RSS Feed

අමිල සඳරුවන් …….


කලු ගඟට තරම් වත්

හිතක් පපුවක් නැති

පොතේ ඇති හිතක් නැති

නීතියක් කල හදිය …

අපේ ඇස් ඇරෙව්වත්

දැන් වැඩක් තියනවද????

නීතියේ බැමි ලිහා දැමුමට

හිතල බලද්දි

ඔහොම හෙමිහිට

තවත් කීයක් අමිල ජීවිත

සඳරුවන් වගෙ දුක් විදීවිද..?????

Advertisements

36 responses ඊළඟ »

  1. අක්කෙ මම මෙ සිද්දිය ගැන වැඩියමක් දන්නෙ නැහැ , හැබැයි යමක් මට හිතා ගන්න පුලුවන්.. නිතිය තියන්නෙ මිනිස්සුන්ව ආරක්ෂා කරන්න. එත් අදමෙ අධ්‍යාපන පද්ධතියෙන් බිහිවෙන මිනිස්සු දිහැ මගෙ තියන්නෙ අනුකම්පාවක්, උන් හැමදෙම කරන්නෙ, රුපියල් 40 000, 50 000 වැටුප් තියන ජොබ් එකක් හොයාගන්න. උන්ට එකතු උනොත් පුළුවන් මෙ ප්‍රශ්න හැමදෙයක්ම අඩුකරන්න. උන් පක්ෂ පාට බෙදාගෙන උනුන්ගෙ දෙවල් බලා හදාගෙන ඉන්නවා මිසක්. දුප්පත් මිනිස්සුන්ට මුකුත් කරන්නෙ නැහැ. දුප්පත් මිනිස්සු, නුගත් කම, මොඩ කම හින්දා හැමදාම දුක් විද විද පවු රැස් කර ගන්නවා. අපි මෙහෙ ගැහැනු අයගෙ ගුණ වයද්දි ඇයි එ ගැහැනිය එහෙම දෙයක් කරෙ කියන එක මට හිතා ගන්න අමාරු නැහැ. අද සමාජය තරගෙකට වැටිලා දුවනවා එමෙ අත, මිනිස්සුන්ට තවත් කෙනෙක්ගෙ දුකක් කදුලක් ගැන අහන්න, දැන ගන්න වෙලාවක් නැහැ. හැමොම කපටි වෙලා.. සමාජය දියුණු වෙලා…… නෙද…?

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • @රවා & බිඟුවා
      මමත් දන්නේ මට ඇහෙන දේ.පුද්ගලිකව මමත් මේ කවුරුත් දන්නේ නැහැ.
      රවා කියන දේ ඇත්ත.නීතිය තියන්නේ මිනිස්සුන්ව රැකගන්න තමා.ඒත් ඒ නීතියේ තියන ප්‍රායෝගීකත්වය නම් අඩුයි කියලයි මම හිතන්නේ.
      අදාල අයම පිලිගන්නවා තමන්ට මේ දරුවන් ජීවත් කරවන්න බැරි නිසා ඒ ලමයි ලමා නිවාසෙකට බාරදෙන්න ඒ අම්මා උත්සාහ කරා කියලා.එතකොට ඒවෙලාවෙ කරන්න බැරි උනදේ ලමයට අනතුර උනාට පස්සේ ඉබේම සිද්ද උනේ.ඒ කියන්නේ කරන්න බැරිකම නිසා නෙ වේ අපිට මේ දේ අහන්න උනේ උවමනාවක් නොතිබීම නිසා කියලයි මට හිතෙන්නේ.ඇත්තමයි මේ මිනිස්සු ලග අනිත් අයගේ දුකකට පිහිටවෙන ගති ගුණය හරිම අඩුයි.ඇත්තටමසමාජය කපටි කමින්නම් දියුණුවෙලා
      ඒත් ඒ අම්මා කරපුදේ හරී කියලා නම් මම මොහොතකටවත් හිතන්නේ නැහැ.තමන්ගෙම ලමයා උනත් මරලා දාන්න කාටවත්ම අයිතියක් නැහැ.
      ස්තූතියි …! මල්ලී ඇවිත් ගියාට.

      ප්‍රති-පිළිතුරු සැපයීම
  2. අනේ මන්දා,, මට නම් හිතෙන්නේ සමාජයට බැනලා වැඩක් නෑ.. ඒ අම්මායි වැරදි.
    දරුවෝ හැදුවා නම් මොනවා කරලා හරි කන්න දෙන්න ඕනේ..

    ගොඩාක් දුප්පත් මිනිස්සු දුක් විදිනවා තමයි. ඒත් ඒක ඒ අයගේ වැරැද්ද. ඒකට ආණ්ඩුවටවත්, රටේ අනිත් මිනිස්සුන්ටවත් බැනලා වැඩක් නෑ..

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • @පිස්සා
      ඔව් ඒ අම්මා කරපුදේ හරී කියලා නම් මම මොහොතකටවත් හිතන්නේ නැහැ.තමන්ගෙම ලමයා උනත් මරලා දාන්න කාටවත්ම අයිතියක් නැහැ.
      ඒත් ඉතින් මිනිස්සු දුප්පත් වෙන්න ආසාවට නෙවේ නේද..?
      කවුරුත් කැමතිද..?හිතලම දුප්පත් වෙන්න ….?මම නම් හිතන්නේ නැහැ.
      මෙහෙම නෙවේද? වෙන්නේ…තමන්ට ටිකක් ලැබුනාම මිනිස්සු උත්සාහ කරනවා තව තව වැඩියෙන් ගන්න.තමන්ට ගන්න පුලුවන් උපරිමය ගන්න.එතකොට දුප්පත් මිනිස්සුන්ටත් ටිකක්වත් ලැබෙන්න තියන දේ අඩුවෙනවා.පෝසත් අය තව තව පෝසත් වෙනවා,දුප්පත් අය..ඒ පැත්තේ ආගාධයටම වැටෙනවා.මේක නාස්තියක් කියලා පෙන්නලා දෙන්න යන මනුස්සයට ලැබෙන්නේ..? අර ගසාකන අයගේ වෛරය.ඉතින් එහෙම හිතන ටික දෙනත් තමන්ගේ වැඩක් බලාගෙන පැත්තකට වෙනවා.සමාජය ඉස්සරහට යනවා.කාලය යන නිසා.
      අපි ටිකක් උත්සාහ කලාටත් වැඩක් නැහැ.
      මේ වගේ දේවලට වැය කරන මුදල් වත් හරි විදියට වැයවෙනනම්.මේ දේවල් අඩුවෙයි…!!!
      ‘මන්දාකිණියට’ ආවට බොහෝමත්ම ස්තුතියි…!!!

      ප්‍රති-පිළිතුරු සැපයීම
  3. ඒ අම්මගෙත් අසරණ කමක් තියෙන්න ඇති…. ඒත් හයක් හතරක් නොදන්න ජීවිත ලෝකෙට ගෙනාවනම් හිඟාකාල හරි ඒව ජීවත් කරවන්න අම්ම කෙනෙක්ට හයියක් තියෙන්න ඕනෙ……වරද කාගෙ වුනත් දුක් විඳින්නෙ මුකුත් නොදන්න පොඩි එවුන්…. සමාජ විශමතා ගැන මේ සමනල හිත් මොනවා දන්නවද…කාටවත් දොස් කියල වැඩක් වෙන එකක් නෑ.. නතර කරන්න බැරි තරඟෙකට ලෝකෙ දුවනව… නිර්මාණය අගෙයි අක්කෙ…..

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. @විශ්මී
    ඔව් කාටවත් දොස් කියලා වැඩක් නැහැ.දැන් වෙන්න තිබුනදේ වෙලා ඉවර නිසා.ඒත් ඉතින් මේ මෙහෙම උන පලවෙනි එක නෙවේ නේද..?තවත් හිතලා බල බලා ඉන්නකොට තවත් ජීවිත කීයක් මේ වගේ නැති වෙයි ද..?
    මම දුක් වෙන්නේ ඒ ගැන.
    පුංචි දරුවා නිසා ඇස් ඇරිලා හරි අනිත් ලමයින්ට රැකවරණය ලැබුන එකමත් ලොකු දෙයක් කියලා මම හිතෙනවා.
    බොහොමත් ම ස්තුතියි..!! නංගී ‘මන්දාකිණිය’ට ගොඩ වැදිලා යන්න ආවට.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  5. අමතක කරන්න එපා එ අම්මා අවුරුදු 3 ක් ලමයව බලාගෙන…
    ඌව ජාතක කරපු මිනිහා එ ගැහැනියව දාලා ගිහිල්ලා. …..
    සුනාමි අනථ කඳවුරක ඉන්නෙ…
    දරුවො පස් දෙනෙක් ලු,… නෙද… අක්කෙ…

    කාට හරි අවබොදයක් තියනවද.. නුගත් කෙනෙක් මෙවගෙ දෙයකට මුහුන දුන්න හම එයාගෙ හිතෙ දුවන දෙ ගැනැ….
    කවදාවත් ඔයාලා නිකමට වත් එ ගැහැනිය ලග තිබුණු දාඩිය සුවද විදලා තියනවද…?
    කුස්සියෙ දැලි කුණු තවරගෙන ඉන්න ඔබෙ බිරිදව තුරුල් කරගෙන තියනවද…?

    අම්මා දරුවව ගඟට විසික් කරලා… හෙතුව පිඩිත ආර්ථිකෙලු….. කන්න බොන්න නැති තැන දරුවො වැදිමලු… විශ්ලෙෂකයින් ගොඩයි….හෙතුත් ගොඩයි… කමක් නැහැ මිනිස්සුන්ට..

    අමිලනෙ ගඟට විසි වුනෙ…

    මගෙ එකා උගෙ අම්මත් එක්ක නිදි….

    අමිල උබ කැවද පුතෙ…

    මගෙ එකාට කන්න දුන්නා….

    නංගි කොහොමද බන් උබ මෙ දුක උහුල ගත්තෙ……

    කොහොමද මුන්ට කන්න දුන්නෙ…….

    සුනාමි ආධාර නම් හම්බ උනා….

    අපි තවම කඳවුරු වල අයියෙ…

    ආධාර හම්බ උනාට පස්සෙ මන්ත්‍රි තුමා ගෙයක් හදලා කොටි ගනනක..

    දැන් මොකද මං කරන්නෙ කොහොමද මුන්ට කන්න දෙන්නෙ…

    මම කාටද මෙක කියන්නෙ….

    මම කාටද මෙක කියන්නෙ…

    අනෙ දෙවියනෙ මට පිහිට වෙන්න……

    දෙවියෙක් නැහැ ……. මට පිහිටක් නැහැ….

    පලයන් මගෙ දෑහට පෙන්නෙ නැති තැනකට….

    තොව මම උස්සලා විසික් කරනවා….

    මම එක කළා….

    දැන් …… මම මෙතනිනුයි විසි කරෙ……. අනෙ මාව මරපන්

    ” මෙ උසාවිය විත්තිකාරිනිව තමුන්ගෙ ලමයා ඝාතනය කිරිමට තැත් කිරිමෙ වරදට වරදකරු වෙනවා…. විත්තිකාරිනියට මරණ දඩුවම… දණ්ඩ නිති සංග්‍රහයෙ අහවල් කොටසෙ… අහවල් අංකෙ… අහවල් උප වගන්තියෙ… අහවල් උප කොටසෙ මගින්…”

    උඹව මරන්නෙ නැහැ.. ලංකාවෙ මරණ දඩුවම ක්‍රියාත්මක කරන්නෙ නැහැ.

    අයියො මම මගෙ ලමයව ගඟට විසික් කරානෙ…….

    මතු සම්භන්දයි

    මෙම නාට්‍යයෙ මිලග කොටස තව අවුරුදු කිපයකින් මෙ වෙලාවකදි බලා පොරොත්තු වන්න…

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • ඔව් වයසත් අවුරුදු 30 ලු.
      බොහෝ විට ඇය දරුවන් ලැබීමේ දී ඇතිවන මානසික ආතතියකට ගොදුරු වෙලා හිටියා වෙන්න පුලුවන් කියලා මම හිතනවා.නිසි රැකවරණයක් නොලැබීම විතරක්ම නෙවේනෙ ඇය පෙලලා තියන්නේ.දහසකුත් ආර්ථික ප්‍රශ්න…සැමියාගේ බීමත් කම..මේවා සාමාන්‍ය කෙනෙකුට උනත් දරන්න පුලුවන් කියලා මම හිතන්නේ නැහැ.
      අනිත් කාරණය තමයි..ඇය තමන්ගේ බැරිකම හොඳට තේරුම් අරන් තියනවා.නැත්තන් දෙවරක්ම ඇය තම දරුවන් ළමා නිවාසයකට බාර දෙන්න උත්සාහ කරන්නේ නැහැනේ ද..?
      අන්න එතනදි තමා මම පාලකයින් දිහාට හැරෙන්නේ.තමන්ගේ අතින් වරදක් වෙලා තියන බව ප්‍රසිද්ධියේ පිලිගත්ත එකම ලොකු දෙයක්.නමුත් ඉතින් දැන් වත් ආය මේ වගේ වැරදි නොවෙන්න වග බලාගන්න ඕනේ.
      ඒකට ඉතින් ‘තව හිතලා බලන්න ඕනේ’ කියන වචනය පාවිච්චිකලා පාලකයින්.ඒකෙන්මයි මට මේ දේ හිතුනෙත්.

      තවත් කල් ඇරිය යුතුයිද..????කොහෙත්ම නැත.
      “නීතියේ බැමි ලිහා දැමුමට

      හිතල බලද්දි

      ඔහොම හෙමිහිට

      තවත් කීයක් ‘අමිල ‘ජීවිත

      ‘සඳරුවන්’ වගෙ දුක් විදීවිද..?????”

      ප්‍රති-පිළිතුරු සැපයීම
  6. මම කැමතියි මේ නාටකේ ඉදිරියට නොවෙන්න යෝජනා කීපයක් ගේන්න.

    1. අඩු ආදායම් මට්ටමේ හෝ කිසියම් වෙනත් අවශ්‍යතාවයන් ඇති ඕනෑම කාන්තාවක් හෝ පිරිමියෙක් සදහා ඕනෑම වෙලාවක වන්ධ්‍යකරන සැත්කම් කිරීමට, නීතිමය අවසර ලබාදීම.
    2. දරුවෙකු වැදීමට නම් තිබියයුතු අවම ආර්ථික මට්ටමක් තීරණය කිරීම.
    3. දරුවන් හා බිරිද/ සැමියා හැර යන පිරිමින්/ ගැහැනුන් සදහා දැඩි දඩුවම් පැණවීම.
    4. මීට වඩා දැඩි අවධානයක්, මෙවැනි ගැහැනුන්ගේ ආර්ථික මට්ටම නගා සිටුවීම සදහා ක්‍රියාත්මක කිරීම.
    5. පවුල් සැලසුම් ක්‍රම පිලිබදව මීට වඩා දැනුවත් කිරීම.
    6. මෙවැනි පවුල්වල වෙසෙන ආර්ථික අපහසුතාවයන් ඇති දරුවන් සදහා, සමාජ සුබ සාධන වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීම.

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • මම හිතන විදියට 2,3 යෝජනා නම් කරන්න ගොඩක් අමාරුයි.
      ඒත් පළවෙනි එක නම් ඉතින් යම් නිදහසකුත් එක්ක ඉටු කරන්න පුලුවන් වෙයි 4,5,6 ට නම් මටත් එකඟ වෙන්න පුලුවන් .
      වැදගත්ම දේ තමා මවගෙන් හෝ පියාගෙන් ඉල්ලිමක් ලැබුනොත් තමන්ට තම දරුවන් ට රැකවරනයක් දෙන්න බැහැ කියලා උප්පැන්න සහතිකේ වගේ දෙයක් නැතිකම ඉදිරියට දාලා ඒ කාරණය මග නොහැර සිටීම.මෙතනදි වෙලා තියන්නේ එකනේ.
      ඒක මව විතරක් නෙවේ..අදාළ ආයතන ප්‍රධානියත් පිලි ගන්නවා.මව මෙවැනි ඉල්ලීමක් කල බවට.
      අපරාදේ අහිංසක ජීවිතයක් මේ වගේ වරදක් නිසා අද ජීවිතයත්..මරණයත් අතර සටනක.

      ප්‍රති-පිළිතුරු සැපයීම
  7. සොඳුරු සිතෙ වත් අක්කා… මට නියම දෙයක් කිව්වා පිස්සා අයියා.. මම හිතනවා ඔයාටත් දරුවො ඉන්නවා… කියලා..ඔයගෙ 1,2,3 ගැන නම් මම පැහැදිමක් නැහැ. නමුත් 4,5,6 යොජනා නම් හොදයි….
    හැමොම ආසයිනෙ.. අවිද්‍යාව හෙතු කොටගෙන අමාරුවෙ වැටෙනවා…

    ඉහත දෙ මම ලිව්වෙ ඔයාව අරමුණු කරලා නෙමෙ….ඉයෙ රවුම් ගහද්දි දැකපු දෙවල් වලින් හැදුන හිතෙ අමාරුව පිට කරෙ මම ඔහොම…

    නමුත් මගෙ නම් එක යොජනාවයි… තවත් මනුස්සයෙක් කරදරෙන් ඉද්දි.. ලඟට ගිහිල්ලා පොඩ්ඩක් කතා කරලා.. එයාගෙ හිතට වචන ටිකකින් සංග්‍රහා කරන්න අපි හැමොම පුරුදු උනා නම් එච්චරයි….ප්‍රායොගික නැහැයි කියලා හිතන්න එපා… මොකද මිට අවුරුදු ගාණකට කලින් ප්‍රායොගික නැහැයි කියලා හිතපු දෙවල් අද ප්‍රායොගික දෙවල් වෙලා….

    ප්‍රති-පිළිතුරු සැපයීම
  8. @ රවා-
    හපොයි!!
    මොකද්ද බං මේ දරුවෝ කතාව??
    හත් ඉලව්වේ… මම තාම ඉගෙන ගන්නවා නොවැ…
    තාම බැන්දේ නෑ… ම්ම්.. තව අවුරුදු 2කින් විතර බලමුකෝ…

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • හපොයි පිස්සෝ
      මේ මොකද්ද ??මේ වෙලා තියන්නේ.වහාම පරීක්ශනයක් ආරම්භ කරන්න මේ ගැන නම්.
      අනේ පිස්සා ගැන හිතලා තියන දෙයක්.ගනන් ගන්න එපා මල්ලී.
      මේ දවස් වල ඔයාට නම් අර මාරයා කිව්වා වගේ සිකුරා නෙවේ..සෙනසුරුද කොහෙද..? ලබලා.

      ප්‍රති-පිළිතුරු සැපයීම
  9. හපොයි… මල හතඉලව්වයි… උඹට දරුවො නැද්ද…. මම මෙච්චර කල් හිතන් හිටියෙ ඔයා බිරිද යි දරුවයි මෙහෙ තියලා ගිහිල්ලා පිට රටකට වෙලා කොල එකතු කරනවා කියලා…. දරුවෙක්ව හදපන් කොල්ලො ඉක්මනට…. හැබැයි මර්වින් සිල්වා වගෙනම් එපා…

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • හා..: ඒ ඉතින් පිස්සාවත් අමාරුවේ දාන උපදෙසක් තමා රවා දීල තියන්නේ.
      පිස්සට මේ තියන කරදර හොඳටම ඇති නේ ද??? පිස්සෝ.

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • ඔය හිතින් හදා ගත්තු කරදර නොවෙද අක්කන්ඩිය…. ඔබට වයස 32 පමණ වෙ යැයි… මා අනුමාන කරනවා… ඔබටත් පැවසිමට ඇත්තෙ ඔබත් ඉක්මණට දරු හුරතල් බලන්න ලැස්ති වෙන්න…. කසාඳ බැදලා උන්නත්, නැතත් ප්‍රශ්නයක් නැහැ.. මොකද මම තව ටික දවසකින් මෙ අමිලව ඔයගෙ දරුවෙක් කරනවා මෙතන වචන ඇදබාල.. මොකද කියන්නෙ මෙ කථා බහ දිගටම ගෙනියමුද…?

        බොරු අරුමොසම් පමණට වැඩියෙන් ගොචර නැහැ නිතර
        මොසම් සුළඟක් ආවොතින් නුඹ ගහගෙන යයි සොඳුර

  10. යකෝ එතකොට මෙච්චර කලක් මගේ බ්ලොග් එක බැලුවේ මම මොකා කියලා හිතාගෙනද? වහ කන්න හිතෙනවා නේ, උඹ කියන ඒවා දැක්කාම..

    ප්‍රති-පිළිතුරු සැපයීම
  11. @රවා

    අමිලගේ වයසෙම පුතෙක් මටත් ඉන්නවා.
    ඒකමයි මට මේ දරුවා ගැන මේ තරම්ම දුක හිතුනේ.
    මෝසම් සුළඟක් ඕනේ නැහැ මේ දැකපු සුලඟටත් දැන් දවස් ගානක් මම ගහගෙන ගිහින් ඉන්නේ…
    බොරු නම් බලන්න 11 වෙනිදා මේක දැකපු වෙලාවේ ඉදලම..

    ප්‍රති-පිළිතුරු සැපයීම
  12. කාටද වැරදුනෙ…. කාටද වැරදුනෙ……ඔයා හොදට කියෙව්වොත් තෙරෙයි මම කරපු ප්‍රකාශයෙ වැරද්දක් නැති බව…… මම ඉතින් කිව්වෙ තව දුවෙක්ව හුරතල් කරන්න ලැස්ති වෙන්න කියලානෙ…. මොකද පුංචි පුතාට පොඩි කාලෙ ඉදම්ම වගකිමක් දෙන්න ඔනා.. නංගිව ආරක්ෂා කරන්න.. කියලා…දැන් කියන්න එපා දුවෙකුත් ඉන්නවා කියලා. ඔයා කරන නිර්මාණ කිපයයිනෙ මම දැක්කෙ, අනික අපි දෙන්නා මුලින්ම හම්බ උනෙ බිගුවගෙ රන්ඩුවෙදි….

    ඔයා වලියෙදි කථා කරපු විදියට ඉතින් මට හිතුනා ඔයාගෙ ඇතුලෙත් පොඩ්ඩක් අරුමොසම් වැඩ ඇති කියලා… වැඩිය ඔයාව ගැටුනෙත් නැහැ නෙ……..

    එක නෙමෙ මම කිව්ව වයස හරිද… ඉට වඩා පොඩ්ඩක් වැඩ්යි වගෙ….

    ඔයා කියන්නෙ ඇත්ත තමයි… මම ඔයගෙන් තමයි මුලින්ම මෙ ගැන දැන ගත්තෙ ( මට එතනදිත් කල්පනා කරන්න තිබුනා ඔයාටත් දරුවෙක් ඇති කියලා)… ඉට පස්සෙ හෙව්වා… අපෙ ගෙදර ටිවි එක කැඩිලා…. කොහොම උනත් අක්කෙ.. ඔයාට දරුවෙක් ඉන්න හින්දා එ දරුවා තුලින් ඔයා එ දෙ විදිනවා. මම දවසක මට දරුවෙක් හිදිවිනෙ කියලා එ දෙ විදිනවා. දැන් අවුරුදු කිපයක විතර හිදලා ඇහෙන දෙවල් හොද නැහැ.. ඔයගෙ දරුවට මෙ නිව්ස් එක අහන්න දුන්නද…

    අමිල ට පස්සෙ තියන නම කවුද කියන එක තමයි මට දැන ගන්න ඔනා…. මෙ දම්වැල අමිල කියන පුරුකෙන් කඩන්න පුළුවන් එක කරන්න බලය මං ගාව නැහැ.. හැබැයි බලය තියන මිනිස්සුන්ට ඉට වඩා වැඩ තියනවා, නයිට් ක්ලබ් යන්න ඔනා, පුතාට ඇමෙරිකාවෙ උගන්න ඔනා, බිරිදට සාරි ගන්න ඉන්දියාවට යන්න ඔනා…….

    ඉරිදා, සෙනෙසුරාදා, සිකුරාදා බලපුවාහම පංසල් පල්ලි පිරිලා මිනිස්සුන්ගෙන්.. ඔක්කොම පින් රැස් කරනවා. නිවන් යන්න, ස්වර්ගෙට යන්න. නමුත් අමිලගෙ අම්මා පවු රැස් කරනවා……අපි ඉස්සරහා….

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • ම්හ්… දුවෙක් නම් නැහැ. හරි තැනටම එයි වගේ අර අහපු ප්‍රශ්නෙටත්.ඒ නිසා ඒකත් ඇති.මම හිතනවා මං ලඟ අරුමෝසම් වැඩ නැහැ කියලා.
      මටත් ඒ බලය නැහැ .ඔව් මම ඉස්සෙල්ලත් කිව්වේ..පිස්සාට, බලය තියන කෙනා කරන්නේ තවත් වැඩි වැඩියෙන් එකතු කරලා තමන්ගේ ගොඩ වැඩි කරගන්න එක.මේ වගේ දුප්පත් අය ගේ දුප්පත් කම තවත් වැඩිවෙනවා ඒ නිසාම.
      පල්ලෙහා තියන ‘පාව ගිය ජීවිතයේ’ comment එකේ news එක තියනවා .කැමති නම් බලන්න.

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • අක්කෙ මම එක දැක්කා… මම බැලුවා.. එක දිහැ.. එතනත් කියන්නෙ දුප්පත්කම තමයි. මගෙ ඇස් දෙකත් ටිකක් තෙත් උනා.. ආපහු හදවතෙ තියන තුවාලෙ අලුත් උන එකයි විතරයි උනෙ… එ නිව්ස් එක බලද්දි මාව ඇතුලෙන් කඩන් වැටුනෙ එ නිවුස් එකට ස්වර්ණවාහිනි ආයතන විසි හොදට මාර්කට් කරලා තිබුන හින්දා.එයාලට එක එක නිවුස් එකක් විතරයි.. යටින් අර් දුමින්ද සිල්වා ගෙ ඇඩ් එකයි, නිමල් සිරිපාලගෙ ඇඩ් එකයි, මොහන් ලාල් ගෙ ඇඩ් එකයි යනවා, එ අස්සෙ රනිල් මුකුත් වෙලා නැහැ වගෙ ආණ්ඩුවට බනිනවා… රනිල්ලට තමයි ඇපල් කන්න ඔනා වෙලා විවෘත අර්ථිකෙ ගෙනාවෙ.. නෙද….කොහොම උනත් අපි ටිකක් මෙ ගැන මතකයෙන් ඉමු. කරදරෙන් පිරුණු මුහුනක් දැක්ක හම අපිට පුළුවන් විදියට උදව් වෙන්න බලමු.. නෙද…?

        අක්කා මෙ දරුවා ලොකු වුන දවසක සංවේදි කෙනෙක් වුනොත් මැරි මැරි ජිවත්වෙවි… එ දරුවට ජිවිතෙ එපා වෙවි. එයා හොදට ඉගෙනගත්තොත් අපිට එයාගෙ බ්ලොග් එකත් මෙතනදි දිගහැරෙයි නෙද…බලන්න දැන් එ ගැන කථා කරන්නෙත් නැහැ.. දුප්පත් කම නෙමෙයි අක්කෙ ප්‍රශ්නෙ… බලය තියන මිනිස්සුන්ගෙ හදවත් වල….. ජනාධිපති මෙ දෙ දැක්කද දන්නෙත් නැහැ.. ..

  13. @රවා
    ජාතිකව ඉටුවෙන්න ඕනේ වගකීමක් මේ වගේ හරි ඉටු වීම ගැන මම සතුටු වෙනවා.
    මේ ප්‍රවෘත්තියෙන් කවුරු මොන වාසිය ගත්තත්…මට කමක් නැහැ.
    ඉතිරි දරුවන් දිහාට යොමු උන කරුණාවෙ ඇස් නිසා..අද ඔවුන්ට ළමා නිවාසෙදි මොන වගේ තත්වෙකට මූන දෙන්න උනත්..ජිවිතයවත් ආරක්ෂා උනා කියලා මට හිතෙනවා.
    එහෙම නොවෙන්න මීට වඩා නරක පුවතක් අපිට අහන නොලැබේවිද…??? කියලා
    හරියටම කියන්න අපිට බැහැ.නේද…?
    අද කාලේ වෙන දේවල් හැටියට….
    බලන්න ඔවුන් ජීවත් උන පරිසරය..? දිහා…..?
    මට එහෙම හිතෙනවා.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  14. නිමන්ති අක්කාට
    අමිල ගෙ අයියයි, නංගිලා තුන්දෙනයි හරි…. තව අමිලලා කොච්චර නාගරිකව ජිවත්වෙනවද…? එ අමිලලාට මොකද වෙන්නෙ…. ඔයා ඉන්නෙ නාගරිකව නම් ජනෙලයෙන් එලියට දැම්ම ගමන් පෙනෙයි.. ලයිට් කණුවකුයි ,බොක්කුවයි අතර ගෙයක් කියලා දෙයක් අටවගෙන ජිවත් වෙන පවුලක ඉන්න තවත් අමිල කෙනෙක්…
    තව අමිලලා ගොඩක් ඉන්නවා හැබැයි ඉන්නෙ නාගරිකව..

    මෙ අමිලගෙ අයියට පොලෙ එළවලු විකුනන්න දුන්නු එළවලු මුදලාලියි, එ ලමයගෙන් එළවලු ගත්තු මිනිස්සු ඔක්කොම එකතු වෙලා එ ලමයගෙ මල්ලි වෙනුවෙන් දුක වෙන එකට මගෙ හිතෙ තරහක් තියන්නෙ…. අමිල වෙනුවෙන් මගෙ හිතෙ තරහක් තියන්නෙ…

    ප්‍රති-පිළිතුරු සැපයීම
  15. මිට වඩා නරක පුවතක් ….
    මනුස්ස අම්ම කෙනෙක් ,,,, තමුන්ගෙ මනුස්ස පැටියව මරන්න කටයුතු කරලා……..
    මව් සෙනෙහසට අභියොග කරන්න සල්ලිවලට හැකියාව, ශක්තිය දිලා නෙද…. දුන්නෙ කව්ද…මිට වඩා නරක පුවතක් නම් නැතිවෙයි…. හැබැයි අමානුෂික පුවත් නම් තියෙයි…

    ප්‍රති-පිළිතුරු සැපයීම
  16. තරු කැටක් වන්
    දෙනෙත් පොඩිකර
    හැඬූ කඳුලින්
    දෙනෙත් තෙත් කර
    ගියත් අද ඔබ
    යලිත් නො එනට
    කඳුළු වියමන්
    ඇහෙනවා මට..
    අමිල…!!!!
    ඉතින් අවසරයි…!!!
    සමුගෙන යන්නට…..

    ප්‍රති-පිළිතුරු සැපයීම
  17. ………ඉවරයි ….. ඔක්කොම දැන් නිදා ගමු සැනසිල්ලෙ… තවත් අමිල කෙනෙක් එනකම්……

    ප්‍රති-පිළිතුරු සැපයීම
  18. yes, we wil sleep until another Amila comes. Then Swarnawahini can sell him too.

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: