RSS Feed

සුදුමල් පෙති මත …

සුදු මල් ඉහිරුණ මල් පාවඩ මත

ඔබත් එක්ක ගමනක් යන්න

එන්නට මට බැහැ සමාවෙන්න මට

තනිමඟ යන්නට වෙයි ඔබට

සුදුමල් පෙති පොඩි පරවී යනවිට

අමතක වෙයි ලොවටම ඔබව

මගේ හිතට නම් එහෙම වෙන්නෙ නැහැ

මතක තියෙයි ඔබ හැමදාම

සමුගෙන යන්නට මොහොතක් තියද්දි

මෙහෙම කියන්නම්  මම  ඔබට

කිසිදා නොදැන්වූ මගේ ආදරය

සුදු මල් පෙති මත ඇත ඔන්න..!

Advertisements

27 responses ඊළඟ »

  1. ලස්සනයි…

    මල් කොහොමත් පර වෙනවනේ…

    /බිඟුවා…!

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. මම හිතන්නෙ කවියේ අර්ථය හරියට මට අහු උනේ නැහැ. සුදුමල් ගැන කියද්දි අනිත්‍යය මුසු හැඟීමක් තමයි මගේ හිතට ආවෙ.

    නැවත වතාවක් කියවලා එන්නම් මේ පැත්තෙ කමෙන්ට් එකක් දාන්න. 🙂

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. මගෙත් ඔළුවට ගියේ නෑ වගේ අක්කේ……

    ඔය ගමන කියන්නේ මරණය…. මල් පෙති පරවෙනවා කියන්නේ කාලය ගතවීම සහ ලෝකයට මියගිය කෙනා කාලයත් සමගම අමතක වීම……වදනට නොනැඟූ ආදරය මල් මත වැටී පරවෙන වගක් තමා යන්තමට වගේ තේරුණේ නම්…. හරිද මන්දා…….. 😦

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. ලස්සන පින්තූරයක් එක්ක දුක හිතෙන කවියක් ද ?
    මේ කවියෙනං අක්කේ හිතන්න දේවල් ගොඩක් තියෙනවා වගේ(දැං නිදිමත හින්දා වැඩිපුර හිතෙන්නේ රුයිතෙට 🙂 )

    ආරංචියක් ආවා ඔයාට තියෙන පින්තූර මඳිවෙලා කවිලියන්න පින්තූර අරං එන්න දවස් දෙකක් නිවාඩුදාලා කොහෙද ගියා කියලා.. ඇත්තද ඒක ? එහෙනං ඔයා එහෙම ගිහිං ගත්තු පින්තූරයක් වෙන්න ඇති නේද ?..

    -ජය

    ප්‍රති-පිළිතුරු සැපයීම
  5. අක්කා, කීප වතාවක් ආවත් කවිය ගලපගන්න බැරි වුනා…
    හේතුව කියන්නද ලස්සනට පිපුන ඒ සුදුමල් මට අනිත්‍ය මතක් කළේ නැති නිසා…
    මම හිතන්නෙ මගේ හිතට වැඩිය යන්නෙ පින්තූරෙන් ද කොහෙද… :))

    ප්‍රති-පිළිතුරු සැපයීම
  6. සුදු මල් අහුරක් අරගෙන
    දවසක
    මා ලඟ දැවටී හඬාවී
    දිනයක
    නොපෙනෙන නොදකින ගවනේ
    සරමින්
    බලාන ඉන්නම් ‍ඔබෙ දුක්මුසු
    බව

    ඔයාගේ කවිය ලස්සනයි.තේරුම් ගන්න වෙලා ගියා.

    බලන්න සරසවි සිහිනත් ඔයාට තරම් නැතත් බොලඳ කවි ලියවිලා තියෙනවා මා අතින්

    ප්‍රති-පිළිතුරු සැපයීම
  7. කමෙන්ට්සුත් කියවලා මේක ගැන අදහසක් ගත්තා. මම හිතලා තිබුණ විදිහ සෑහෙන දුරකට හරි 🙂
    කවියත් පින්තූරෙත් දෙකම ලස්සනයි.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  8. ‘සමුගෙන යන්නට මොහොතක් තියද්දි

    මෙහෙම කියන්නම් මම ඔබට

    කිසිදා නොදැන්වූ මගේ ආදරය

    සුදු මල් පෙති මත ඇත ඔන්න..!’

    අන්තිමට ඔබ එහෙම කියනව. ඊට කලින් මෙහෙම කියනව.

    ‘සුදුමල් පෙති පොඩි පරවී යනවිට

    අමතක වෙයි ලොවටම ඔබව’

    එතකොට මට දැණුනෙ ‘මගෙ ආදරයත්’ අනිත් අයට පෑගිල යනව වගේ හැතීමක්. කවියෙ සමස්ත අරුත් එක්ක බලද්දි හැගෙන්නෙ, ‘මගෙ ආදරයත්’ තැලිල පොඩිවෙලා යන්න විසික් කරල දැම්මා වගේ.

    නමුත් කියා ගන්න බැරිඋන ‘මගේ ආදරයත්’ ‘මගේ හදවතත්’ ඒ මල්ගොඩේ තැලි තැලී පොඩි වෙවී තියෙනව කියන අරුතත් ගන්න තිබුණ, කවිය කියවෙන විදිහෙ පොඩි වෙනසක් උනානම් කියල මට හිතෙනව. කවිය ලස්සනයි. ඒ හැගීම හරිම වින්දනීයයි.

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: