RSS Feed

සැනෙකින්…..

අඳුරු මතකය සිතේ රන්දා

සිනා නොමසෙන් දසන් දක්වා

ගෙල පැලඳි ඒ සුමුදු මුතු පොට

කැඩුවෙ කවුරුද කියන් බලනට

හදේ සුකොමල බවම පෙන්නා

ඉනූ කඳුලු බිඳු සෙමින් පිසලා

සිතින් වැලපෙන බවත් හංගා

ඇසින් ඇසිපිය ගැසූ හින්දා

පෙමින් බැඳුනිද? අනේ මංදා

Advertisements

4 responses ඊළඟ »

  1. මොනාලිසා !..
    මොනාලිසා කියන්නේ චිත්‍රයක් නෙමෙයි. ගැහැණියක්.
    හඩන සිනාසෙන දුක් උහුලන විඳින විඳවන හැම ගැහැණියක් ම එකතුවෙලා නිර්මාණයවුන ගැහැනියක්.දුක ද සතුටද කියලා කවදාවත් කාටවත් තේරුම් ගන්න බැරිවුන මොනාලිසාගෙ ඒ බැල්මට ‍නිමන්ති දීලා තියෙන තේරුමනං හරිම අපූරුයි.
    කාලෙකින් හමුවුන හිතට දැනෙන ලෙංගතු කවිපේලියක්.
    “ඇසින් ඇසිපිය ගැසූ හින්දා – පෙමින් බැඳුනිද? අනේ මංදා”
    (ඒකනං maxxa )
    -ජය

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • ඇත්තටම ඔව් තේරුම් ගන්න බැරි තරම් සංකීර්ණ හැගීම් ප්‍රකාශන ගොඩක් තියන චිත්‍රයක් මේක..
      මුතු පොට නම් මට හිතුන දෙයක් නෙවේ. ඇගේ ගෙලේ නොපෙනෙන මාලයක්[මුතු පොටක් නොව..ඉතාමත් සිහින් මාලයක්] ඇති බවක් මම කොහේදී හරි කියවලා තියනවා..ඒකෙන් තමා මට මේ දේවල් හිතුනේ.
      මාලය නොපෙනෙන්නට සැඟවූයේ ඇයි..?
      ඇය දුකෙන් වෙන්න පුලුවන්??
      ඇගේ නලලේ හිසකෙස් ආසන්නයෙන්ම පෙනෙන සිහින් රේඛාව දුහුල් සලුවක් නොවේද..?
      මේ සියල්ල පසෙක තිබියදී ඇය දකින අයෙක්..ඇයට ප්‍රේම කරන්නටත් පෙලඹිය හැකියි නේද..?
      බොහෝම ස්තූතියි ප්‍රතිචාරයට…

      ප්‍රති-පිළිතුරු සැපයීම
  2. චිත්‍රෙ ඉන්න මොනාලිසා… එත් ඔයා කියන්නෙ..මට අනුව නම් ගැහැනිය ගැන.. ඇත්තටම ඔයාලා හරිම වාසනාවන්තයි… ඔයාට හැමදෙයක්ම තියනවා.. හරිම පරිපුර්ණ සත්තු ජාතියක්….

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. සත්තු ජාතියක් කියලා කිව්වෙ වැරදි තෙරුමකින් නෙමෙ.. වරදවා වටහා ගන්න එපා…

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: