RSS Feed

නොලැබුන සැනසුම….!!!

ගිනි තුඩක් රැදුනේය

මුවවිට

වරක් නොව

තව වතාවක්

නිවි නිවී දැල් වුනා

යලි යලි

රැදුනි දෙතොලඟ

තව එකක්

පතා සැනසුම

සොයා ගිය මුත්

දුමක් මිස නැත

වෙන දෙයක්

දැවි දැවී

අලුවුනා දිවියම

නොලැබුනත් කිසි

සැනසුමක්.

Advertisements

14 responses ඊළඟ »

  1. ජීවිතයේ මුහුණ දෙන සමහර ප්‍රශ්ණ වලින් බේරෙන්න මිනිස්සු තෝර ගන්න විකල්ප…..

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • ඔව් ..ඒක නම් හරි ..
      ඒත් ඉතින් තමන් තමන්ට තිබුන ප්‍රශ්න විසදගන්න කියලා හිතලා
      මෙහෙම කරන්න ගියාම.. දන්නෙම නැතුව තිබුනට වඩා ලොකු කරදරේක
      පැටලිලා කියලා දැනගන්නකොට කොයි තරම් පරක්කු වැඩි වෙනවා ඇතිද?
      ඒකවත් තේරුම් ගන්නවා ඇත්තෙත් කීයෙන් කීදෙනෙක් වෙන්න ඇතිද? නේද..??
      බොහෝම ස්තූතියී ..!! ‘මණ්දාකිණියට’ ගොඩ වැදිලා
      තමන්ට හිතුන දේ මේ විදියට කියලා ගිය එකට .

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • ඒක ඇත්ත….. සමහර වෙලාවට කට්ට තනියම විදවනකොට?? දවසක් මම පුද්ගලික ප්‍රශ්නයක් නිසා හුඟක් දුකින් හිටියා…රෑ නින්ද යන්නෙත් නැහැ. ඔන්න මට මතක් උනා යාළුවෙක් කියපු දෙයක් “මචන් රෑට නින්ද යන්නේ නැති වෙලාවට මම සි__ට් එකක් ගහනවා ඔක්කොම අවුල් ලිහිලා නින්ද යනවා බබා වගේ”. හිතා ගන්න පුලුවන්නේ මම මොකක්ද කරන්න ඇත්තෙ කියල? පිදුරු ගහෙත් එල්ලෙන්න පුලුවන් තත්වෙක මම හිටියේ…
        හබැයි පලවෙනි උගුරෙන්ම මට ඒක ජීවිතේටම එපා උනා….ඒත් හැමෝටම එහෙම වෙන්නේ නැහැ……
        මණ්දාකිනියනම් හොදයි 🙂

      • හ්ම්.. බොහෝම හොඳයි.
        ඒත් මමනම් ඉන්නේ, මේ වගේ දෙයක් නිකමටවත් අත්හදා බැලිය යුතුයි කියන කණ්ඩායමේ නෙවෙයි.
        එහෙමවත් මේ වගේ දේවල් ලංකර නොගත යුතුයි.. මම හිතන්නේ එහෙමයි.
        සතුටුයි බොහෝමත්ම 🙂 එහෙම දෙයක් ජිවිතේටම එපා උන එක ගැන.
        මෙහෙම දේවලට යොමුවෙලා ඉන්න අයව කොහොම හරි බේරගන්නත් අපි උත්සාහ කරමු හැම වෙලාවෙම නේද..?

  2. අපූරුයි අක්කා…
    සංවේදි පද ටිකක්..
    “නිවි නිවී දැල් වුනා
    යලි යලි
    රැදුනි දෙතොලඟ
    තව එකක්“
    ඔයා මේ පද වැල් අස්සෙන් අපිට ආපහු හිතන්න හුරු කරනවා…

    හනේ ඇත්තට මේ මොහොතෙත් කී දෙනෙක් ඇද්ද ඔය දුම් බටේ කටේ ගහගෙන..
    මට එක් වරම මතක් වුණේ B positive ලගේ
    “දුම් දුම් රැළි රැළි ඉවතට…
    නිකොටින් ගුළි ගුළි ඇතුළට..“
    කියන ගීතය..
    මං සාමානයයෙන් මේ වගෙ ගීතවලට ආසා නොකළත් අක්කගෙ කවි පන්තිය ඇතුළේ තියෙන පණිවිඩය එයාල එයාලගෙ භාෂාවෙන් කියල තිබුණා…
    භාෂාව මොක වුණාම මොකෝ පණ්වුඩේ එක නම්…
    ජය…!

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • හෆොයි 😦 😦
      තවත් සිංදුවක්ද?? මේ
      මට මෙහෙම වැඩමයි වෙන්නෙ..
      දැන් කරන්න වෙන්නේ ඔක්කෝම සිංහල සිංදු ටික හොයාගන්න විදියක් හොයාගන්නයි මුලින්ම .
      ඊට පස්සේ කවි ලියන්න.කොච්චරක් සමානයිද? කියන්නකෝ බලන්න ..
      ඔව් ඒකනම් ඇත්ත පණිවිඩය තමා වැද ගත් වෙන්න 🙂
      ගොඩාක් ස්තූතියි..!! මල්ලී…
      දැනුවත් කිරීම ගැනයි , මන්දාකිණියට ඇවිත් ගියාටයි…

      ප්‍රති-පිළිතුරු සැපයීම
  3. ස්තුතී අක්කේ … අඩුම ගානේ මේ වගේ දේකින් හරි යමක් තේරුම්ගන්න අපේ දුම්වැටි මිතුරන්‍ට පුළුවන් උනොත් කොච්චර දෙයක් ද ? සල්ලි වියදම් කරගෙන තමන්ගේ ම ජීවිතේ පුච්ච ‍ගන්නවා…
    -ජය

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • ඒක නම් ඇත්තයි මල්ලී .
      මම ඒකයි කිව්වේ අපිට මේ ගැන කථාකරලා එක්කෙනෙක්ව හරි බේර ගන්න පුලුවන් උනොත්.
      ඒක කොයි තරම් ලොකු දෙයක්ද. .නේද??
      ස්තූතියි!!! ඔයාටත්
      මට අමතක උනා ඉස්සරවෙලා කියන්න.
      ඔයා මන්දාකිණිය ‘සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයට’ එකතු කරන්න කියලා මාව දැනුවත් කලා..මට කරන උදව්වක් විදියට මාව අදුරන්නේවත් නැතිව, ඔයාගේ Google reader එකට මන්දාකිණිය එකතු කරන්න හිතුවා.ඒ නිසාම කීපදෙනෙක්ගෙ විතරක් ඇස ගැටුන මම ලියන දේවල් ගොඩක් අය අතරට යන්න ඇති.මෑතකදි මාව ගොඩාක්ම කම්පනයට පත් කල..අර පුංචි දරුවා ගැන මම ලියපු එක කවියක්…මම හිතපුවත් නැති පිරිසක් අතරට යන්න ඔයා ඒ මට කරපු උදව්ව හේතුවක් උනා කියලා මම හිතනවා.
      ඉතින් ඔයාට බොහෝම ස්තූතියි ….!!!!!මට කරපු ඒ උදව්වට.

      ප්‍රති-පිළිතුරු සැපයීම
  4. අඩේ… ගිනිමලක් එකේ අලුත් වර්ෂන් එකක් නේද?
    නියමෙට ලියලා තියනවා අක්කේ.

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • අනේ ඔව්. 🙂
      මේක බලන කවුරුම හරි කෙනෙක් ,මේ සිංදුව දන්නව නම් ලියලා යනවද??
      ගිනිමලක් පිපුනාය දොරකඩ
      වරක් නොව තව වතාවක්
      —————————————
      පිපුනි දොරකඩ තව මලක් ද..??
      එහෙමවත් මට මේක මතක් කරගන්න බැරිඋනා..
      You tube එකෙන් හෙව්වත් තිබුනේ නැහැ. 😦 😦
      මේ උදව්ව කරන්න පුලුවන්නම් ලොකු දෙයක්.
      මම හරිම ආසයි මේ සිංදුවට.:
      ඔහ් : අමතක් උනානේ
      බොහෝම ස්තූතියි!!!! මල්ලී ඇවිත් ගියාටත්.

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • ගිණි මලක් පිපුනාය දොරකඩ
        වරක් නොව තව වතාවක්
        සඳක් සේ දිළිසුණා පුරපස
        පිපුණි දොරකඩ රන් මලක්

        මඳහසක් දිලිසීය මුව අග
        නිමේෂයකට කඩ ඉමක් ඇර
        නමුදු ඒ ඇස ඉරා කඩඉම්
        ගෙනගියා අප අනන්තය වෙත

        දුටිමි අප ඇගෙ ඇස්පියන් යට
        දෙසින් කැළඹූ නිල් උපුල් යුග
        දැවි දැවී සැනසුනා අප සිත්
        තැබී ඈ තව පියවරක් දුර

      • @ යෝගී
        පින් ගොඩාක්!!! කියලා ඉවර කරන්න බැරිතරම්..
        මේක ට මම මහන්සි උන තරමක් දන්නවනම්.
        කොලයක් පිරෙන්න ලිව්වා දන්න පේලි දෙක
        ම්හ් 😦 මතක් උනේම නැහැ .
        ඇත්තටම නම් මම මේක දැන ගෙන ඉදලා නැහැ මේ තරම් දුරට.
        අනේ මල්ලි බොහෝම ස්තූතියි..කරපු උදව්වට.

  5. නියමයි අක්කෙ……..ලියන දේ මොකක්ද කියල කෙලින් නොලිය අක්ක මේ ලියන විදියට මං හරි කැමතියි……

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: