RSS Feed

නොදනිමි……..

මරණයේ සීතල ඇඟිලි තුඩු

සෙමින් හිස පිරි මදින විටදී

ඉතා දිගු පියවරත් තබමින්

නොදන්නා ලෙස ලඟට එද්දී

කිසිත් නොම දැන ජීවිතේ

දිගුගමන යන මේ වගේ..

සොදුරු දසුනට රැවටිලද අපි..

දෙනෙත් මානෙට පෙනෙන ලෝකෙදි

බැරි බරක් කර පිට තියන්

දුක් ගොඩක් තුරුලට අරන්

යන්න හැකිවෙද බොහෝ දුරකට

ඇද වැටේවිද අතර මගකදි

Advertisements

24 responses ඊළඟ »

    • නැහැ ,බොලිවියාවේ මාර්ගයක්ලු.මගේ විද්‍යුත් ලිපිනයට මිතුරෙකුගෙන් ලැබුන ඡායාරූප පෙලකින් එකක්.
      මුලු දුර- 61km
      මේ දුර යන්න සාමාන්‍යයෙන් ගතවන කාලය පැය- 5/6ක් උනත්
      වැසි දිනක පැය-15/24 ක්පමණ ගතවෙනවාලු.
      ඒත් ලංකාවේ ඇල්ල -වැල්ලවාය මාර්ගයේ දර්ශනත් මීට බොහෝදුරට සමානයි.අනතුරුදායක බව මීට අඩු උනත්.
      බොහෝම ස්තුතියි.! ඇවිත් ගියාට.

      ප්‍රති-පිළිතුරු සැපයීම
  1. අපූරුයි නිර්මාණය.
    ජීවිතේ අනියතභාවය ලස්සනට පද පෙළට නගල තියනව.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. නියමයි… රාවෙන් කිව්වා වගෙ හොරෙන් අමුවටම කියලා… ලස්සනයි

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. සීතල වුව අඳුරු වුව
    මරණය
    ළඟමයි අපේ ජීවිතේ සැමවිට
    මිතුරෙකුද සතුරෙකු ද නොදනිමි
    ඒ නමුදු
    බැරි බරක් කරපිට තියන්
    දුක් ගොඩක් තුරුළට අරන්
    හැකි වේවි යන්නට බොහෝ දුර
    අතර මඟ ඇද නොවැටී
    හිතේ විශ්වාසයෙන්…

    අනේ අක්කේ , ඔයාට පින්තූරයක් පේන්න ම බැරිද ඈ..
    ලස්සන පින්තූරෙට ලස්සනම ලස්සන අදහසක් එකතු කරලා.. අදත් ජීවිතේ ගැන හිතන්න යමක් ඉතිරි කරල තියෙනවා ඔබේ පදවැල..
    හැමදාම ලියන්න. අපි ගොඩවැදිලා යන්න එන්නම් නොවරදවා ම !..
    -ජය

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • අඳුරු සීතල කඳුලු මරණය
      සෙවනැල්ල සේ
      පසු පසින් එන
      සතුට ඇතිවිට සතුරෙකිය දුර
      දුකක් දැනුනම මිතුරෙක්ව ළඟ
      රැදෙන නිරතුරු
      නොයන දුරකට
      එනතුරා අපි රැගෙන යන්නට
      සැබෑවට කවදාක හෝ
      බොහෝ දුර යන දුර්ග මාවත
      පිය නගමු අපි.!!!
      වෙහෙස දුක සැප
      කඳුලු සමගින්
      ජීවිතය නම් නවමු මාවත
      අනේ ඔව්..!! මට පෙන්නන්න බැහැ පින්තූර:) D
      ලස්සන පින්තූරේ..???
      ඔන්න තව ටිකකින් කන්දෙන් පල්ලෙහාට
      >>ඩොං<<
      බලාගන්න පුලුවන් එතකොට ලස්සන ලස්සනට..??:P
      ඉතිං මල්ලී ගොඩාක් ස්තූතියි…!!!! ඇවිත් යන්න ආවට.

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • නෑ නෑ … එහෙම වෙන්නේ නෑ.
        අපිට හරිම අනතුරුදායකයි වගේ දැනෙන දේවල් , ඒවත් එක්ක ම ජීවත් වෙන මිනිස්සුන්ට ජීවිතේ කොටසක්.
        ඔය බස් එක තාමත් එහෙ මෙහෙ යනවා ඇති ඔය පාර දිගේ…
        ජීවිතේ භයානක තැන් තියනවා තමයි. ඒත් අක්කේ හිතන තරම් ගොඩක් වෙලාවට ඒවා ඇත්තටම අමාරු නෑ කියලයි මටනං හිතෙන්නේ ..

  4. @යෝගී
    ඔව් මල්ලී මිනිස්සු කොයි තරම් අනතුරුදායක දේවල් එක්ක උනත්
    ජීවත් වෙන්න පුරුදු වෙනවා.
    ඒක නම් ඇත්තමයි.
    ඔය බස් එක නැත්තත් ඉතින්
    වෙන බස් එකක් හරි යනවා ඇති නේද?? .
    හ්ම්: කියන තරම් යකා කළු නොවෙන්නත් පුලුවන් තමා.

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • ඔයා කියපු දේ හරි අක්කේ..
      “ඔය බස් එක නැත්තත් ඉතින්
      වෙන බස් එකක් හරි යනවා ඇති නේද?? .”
      කවියෙන් වගේ ම කතාවෙනුත් ඔයා කියන දේවල් …හරි
      ජීවිතෙ ත් එහෙ‍ම නේ.. අපි නැති‍ව ගිය දවසක ලෝකේ මේ හැම දේම අපි නැතිවුනා කියලා නවතින්නේ නෑ නේ.නේ ද ?

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • හප්පේ අනිත්‍යය මෙනෙහි වෙලාද..?? ඒ පාර…

        හෝව් :හෝව් :
        එච්චර දුර යන්න එපා මේ කවියක් නිසා.
        මම කිව්වේ බස් එක ගැන..අපේ රටේ බස් එකක් වගේ 😀

  5. අනිත්‍යය මෙනෙහි කරන්න අක්කෙ… ගොඩක් පහසුවෙයි.. දකින දෙ දරා ගන්න.. අමිල ගැන තාමත් මම හොයනවා… ඔයා කවියෙන් කියලා තියන්නෙත් එ ගැන… ඔන්න ඉතින් අදත් ආව ඔයාව බලලා යන්න….

    ප්‍රති-පිළිතුරු සැපයීම
  6. මමත් කැමති මේ වගේ අමාරු පාරක මගේ රෝද දෙකේ නැගලා යන්න.
    මාර ගතියක් දැනෙනවා….
    හුලන් පාර කපාගෙන වන්ගුව ගන්නකොට කොහොමද???

    ඉස්සරහින් බස් එකක් ආවොත් වෙට්ටුවක් දාලා යන්න තියෙන්නේ…

    /බිඟුවා…!

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • @බිඟුවා:
      මමත් ටිකක් ඔය වගේ කතාවක් කියන්ඩ ගිහිං අක්කන්ඩිගෙන් අහගත්ත බඩ පිරෙන්න. ඔය ටිකක් උඩට ගියාම තියෙන්නේ..
      මදි ටික ඊමේල් කරලම තිබ්බා 🙂
      උඹටත් එසේම වේවා!.
      තව ටිකකිං ආපුවාම කන්දෙක පිරෙන්න අහගත්තෑකි!

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • @බිඟුවා
        ඔව් ගොඩාක් හොඳයි 120 kmph විතර..? මම දවසකුත් කිව්වා ආය කියන්නේ නැහැ.
        @ යෝගී
        තව ටිකකින් නෙවේ මේ මමත් ඉන්නවා. යවන්නම් එයාටත්..
        තමුනුත් එහෙමයි වගේ නොකිවට නේද..?
        .මට නම් ලයිසන් නැහැ . මාත් යනවා ඒ වගේ ම එකක 😦
        බොහෝම කණගාටුයි 😦 😦 😦 ඒ නිසා තුන්දෙනා ගැනම..
        මේවා කියන්නද..?? හලෝ මම පෝස්ට් එක දැම්මේ.

      • දැක්ක ද?
        යෝගියා කිව් දෙයක් වැරදුනේ නැත…

  7. අනර්ඝයි!!!!!!!!! ජීවිතේ යථාර්ථය පද පේළි කිහිපයකට කැටි කරලා තියෙන අපූරුව…..
    තවත් ලියන්න. ජයෙන් ජය!!

    ප්‍රති-පිළිතුරු සැපයීම
  8. @යෝගී
    ඔව් ඔව් අනාවැකි කිය කියා ඉගිල්ලෙන්නකෝ..
    ශෝක්…
    බැරිද…? මටත් අනාවැකියක් කියන්න.
    මැරෙන දවස ගැන එහෙම..
    පුලුවන්නම් කියන්නකෝ මල්ලී.
    මමත් යන්නේ ඔය වගේම කෙනෙක් එක්කනේ..
    එතකොට යන ගමනක් දැනුම් දීලම යන්න පුලුවන්.
    විහිලුවක් නෙවේ ඇත්තටම..

    ප්‍රති-පිළිතුරු සැපයීම
  9. හික්ස්..
    අක්කා දැන් පදින්චිය වෙනස් කරලා වගේ..

    /බිඟුවා…!

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: