දයාබර ඩාලියා…..!!!!!

හිස වැසූ පර්දාව හිත නොවැසු හින්දා

තරු  දෙනෙත් පමණක්ම මඟ කියූ හින්දා

ඉරණමේ මඟ නොදැන හමුවූනු හින්දා

දෙසිත් යාවෙන තුරුම නොදැනූනි පෙරදා

මරණයේ සෙවනැල්ල  දොරකඩින් එබෙන බව

කියා ඔබ හැඬූ හැටි සිහිවෙනවා මට තාම

සොහොන්  බිම කඳුළු වල  තෙතමනය දැනිලා

සිහි කරමි ඒ දිනය කඳුළින්ම තෙමිලා

මඟ බලා සිටිමි මම ඔබ එයිද කියලා

පෙරදාක වාගේම මගෙ තනිය මකලා

නො එන බව නොදන්නා සේ සිටිමි  හඬලා

දැන් කුමක් කරන්නද ඔබ යන්න ගිහිල්ලා

ඉතින් මම සොයා එමි රාජීබ් කනත්තට

ඉටි පහන් දල්වවමි නික්ම යන්නට පළමු

සමාවක් නො ඉල්වමි වරදකුත් නැති බැවිනි

පතමි මම හැමදාම හමු වෙන්න කියලා

මේ සසරෙ මතුදාක මගෙ තනිය මකලා

34 responses ඊළඟ »

  1. නෝමා කුරි ගේ forbidden love පරිවර්ථනය……. දයාබර ඩාලියා…..

    කුරිරු සමාජ පිළිවෙත් විසින් බිලිගත් ප්‍රේමයක තතු….

    තිස්ස අයිය කියනවා වගේ ඔයා නම් අපූරු කිවිඳියක් අක්කෙ…….. තවම හිස්ව පවතින මගෙත් ප්‍රියතම කිවිඳිය තනතුරට ඔයා පත් වෙන්න වගේ යන්නෙ…….. එකිනෙකට වෙනස් මේ කවිකම් වලට මම හැමදාමත් කැමතියි……

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • අන්න හොඳයි වැඩේ නගා.. මගෙනුත් මනාපයක් දෙන්නං ඕන්නං .

      ප්‍රති-පිළිතුරු සැපයීම
    • ඇත්තෙන්ම.. මේ කියන නම්බුකාර ඝාතන අදටත් සිදුවෙනවා.
      තමන්ගේම පියා හෝ සොයුරන් අතින් අකාලයේ දිවි ගමනෙන් සමු ගන්න දහස් ගනණක් වන යුවතියන්ට …,
      මොකක් හරි සාධාරනයක් කවදා ලැබේවිද..??
      මේ පොත කාලෙකට ඉස්සෙල්ලා කියවපු දා ඉදලා මට හිතෙනවා.
      අපේ රටෙන් මේ වගේ රටවලට ගිහින් දුක් විදින කාන්තාවන් ගැන කවර කථාද?? නේද??
      තමන්ගෙම රටේදි තමන්ගෙම දියණියට, සොයුරියට හිමි තැන මේක නම්…
      බොහෝමත්ම ස්තූතියි …!!!විශ්මි නංගී
      මම මේ ලියන්නේ ඇත්තටම මම හිතන විදිය.මට සතුටුයි මේ වගේ දේවලට සංවේදී වෙන්න පුලුවන් අය ඉන්න එක ගැන.

      මට පුංචි උදව්වක් කරන්න තවත් මේ වගේම පරිවර්ථනයක් තියනවා ඉරාන ජාතික වෛද්‍යවරයෙක් හා විවාහවූ ඇමරිකානු ජාතික කාන්තාවක් නිවාඩුවකට බව පවසමින් ඉරානයට රැගෙන විත් නැවත ආපසු ඇමරිකාවට යන්නට නොදී සිරකරන ආකාරයත්..
      ඇය තම දියණියත් රැගෙන ඉරානයෙන් පලායන කථාව ලියවුනු.පොතේ නම දන්න කෙනෙක් ඉන්නවනම් ලියලා යන්න.

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • “දෙවියන්ගේ අඩවිය” නමින් අනුලාද සිල්වා සිංහලයට පරිවර්තනය කරළා තියෙනවා …

      • හිස වැසූ පර්දාවෙන් හිත නොවැසෙන නිසා වෙන හිමි අහිමිවීම් නම් එමටයි නෙ..
        විශ්මි කියනව වගෙම හෙට ලියවෙන්නෙ මොකක්ද කියල guess කරන්න බැරි කවි ලියවෙනවට මාත් ආසයි..

      • Not Without My Daughter by Betty Mahmoody මේක තමා අක්කෙ English එක නම්……. මට සිංහල පොතේ නම නම් මතක නැහැ……

      • @විශ්මි නංගි & යෝගියා ..
        ඔන්න මීට පස්සේ ඉතින් උදව්වක් ඕනේ උනාම මම කරන්නේ මන්දකිණියට ලියන එක විතරයි.
        මට උදව් කරන්න ඔයාලා ඉන්නවනේ. 🙂 🙂
        මෙහෙම සිංදුවක් තියනවා..
        මෙහෙම පොතක් තියනවා කතාව මේක
        මට හොයලා දෙන්න කියපු ගමන් උදව් ලැබෙයි නේද ..????
        බොහෝමත්ම ස්තූතියි..!!! දෙන්නටම

      • @චේජනා
        ම්..ම්.. ඒක තමා
        කෙනෙක් මම දැක්කා ‘නපුරු පර්දාව’ කියලත් ලියලා තියනවා. 😦
        බොහෝම ස්තූතියි..!!! චේජනා

    • නිදි මරගාතේ මොනවට මනාප දෙන්නං කියනවද මංදා…
      ගෙදර අයිතිකාර ලොකු නංගියේ… ඇහැ ඇරන් ඉන්ට ඕනෑ ඈ…
      සාකච්ඡාවට භාජනය වුණු එක පොතක්වත් කියවා නොමැත… රේඩියෝව දාමාගෙන Unit Operations පොත්ම බැලූයෙමි…
      කවියද හිත අහලකටවත් නො ආවේය, එනිසාම…

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • හා..හා.. 🙂 🙂
        ඒක තමයි අපි අහලවත් නැති සිංදු බොහෝමයක් දන්නේ.
        ඒකත් හොඳයි අපිටත් දැනුවත් වෙන්න පුලුවන්
        එහෙම කරයින්.
        ස්තූතියි බොහෝමත්ම ..!!!!

  2. forbidden love ලස්සන කතාවක්.කවියත් හරිම ලස්සනයි.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. මාත් ඉතාම ආදරය කරන පොතක් මේ.. නිමන්ති… කවියත් හරිම සසල වෙන සුලු සුන්දරත්වයක් තියනව… මා ආසයි ඔබේ කව් ශෛලියට,,, සුන්දරයි… හරිම භාවාත්මකයි

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • මන්දාකිණියට බොහොමත්ම කැමැත්තෙන් පිලිගන්නවා මම ඔයාවත්.

      බොහෝම ස්තූතියි !!!! මම වෙනුවෙන් සටහන් කරපු අදහසටත්.
      ඔයා තාම පටන් අරගෙන නම් නැහැ ලියන්න නේද??

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • සොරි නිමන්ති… මේ wordpress acct එක මම පාවිච්චි කරන්නේ නැහැ. මට ටිකක් හොල්මන් වගේ wordpress. ඉතින් ටිකක් කල් මගෙ පුරුදු බ්ලොගර් එකේම ඉන්නව.. ඒ නිසයි පහලින් ආයෙත් කමෙන්ට් එක දැම්මේ මගේ පුරුදු ජීවිතේමල් නමින්.

      • ඔහ් ; මම ඔයාගෙන් අහන්න හැදුවෙ මේ දෙකේම සමාන වචන තියන්නේ කොහොමද?? කියලයි.
        දැන් තේරුනා
        ස්තූතියි බොහොමත්ම!! මුණු පොතට එකතුකලාට ‘උමං දුම්රිය පලේ වාදකයයි’..’දයාබර ඩාලිය’යි කියන මගේ post දෙකම.

  4. ඩාලියාගේ මේ කතාව මාත් ඉතාම ආදරය කරන පොතක් මේ.. නිමන්ති… කවියත් හරිම සසල වෙන සුලු සුන්දරත්වයක් තියනව… මා ආසයි ඔබේ කව් ශෛලියට,,, සුන්දරයි… හරිම භාවාත්මකයි…

    ප්‍රති-පිළිතුරු සැපයීම
  5. සතුටුයි නිමන්ති ඔයාගෙ කවිකමට. ඒ වගේම සතුටුයි ඔයාට උදව්වක් කරන්න ලැබෙන එකට. ඔයා හොයන පොතේ නම NOT WITHOUT MY DAUGHTER. සිංහල පරිවර්තනය – දෙවියන්ගේ අඩවිය. මේකේ film එකත් තියෙනව.

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • ගොඩාක් ස්තූතියි..!! වළාකුළු ඔයාගේ උදව්වට.
      මම මේ කල්පනා කලේ ආය මට අමතක උන දෙයක් තිබුන ගමන් කරන්න ඕනේ මන්දාකිණියට ලියන එක විතරයි.
      මට උදව් කරන්න ගොඩාක් අය ඉන්නවා.ඒ ගැන මට බොහොමත්ම සතුටුයි.
      Film එකේ නමත් Not With Out My Daughter මද??
      ස්තූතියි..!!මම ලියන ඒවා කියවනවටත්.

      ප්‍රති-පිළිතුරු සැපයීම
  6. ඔව්.Film එකේ නමත් ඒකමයි. Not With Out My Daughter. ඔයා කියවල තියෙනවද මයාඩා, සුල්තානා, කාන්තාරයේ කුසුම වගේ පොත්. ඒවත් මීට සමාන අත්දැකීම් තියෙන ඒවා.

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • අහා… ඔව් නමුත්’ සුල්තානා’ නම් නැහැ.
      මයාඩා ගැනත් මට මෙහෙම ම හිතිලා තියනවා.
      වාරිස් වගේ අය මා අසම ගැවසෙනවා.මම එයින් කම්පාවට පත් වෙනවා.
      මට මේ ලගදින් වාරිස් වගෙ අපේ රටේ කෙනෙක් හමු උනා..නිවසක වැඩකරන.
      ස්තූතියි..!!! වළාකුළු බොහෝමත්ම.

      ප්‍රති-පිළිතුරු සැපයීම
  7. දයාබර ඩාලියා පොත නම් මට එච්චර අල්ලල ගියේ නැහැ අක්කේ. හරිම පීඩාකාරී හැඟීමක් දැනුන ඒක කියෙවුවට පස්සෙ(පොතෙන් විය යුතුව තිබුණේත් ඒකමයි මම හිතන විදිහට).

    කවිය ගැන නම් ඉතින් කවර කතාද. හැමදාම වගේ නියමයි.

    කතාපොත් ගැන කතාබහක් ගිහින් තියන එකේ මගේ ප්‍රියතම කතාවක නමකුත් කියල යන්නම් පුලුවන් උනොත් හොයාගෙන කියවන්න.(අසාධාරණයට ලක්වුණ කාන්තාවන් ගැන ලියවුණක් නම් නෙමෙයි)
    “The kite runner”-Khaled hosseini මේකෙ සිංහල පරිවර්තනයක් තියනවා “සරුංගල් ලුහුබඳින්නා” නමින්.

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • ඇත්තටම කිව්වොත් මම අතිනුත් මුලින්ම ලිය උනේ ‘නෝමි’ මේක කියන විදියටයි..
      පිහි පාරවල් ටිකත් එක්කම..
      පස්සෙ මට හිතුන මේක මේ ස්වරයෙන් ලියන්න ඕනේනැහැ කියලා.
      පද කීපයක් අයින් කරාම මේ විදිය ඉතුරුවක් ලැබුනාම මේ මයිකල්ගේ කථාව..
      ඒක පොතටත් වඩා වෙනසකුත් තියනවනේ..මට හිතුනා මේ විදිය හොඳයි කියලා අන්තිමටම මම ඒ අයින් කරපු ටික ලියන්නම්. තව දින කීපයකින්. මට ඒ පද ටිකත් අයින්ම කරලා දාන්නත් දුකයි වග.
      පීඩා කාරී තමයි ..ඒත් ඉතින් ඇත්ත ඒකනේ නේද?? එතන සිද්ධ වෙලා තියන.
      මම හොයා ගන්න උත්සාහ කරන්නම් පොත.
      කාන්තාවන් ගැන වෙන්නම ඕනේ නැහැ.
      මම එහෙම ලියන බවක් පේනවද.?? 😦
      මම නම් හිතන්නේ නැහැ.

      බොහෝම ස්තූතියි!!!! රවෙන් අලුත් පොතක් ගැන මට කියලා ගියාටත් මම ලියන ඒවා කියවනවටත්.

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • අපොයි අක්කේ. එහෙම ලියන එකක් ගැන නෙමෙයි කිවුවේ. මෙතන කතාබහ වෙලා තියන පොත් එහෙම පොත් නිසයි අර විදිහට සඳහනක් කලේ. අක්කගේ කවි වලට සම්බන්ධ දෙයක් නෙමෙයි 🙂

      • මමත් විහිලුවටටයි ඇහුවෙ. හී හී 🙂
        ඕනෙම පොතක් මම සාමාන්‍යයෙන් කියවනවා. ඒ නිසා මෙහෙම හොඳයි කියන පොත් මටත් වැදගත් වෙයි.
        ඔයාට බොහෝමත්ම ස්තූතියි!! මල්ලී

  8. Kite Runner පොතේ සිංහල පරිවර්තන 02ක් තියෙනව, සරුංගල් ලුහුබදින්නා කියන නමින්ම. පරිවර්ථකයො දෙදෙනෙක්. මම වඩාත් කැමති උනේ චූලානන්ද සමරනායකගෙ පරිවර්තනයට. හරිම ලස්සන පොතක්. ඒකෙත් ඒ නමින්ම film එකක් තියෙනව. ඒකත් හරිම ලස්සනයි.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  9. මට ඉතින් ඔය මුස්ලිම් කාන්තාවො දැක්කම හිතෙනවා කොච්චර පව් කරල ඇද්ද කියලා ඒ අය

    ප්‍රති-පිළිතුරු සැපයීම
  10. කවිය කියවපු හාම මට හිතුනා පොතකට සංවෙදි වෙලා තමයි ලියන්න ඇත්තෙ කියලා..එද්දි හොදටම පරක්කු වුනා..

    ප්‍රති-පිළිතුරු සැපයීම

Raven වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න