීය වෙළද පලට එවන්න.

අපේ රටේ තියන ප්‍රසිද්ධම ආහාර ටින් කිරීමේ සමාගම් මේ ගැන නොසිතන හේතුව  නම් මම කියන්න දන්නේ නැහැ.හැබැයි ඉන් එක් සමාගමක් නම්  මීට අවුරුදු කීපයකට කලින් (2004) භාවිතා කරපු තාක්ෂණය නම් විදේශීය වෙළදපොළට ගැලපෙනවා කියල මම හිතන්නේ නැහැ.මේ පේන ආහාර බඳුනක් විවෘත කලවිට එහි ඇතුලත බිත්ති කිසිවක්  දියවී ගොස් ඇති බවක් පෙන්නුම් කරන්නේ නැහැ.ඒත් කණගාටුවෙන් උනත් කියන්න තියන්නේ අපේ රටේ අදාල එක් සමාගමකින් නම් එවැන්නක් බලාපොරොත්තු  වෙන්න බැහැ.ඒ ආහාර ටින් වල ඇතුලත බිත්තිය දියවී ගොස් ඇති බවක් පෙන්නුම් කරනවා.ඒකයි මම කිව්වෙ තාක්ෂණයේ මොකක් හරි අඩු පාඩුවක් ඇති කියලා.ඉතින් ඒ අඩුපාඩුව සකස් කරගන්න අදාල සමාගම් උනන්දු උනොත් මම හිතන්නේ නැහැ අපිට මේක කරන්න බැරි වෙයි කියලා.

යුරෝපයෙන් අපිට ලැබුන ජී .එස්.පී.+ සහනයත් අහිමි වී යතැයි කනින් කොනින් ඇහෙන මේ වෙලාවෙදි,  විදේශීය වෙලද පොලට අපතේ යන අපේ දේශීය ආහාර මෙහෙම ටින් කරලා එවන්න උනන්දු උනොත් විදේශ විනිමය උපයා ගන්නවා වගේම, පිටරටවල ජීවත් වෙන ශ්‍රී ලාංකික අපිටත් Made in sri lanka කොස් ,පොලොස් කන්න ලැබේවි නේද..??

මුදුව..

ආදරණීය වාල්යා…

අපේ ආදරයටද

මුදුවේ රවුමට මෙන්ම

අවසානයක් නැත

මං

හිමංශු

ලෝක වාර්තාවක් පිහිටවනු දුටුවෙමි….

මුලින්ම කාල් ලුවිස් ඊට පස්සෙ ෆ්ලොරන්ස් ග්‍රිෆිත් ජොයිනර්…ඒ මගේ පුංචි කාලේ වීරයො..

මේරියන් ජෝන්ස්..සුසන්තිකා එක්ක සිඩ්නි ඔලිම්පික්  ධාවන පථයේ දුවද්දි , මම සුසන්තිකාගේ ක්‍රීඩා ලෝලියෙක්..දැන් මේ අය ඔක්කෝම ධාවන පථයට සමුදීලා.

කවදා හරි දිනයක කෙටි දුර ධාවන ඉසව්වක ලෝක වාර්තාවක් පිහිටවනු දැකීම  හා ඒ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව සේයාරුවකට නැගීම මගේ එක් සිහිනයක් වෙලා තිබුනා.

ඉතාමත්ම අහම්බෙන් හරි වෙලාවට හරි තැන සිටීමේ අවස්ථාවක් මට ලැබුනා.
ඒ 2009 අගෝස්තු  මාසේ විසි  වෙනිදා.
ස්ථානය  බර්ලින් ඔලිම්පික් ක්‍රීඩාංගනය.
ඔලිම්පික් තරගාවලියකට පමනක් දෙවැනි වන, ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය තුලදී ඒ වෙනකොටත් උසෙයින් බෝල්ට් මීටර 100 ඉසව්වේ ලෝක වාර්තාව පිහිටවලයි තිබුනෙ.

එය නම් මගෙන් ගිලිහී ගියා.

නමුත් මීටර 200 තරගය බලන්න මට යන්න පුලුවන් උනා.

ගතවූ කාලය වුනේ තත්පර 19.19

ඔන්න ඉතින්, මේ තමයි  මම බොහෝම කාලයක් පෙරුම් පුරාගෙන ගන්න බලාගෙන හිටපු  ඡායාරූපය.

ලෝක වාර්තාව පිහිටුවා අවසානයේ උසෙයින් බෝල්ට් ක්‍රීඩාංගනය වටා දිවයන විට ලබාගත්  මේ රූප පෙළ, මට බොහෝම වටිනවා.

ලෝක වාර්තාව පිහිටුවීමෙන් පසුව

බලන්න ඔබට මොනවද…?? හිතෙන්නෙ කියලා ……

තවත් නොකියාම බැරි දෙයක් තියනවා, අවසන් මීටර 35 දී හිතාගන්න වත් බැරිතරම් වේගයකින් ඒ වෙනකන්ම ඉදිරියට ආපු ඔහු වේගය අඩුකලා කියල මට හිතුනා ඔහුට පසුපසින් කවුරුත්ම ලඟින් හිටියෙ නැහැ. කෘතිම ධාවන පථයකදී ඉතාමත් හොඳින් තමන් පසුපස සිටින ක්‍රීඩකයාගේ සපත්තුව ධාවන පථයේ වදින හඬ ඇසෙනවා.බෝල්ට්ගේ වේගය ඉබේම බාලවී යන්නට හේතුව මම හිතන විදියට ඒක. ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී හෝ ඊටත් කලින් ඔහු අතින්ම මේ වාර්තාව  බිදීයනු ඇති.මට නම් හිතෙන්නෙම එහෙමයි. බලමු නේද…?

ලෝකය එකම යායක්….!!!!!!!!

මට උදෑසන හිමිදිරිය දැන්

මව් බිමට මගේ දහවලයි

මගේ මිතුරිය සාදයක දැන්

ශනිදාව ඇගෙ අත ලගයි

තවත් අය නම් තාම නිදි ඇති

මැදියමේ රැය ගෙවී යයි

වෙහෙසකරවූ  ගෙවුනු සතියට

සමු දෙන්න දැන් වෙලාවයි

ලොවේ සැමතැන කවුරු හෝ

හැම මොහොතකම අවදිව ඉදන්

මූණු පොත  ලඟ තනි රකිනවා මම දුටිම්

අතක් ගිලිහී යද්දි තව අත්

කීපයක් අත් වැල් බැඳන්

පිලිතුරුත් කව් මුතුත් අමුනයි

ඒ හැමම හරි ඉස්තරම්

තනිය හිත ලග නොරැද යාවී

කවිය හිත ලඟ තනි රකින්

නින්ද නැති රැය පහන් කරනට

දුකට හඬනට  මිතුරියන්

අලුත් මිතුරන් නොදුටු නෑයින්

එක්වෙලා අද සිත් තොසින්

විඩාවට මෙය හොදම ඔසුවයි

පානු පෙලහර කව් බසින්