RSS Feed

මඟ බලමි …..!!!

සබඳ අප මිනිසුන්ය වෙනස් සිත් සතන් ඇති

කුමක් කරමුද? ඉතිං සිතන විදි වෙනස් ඇති

වෙනස් සිතිවිලි සමඟ ලොවට එබෙනුයෙ නිතින්

ගනන් කල නොහැකි ලෙස වෙනස් වූ අදහස්ය

ඒ වෙනස ලඟ ඉදන් ලොවට නෙත් හෙලන අපි

ලොවට දිය යුතු වන්නේ මිනිස් කම නොවෙද ගරු

නොමිනිසුන් පසෙක ලා මිනිස් සිත් යා කරන්

මතු  දිනෙක යලි සදමු සුදන සිත් පාලමක්

එයින් එගොඩව මෙලෙස සොඳුරු ලොවකට යන්න

හැකි  දිනක් ගැන සිතමි මඟ බලමි හැමදාම…!!!

Advertisements

14 responses ඊළඟ »

  1. සොඳුරු සිත් සොඳුරු ලෙස හඳුනා
    ඒ සොඳුරු සිත් පාලමට අමුණා..
    සොඳුරු ලොවකට යන්න
    ‘මන්දාකිණිය” ට මමත් එක්වුනා.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. හිතරිදීමක් වත් වෙලා ‍වගේ ද මංදා පොඩ්ඩක් ….

    ලස්සනයි පද පේලිය හැමදාම වගේම

    -ජය

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • “ක්වායි ගඟේ පාලම”
      දන්නවා නේද?? ඒක තමා හිත් රිදීම.. 😦 😦
      එකම අරමුණකට යන පිරිසක් ….!! ලොකු කරලා බැලුවොත් පෙනේවි පාලම උඩ ඉන්න හැමදෙනාම යන්නේ එකම පැත්තකට…
      මම හිතනවා ඒ නොපෙනෙන පැත්තේ තියන්නේ “පන්සලක්”… 🙂
      බොහෝම ස්තූතියි …!!!!!

      ප්‍රති-පිළිතුරු සැපයීම
  3. හපොයි හරි මහන්සියි…
    අද හැදුව, හෙට කැඩුව…
    සොඳුරු සිතිවිලි ග‍ඟේ…
    අර යන්නෙ පාවෙලා…

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. ලස්සනයි අක්කේ කවිය.

    වෙනස වුව විඳිත හැකි වෙනම් සම සිත් ඇතිව
    අවුලුවා ගනු පිණිස සිතක ‘සොඳ’ ගිනි පුපුර
    මතුදාක සොඳුරු සිත් යා කරන පාලමක
    උණුන් විදිමින් ගෙවන ගමන සොදුරුය නිසැක

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • හැබෑටම මොකට ඔය වාණිජ වේදය හදාරනවද…?

      කවමදාවත් කවුරුවක්වත් කිව්වේ නැද්ද ඔය ඉගෙන ගන්නේ ගැලපෙන දෙයක් නෙවේ කියලා…?

      එහෙම නැත්නම් මාදකින මිනිසා හැබෑ මිනිහට වඩා ගොඩක් වෙනස්ද…? මේ ඒ මිනිසාගේ අංශු මාත්‍රයක් පමණද…? ඔබ විසින්ම නිර්මිත ගුප්ත මිනිසාද..?

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • තිස්ස අයියා. මම ආසාවටත් එක්ක එක එක දේවල් ඉගෙන ගන්නවා. මේකත් කාලෙකට කලින් එහෙම පටන් ගත්ත එකක්. කොහොමත් වාණිජවේදය පැත්තෙන් ඉදිරියට යන්න මගේ අදහසක් නැහැ.
        මගේ නිදහස මම සෑහෙන අගය කරන නිසා ඒ පැත්තෙන් කොහොමත් මට අමාරුයි ඉදිරියට යන්න.
        මම ඉතින් සැරින් සැරේ වෙනස් වෙන පුද්ගලයෙක්. එක විදිහක් කියල කියන්න බැහැ.
        අපි හමුවෙන දවසක අයියම තීරණය කරන්නකො ඒ ගැන. 🙂

    • @Raven
      සැබැවින්ම අවැසි වෙයි අවුලුවා ගැනුම සොඳ
      බිහිවේවි නොදැනීම පාලමක පාදම ම
      ඒ මතින් ගොඩ නැගෙන මා සිතන ලොව වෙතට
      යන්න හැකිවෙයි අපට උනුන් හමුවෙමු හෙටක 🙂

      ස්තූතියි !!!මල්ලී

      ප්‍රති-පිළිතුරු සැපයීම
  5. ෂහ්…… හරි අපූරුයි අක්කෙ කවි පද ටික නම්…….මනුස්සයෙක් තව මනුස්සයෙක්ට උදවුවක් කරනවා, මනුස්සකම් පානව දැක්කමත් හිත නිවෙනව අක්කෙ….. ඒත් හුඟ දෙනෙක්ට තමන් මිනිස්සු කියන එකත් අමතක වෙලා……

    ප්‍රති-පිළිතුරු සැපයීම
  6. රවා මෙක දැක්කෙ තිස්ස අයියගෙ බ්ලොග් රොල් එකෙ තිබිලා..

    මිනිස්සු අතර තිබෙන වෙනස් කම් හින්දා තමයි අක්කා ලොකෙ මෙච්චර සුන්දර වෙලා තියන්නෙ.. එක මනුස්සයෙක් දෙයක් දිහැ එක ආකාරයකට බලද්දි තවත් මනුස්සයෙක් එ දෙ දිහැ වෙනස් ආකාරයකට බලනවා, නව නිර්මාණ එලිවෙනවා. මිනිස්සු එවා ජිවිතය පහසු කරගන්න යොදාගන්නවා.. හැමොම එකට බැදිලා..වෙන් වෙන්න හැදුවට වෙන් වෙන්න බැහැ..

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • ඔහ්: ඒ මොකද?? ඒ මම නම් මන්දාකිණිය හංගලා නැහැනේ.
      ඔව් ඒකත් නම් හරි ඉතින්.
      ඒත් අපිට ටිකක් ඈත් වෙලාවත් ඉන්න පුලුවන් නේ සිතිවිලි නරකයි කියලා හැඟුනාම ..
      මම නම් කරන්නේ එහෙමයි..
      මොකට නිකන් අපි තරහා ගන්නවද ??වැඩක් නැති දේවලට
      [මේ ඉතින් මම හිතන විදියයි] 🙂
      ස්තූතියි..!! බොහෝමත්ම

      ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: