RSS Feed

සීගිරිය සහ ඩෙංගු

එකිනෙකට කොහෙත්ම ගැල පෙන්නේ නැහැ වගේයි නේද..? බැලූ බැල්මටම නම්.නැහැ ඉන්නකෝ අපූරු ගැල පීමක් තියනවා මේ දෙක අතර.

සීගිරිය කියන්නේ  යුනෙස්කෝව නම් කල අපිට තියන ලෝක උරුම අතලොස්ස අතරින් එකක්.[අපිට යුනෙස්කෝව නම් කල  ලෝක උරුම තියන්නේ හතයි].

ඉතින් මේ අගනා ලෝක උරුම බිමේ තියන දේවල් ආරක්ෂා කරගන්න ඕනේ කියල හිතපු අපෙ අය..මේ රක්ශිත බිම පුරා අවුරුදු දහස් ගානක් අව්වට තෙමි තෙමී වැස්සට වේලි වේලි තිබුන පුරා විද්‍යත්මක වටිනාකමක් තියන දේවල් එකතු කරලා කෞතුකාගාරයක් හැදුවා.මෙච්චර දවසක් ස්වාභාවිකව සංරක්ෂනය උන මෙ පුරා වස්තූන්..දැන් තියන්නේ පිරිසිදු වාතාශ්‍රය ඉස්සෙල්ලා  වගේ හැම මොහොතකම නොලැබෙන..පරිසරයක.

ඒකට මේ අදහස ඉදිරිපත් කරපු අයගේ පිළියම උනේ ..වායු සමීකරණ යන්ත්‍ර සවිකිරීම.එතනදි තවත් ප්‍රශ්නයක් මතු උනා..මේ කලාපයේදී..සොයාගත හැකි ජලයේ ඇති..කිවුල ගතිය නිසා වායු සමීකරන යන්ත්‍ර අක්‍රීය වීමේ අවදානම.ඒකට ඉතින් මුල්ම කාලේ නම්..පෙරණ ගෙනත් සවිකලා.ඒත් ඉතින් පහු පහු වෙනකොට කොහු කොහු කිව්ව වගේ ..අදාල අයට මේ වතුර පෙරණ සවි කරන්න මුදල් හදල් අමාරුකම් මතු උනා මාස කීපයකින්ම.දැන් මේ තරම් කාලයක් රැකුනු අර අපේ අතීතය අනතුරේ.

කිසිම පහසුකමක් නැතුව..අතින් ඇදපු සැලසුම් වලට සීගිරිය හදන්න මහන්සි උන අපෙ පැරණි ශිල්පීන් තරම් වත් සැලසුමක් නැතුව..කරපු මේ වැඩෙන් වෙන විනාශයට අන්තිමට වගකිවයුත්තෙක් නැති වෙන්නේ..සල්ලි නැතිකම නිසාමද..???

මෙන්න මෙතනදි තමා ඩෙංඟු සම්බන්ධ වෙන්නේ.

පහුගිය කාලෙම බී. ටී. අයි.  බැක්ටීරියාව මගින් ඩෙංඟු මර්ධන කටයුතු  සිදු කරන බවට උදම් අනපු අපේ අදාල නිලධාරීන්..මේ වසරේ ගෙවුනු දින හැටට ඩෙංඟු  මරණ  පනහ පසු කරද්දී පසුගියදා අපූරු ප්‍රකාශයක් නිකුත් කලා.ඩෙංඟු ඩෙඟා නැටුවට බී.ටී.අයි. කියුබාවෙන් ගෙන්වන්න සල්ලි නැතිලු.

ඒක කියන්න මේ තරම් කාලයක් බලාගෙන ඉන්නේ නැතුව..මිනිස්සුන්ව දැනුවත් කලානම්..අඩුම ගානේ මේ අකාලේ මැරිලා ගිය ජීවිත වලින් කීපයක් හරි රැක ගන්න තිබුනා නේද..?මොකද මිනිස්සු කියුබාවෙන් ගේන බැක්ටීරියා ගැන සිහින මව මවා ඉන්නේ නැතුව තමන්ගේ වත්ත පිටිය සුද්ද කරගනීනෙ .

අපේ අතීතයේ වටිනා උරුමයක්  විනාශ වෙමින් යන අතරේම, රටේ අනාගතය බාර ගන්න ඉන්න පිරිසකුත් අකාලයේ මරු වැලඳගන්නවා.

ඇත්තටම මේ කටයුතු දෙකටම වියදම් කරන්න මුදල් හොයාගන්නම බැරිද..?මම නම් හිතන්නේ මුදල් නැතිකම නෙවේ උවනාවක් නැතිකමයි..වෙලා තියන්නේ.
කරන්නම් දෙයක් නැත්තන් සීගිරියේ පුරාවස්තුන් ටික ගොඩනැගිල්ලෙන් එලියට ඇදලා දාල..මිනිස්සුන්ට තමන්ගේ වතුපිටි සුද්ද කරගන්න කියලවත් නිවේදනයක් නිකුත් කරන්නයි දැන් තියන්නේ.

එතකොට අර කව්ද කිව්ව වගේ තමන්ගේ ආරක්ශාව තමන්ම බලාගමු කියලා පුරාවස්තූ ටිකයි..මිනිස්සුයි..තම තමන්ගේ පරෙස්සම බලාගනීනෙ නේද..???

Advertisements

2 responses ඊළඟ »

  1. ඔබ කියන දේ ඉතාමත් නිවැරදියි. මෙතෙන්දි වෙන්නේ සල්ලි නැති කම නෙවේ. තියෙන සල්ලි ටිකවත් හරියට කළමනාකරණය නොකර ගැනීම. මේකට හේතු තමා දුෂණය, නාස්තිය . නාස්තිය වෙන්නේ නිවැරදි සැලසුම් නොමැති කමින්. අද සීගිරියට වෙලා තියෙන දේ ඔබ දන්නවනේ. සීගිරියට එන සංචාරකයෝන්ට බඹරු අනිනවා කියලා උන්ව මරල දැම්ම . දැන් කුඹලෝ ඇවිත් බිතු සිතුවම් වනසනවා. මේ වගේ භාර ධුර තීරණයක් ගන්න කලින් මුන්ට මේවා ගැන හොයල බලන්න බැරිද? ( සමහර විට දැන් තීරණයක් ගනියි අපහු බමරු අල්ල ගෙන ඇවිත් පැල කරන්න) .
    අපෙඅ පාරවල් ගැන හිතල බලන්නකෝ. ඔන්න RDA එකෙන් ඇවිත් පාර හදලා කාර්පට් කරනවා. ඊට සතියකට පස්සේ විදුලි බල මණ්ඩලෙන් ඇවිත් අපහු පාර කලා එලෙක්ත්රික් ලිනේ ගහල අපහු තාර දානවා. අපහු මාසෙකින් ටෙලිකොම් එකෙන් ඇවිත් පාර කඩලා ටෙලිපොන් ලයින් දානවා. ඊ ලඟට ජලසම්පදනෙන් ඇවිත් ආපහු පාර කඩනවා. මොන තරම් නාස්තියක්ද?

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • සීගිරියේ වටිනකම් සියල්ලම නැති වෙලා යනකම් නින්ද නොයන පිරිසක් ඉන්නවා කියලයි ..මට නම් හිතෙන්නේ දැන්..
      මම මේ ලිපිය ලිව්වේ පෙබරවාරි අන්තිම සතියේ මට අහන්නට ලැබුනු ප්‍රවෘතියක් නිසයි..මාර්තු මාසේ 10 වෙනිදා සිගිරියේ බඹරුන්ට ගිනි තිබ්බා..
      දින දහයක් ඇතුලත ..දෙවනි වතාවටත් වැරදීමක්..
      ඉන් මාස දෙකක් ගතවෙන තැන අද සීගිරි චිත්‍ර වලට කුඹලුන් ඇවිත්..
      ඔව් බොහෝ විට එය තමයි දැන් ඔවුන්ට තෝරගන්නට සිදුවෙන විකල්පය..නැතුව ඉතින් ඔය විදියට එන එන කුඹලුන්ව එකතු කර කර ඉන්න පුලුවන් කමක් නැහැනේ.
      ඊයේ මා දැකපු විදියට ඒ විදියට චිත්‍ර වල බදාමයට හානි සිදු උනොත් චිත්‍ර නොවැරදීම යලි සකස් කල නොහැකි ආකාරයට විනාශ වෙලා යනවා.
      බලමු මොකද කරන්නේ කියලා..බලධාරින් කියන විදියට අවුරුද්දකට කීප සැරයක් එහෙම උනාලුනේ මීට කලිනුත්..එහෙම නම් හදයිනේ..නේද..?? 😦

      ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: