RSS Feed

උමං දුම්රිය පොලේ වාදකයා…!

සෑම උදයෙම නොවැරදී මම  බලා සිටියෙමි ඔබ දිහා

කවමදාකත් නිමාවක් නැති තරගයක ඔබ සැම දෙනා

වයන මුත් මම මගේ ගී ස්වර අසන්නට කෙනෙකුන් ඇතැයි

පමා වන්නට රසවිදින්නට වෙලාවක් නම් නැති හැඩයි

ජීවිතය නම් මහා තරගය ජයගන්න යැයි සිත සිතා

එකිනෙකා පරයමින් දිව යන ඔබ සැවොම දෙස බල  බලා

එක තැනක නැවතී වයමි මම බෝ දුකින් වුව සෑම දා

නැවතෙන්න හැකි නම් මඳක් ඔබ යන්න නැවතී සවන් දී

මා වයන මේ මෘදු ස්වරය ඔබෙ  සවන්  සනසයි  නොවැරදී…!!

Advertisements

37 responses ඊළඟ »

  1. නිමන්ති, දවසක් මගේ “අධිවේගි මාවතේ” කියන පෝස්ට් එක කියවල යෝගි මට මේක එවල තිබුන..ඒක කියෙව්වට වැඩ අතරෙ ඒක මගෙ හිතේ කවියක් වුනේ නෑ.. ඒක ඔයාගෙ හිතේ කවියක වීම ගැන මට සතු‍ටුයි ඒ හින්ද..

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • ඔව් ඇත්තටම මේක මේ විදියට ලියන්න උදව් වුනු You Tube clip එක යෝගී තමා මටත් එවලා තිබුනේ.
      මේ කවිය මේ තරම් දවසක් පමා උනේ සුදුසු රූපයක් හමු නොවුන නිසයි මේ තරමින්වත් . 😦
      ස්තූතියි ..!!!!චේජනා බොහොමත්ම.

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • මේකා මේ නිදි මරාන මෙව්වා තමා කොරන්නේ එහෙනම්… අනේ අර දැරිවි පව් අප්පා… මූව කොටියාම කන්න එපායෑ….

      • ඒ දැරිවි නම් පව් තමා..
        ඒත් ඉතින් මල්ලිව කොටියා කෑවොත් ඒ දැරිවිට ඊට වඩා පව්..
        අනික ඉතින් ..අර කියන ලොකු අයියා ගැනත් මට නම් කණගාටුයි
        කාත් එක්කද ..??? කතා කරන්නේ එත කොට 😦

      • ලොකු අය්යා නම් ඉතින් ලොකු අය්යා එක්ක විතරයි ඕං… මේ වට්ටි අරන්, කෙකි අරන් ‍රැයක් දවාලක් නැතිව කරන වැඩේ මොකක්ද අප්පා…??

      • @තිස්ස දොඩන්ගොඩ
        එක දවසයි ජංජාලෙට ගොඩවදින් නැතුව හිටියේ.. මූ මාව කාලා නෙව ඒ ටිකට.
        අනේ අම්මපා මේවගේ ‍එකෙක්.
        කෙකි , වට්ටි .. උඹ කියන ඒවට වැඩිය අමාරුයි නොකියා කියන එව්වා.කාරනාව කියන්නං කො එහෙනං.. තවත් මඩ ගාගන්ඩ බෑ නෙව.

        මේ බ්ලොග් අවකාශේ නිසා මගේ ජීවි‍‍තේ අසම්පූර්ණ පැත්තක් සම්පූර්ණඋනා.කවදාවත් මගේ ජීවිතේ හොඳනරක කියාදෙන්න වැඩිමල් සහොදරයෙක්වත් සහෝදරියක්වත් හිටියේ නෑ නේ..
        ඒ දෙකම දැං ලැබිලා තියෙනවා මට.

        ඉතිං නිදි නොමරා කොහොමද ?

      • @යෝගි
        මම නම් මොකුත් කිව්වේ නැහැ මල්ලී.
        ඔයාගේ ලොකු අයියා තමා ඔන්න ඔයාගේ කථා කිරීමේ නිදහසත් උදුරගන්න හදන්නේ.

        “ලොකු අය්යා නම් ඉතින් ලොකු අය්යා එක්ක විතරයි ඕං…”
        පේනවා නේද???
        අනේ පව් යෝගියා ඉන්නේ ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නෙවේද..???මංදා.

        @තිස්ස දොඩංගොඩ
        යෝගියා සංස්කෘතත් දන්නවලු. අපිට නම් ඕවා තේරෙන්නේ නැහැ කිව්වොත් එහෙම.. එයත් එක්කම බලාගන්න වෙයි.

    • යෝගි, ඔයාගෙ ලොකු අය්ය ඉරිසියාව බෙදන දවසට කලින් දවසෙ ගිහින් ඔක්කොම හොරකන් කරගෙන ඇවිත්…ඒ හින්දා ඔය කෙකි, වට්ටි පැත්තක තියල පාඩුවෙ ඉන්න එක ඔයාට හොඳයී..:)

      මටත් බැරි වුනා නෙ කට පියාගෙන ඉන්න.. එව්ව නම් ඒක බලල.. එව්ව කියල තැන තැන නොලිය..

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • ලොකු අය්යෙ, අපි ඉන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී රටවල… ඔයා ඉන්නව වගේ අධිරාජ්‍යවල නෙවෙයි.. : D

      • @චේජනා
        නෑ නැ ඒක කියපු එක හොඳයි නැත්තන් ඉතින් කොහොමද??? ඔය ඊරිසියාවෙ තරම මැන ගන්නේ..අනිත් අය..
        මම හිතුවෙ බෙදන දවසෙ උදේ ගිහිං ගෙනාව කියලයි එතකන් කලිං දවසෙද??? ගිහින් තියන්නේ 😦
        @යෝගී
        ඔන්න හොඳ වෙලාව දර ලෝඩ් එකේ ගණු දෙනුව බේරගන්න. 😉

      • හහ් හහ් හා…. සතුටේ බැරුවා.

      • ඔය ඉරිසියාව සම්බන්ද ගනුදෙනුවට සහ මුරුංග ගහ සම්බන්ද ගනුදෙනුවට හිටියට
        දර ලෝඩ් එකේ ගනුදෙනුවට නම් මම අදාල නැත..(නැත් නම් මට අන්තිමට දරත් හොයන්න වෙයි..)

        හැබැයි ඒකත් හොඳයි නිමන්ති..ලොකු අය්ය ඒ ගහේ අතුවල තියපු අයව පරිස්සමින් බිමට බස්සල යෝගිට පුලුවන් මුරුංග ගහ දරට ගන්න..අපිට ඉතින් බලන් ඉන්න බැරියැ… 😉

      • හ්ම්ම් සංධාන ගතවේගන එනවා වාගේ… බැහැනේ අප්පා හිත හදාගන්න මට වඩා මගේ හිතේසිවන්තයෝ අනෙක් අය එක්ක ඇඟෑලුම් පානවා බලං ඉන්න…!!! දැනට ඉතින් එහෙනං ඕං ඔය කමෙන්‍ටුවක්, පුංචිපහේ ලියමනක් හුවමාරු කොර ගත්තට කමක් නෑ… හැබැයි ඕං Gtalk, Skype එහෙනං මා එක්ක විතරයි ඈ… හෑම සියලු අවස්ථාවකම මට ප්‍රමුඛස්ථානය දෙන්ට ඕනෑ…. හැබැයි මම එන්නේ මට ඕනෑ වෙලාවට විතරයි….

      • මීට පස්සේ කවුරුත් ලොකුඅයියගේ හිතේසීවන්‍තයෙකුට කතාකොරනවනං එහෙම ‍
        තිෂ්ෂඑක්දාස්නමසිසැටනමය[ඇට්]ජීමේල්[ඩොට්]කොම්
        එකට ෂී ෂී කොරලා දාන්ට හො‍ඳේ

      • යෝගි, දවසේ කියමන ඒක නම්…
        superb..!!!

  2. නවතින්න හැකිය බෝ
    වෙලාවක් බැලුම් දී
    ඔබ මවන කවි පියුම්
    සනසවයි සිත නිබද නොවැරදී…

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. නිර්මාණය හැමදාම වගේ නියමයි අක්කේ.

    විඳින්නට කාලයක් කොයිබද
    ගෙවන දිවි මග
    එකම වූවද ගමනාන්තය
    ඒ අතරතුර
    බොහෝ දුම්රියද බස් රථ
    මගහැරේයයි සිතෙන විට බිය

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. මේක කියෙවුවම මට නුගේගොඩ සුපර් මර්කට් එකෙ සින්දු කියන අන්ධ ජෝඩුව මතක් වුනා අක්කෙ……. මිනිස්සු හැල්මෙ දුවද්දි ඒ දෙන්න පැත්තකට වෙලා රබානක් ගගහා සින්දු කියනවා විරිඳු කියනවා…. ඉඳල හිටල කවුරු හරි කීයක් හරි දීල යනවා…. ඒත් ඒ සින්දු අහන්න කවුරුවත් නතර වෙන්නෙ නෑ….. ඒව අහන්නෙ අම්මල බඩු තෝරනකම් ඇඟිල්ලක් කටේ ගහන් අම්ම වටේ කැරකි කැරකි ඉන්න පොඩි එවුන් විතරයි…….

    සංවේදී පද පෙලක් අක්කෙ….. හැමදාමත් වගේ මේ වෙනසට මං කැමතියි…..

    ප්‍රති-පිළිතුරු සැපයීම
  5. ඔයා ලියන කවි නම් හරිම ලස්සනයි. ඒ වගෙම ලස්සනයි ඔයාගෙ පින්තූරත්.

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • බොහෝම ස්තූතියි..!! ඔයාගේ අගය කිරීමට.

      ඔයාලා මේ කියන හැමදේම මට ගොඩාක් වටිනවා..
      මොකද මම මේ විදියට පද හතර පහක් හරි ලියන්න අරගෙන තාමත් ගෙවිලා ගිහින් තියන්නේ මාස 4ක් වගේ පුං චි කාලයක්..
      ඉතින් මන්දාකිණියට ගොඩවදින හැමෝගෙම අදහස් මට ලොකු අත් වැලක් සපයනවා…
      ඇ ත්තටම..ස්තූතියි..!!! හැමොටමත්

      ප්‍රති-පිළිතුරු සැපයීම
  6. තොප්පිය නිසා අඳුනගන්න බැරිවුනා අක්කෙ…. ජෝශුවා බෙල්….. classical music superstar ….. ග්‍රැමී සම්මනලාභී වාදකයා…. මිනිස්සු පොරකනව මොහුගේ සංදර්ශන බලන්න…….. ඒත් ඔහුම, සෙනඟ ගැවසෙන උමං දුම්රිය මඟක වයද්දි හැරිලවත් බලන්න බැරි තරම් මිනිස්සු යාන්ත්‍රික වෙලා….. අපූරුයි අක්කෙ… මේ clip එකත් එක්ක කවිය රසවිඳිනකොටයි හරියටම වැටහුනේ……..

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • හ්ම්ම්
      ඒත් මම නම් මොහු ගැන දැනගත්තෙ මේ clip එක දැක්කට පස්සෙයි.
      මේ වගේ අය මමත් දැකලා ඇති
      ඒත් අහක බලාගෙන යන්න ඇ ති කියලා
      ලොකූ කම්පාවක් මට දැනුනා.
      ඇ ත්තටම මට ඕනේ උනේ ඒ වගේ බොහෝ දෙනෙක්
      පිටුපා යන පින්තූරයක්
      නමුත් ලැ බුන එකම එක මේකම විතරයි. 😦

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • ජෝශුවා බෙල් ගැන මමත් දැනගත්තේ මෑතකදි අක්කේ…… වයලින් Music ගැන හොයන්න ගිහින් අහම්බෙන් youtube video ටිකක් හම්බුනාම විස්තර හොයල බැලුවා….. එතකොටයි දැනගත්තෙ….

        අක්ක මේ සිද්ධියට උපරිම සාධාරණයක් ඉශ්ට කරල තියෙනවා කවියෙන්………

      • ඒක තමා,
        එහෙම උවමනාවකට හොයලා බැ ලුවොත් ඇරෙන්න ඉතින් මේ වගේ දෙයක් පුවත්පතක උනත් පල වෙන්න තියන
        ඉඩ කඩ අඩුයිනෙ නේද??
        මේවගෙ අපිට මඟ හැරුන සංවේදී සිද්ධීන්
        තව කොයි තරම් ඇතිද.???
        ස්තූතියි!!!! විශ්මී නංගී..

  7. මේ සිදුවීම මම ඊ මේල් ෆෝවඩ් එකක කියවුවා… හරිම සංවේදි උනා ඒ කතාවට… ඉතින් ආයෙමත් හිත සසල උනා ඔයාගේ ලස්සන පද පෙලට…

    අපි කරන්නේ දිවීම… මදක් නතරව සිට ලෝකයට කන් දෙන්න ඇස් දෙන්න බැරි තරම් හදිසියේ මොකක්දෝ පස්සේ උමතුවෙන් අපි දුවනවා.. ඒත් අවසානයේ අපි ලඟා කර ගන්නේ කුමක්ද? කුමක් වත් නැහැ… ජීවිතේ ගෙවිලා ගිහින්… ඒත් ඉන් ලද , නෙලා ගත් පලයක් නැති තරම් ජීවිතය විඳීම මගහරිමින් අපි හැල්මේ දුවලා විතරයි හතිය මිස , ලද දෙයක් නැහැ…

    ජය වේවා! නිමන්ති… මම නිතර කමෙන්ට් නොලියුවට , ඔයා දන්නවනේ මම ඔයාගෙ රසිකාවියක් කියා…. 🙂

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • ඇත්තටම මේක ලියද්දින් මට ඔයාවත් මතක් උනා.
      1.15 Rush Hour එකේදි තමන්ගෙ ළමයා ඉක්මනින් අරගෙන එතනින් පිටවෙන්න මව පියා වගේම රියදුරත් ගන්නා වෙහෙස මතක් වෙලා.
      ඔයා සමහරවිට මේක දැකලා නැතුව ඇති.ලොකු ගේට්ටුවෙන් එලියට ඇවිත් පුංචි ගේට්ටුව දිහා එක දවසක් බලාගෙන ඉන්න එතන තියන තරගය.
      ළමයි නම් මේකට කොහෙත්ම කැමැති නැහැ.
      මමත් ආපසු ගමන පොඩ්ඩක් පරක්කු කරලා මේ දුවන දිවිල්ල බලාගෙන ඉදලා තියනවා.
      දෙමාපියන් අපි හොඳින්ම දන්නා පරිදි මේ දූවන දිවිල්ලට වැටුන ත් ලමයි ඒක සත පහකටවත් ගනන් ගන්නේ නැහැ. බිම පෙරලිලා අඬලා හරි නිවසට යන ගමන පොඩ්ඩකට හරි පමා කරගන්න උත්සාහ කරන කීපදෙනෙක් ම මම දැකලා තියනවා.
      වැඩිහිටියන් තරගයට වැටෙද්දින් දරුවන් දුක් විදින බවට හොඳම උදාහරනය එතනයි. හැම සැප සම්පතක්ම තියන දරුවන් ඒවට වඩා තමන්ගේ හිතේ සතුට හොයනවා නේද?? කියලා මට හිතෙනවා.
      ඒත් අපි කරන්නේ ඒ සෑම සියලු දේටම ඇස් කන් පියාගෙන තරගයකට ගිහිං හති වැටෙන එකයි.ඔයා කියනවා වගේ ලැබෙන දේකුත් නැහැ අන්තිමේදි.අඩුම ගානේ හිතේ සතුටවත්.
      හ්ම්ම් ඇත්තටම ඔයා මන්දාකිණියෙ තියලා ගිය අදහස් ඔක්කෝම මැකිලා ගියා මේක නැවත සකස් කරද්දින් ..ඒකට නම් ඉතිං මට සමාවෙන්න.
      පරණ ලියපු එක නම් මම තාමත් තියලා තියනවා ඔයාලා කියලා ගිය දේවල මේකට ගන්න බැරි නිසා.
      ස්තූතියි …!!!!ජීවිතේමල්..බොහෝමත්ම ඔයාටත්.

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • පින් ඔයාටයි අක්කා…. මට බ්ලොග් අවකාශයේ ලැබුන පලමුවෙනි හිතවතී ඔයා… ඔයා ඒක දන්නවද ? 🙂 මට ලියන්න ආසාව පහල උනේ ඔයාගේ පලමු ධෛර්යමත් කිරීමෙන්… ඒ නිසා පින් ඔයාට 🙂 ජය වේවා! දිගටම ලියන්න 🙂 අපි ඉන්නවා කියවන්න… ඔන්න මම අලුත් ඩාලියා පෝස්ට් එකත් මූනු පොතට දැම්මා,,, කමක් නැහැනේ….

      • මමත් ඉස්සෙල්ලම අදුන ගත්තේ ඔයාව තමා…
        ඔයාව තාම මම දැකලවත් නැති උනත් මට එහෙම අදුන ගන්න ලැබෙන අයව බොහෝ විටම මට මිට කලින් කොහෙදින් හරි හම්බවෙලා තියන අයමයි. ආපහු අහම්බෙන් හමුවෙලා.
        මට ඔයා ගැන ආඩම්බරයි..
        පුංචි කාලයක් හරි ඔයත් මම ගොඩාක්ම ආදරය කරන තැන ඉදලා තියනවා.
        අපිට පුලුවන්නම් එක්කෙනෙක් හරි හිතන වැරදි විදියක් වෙනස් කරන්න
        මම් හිතනවා ඒක ලොකු දෙයක්.
        ඒකට ඔයා ගන්න උත්සාහය මම බලාගෙන ඉන්නවා හැමදාම. ඔයාටත් මගෙන් සුභ පැතුම්..!!!

  8. හැමදාම අර්ථවත් යමක් දැකපුගමන් ඔයා කරන්නේ කවියක් ලියලා ඒක අපිත් එක්ක බෙදාගන්න එකනේ අක්කේ…

    හැමදාම මේ දුවන ජීවිත චාරිකාවේ මඳක් ගිමන් හරින්නට වෙලාවක් සොයාගන්නට නැතිවුනොත් ජීවිත කාලයක් පුරා කළ දේවල්වල තේරුමක් නැතිව යනවා නේද ?

    ඉතිං හැමදාම වගේ හිතන්න දෙයක් ලියලා තිව්වට බොහොම ස්තුතී ‍ඔයාට..

    -ජය

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • මගෙන් මඟ හැරිලා ගිය දේවල් තියන බව මට වැටහුනා ඔයා මේ clip එක මට දුන්නහම. වාදකයින් ගැන මගේ දැනුම අල්පයි. 😦 😦
      ඇත්තටම ඔව් අපි දුවන මේ තරගයෙන් පොඩ්ඩකට හරි නැවතිලා වට පිට බලන්නත් වෙලාවක් හදාගන්න ඕනේ.
      එහෙම නැ ති උනොත් අපි මේ ගමන ඉවර වෙලා බලද්දින් අපේ හිතේ සතුට නැතිවෙලා තියේවි.
      අපිටම අපි ගැන දුක හිතන්න වෙයි කියලයි මට හිතෙන්නේ.
      ඔයාට බොහෝම ස්තූතියි!!!! මල්ලී අද අපි ගොඩක් දෙනාට පොදු උන මේ වගේ දෙයක් මට ලියන්න පුලුවන් වෙන විදියට මාව දැනුවත් කිරීම ගැන.

      ප්‍රති-පිළිතුරු සැපයීම
  9. ලස්සනයි කවිය, දිගටම ලියන්න

    ප්‍රති-පිළිතුරු සැපයීම
  10. ජීවිතය නම් මහා තරගය ජයගන්න අපිටත් අනික් අය එක්කම දුවන්න වෙනවා නේද? නැවතුනොත් අනිත් අය අප දමා දුව යාවි….

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • ඔව් ඒත් ඉතින් තමන්ට හරියටම ඕනේ මොනව?? කියලා දැනගෙන
      ඒ ගමන යන්න ඕනේ නේද??.
      අනිත් අයදුවන්න වාලේ දුවන්න ගිහින් පය පැකිලිලා වැටුනොත්
      තියන දේවලුත් අපිට නැති වෙන්න පුලුවන්.
      ස්තූතියි බොහෝමත්ම.. !!!!”මන්දාකිණිය”ට ගොඩ වැදුනටත්
      මං වෙනුවෙන් තියලා ගිය අදහසටත්.

      ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: