RSS Feed

බ්ලොග් තිර මත සැරිසරලා …..!

විභාගය අත ළඟ- අත පොත ළඟ

පොත මං ළඟ-මම හිත ලඟ

මේ මගෙ හිත-දැන් මා හා

නිරතුරුවම-ලොකු සටනක

ඇයි කිව්වොත්-මගෙ මේ හිත

දවස පුරා-බ්ලොග් තිර මත

සොඳුරු හිතට-වදදෙන්නට

නොහැකි නිසා-ඇසුවෙමි මම

හිත පුරවා සතුට දෙවා-දවස පුරා සැරිසරලා

හිස්  හිතගෙන-උදෑසනම

ලිව්වෙමි මම විභාගයට..!!

Advertisements

37 responses ඊළඟ »

  1. අනේ මන්දා. මට හිතෙන්නේ අර සමහර රටවල ෆේස් බුක් වගේ සයිට්ස් බ්ලොක් කරලා තියෙනවා වගේ අපේ ශ්‍රී ලංකාවෙත් බ්ලොග් වලට යන එක තහනම් කරයිද දන්නේ නැහැ මෙහෙම ගියොත්

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. අක්කේ.. මට වෙලා තියෙන දේම තමා..
    කොහොම හරි අමාරුවෙන් බ්ලොග් කියවන එක නවත්තගෙන යාංතං සති දෙකක පරිවාස කාලයකට යටත් වෙලා වැ‍ඩ ටික කරගෙන යන්නේ..

    “නැත්තං දරුණු දඬුවම්”…

    ඔය අපූරු ‍ශෛලියේ තියෙන අව්‍යාජකම නිසාම වෙන්නැති අක්කේ ඔයාගේ කවිපංතියක් තෝරගෙන ලක්බිමේ දාලා තිබුනෙත්…

    ටික දවසකින් මේ පැත්තේ ආපු නැති එකට අමනාප නැතුව ඇති නේද ?..

    -ජය

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • අහ් 😦 ඔයාටත් එහෙම වෙලාද?? එන්න එපා එහෙම නම් මේ පැත්තෙ.
      වැඩ ඉවර කරගෙන ඉන්න ඉස්සරවෙලා. ඊට පස්සේ ..මේ අතිරේක වැඩ කරන්න.
      මගේ නැහැ කිසිම අමනාපයක්..
      මම මේ එකක්වත් මකන්නෙත් නැහැ. විවේක වෙලාවක විතරක් එන්නකෝ.
      ස්තූතියි…!!!! මල්ලී ඇවිත් ගියාට විවේකයක් නැතුව තියද්දිනුත්.
      මම ලියන්නේ මට ඇත්තටම පෙනෙන දේවල් තමා බොහෝ විටම.මගේ අත්දැකීම් නොවුනත් ඒවා කාගෙම හරි සැබෑම අත්දැකීම් වෙන නිසා වෙන්න ඇති..මගේ අතින් මේ දේවල් එහෙම ලියවෙන්නේ.

      ප්‍රති-පිළිතුරු සැපයීම
  3. බ්ලොග් බලනව වගේම විභාගෙත් කරගත්තනම් නේද හොද ?

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • මම නම් විභාග ලියන්නේ නැහැ. 🙂
      මම මේ ලිව්වේ මම දැකපු කීප දෙනෙක්ම තමන්ගේ විභාග ගැන දුක්වෙවී , කියපු කරපු දේවල් නිසා..මට හිතුන දෙයක්..
      නමුත් ඉතින් මෙහෙම වෙන්නම බැරි කමකුත් නැහැ කියලා මට හිතුන.
      ඒකයි මෙහෙම දෙයක් ලිය උනේ.
      බොහෝම ස්තූතියි…!!! මන්දාකිණියට ගොඩවැදිලා මම වෙනුවෙන් අදහසකුත් රඳවලා ගිය එකට.

      ප්‍රති-පිළිතුරු සැපයීම
  4. බ්ලොග් කියවීම සහ ලිවීම නම් හරිම ඇබ්බැහිකාරකයි තමයි. කියවීම කෙසේ වෙතත් ලිවීම නම් ඉතින් ඉදිරියේදී බොහෝ සෙයින් අඩු කරන්න වෙනවා අපට නම්.

    ලස්සනයි අක්කේ නිර්මාණය. යෝගි අයියා වගේම මමත් ඔබේ මේ ශෛලියට හුඟක් කැමතියි.

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • හපොයි 😦 ඒ මොකෝ ඒ.
      දෙන්නෙක්ම ඉන්න එකේ අපිට කියවන්න මොනවම හරි ලියන්න.. දැන් වගේම.
      බොහෝම ස්තූතියි..!! මල්ලී ඇවිත් ගියාට
      මගේම කියලා විශේෂ ශෛල්‍යයක් මම භාවිතා කරන්නේ නැහැ..හැබැයි මේ හැමදේම සත්‍යයයට බොහෝම ලඟයි…ඒක වෙන්න ඇති වෙනස.. 🙂

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • දෙන්නම ඉස්සරහට වැඩ ගොඩකට යටවෙනවනෙ අක්කෙ…. 😦 ….

      • අක්කෙ මුන් දෙන්නා අපිව දාලා කොහෙහරි යන්ඩවත් යනවද ?
        මෙච්චර වැඩ ගොඩකට ය‍ටවෙන්නේ..
        අතින් පයින් නං පුළුවං දෙයක් කරන්නං මල්ලියේ..
        අපිටත් කියපං මොනවහරි තියේනං..

      • @විශ්මී
        ඒවා ඉවර කරගන්න ඒදේවල් අත්‍යාවශ්‍යයයිනෙ. ඒ අතරෙම ඉතින් බ්ලොග් එක ගැනත් බලන්න ඔයාලගේ.අපි ඉතින් බලාගෙන ඉන්නවා ඔන්න, ඔයාලා ලියන ඒවා කියවන්න.
        මම ප්‍රාර්ථනා කරන්නම්…!!!කෝ කරන හැමදේම සාර්ථකව ඉවර කරගන්න ඉඩ ලැබෙන්න කියලා දෙන්නටම.

      • @යෝගී
        අනේ මන්දා 😦 අනිත් අය වගේ ද මේ දෙන්නා. දෙන්නෙක්ම ඉන්නවා ලියන්න.ඔන්න අපි නම් කමක් වත් නැහැ. මෙහෙම දුක 😦 හිතෙන දේ කිව්වට.
        කොහොම හරි ඔන්න මම සුභ පැතුවා කරන ඕනේම දෙයක් සාර්ථකව ඉටු කරගන්න ලැබෙන්න කියලා.
        බලමු කෝ අපි ..!!!
        ඔන්න මම නම් ලියලා යනව ඉතින් ඇවිත්..
        “ලබන අවුරුද්දෙද ආය මේක ලියන්න ඉන්නේ, අපි කියවන්නේ මොනවද ???” කියලා..
        බලෙන් ලියවගෙන හරි කියවන්නයි මගේ කල්පනාව දැන් 🙂 🙂

      • තිස්ස දොඩන්ගොඩ

        @යෝගී:
        “අතින් පයින් නං පුළුවං දෙයක් කරන්නං මල්ලියේ.. අපිටත් කියපං මොනවහරි තියේනං..”

        හරි…හරී… ඔහොම ගන්න…. ඔහොම ගන්න….

        රෝද කෙලින් කරලා පස්සට ගන්න…

        හෝව්… හෝව්…. හා… හරී… බාන්න….

        එහෙනම් මලේ කොටන් ටික පලලා, ඇට්ටෝං එකට කලින් දර ලෝඩ් එක ආපහු එවනවද…..?

      • @යෝගී
        ඔන්න වැඩක් පවරලා ලොකු අයියා.. 😦 මල්ලී දැම්මම පටන් ගන්න වෙයි ඔන්න..නැත්තන් වෙලාවට ඉවරකරලා දෙන්න බැරි වෙයි.. මම නම් දන්නේ නැහැ.
        @තිස්ස අයියා
        මේවා මේ විශ්මිටද..??? 🙂 🙂

      • @නිමන්ති: එහෙනං… එහෙනං…. අලුත ගෙනා මනමාලිට හැර වෙන කාටද… පහසුවෙන් ඉන්න සලස්වන එක යුතුකොම නොවෑ…. ඔය සත්තිසම්පන්න පුරුසයෙක් නේ අතිං පයිං වැඩ ඉල්ලන්නේ…ඕං දැනට අත් දෙකට වැඩ දුන්නා… පාදෙකට මදි නොකියන්න කඩේ යවන්න තියනවා…. පපඩම් ගේන්න, සැරසිලිවලට ලා වට්ටක්කා සොයන්න, ලියුම් කවර ගේන්න, ලවුස් කීපරේ හයර් කොරන්න…. ශෝක් නේදෑ මේ කොලුවා… බෑ නොකියා ඉල්ලාගෙනම කොරන හැටි…?

      • අනේ මංදා මට නම් දුකයි..ඉස්සෙල්ලම දර පලන්නලු.???
        කරලා දෙන්නම් කිව්වට මෙහෙම වැඩක් ලැබෙයි කියලා හිතන්න නම් නැතුව ඇති.
        අනික මඟුල් ගෙදර පපඩම් විතරද..???කෑමට දෙන්නේ..
        පපඩම් හා සැරසිලි විතරද????????? මේසෙ තියන්නේ.

      • @nimanthi :
        අම්මේ … දවසයි දෙකයි එන්ඩ බැරිවුනේ..
        මාව වළඳලා නේ කට්ටිය.
        ඔව් අ‍ක්කේ , මේකාට හොඳවෙලාවට පපඩනුයි සැරසිලියි විතරක් මතක්උනේ. නැත්තං ම‍ට මොනවයිං මොනවා වෙයිද දන්නෑ..

        @තිස්ස දොඩන්ගොඩ:
        ලොකුඅයියේ , උඹ අහුවෙයංකෝ මට ..

  5. මේ ඇබ්බැහියෙන් මිදෙන්න බැරි කොටසෙන් අපිත් ඉතින් පංගුවක් තමා….. :D… අපූරුයි අක්කෙ කවි පන්තිය….. හැමදාමත් වගේ…..

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • අනේ ඒක නම් ඇත්ත නංගියේ 🙂
      ඒත් ඉතින් වාසනාවට වගේ මට විභාග නම් නැහැ. 🙂 🙂
      ස්තූතියි …!!ඔයාටත් මන්දාකිණියට ගොඩ වැදුනට.

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • හා ඔන්න විශ්මී අනිත් වැඩ නැතිකෙනා ඔයාලටත් උදව් කරන්න එනවලු..ඔන්න ලෝභ කමක් එහෙම නැහැ පොඩ්ඩක් වත් ඕනෙම උදව්වක් ඉල්ල ගන්න.
        @යෝගී හනේ ඇත්තට මම අහන්නේ..

      • @යෝගි අයියා…. වචන ටිකම ඇති අයියෙ හිතේ හයියට…….කසාදයක් කරගන්න හිතුව වගේ නෙවෙයි අප්පා….. 😦 වැඩ ගොඩයිනෙ…. අපි නොලිවුවත් ටික කාලෙකට, අයියලව බලන්න එනව අනිවාර්යෙන්……

        @නිමන්ති අක්කා…. හි හි .. යෝගි අයියට ඉහටත් උඩින් වැඩනෙ ඉතින්…..දැනට නම් ඉතින් පොඩි පොඩි වැඩ ගොඩක් තමා අක්කෙ තියෙන්නෙ… ඉඩ ලැබෙන හැටියට ලියන්නම්කො දෙන්නම….. 🙂

      • ඔහ් 🙂 කසාදෙ කරගන්න හිතුව පමණින් මෙහෙම නම්, කසාදේ කරගත්තාම මේ දෙන්නා ලියවිල්ල නවත්තලාම දායි මගෙ හිතේ..!!හී හී හී

        මේ…, මමත් ඉතින් මේ ලියන්නේ ලමයිත් එක්ක සටන් පාසලක පුහුණුවත් ලබන ගමන් ම තමා 😀 🙂

  6. ඇත්තටම මේක නං ඇබ්බැහියක් තමයි. ඒත් ඉතිං ප්‍රයෝජනත් නොලැබුනාම නොවේ.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  7. නිමන්ති අක්කෙ ඔයාට ටෙලිපති තියෙනවද..?
    මං ගැනද මන්දා ලියල තියෙන්නෙ… 😀

    ඔයා ඔය ලියන ශෛලියට මාත් හරි ආසයි…
    කවියක් වුනත් ගීතයක ආර පොඩ්ඩක් ස්පර්ශ වෙල තියෙනව…

    ඔය මුල් පද ටික කියවද්දි නම් මතක් වෙන්නෙම ඔය කවියෙ අපේ version එක..

    විභාගය අත ළඟ – අත පොත ළඟ
    පොත මං ළඟ – මං හිත ළඟ
    හිත ඈ ළඟ – ඈ ඌ ළඟ

    හිහ් හිහ් හි…

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • අවාසනාවට 😦 හරි වාසනාවට 🙂 හරි ඔව්.. 🙂 මාත් එක්ක වැඩකරන අය ඔන්න පරිස්සම් වෙන්න මගේ සිතුවිලි බොහෝමත් දිගින් වැඩියි හී හී හී.
      ඔයත් විභාගයක් ලිව්වද..??කවුද ඉතිං දන්නේ..ඒ වැඩ කරගන්න ළමයිනේ..මේවා අතිරේක වැඩ..
      ඔයාලගෙ version එක නැතුව මේකට ආරම්භයක් ගන්න බැරි නිසා, මට ඒකත් දාන්න උනා මම හිතනවා ඔයාලගෙ version එකට මම කලේ අසාධාරනයක් නෙවේ කියලා. 🙂
      බොහෝමත්ම ස්තූතියි..!!!! මල්ලී

      ප්‍රති-පිළිතුරු සැපයීම
  8. හරිම ලස්සනයි……………….. 🙂

    ප්‍රති-පිළිතුරු සැපයීම
  9. Tissaතිස්ස දොඩන්ගොඩ

    දන්නවාය වෙච්චි වැඩක්…?
    “කවි කාරිය …” කිව්ව කියල…?
    “හද ගී පොත” ආසාවෙන්…
    ඔබ ලියනා කවි කියවල…

    “ලෝකේ වටේ මල් කඩනව…
    ඒ මදිවට මුරුංග අතු…
    ලියව ගන්න එකයි ඇත්තෙ…
    නංගියා නැත ආයෙ ඔහෙට..”

    ඉස් ඉස්සෙල්ලාම ඇවිත්…
    දුක් ගැනවිල්ලක් කිව්වට…
    සමාවෙන්න ආයුබොවං…
    ඔබ නොවැ මේ විත්ති දන්නේ…

    ලස්සන එක ලස්සනයැයි…
    කියන්න දිව තොල නැවෙන්න…
    පුරුස පාර්සවයේ නෙවැ…
    අනෙක් අයට මක් වෙලාද…

    ගෙදර උන්දැ මේ මොකවත්…
    හාංකවිසියක් දන්නෑ…
    ඒ ඇත්තිත් පටලැවුනොත්…
    දහ අට පාලිය වන්නේ…

    ආ පයින්ම යනවා ඉතින්…
    මල් වට්ටිය පිරුනා නොවැ…
    උකුසු බකුසු නෙතින් මිදී…
    ගොඩ වෙන්නම් හැංගි හොරා…

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • අනේ කවුද ? එහෙම කිව්වේ..
      ලොකු අයියයි හැමම කියන
      හැමට ම උපදෙස් දෙන්නට
      මොහොතක් වත් පමා නොවෙන
      බොහෝ දුර ඈතක හිටියත්
      සොයුරකු ලෙස පිහිටට එන
      කෙනෙකුන් වන ඔබ හට …???
      ලොකු අයියා ලෙස මම ද පිලිගමි
      “මන්දාකිණියට” ආවාට තුති….!!!!
      කවමදාකත් කා සමගවත්
      කිසිම විටෙකත් තරගයක් නැති
      කියන දේ මට තේරුනෙත් නැති
      අනේ ඇත්තටම මොකද්ද…??? උනේ
      තේරුන කෙනෙක් කියලා දෙන්න කරුණාකරලා..!!

      ප්‍රති-පිළිතුරු සැපයීම
  10. කවි කාරියො හත අටක්ම…
    ඉන්නා මේ ජංජාලේ…
    මා සිත් ගත් ලියන්නියට….
    “කවි කාරිය…” කිව්වා ඊයෙ…
    මතක නැද්ද හප්පොච්චියෙ…?

    මේක වැ‍ටුන මීටරේට…
    අහල පහල කිවිඳියන්ට…
    කිව්වෙ නැද්ද හිත රිදෙන්ට…
    “ලියාගන්න එකයි ඇත්තේ
    ඒ කවි කාරිටම කියා…”

    ඕක තමා පලහිලව්ව…
    මේ දුක් ගැනවිල්ලත් දැන්…
    මීටරේට වැටිලා ඇති…
    ලෙංගතු කොම වැඩිවුනාම…
    ඉරිසියාව වැඩි වෙයි නෙව…

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • @තිස්ස අයියා
      “කවිකාරි” කිව්වාට මම තුති පුදමි
      කවිකාරියක් දැයි හරියටම නොදනි
      මට සිතෙන දේ මම මෙහි ලියමි
      කියවන අයත් සිටිතැයි හඟිමි
      ඒ එන අයව මම පිලි ගනිමි
      කා සමගවත් තරගයක් නැති
      කිසිවකු නැතත් පුරුදු ලෙස ලියමි
      කවිකාරි නම දෙන්න ඉල්ලන අයට
      මම මක් කරන්නද?? එහෙම සිතුවාට නේද???
      කැමති විට ඇවිත් කියවලා යන්න
      එන යන සැමට යලි තුති පුදමි…!!!!
      වෙන කල හැකි දෙයක් මම නම් නොහඟි..??

      ප්‍රති-පිළිතුරු සැපයීම
    • @තිස්ස දොඩන්ගොඩ
      හා හා….
      හිටපං මං හෙට හවස ගෙදර යන්නේ මහරගම හරහා…

      ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: