RSS Feed

දයාබර ඔබට…….!!!

නුවර ඉදන් මම කොළඹට එද්දී

හැමදාමත් ඔබේ ඇනුම් බැනුම්

කොළඹ වීදි  දිග ඇවිදන් යන විට

ඊට වඩා ඔබේ රැවුම් බැලුම්

හැමදාමත් ඔබ හමුවූවත් මට

අල්ලන්නට බැරි උනත් ඉතිං

සසර සරණ තුරු හමුවෙනවා අපි

ඒකත් ඇත්තයි හැමදාමත්

‘මන්දාකිණියේ’  නොනැවති ගමනක්

ඔබ යනවා දැන් බොහෝ කලක්

ගහ කොළ මල් ඵල ජීවය අරගෙන

පිබිදෙයි හැමදා අදත් හෙටත්

ගිනි ලූ දිවියම වෙහෙසින් හඬවා

හවසට ඔබ ඔහෙ යන්න ගියත්

හෙටත් උදෑසන ඔබ යලි එනවැයි

මග බලනවා මම හැමදාමත්

වැහිබර දවසට කුඩයක් යට හිඳ

තනියම හඬනවා මගේ සිතත්

ඔබ සිටියා නම් හොඳයිද?  කෙතරම්

හිත කියනවා ඒ හැමදාමත්

තරු පිරි අහසක සඳවත හා මම

කථාකලත් දැන් බොහෝ කලක්

පසුදා ඔබ හමුවන තෙක් දුක් වෙමි

කවිකම් පබඳිමි හැම දාමත්….!!!

Advertisements

19 responses ඊළඟ »

  1. ෂහ්… අපූරු නිර්මාණයක් අක්කෙ… කියවෙන කෙනාගෙ නමක් නිකමටවත් නොලියම හුඟක් දේ කියලා…….

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • මේ ඡායාරූපය ලඟ තියාගෙන මම බොහෝ කාලයක් බලාගෙන හිටියා.
      මොකද ආය කවදාවත්ම මේ තැන ඉදලා මේ විදියට ඉර ඡායාරූපයකට නගන්නට බැහැ.. 😦
      ඔය ළගින් පේන ගොඩනැගිල්ල ඉදිරියෙන් නිවාස සංකීර්නයක් ඉදිවෙලා අවසන් මම එතනින් පිටවෙලා එනකොටත්.

      ස්තූතියි!! නංගියේ ඔයාට බොහොමත්ම

      ප්‍රති-පිළිතුරු සැපයීම
  2. ලස්සනයි…
    හොරයක් තියෙනවා මොකක් හරි…

    /බිඟුවා…!

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. අද ඉරට නිවාඩුවක් නෑ වගේ…. අරහෙ චේජනා අක්කත් ඉරට කවි ලියල….. 🙂

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. අක්කේ…. මොකක්ද අප්පා අර කේලම් කතාව…. මට තේරුනේ නෑනෙ…… 😦

    ප්‍රති-පිළිතුරු සැපයීම
  5. හැමදාමත් වගෙ ලස්සනට තියනවා වචන ටික… තාලෙට… හරි හරි.. මම නම් ඉරෙ උණුසුමට සඳෙ සිසිලසයි, දෙකටම ගොඩාක් ආසයි.. ඔයා සඳෙ සිසිලසට වැඩියෙන් ඉරෙ උණුසුමට ආසයි.. එ අපි දෙන්නම මනුස්සයො නිසයි.. මොකද ඔයා කියන්නෙ. උණුසුම වගෙම සිසිලසත් අපෙමයි නෙද ඇයි අපි එ දෙකම බාර ගන්නෙ නැත්තෙ…ඇයි….?

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • එහෙමම නෙවේ..!!
      මම කිව්වේ ආය කවදාවත් මේ බැල්කනියේ ඉදලා, මේ විදියට ඉරේ ඡායාරූපයක් ගන්න බැරි නිසා මට බොහෝම දුකක් දැනුනා.
      ඒකයි මෙහෙම ලිය උනේ මේ කවිය.
      අකමැති උනත් නැතත් අපි ඒ දෙකම බාරගන්නවා,
      ජීවිත කාලය පුරාම අපිට එවා මඟ හැරලා යන්න බැහැ නේද??
      ඒක තමා සොබාදහම..!!
      ඇත්තටම මේ සඳට කවියක් ලියාගන්න 😦 මට තාම බැරි උනානේ..
      බලමුකෝ නේද…..??
      ස්තූතියි…!! රවා අදහසට

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • එක හිතලම කරන්න යන්න එපා… එක ඉබෙම හිතට එයි.. එදාට කවිය අකුරු කරලා බ්ලොග් එකෙ දාන්න… මන්දාකිණියෙ කොහෙහරි ඉදන් අපි එක කියවයි

      • මේකනේ.. මට කීප දෙනෙක් අභියෝගයක් කරා නේ දවසක්
        අපිනම් සඳටමයි කවි ලියන්නේ ඔයා කවදාවත් සඳට ලියන්නේ නැහැ කියල.
        ඒකයි මම ඔය කිව්වේ.
        හෝව් මේ ඒ මෙතන ඉන්න කවුරුත් එහෙම නෙවේ හොඳද..?
        මගේ ඉස්කෝලෙ කාලෙ යාලුවෙක්.

  6. ඔන්න අද තමා මාත් ඉස්සරවෙලාම නිමන්තිගෙ ගෙදරට ආව දවස…..මාවත් පිළිගන්නවා නේද ?

    ඔයාගෙ කවිටික නම් හරිම අපූරුයි…..වෙනස්ම වෙනස් ආරක කවි මම දැක්කා…හරිම අපූරුයි නිමන්ති…..සුබ පැතුම් !

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • හ්ම්ම්…. ඒක තමා .. 🙂
      ඔව් මම ‘මන්දාකිණියට’ ඔයාවත් ගොඩාක් ආදරෙන් පිලි ගන්නවා ඔන්න.
      එන්න කෝ ආය ඉතින් විවේකයක් ලැබුන වෙලාවක මාව බලලා යන්න මේ පැත්තෙත්.
      සුභ පැතුමටත් ඇවිත් ගියාටත් බොහෝම ස්තුතියි…!!! නංගියේ ඔයාටත්.

      ප්‍රති-පිළිතුරු සැපයීම
  7. සියපතට ගොඩවෙල හැමදාම මට අරියාදු කරන අක්කණ්ඩිලගෙ අහා නිතරම වගෙ ඇවිත් ගියත් මුකුත් ලියා තියන්ට බැරිවුණා…
    මුලින්ම ඒ ගැන සමාව භජනය කරනවා..
    මොකද අපේ බොසා comment කරන එක තහනම් කරලයි තිබුණේ..
    හිහ් හි..

    අපූරු නිර්මාණයක් අක්කේ..
    මොකද ඔයයි චේජනා අක්කියි තරඟෙටද කවි ලියන්නෙ…

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • මන්දාකිණියට බොහෝමත්ම ආදරෙන් පිලිගන්නම්කෝ ඉතින් මම..ඔයාවත්!!!

      ඔයාගේ ඔය බොසාත් එක්ක මේ වැඩේ කරන්න බැහැ හලෝ.මොකද මට හිතෙන විදියට නම් බොසා ඔයා මයි.. 🙂
      මොකද්ද..??? කරපු අරියාදුව මම .මම නම් හිතලා එහෙම කරන්නෙ නැහැ.
      හපොයි නැහැ මට නැහැ නේ කාත් එක්කවත්ම කිසිම තරගයක්..
      ඒත් ඉතින් මම ත් ඔයාලා ලියන ඔක්කෝම කියවන එක නම් කරනවා.
      හ්ම්ම්.. හරි හරි ඉතින් මල්ලී මන්දාකිණියට ආවටත් අදහස් දක්වපු එකටත් බොහෝමත්ම ස්තූතියි…!!! ඔයාටත්

      ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: