RSS Feed

පාපොච්ඡාරනයට පිලිතුරක්…..

කවුරු මා වට කොහොම හිටියත්
ඔබ වගේ මගෙ හිත පිරුවෙ නැති
ඔබත් එදවස දාලා ගියහම
තනිය මා ලඟ තනි රැකුහැටි
පොත් ගුලේ උඩු මහල් කව්ළුව
මතක අමතක නොකරවපු හැටි
කදුළු සලමින් හිතද දවමින්
දෙනෙත් දල්වා බලාසිටි හැටි
ඔබ ඇවිත් යයි කන වැකුනු විට
සරසවිය පීරමින් සෙවු හැටි
ඒත් කොහෙවත් ඔබ නොවුවිට
කදුළු පමණක් උරුම උනුහැටි
ඔබේ ඇරයුම් පතක් අතැතිව
මගෙ යෙහෙලිය මා සෙවු හැටි
ඇය කියු ඒ ඇත්ත කථාව
ගල් ගැසී මම අසා සිටි හැටි
හෙටම ඔබ යලි එතැයි සිතමින්
එතෙක් දවසක් ඇඟිලි ගැන්නෙමි
නමුදු ඔබ යලි කිසිමදාකත්
මෙහි නේන බව පසක් කරගති
ජීවිතයේ ඇති හොදම කාලය
එදා ඒ ලෙස සොරා ගත් ඔබ
දිව ගියේ මිරිඟුව සොයා බව
හඟිමි ඔබෙ මේ කවිය දුටු මම
මගේ සෙනෙහස බොඳ නොවු බව
පලා ගියෙ ඔබෙ හදවතම බව
නමුදු සෙනෙහස තාම ඇති වග
ලිය දන්වමි පමා නැති වග!!!!!

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: