RSS Feed

ලෝකය එකම යායක්….!!!!!!!!

මට උදෑසන හිමිදිරිය දැන්

මව් බිමට මගේ දහවලයි

මගේ මිතුරිය සාදයක දැන්

ශනිදාව ඇගෙ අත ලගයි

තවත් අය නම් තාම නිදි ඇති

මැදියමේ රැය ගෙවී යයි

වෙහෙසකරවූ  ගෙවුනු සතියට

සමු දෙන්න දැන් වෙලාවයි

ලොවේ සැමතැන කවුරු හෝ

හැම මොහොතකම අවදිව ඉදන්

මූණු පොත  ලඟ තනි රකිනවා මම දුටිම්

අතක් ගිලිහී යද්දි තව අත්

කීපයක් අත් වැල් බැඳන්

පිලිතුරුත් කව් මුතුත් අමුනයි

ඒ හැමම හරි ඉස්තරම්

තනිය හිත ලග නොරැද යාවී

කවිය හිත ලඟ තනි රකින්

නින්ද නැති රැය පහන් කරනට

දුකට හඬනට  මිතුරියන්

අලුත් මිතුරන් නොදුටු නෑයින්

එක්වෙලා අද සිත් තොසින්

විඩාවට මෙය හොදම ඔසුවයි

පානු පෙලහර කව් බසින්

Advertisements

2 responses ඊළඟ »

  1. ඒක නම් ඇත්ත නිමන්ති. අපේ මිහිකත හිරු කවදාවත් බැස යන්නේ නැති එකම අධිරාජ්‍යයක් වෙලා අන්තර්ජාලය නිසා.

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • ඇත්තටම ඔව් හිතා ගන්නත් බැරි තරම්….
      කොයි වෙලේ බැලුවත් අඳුනන කවුරුන් හෝ ලෝකයේ කොහේ හෝ තැනක අවදියෙන්..
      ඇත්තටම ලඟපාතක් නෑදෑයෙක්වත් නැති අපි වගේ අයට..ඒකෙ වටිනාකම බොහෝමත්ම දැනෙනවා..
      ඕනෙම වෙලාවක කොහොමද කියල හරි අහන්න හරි කෙනෙක් ඉන්නවා කියලා හැම වෙලාවෙම හිතෙනවා..
      රන්දිල් ස්තූතියි බොහෝමත්ම…..!!!!

      ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: