RSS Feed

ජීවිතය මේ යැයි සිතන්….!!!!!

දහස් පිය ගැට පසු කරන්

සහස්  පියවර පිය මැනත්

කප් කලක් ගෙවිලා ගියත්

වෙනස්වී නැත කිසි දෙයක්

මහා ගිරි දඹ දැක දැකත්

පසු බසිනු ඇයි තව තවත්

අදින් පසු එන අය උනත්

වෙහෙස බලමින් නැවතෙතත්

මෙතැන නැවතී නැහැ පලක්

නගිමු මේ මහ ගිරි දඹත්

ජීවිතය මේ යැයි සිතන්…!!!

Advertisements

15 responses ඊළඟ »

  1. ජීවිතේ කියන මහගිරිදඹ අපි හැමෝම නඟිනවා අක්කෙ….. හැබැයි ‘අපෝ තව දුරයි’ කියල හිතුවොත් නම් 😦 ඉවරයි……… හැමදාම වගේ ලස්සනයි, අරුත්බරයි අක්කෙ නිර්මාණය………

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • හරි හරි …!
      එහෙනම් හිතමු අපි
      අත පොවන මායිමෙන්
      බොහෝ දුර නොවෙ යැයි
      හැබැයි ඉතින් නවතින්න ඔට්ටු නැහැ ඔන්න දුර අඩු කරාට පස්සෙත් හරිද?? ඔයිට වඩා නම් බැහැ.
      මගේ වගේයි මහ ගිරිදඹත් නේද.??.ලෝබ නැතුව දුර අඩු කරේ 🙂
      බොහෝම ස්තූතියි…!! නංගියේ

      ප්‍රති-පිළිතුරු සැපයීම
  2. ජිවිත ගමනෙ ඇස ගැටෙන බොහොතැන් වල අපිට හම්බ වෙන්නෙ මෙ වගෙ අසිරු වැඩ. අපිට දැනෙන මහන්සිය තිරණය වෙන්නෙ අපිට හම්බෙන පිළිසරණ අනුව තමයි. එ අතින් ගත්ත හම ඔයා වාසනාවන්තයි. නැතිනම් ඔයාට මෙ වගෙ ලියන්න සිතුවිලි එකතු කරන්න හම්බවෙන එකක් නැහැ… අපිත් කරන්නෙ මහ ගිරිදඹෙ නගින එක තමයි මහන්සියක් දැනුනොත් ඇවිල්ලා මෙ පැත්තෙ සටහනක් තියලා යන්න…අපිත් ඇවිල්ලා පැන් පොදක් ඉහලා යන්නම් ඔයාට.. හැබැයි අක්කා.. අපිටත් වතුර ටිකක් විසික් කරලා යන්න අපි එක්ක ඉන්න ඔනා….

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. අක්කේ කීප දවසක ඉඳලා මම පොඩි ප්‍රශ්නෙක හිටියේ… වැඩක් අත්හැරලා දානවද කරනවද දිගටම කියලා.. ඔයාගේ කවිය දෙතුන් පාරක් හිමීට කියවන ගමන් හිතුනා මගේ අවුලත් මේ වගේ තමා , මේ පාරත් උත්සහ කරල බලන්නම් මොන ප්‍රශ්න ආවත් කියලා..

    “අදින් පසු එන අය උනත්
    වෙහෙස බලමින් නැවතෙතත්
    මෙතැන නැවතී නැහැ පලක්
    නගිමු මේ මහ ගිරි දඹත්…”

    බලමුකෝ.. ඒ මහගිරි දඹේ නැගලත්.. වැඩේ හරිගියොත් ඔයාටත් පිං අනුමෝදනාවක් දෙන්න ඇවිල්ල යන්නම්. ( වැරදුනොත් ඒත් එනවා – බැනල යන්න හරි )
    -ජය

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • ඒ ප්‍රශ්නේ ඉක්මනින්ම විසඳ ගන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා …!!!කරන්නම්කෝ..
      වැඩේ අත ඇරලා දාන්න එපා, කරලා බලන්න.
      හරියන්න හරි වැරදෙන්න හරි..
      හරියන්න තියන ඉඩ වැඩිනේද..? එහෙම හිතන්නකෝ එතකොට හරි..!
      බොහෝම ස්තූතියි..!!! මල්ලී ගොඩාක් වැඩ තියද්දිනුත් ඇවිත් ගියාට

      ප්‍රති-පිළිතුරු සැපයීම
  4. දහස් පිය ගැට නැගි පසුත්
    සිටි තැන ම රැඳවෙනා
    ඉසුඹු ලන්නට නැවතුනොත්
    පහලට ම රූටනා
    කෙසේ උවමු ද දිවි දිවුම
    ගමනකට වන්දනා
    පහල යන එස්කැලේටරයක
    උඩට ගමනක් විනා!

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • හරිම ලස්සනයි..!
      “පහල යන එස්කැලේටරයක
      උඩට ගමනක් විනා!”
      අලුත්ම අලුත් සිතුවිල්ලක්. මේකට කවියකින් නම් පිළිතුරක් දෙන්න මට තාම වචන හොයා ගන්න බැරි උනා.
      මට හිතුන දේ තමා
      මලකඩ නම් පොඩ්ඩක්වත් නැති බවට
      බල සුභ නිමිති පෙර මඟ ලකුණටත් වැඩි 🙂
      අනික තමා ආයූ බොහෝ වේවා….!!!
      මොකද මම මේ මතක් කලා විතරයි 🙂 මට ‘මන්දාකිණිය’ මේ විදියට හදාගන්න ඔබ කරපු උදව් ගැන.
      මම නොදන්නා දේවල් අහපු ඉක්මනින් වැඩ රාජකාරි බොහෝ තිබියදී උනත් කරුණු හොයලා ලියලා එවන්න තරම් කාරුණික උන එක ගැන බොහෝමත්ම ස්තුතියි….!!!
      මොකද?? ඔබත් නමින් පමණයි මාව අදුරන්නේ.අද හොඳින්ම දන්න කෙනෙක්ගෙන් වත් උදව්වක් ඉල්ලුවට ලැබෙන්නේ නැහැනෙ.
      ඔබේ වැඩ කටයුතු හොඳින් කරගන්න ලැබෙන්න කියලත් මම ප්‍රාර්ථනා..! කරනවා ..
      ස්තූතියි ..!! ඇවිත් ගියාටත්..
      මට බොහෝම වැදගත් උන දවසකම.ඇයි..?? කියලා කියන්නම් ..
      ‘මන්දාකිණියට’ ආපු ගිය ඔක්කෝටම එක සැරේම.

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • @කන්කුණා
        දහස් වර ලතවෙමින් සිතමින්
        බොහෝ කල් ගෙව්වත් ඉතින්
        දිවි දිවුම මඟ ඉසිඹුලන්නට
        වරම් නොලැබෙයි නොවෙද?? දැන්
        වෙනස් ඇසකින් අලුත් සිතුවිලි
        ගොනු වෙලා නොදැනිම අදත්
        වෙනත් අය නම් යන්න නොසිතන
        ගංදියේ උඩු ගං බලා
        යන්න හැකිවෙද ? පතන්නම් මං!
        එලෙස හැකි වෙන්නැයි කියා ….!!!!!

  5. අපූරුයි අක්කේ ඇත්තටම අපූරුයි !
    මීට කලින් ඇවිත් මේ කවිය රසවිඳල ගියත් අදහසක් කුරුටු ගාන්නට බැරිවුණා..
    ඔයාගේ පදවැල් හරි අපූරුයි…

    “දහස් පිය ගැට පසු කරන්
    සහස් පියවර පිය මැනත්
    කප් කලක් ගෙවිලා ගියත්
    වෙනස්වී නැත කිසි දෙයක්”

    මං නම් ඇත්තටම රසවින්ඳා.. හරියට සිතුවමක් වගේ..

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: