RSS Feed

නුවර එන්නට මටත් හිතෙනවා….!!!!!!

හන්තානෙ සිනාහඬ මට තාම ඇහෙනවා!!
මහවැලිය සෙමින් ඉකිබිඳිනවා…
පහන් වැටදිලි දිලී රන් වියන පෙනෙනවා!!
නුවර වැව මදනලින් සැලෙනවා…
ඇහැළ මල් පාවඩය පාගමින් දුව පැනපු!!
අතීතය මට මතක ගේනවා..
මේහැම්ම දුර ඈතබව හැඟෙන හැම මොහොතෙ!!
කඳුලු මගෙ නෙතු ලඟම රඟනවා..
හිම මහිම අතැරදා මේ දැන්ම පියාඹා!!
නුවර එන්නට මටත් හිතෙනවා..!!!!

Advertisements

4 responses ඊළඟ »

  1. සිනහ වෙන්නේ නැහැ හන්තාන දැන්
    මහවැලිය සමගින්ම ඉකි බිඳිනවා
    පහන් වැට නිවී ගොස් රන් වියන අඳුරු වී
    නුවර වැව සුසුම් හෙළනවා
    ඇහැළ මල් පාගමින් දුව පැන්න
    කෙලි පොඩ්ඩි කොහේදැයි අහනවා
    නෙතු කඳුළු පිස දමා පියඹන්න නොපමාව
    ගලහ හන්දියේ මම මග බලා ඉන්නවා

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • හන්තාන එහෙමමයි සිහිනෙනුත් පෙනෙනවා
      මහවැලිය ගලන බව මම තාම සිතනවා
      පහන් වැට නිවී ඇති බවත් මම දන්නවා
      වළාකුලු බැම්ම මට තව සිහින ගේනවා
      වැව රවුමෙ එදා වගෙ පේලියට ඇවිදින්න
      ඇහැල මල් ඇහිදිමින් දෑත පුරවා ගන්න
      අක්බාර් පාලමේ ලියු නම කියවන්න
      ආයිමත් එන්න මයි මගේ සිත කියනවා
      පහන් කණුවල දුබල එලි වැට
      ගලහ පාරම එලි කරනු ඇත
      දවස කවදාදැයි නොදනු මුත්
      ඇත්තටම එන්න මම හිතනවා
      මේ සිහින මැව්වාට
      ඒ දවස බොහො දුරයි
      මම ඒක දන්නවා
      නමුත්
      මේ සිහින වලට නම්
      හැමෝමත් ආදරෙයි
      මට ඒක හැඟෙනවා…පෙනෙනවා….!!!!!!!

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • වීරසූරිය කුලුන ළඟ රතු මලක් තියන්නට
        කහ පාට මල් වැටුණු අඩි පාරේ ඇවිද ගොස්
        ගෙම්බා කැන්ටිමේ ප්ලේන්ටිය විඳින්නට
        ඔබ එන්න ,කෙදින හෝ ඔබ එන්න

        සරච්චන්ද්‍ර වලේ හිඳ නාට්‍යයක් බලන්නට
        කලාගාරයේ කොනක හිඳ සිතුවම් පටක් දැක
        අක්බාර් බැම්ම මත හවස තෙල් බෙදන්නට
        ඔබ එන්න , කෙසේ හෝ ඔබ එන්න

      • රතු පාට මල් පොකුර අරන් එන්නම් එදින
        කහ පාට මල් වැටුනු අඩිපාරෙ ඇවිදින්න
        එලිමහන් රඟහලේ නාට්‍ය බලන්නට
        එන්න නම් ඇත්තටම හිතනවා තමයි මම්

        දුව පැනපු පිට්ටනිය තාම නොවෙනස් නේද
        අදත් හැම හවසකම තරග එහි තියනවද
        පුංචි සිසුවියක ලෙසින් සරසවිය වෙතට ගිය
        දිනය මතකයි තාම අද වගේමයි එදත්..!!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: