RSS Feed

උකුස්සාගේ සිහින නවාතැන….

සිත්තරකු වී තෙලි තුඩින්
අඳින්නට සිටි සිතුවමින්
දුරස් කර මා සිත මරා දැමු
හැමට කරදර ගෙන දෙමින්
මගේ සිත රැදි මගේ සිහිනය
සැබෑ කලෙ මම මේ ලෙසින්
කඳු වලල්ලේ පැහැය අරගෙන
වලාකුළු වල සිහින අරගෙන
මීදුමේ සුදු පාට අල්ලන
සෑම උදයම සුන්දරයි මට
සැබෑ සිත ලෝකයට හංගා
නපුරු දුදනෙකු ලෙසින් පෙන්නා
සැඟව ඉන්නට තැන් සදා දුන්
ඇල්ෆ්ස්  හී මේ සොදුරු නිවසට
ඇවිත් යන ඔබ සැම සිතාවී
කොහෙද? කොතැනද? වැරදුනේ මට
මමත් නොදනිමි හරියටම එය……

මේ ජර්මනිය හා ඔස්ට්‍රියාව අතර ඇල්ෆ්ස් කඳුකරයේ පිහිටි ඇඩොල්ෆ් හිට්ලර්ගේ පිටිසර නිවසකි.

Manju.. Thank you for the photo.

Advertisements

5 responses ඊළඟ »

  1. මේ ඇත්තටම හිට්ලර්ගේ ගෙයක් ලු. පුංචි කාලේ හිට්ලර් තමන්ගේ තාත්තගෙ නපුරුකම් නිසා හරියට දුක් වින්දාලු.එහෙම ලමයි ලොකු වෙද්දින් අර තමන්ට විදින්න උන හිරි හැර නිසාම මානසිකව නිරෝගී වෙන්නේ නැහැ කියලා මම අහලා තියනවා. අම්මට හිට්ලර් හරිම ආදරෙයිලු.ඔහුගේ පසුකාලීන අභිලාශ අතර චිත්‍ර ඉගන ගැනීම තිබිලා තියනවා. මට මතක විදියට ඔහු වියානා නුවරදි චිත්‍ර ඉගනගැනීම ආරම්භ කරලත් තියනවා.ඒත් අවාසනාවකට වගේ හිට්ලර්ගේ අම්මා පිලිකාවකට ගොදුරුවීම නිසා ඔහුට පාසල් ගාස්තු ගෙවා ගැනීමට නොහැකිවීමෙන් ඒ අරමුණත් ඉටුකරගන්න බැරි උනාලු.පාසල අත හැර නැවතත් නිවසට ගිය ඇඩොල්ෆ් හිට්ලර්ට මවගේ ප්‍රතිකාර සඳහා මුදල් සොයා ගැනීමට අපහසු උනාලු.නොනවත්වා මුදල් ඉල්ලමින් දිනපතා අලුත් බෙහෙත් ලියාදුන් වෛද්‍යවරයා යුදෙව් ජාතිකයෙක්ලු. හිට්ලර් යුදෙව්වන්ට වෛර කරන්න පටන් ගන්න ඇත්තේ මෙන්න මෙතන ඉදලයි කියලා මට හිතෙන්න ..මේ පින්තූරේ දැකපු දවසේ ඉදලා.තමන්ගේ හිතේ තිබුන බලාපොරොත්තු ඉටුකරගන්න බැරි උන දරුවෙක්..මිනීමරුවෙක් වෙන්න ඇති..ඒත් ඉතින් අර දරුවගේ යටි හිත හොර රහසෙ හරි තමන්ගේ බලාපොරොත්තු ඉටුකරගන්න ගත්ත උත්සාහයක් වගෙයි මට නම් මේ පරිසරයයි..මේ නිවසයි ..පෙනෙන්නේ.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. අක්ක මෙක කියවද්දි මගෙ ඇග හිරිගඩු පිපෙන්න ගත්තා.. මම හිට්ලර්ගෙ තරුන කාලෙ ගැන විතරයි දැනගෙන තිබුනෙ… මෙ විස්තර දන්නෙ නැහැ.. මම හිතන් හිටපු දෙ තවත් තහවුරු උනා.. මනුස්සයෙ දරුණු කෙනෙක් වෙන්නෙ සමාජෙන් හම්බෙන දෙවල් අනුව.. උපතින් අපි ගොඩාක් දෙනෙක් බොහො දුරට සමානයි.. බලන්න එක කෙනෙකුගෙ ක්‍රියාවන් කිපයක් නිසා ලොක ඉතිහාසයම වෙනස් වුනානෙ….

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: