RSS Feed

ලෝක වාර්තාවක් පිහිටවනු දුටුවෙමි….

මුලින්ම කාල් ලුවිස් ඊට පස්සෙ ෆ්ලොරන්ස් ග්‍රිෆිත් ජොයිනර්…ඒ මගේ පුංචි කාලේ වීරයො..

මේරියන් ජෝන්ස්..සුසන්තිකා එක්ක සිඩ්නි ඔලිම්පික්  ධාවන පථයේ දුවද්දි , මම සුසන්තිකාගේ ක්‍රීඩා ලෝලියෙක්..දැන් මේ අය ඔක්කෝම ධාවන පථයට සමුදීලා.

කවදා හරි දිනයක කෙටි දුර ධාවන ඉසව්වක ලෝක වාර්තාවක් පිහිටවනු දැකීම  හා ඒ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව සේයාරුවකට නැගීම මගේ එක් සිහිනයක් වෙලා තිබුනා.

ඉතාමත්ම අහම්බෙන් හරි වෙලාවට හරි තැන සිටීමේ අවස්ථාවක් මට ලැබුනා.
ඒ 2009 අගෝස්තු  මාසේ විසි  වෙනිදා.
ස්ථානය  බර්ලින් ඔලිම්පික් ක්‍රීඩාංගනය.
ඔලිම්පික් තරගාවලියකට පමනක් දෙවැනි වන, ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය තුලදී ඒ වෙනකොටත් උසෙයින් බෝල්ට් මීටර 100 ඉසව්වේ ලෝක වාර්තාව පිහිටවලයි තිබුනෙ.

එය නම් මගෙන් ගිලිහී ගියා.

නමුත් මීටර 200 තරගය බලන්න මට යන්න පුලුවන් උනා.

ගතවූ කාලය වුනේ තත්පර 19.19

ඔන්න ඉතින්, මේ තමයි  මම බොහෝම කාලයක් පෙරුම් පුරාගෙන ගන්න බලාගෙන හිටපු  ඡායාරූපය.

ලෝක වාර්තාව පිහිටුවා අවසානයේ උසෙයින් බෝල්ට් ක්‍රීඩාංගනය වටා දිවයන විට ලබාගත්  මේ රූප පෙළ, මට බොහෝම වටිනවා.

ලෝක වාර්තාව පිහිටුවීමෙන් පසුව

බලන්න ඔබට මොනවද…?? හිතෙන්නෙ කියලා ……

තවත් නොකියාම බැරි දෙයක් තියනවා, අවසන් මීටර 35 දී හිතාගන්න වත් බැරිතරම් වේගයකින් ඒ වෙනකන්ම ඉදිරියට ආපු ඔහු වේගය අඩුකලා කියල මට හිතුනා ඔහුට පසුපසින් කවුරුත්ම ලඟින් හිටියෙ නැහැ. කෘතිම ධාවන පථයකදී ඉතාමත් හොඳින් තමන් පසුපස සිටින ක්‍රීඩකයාගේ සපත්තුව ධාවන පථයේ වදින හඬ ඇසෙනවා.බෝල්ට්ගේ වේගය ඉබේම බාලවී යන්නට හේතුව මම හිතන විදියට ඒක. ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී හෝ ඊටත් කලින් ඔහු අතින්ම මේ වාර්තාව  බිදීයනු ඇති.මට නම් හිතෙන්නෙම එහෙමයි. බලමු නේද…?

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: