RSS Feed

Monthly Archives: මාර්තු 2010

නොලැබුන සැනසුම….!!!

ගිනි තුඩක් රැදුනේය

මුවවිට

වරක් නොව

තව වතාවක්

නිවි නිවී දැල් වුනා

යලි යලි

රැදුනි දෙතොලඟ

තව එකක්

පතා සැනසුම

සොයා ගිය මුත්

දුමක් මිස නැත

වෙන දෙයක්

දැවි දැවී

අලුවුනා දිවියම

නොලැබුනත් කිසි

සැනසුමක්.

දයාබර ඔබට…….!!!

නුවර ඉදන් මම කොළඹට එද්දී

හැමදාමත් ඔබේ ඇනුම් බැනුම්

කොළඹ වීදි  දිග ඇවිදන් යන විට

ඊට වඩා ඔබේ රැවුම් බැලුම්

හැමදාමත් ඔබ හමුවූවත් මට

අල්ලන්නට බැරි උනත් ඉතිං

සසර සරණ තුරු හමුවෙනවා අපි

ඒකත් ඇත්තයි හැමදාමත්

‘මන්දාකිණියේ’  නොනැවති ගමනක්

ඔබ යනවා දැන් බොහෝ කලක්

ගහ කොළ මල් ඵල ජීවය අරගෙන

පිබිදෙයි හැමදා අදත් හෙටත්

ගිනි ලූ දිවියම වෙහෙසින් හඬවා

හවසට ඔබ ඔහෙ යන්න ගියත්

හෙටත් උදෑසන ඔබ යලි එනවැයි

මග බලනවා මම හැමදාමත්

වැහිබර දවසට කුඩයක් යට හිඳ

තනියම හඬනවා මගේ සිතත්

ඔබ සිටියා නම් හොඳයිද?  කෙතරම්

හිත කියනවා ඒ හැමදාමත්

තරු පිරි අහසක සඳවත හා මම

කථාකලත් දැන් බොහෝ කලක්

පසුදා ඔබ හමුවන තෙක් දුක් වෙමි

කවිකම් පබඳිමි හැම දාමත්….!!!

ජීවිතය මේ යැයි සිතන්….!!!!!

දහස් පිය ගැට පසු කරන්

සහස්  පියවර පිය මැනත්

කප් කලක් ගෙවිලා ගියත්

වෙනස්වී නැත කිසි දෙයක්

මහා ගිරි දඹ දැක දැකත්

පසු බසිනු ඇයි තව තවත්

අදින් පසු එන අය උනත්

වෙහෙස බලමින් නැවතෙතත්

මෙතැන නැවතී නැහැ පලක්

නගිමු මේ මහ ගිරි දඹත්

ජීවිතය මේ යැයි සිතන්…!!!

අපේ ගමන යමු…..

තනිවම තනි මඟ

පිය මැන ගිය මගෙ

තනි කඩ තනි හිත

තුරුලට ගෙන ඔබ

තනිකම මැකු හැටි

අමතක නැත මට

තනි නොකරමි ඔබ

සසර පුරාවට

අපේ ගමන යමු

අත්වැල් බැඳ අපි

සෙනෙහෙ සිතින් යලි

තනි නොම වන්නට…!!

සිතුම් යායට ඇවිද යමු අපි……!!!!

අහස් ගව්වේ සිතුම් යායේ

සොඳුරු ලොවකට ඇවිද යන්නට

මඟදි හමුවන තරු කැටත් ගෙන

තරු මාලයක් අමුණ ගන්නට

ඔබෙ හිත ළඟ රැදුනු සිහිනය

පාව ගියමුත් ඈත ලොවකට

සිතුම් යායේදි ඉඩක් හමුවෙයි

එන්න අතැඟිලි අල්ල ගන්නට

කුරුළු පිහාටු එකතු කරගෙන

පියාපත් මම හදාගන්නම්

අතරමගකදි  ඔබේ තනියට

ඔබේ පාරෙන් මමත් එන්නම්….!!

නොදනිමි……..

මරණයේ සීතල ඇඟිලි තුඩු

සෙමින් හිස පිරි මදින විටදී

ඉතා දිගු පියවරත් තබමින්

නොදන්නා ලෙස ලඟට එද්දී

කිසිත් නොම දැන ජීවිතේ

දිගුගමන යන මේ වගේ..

සොදුරු දසුනට රැවටිලද අපි..

දෙනෙත් මානෙට පෙනෙන ලෝකෙදි

බැරි බරක් කර පිට තියන්

දුක් ගොඩක් තුරුලට අරන්

යන්න හැකිවෙද බොහෝ දුරකට

ඇද වැටේවිද අතර මගකදි

අමිල සඳරුවන් …….


කලු ගඟට තරම් වත්

හිතක් පපුවක් නැති

පොතේ ඇති හිතක් නැති

නීතියක් කල හදිය …

අපේ ඇස් ඇරෙව්වත්

දැන් වැඩක් තියනවද????

නීතියේ බැමි ලිහා දැමුමට

හිතල බලද්දි

ඔහොම හෙමිහිට

තවත් කීයක් අමිල ජීවිත

සඳරුවන් වගෙ දුක් විදීවිද..?????