RSS Feed

නොවෙනස් මගෙ හිත….!!!

නොගොසින් එන්නට බැරි යැයි කී විට

සමුදුන්නත් මම ඔබට එදා

ගියොතින් යලි එන්නට හැකිවේ දැයි

සිතුවෙමි මා නම් සිතින් එදා

කුමක් කරන්නද යන්න හදන ඔබ

නවතා ගන්නට නොහැකි නිසා

කඳුලින් සමුදුන් හැටි  මතකයි මට

තවත් හඬමි මම එදා මෙදා

සකුරා මල් පිපි සොඳුරු වසන්තය

ඇරඹී ඇත දැන් මල් සමයයි

සකුරා මල් පෙති පාට අරන් මම

ඔබට ලියන්නේ මගේ දුකයි

ෆූජි කන්ද ළඟ සොදුරුම දිනයක

ඔබ හා ගෙවු බව මට මතකයි

අද මම තනියම ඔබ නැහැ මා ලඟ

හඬන කඳුළු මල් පාවී යයි

මතු කවදා හෝ දිනයක යලි ඔබ

මෙහි ආවොත් යැයි සිතමි තවත්

ෆූජි කන්ද නොවෙනස් වාගේමයි

මගෙ හිත මග බලනවා තවමත්…!!!

Advertisements

20 responses ඊළඟ »

  1. ෆුජි කන්ද නොවෙනස් යයි සිතුවද
    එලෙස නොවේ ඔබ සිතන යුරු..
    ෆුජි ඇගේ සළු පිලි ගලවනවා
    ගිම්හානය ළංවෙද්දි රළු..

    වෙන්වී යද්දී සිත් පාරන මුදු
    සදා නොවෙනස් ව නොයෙන යුරු
    කඳුලින් සමු දී නව හස‍රැල්ලක
    ආයෙත් දවසක් මුණගැහෙමු…

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • සලු පිලි ගලවා හැඩ වූවත් ඇය
      ආදර සිහිවටනයක් ලෙසින්
      නොවෙනස් නොවේද? දුටු අය සිත් තුල
      සිතුවේ මම එහෙමයි ඇත්තෙන් ..!!
      හමුවීමක අග වෙන්වීමක් ඇත
      අමතක වූවත් අපිට ඉතින්
      කුමක් කරන්නද?? හමුවි වෙන්වෙමු
      අතැඟිලි අල්ලා සෙනෙහෙ සිතින්
      “මන්දාකිණියට” ඇවිත් ගියාටත්
      තුති පුදනෙමි මම ආදරයෙන්
      ආයෙත් දවසක එන්න ඉතින් අපි
      අත් වැල් බැඳ ගමු සෙනෙහෙ සිතින්….!!!!

      ප්‍රති-පිළිතුරු සැපයීම
  2. නියමයි. හොඳට ගලා ගෙන යන කවියක්. ගීතයක් වගේ. දිගටම ලියන්න.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. කියන්න අවශ්‍ය නැහැ… හැමදාමත් වගෙ ලියලා…ලස්සනයි… කඳුලුයි, සතුටයි දෙකම අපෙ..තමයි. ඉතින් වෙනස් නොවන එකම දෙ වෙනස් වෙනවා කියන එක විතරයි.. අපිත් වෙනස් වෙන්න ඔනා.. එ අපෙ මිනිස්සු වෙනුවෙන්.. අපි වෙනුවෙන් කැපවෙන, අපි වෙනුවෙන් දර දිය අදින අය වෙනුවෙන්… අපි වෙනුවෙන් අවංකවම කැපවෙන..අපි වෙනුවෙන් අවංකව දුක් වෙන මිනිස්සු වෙනුවෙන්… හැමදාමත් වගෙ ආවා.. ලිව්වා … යනවා…

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. බලාපොරොත්තුව ජීවත් කරවයි
    දහසක් ආදර ප්‍රාර්ථනා..

    ලස්සන පද පෙළක් අක්කෙ.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  5. ලස්සන පද පෙලක් අක්කෙ හැමදාමත් වගේ…..එකිනෙකට වෙනස් නිර්මාණ… අපූරුයි…..

    ප්‍රති-පිළිතුරු සැපයීම
  6. නිමන්ති අක්කෙ
    මොන වැඩ තිබ්බත් මං ඔයාගෙ, චේජනා අක්කගෙ, තිස්ස අයියගේ, විශ්මි නංගිලගේ, දිල්ගෙ, රවාගේ, මිස්සකගෙ, නිල් අහසේ වගේම දුකාගේ නවාතැන් පොළවලට එන්න අමතක කරන්නෙ නෑ..
    විඳින්න යමක් වගේම හිතන්න යමක් හැමදාම එහි තියෙනව..

    ඔයාගෙ කවි කියවද්දි මට මොකක් හරි දෙයක් මතක් වෙනවමයි
    දැන් බලන්න මේ කවිය කියවද්දි මතක් වුණේ
    මහැදුරු සරච්චන්ද්‍රයන්ව…

    ලොව ඇත්තත් යාම සහ ඊමය..
    නෑවිත් යන්ට බැරිය..
    නොගොස් එන්ට බැරිය…

    අක්කේ ඔයාගෙ කවි හැම එකක්ම වගේ ගීතයක ආර ගෑවි නොගෑවි යන ඒවා..
    නරකද ගීතයක්ම ලිව්වොත්…

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • ජපානය සහ සරච්චන්ද්‍රයන් මට එක වගෙ ලගින් මතක් වෙන නම් දෙකක්. සකුරා මල් සමය දැන් ඇරඹිලා බව මම දැක්කේ රූපවාහිනියෙන්.
      ඊට පස්සේ මං අතින් මේ විදියට ලිය උනේ
      “නෑවිත් යන්ට බැරිය..
      නොගොස් එන්ට බැරිය”…තමා…

      ඇත්තටම මම මේ විදියට මම දකින දේ ලියන්න පටන්ගෙන තාමත් ගෙවිලා තියන්නේ මාස 4 වගේ පුංචිම පුංචි කාලයක්.
      ඉතින් මම නම් හිතන්නේ ඒකට තව බොහෝ කාලයක් ගත විය යුතුයි.
      බලමු උත්සාහයක් අරන් තවත් කාලයකින් හරි ගීතයක් ලියන්න පුලුවන් වෙයිද ???කියලා.
      බොහෝමත් ම ස්තූතියි.!!!.මල්ලී වැඩ කටයුතු බොහෝමයක් තියද්දින් උනත් මං වෙනුවෙන් සටහනක් තියලා යන එකටත්..

      ප්‍රති-පිළිතුරු සැපයීම
  7. හරිම ලස්සනයි. නිකම්ම වචන ගොඩක් කියවනවට වඩා දෙයක් දැනෙනව. (ෆූජි කන්ද කිව්වෙ කාන්තාවන්ටද? නොකිය කියන්නෙ ගිනි කන්ද කියලනෙ. වැරදිමත් නෑ.)

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: