මරණයේ සීතල ඇඟිලි තුඩු
සෙමින් හිස පිරි මදින විටදී
ඉතා දිගු පියවරත් තබමින්
නොදන්නා ලෙස ලඟට එද්දී
කිසිත් නොම දැන ජීවිතේ
දිගුගමන යන මේ වගේ..
සොදුරු දසුනට රැවටිලද අපි..
දෙනෙත් මානෙට පෙනෙන ලෝකෙදි
බැරි බරක් කර පිට තියන්
දුක් ගොඩක් තුරුලට අරන්
යන්න හැකිවෙද බොහෝ දුරකට
ඇද වැටේවිද අතර මගකදි