RSS Feed

සුභ අලුත් අවුරුද්දක් වේවා….!!!!

අවුරුදු උණුසුම ඇසට පෙනෙන මුත්

හිතට නොදැනේය කිසි සතුටක්

කොවුලන් අතු අග නැති අවුරුද්දක්

ගෙවන්න වේමැයි මෙදා සැරෙත්

කැවුම් කොකිස් අලුවා අරගෙන මට

නෑගම් යන්නට නැහැ කවුරුත්

කුමක් කරන්නද පියඹා එන්නට

අත්තටු අහිමිය මෙ මට ඉතින්

ඔංචිල්ලාවක් අවුරුදු උළෙලක්

කවදා දකින්නද අයෙත් ඉතින්

ඊලඟ වසරට පෙරුම් පුරමි මම

ගිය වසරෙත්  ‘හෙම කලා මෙ මම්

“මන්දාකිණියට”  එන යන සැමටම

බොහෝ දුර සිටන් පතමි මෙ මම්

අලුත් අවුරුද්ද සුභම සුභ වෙන්න….!!!!!

නව  වසරෙත්  හමුවෙමු…!!! එහෙනම්..

Advertisements

20 responses ඊළඟ »

  1. ඔබටත් එසේම වේවා අක්කේ !…
    ඊළඟ අවුරුද්දේවත් ලංකාවට නෑගම් එන්න ලැබේවා ..

    -ජය

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. කළු කපුටා සුදු වනතුරු…
    මෝල් ගහේ දළු ලන තුරු…
    120ට 220ක්…
    ආවඩා ආයුබෝ වේවා !!!

    අක්කටත් සාමය සෞභාග්‍යය සපිරි, සියළු පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා !!!
    (ලොකේ කොහේ හිටියත්…)

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • හෆොයි ඇයි කාල යන්ත්‍රයේ වැඩ ඉවරයිද?? දැන්
      මගේ කිසිම කැමත්තක් නැහැ ‘හේවුඩ් ෆ්ලොයිඩ්’ වගේ ‘ශිශිර තාරක නින්දකට’ වැටෙන්න. ;-(
      ඔයාටත් සාමය (ඒක දැන් තියනවනේ) සතුට පිරි
      සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා…!!!!!
      කියලා මමත් ප්‍රාර්ථනා කරන්නම්.

      ප්‍රති-පිළිතුරු සැපයීම
  3. ලබන වසරෙදි ත‍ටු ලබාගෙන……..තෑගි බෝගත් පොදි හදාගෙන…….නෑ සියන් කැල දැක බලාගෙන…….යන්ට අවසර තොට ලැබේවා…….

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. පවුලේ සියළු දෙනාටත් අක්කටත් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා කියල පතනවා අක්කේ ……… යන්තම් ගෙදර වැඩ රාජකාරි දැන් ඩිංගකට කලින් ඉවර වුනේ……. 🙂

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • ඔයාලා දෙන්නටත් පවුලේ සැමටත්
      ලැබුවාවූ අලුත් අවුරුද්ද සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා…!!!
      කියලා මම ප්‍රාර්ථනා කරනවා ..විශ්මි නංගී.
      අර තියනව කියපු බොහෝ වැඩ කටයුතුත් ඉතාමත්ම සාර්ථකව ඉටුකරගන්න ලැබේවා..!! ඔයාලා දෙන්නටම.

      ප්‍රති-පිළිතුරු සැපයීම
  5. අනේ දුක් වෙන්නෙපා…. ලබන සැරේ සතුටින් නෑගම් එන්න ලැබේවි ඔයාට…
    එතෙක් සමනලී ආවා ඔයාගේ බ්ලොග් පිටුවට නෑ ගමනක්….. 🙂
    පවුලේ සියළු දෙනාටත් ඔයාටත් සුබම සුබ අළුත් අවුරුද්දක්!!!!!

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • බොහෝම ස්තූතියි ..!!!!සමනලී
      ඔන්න අලුත් අවුරුද්දේ ඔයා තමා ගොඩාක් දුර ඉන්න මාව බලන්න ආපු ඉස්සෙල්ලම කෙනා..
      අනිත් අය තරහා නැහැ නේද?? එහෙම කිව්වට :-(.
      ඔයාටත් පවුලේ සැමටත්..සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!! කියලා මාත් ප්‍රාර්ථනා කරන්නම්.
      බලමුකෝ ලබන අවුරුද්දේ නේද?? 🙂

      ප්‍රති-පිළිතුරු සැපයීම
  6. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කෙ.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  7. අනේ එහෙනම් සමනලිට හරිම සතුටුයි!!!! ලබන අවුරුද්දේ නොවැරදීම ඔයාට නෑගම් ඇවිත් ජයට අවුරුදු කන්න ලැබේවි…… 🙂

    ප්‍රති-පිළිතුරු සැපයීම
  8. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා……………!

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: