RSS Feed

ඈන් ආදරණීය ඈන්……

කලුවර  පිරුණු  කාමරයේ  තනියමම
දිව රෑ  සිරව ගතකල  ඒ  කාලයම
චෙස්නට් ගසත් නිල් අහසත් අත ළඟම
තනි රැක තිබුනු  බව දුටුවෙමි  හැමදාම
බොහො දුර ඇතැයි මා සිතු වේලා කුළුන
අත මායිමෙන් දිස්වුනි ඔබෙ  කවුළුවට
තත්පර කට්ට වටයක් යන  හැමවිටම
ඔබ එය ගණන් කරනට ඇති  හැමදාම
නිදහස පතා කිසිවක් කරනට  බැරිව
තම දිවි ගෙවන විට රහසේ  මුලු ලොවට
දිනපොත  ඔබට තනි රැකි බව ඒ දවස
මට   ඒ  රහස කිව්වේ අර නිල්  අහස
බොහො දුර ගෙවා ආවෙමි ඔබ දැක ගතිමි
දවසින් වරුවක්ම මා මෙහි සැරි සැරිමි
අත හැර යන්න බැරි ගතියක් මට  දැනුනි
යන්නට හැරෙමි ඉන්නට බැරි කම්  ඇතිමි
ඔබ හෙලු කඳුළු හැම තැන විසිරී තිබුනි
ඒ කඳුලින් මා නෙතු කඳුලින් පිරුනි
මම මගෙ කඳුළු කවි අකුරුව ඇමිනුවෙමි
මේ දුක් මතක අමතක වන්නට කලිනි
මේ ලෙස ලියමි ඔබෙ දින පොත සේ රකිමි….!

Advertisements

29 responses ඊළඟ »

  1. හා හා… ඔන්න අක්කගේ ස‍හෝදරී හම්බවෙලා.

    මේ කවිය ගලාගෙන යන විදියට නං මං හරිම කැමතී..
    “චෙස්නට් ගසත් නිල් අහසත් අත ළඟම
    තනි රැක තිබුනු බව දුටුවෙමි හැමදාම”

    කවියේ නිමිත්තත් එක්ක හිතට එක දිගේ ගලාගෙන එන දඩබ්බර සිතුවිලි හරිම පරිස්සමින් , මනා සංයමයකින් හසුරවලා තියෙනවා.(ඈන් ට තියෙන ආදරේ හින්ද ද)
    ” දිනපොත ඔබට තනි රැකි බව ඒ දවස
    මට ඒ රහස කිව්වේ අර නිල් අහස ”

    ඈන් දැක්කට පස්සේ හිත තවත් කාව්‍යමය වෙලා ‍වගේ…මන්දාකිණියේ මම කැමතිම කවි අතරට එකතුවෙන තවත් කවියක්..

    ඉතිං ඔයාගේ සහෝදරී ඈන් ගැන විස්තර කියලා පසු සටහනක් දැම්මොත් හොඳයි නේද ?

    -ජය

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • අක්කෙ,
      යෝගි කියනව වගෙම

      ” දිනපොත ඔබට තනි රැකි බව ඒ දවස
      මට ඒ රහස කිව්වේ අර නිල් අහස ”

      කියන පද දෙක නම් හරී…………..ම ලස්සනයි..

      ප්‍රති-පිළිතුරු සැපයීම
    • සමාවෙන්න..!! සමාවෙන්න..!! හැමෝම
      අද නම් හොඳටම වෙලා ගියා ඔයාලට නිවාඩු දවස් උනාට මේ දවස් දෙක තමා මගේ වැඩ දවස් දෙක..:D
      ඔන්න දැන් තමා යාන්තන් මේ පැත්තට එන්න පුලුවන් උනේ..

      @යෝගී
      ස්තූතියි බොහෝමත්ම..!!! ආ ආ සමහරවිට එහෙම වෙන්නත් පුලුවන් නේද…?? 😦 😦
      කාව්‍යම නෙවේ ඒ ගෙදර දැක්කාම නම් හොඳටම දුක හිතුනා.

      ඈන් ගැන පසුවදනක් ලියන්න ගියොත්.ඒ ලියන දේ පුංචියට ලියවෙන්නේ නැහැ..ඒ නිසා..මම හිතුවා ඒ ලිපිය චාරිකා සටහන් වලට එකතු කරන්න..
      සහ මාස කීපයක්ම නැවතිලා තිබුන චාරිකා සටහන් පෙල ඈන්ගෙන් ආයිමත් පටන් ගන්න..
      පුලුවන් ඉක්මනටම ලියලා ඉවර වෙලා කියන්නම්කෝ ඔක්කෝටම …

      ප්‍රති-පිළිතුරු සැපයීම
  2. ලෝකය අකාලයේ මිලින කළ ඈන් ෆ්‍රෑන්ක් වෙනුවෙන් මේ ඔයාගෙ තිළිනය ද අක්කෙ…
    හරිම ලස්සනයි..

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. ඈන් ෆ්‍රෑන්ක් වෙනුවෙන් ඉපදිච්ච අපූරු කවකකැය අකාලයේ මියගියත්…මතකය…
    හරිම සුන්දරයි නිමන්තී…

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • ඔව් ඇත්තටම
      අකාලයේ මිය ගිය ඇය කොයි තරම් අසරණ වෙන්න ඇතිද?? කියලා
      සැබැවින්ම දැක්කාම කාට උනත් මෙහෙම හිතෙයි දිල්.. 😦 😦

      අද ආපහු බොහෝම සතුටින් මම ඔයා ව පිලිගන්නවා..
      උදේ බොහෝම හදිසියෙන් උනත් ඔයාට පිලිතුරක් දෙන්න විතරයි මට වෙලාවක් ලැබුනේ..
      බොහෝම සතුටුයි ඔයාව අදුන ගන්න ලැබුන එකට..
      මම නිකමටවත් ඒ ගැන නොසිතුවෙ..මම ඉන්න දිනවල..ඔයාගේ ක්‍රීඩාව අපේ පාසලේ නොතිබුනු නිසයි.. 🙂 🙂

      ප්‍රති-පිළිතුරු සැපයීම
  4. කවි ටික ලස්සනයි.ඒ වුනත් එකේ විස්තර කරන්නේ ඈන් නිසා ඔබ සිතේ ඇති වුන දුක මිස ඈන්ගේ දුක නෙවෙයි කියලයි මට හිතෙන්නේ.

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • බොහෝම ස්තූතියි..!!!!!!!!!
      ඇත්තටම ඈන් නෙවේ තමා මේ කථා කරන්නේ..
      ඒ නිවස තුලට ඉර එලිය කිසිම විදියකින් ඇතුල් නොවෙන්න සකස් කරලා තියන්නේ….
      හිතලා බලන්න..අඟලක පුංචි සිදුරකින් බොහෝම ප්‍රවේශමෙන් පිටත බලමින්,
      දහවල් කාලයක් පුරා කිසිම ශබ්දයක් නොකරමින්…
      ගෙවන ජීවිතයක් ගැන….
      මම ඇත්තටම බොහෝමත්ම කම්පනයට පත් උනා..
      ඒ වෙලාවෙ නම් මේ කිසිම දෙයක් ඇත්තටම මට හිතුනේ නැහැ.

      මේ ඔබේ gadfly කියන නම දැක්කාම මට මතක් වෙන්නේම ආතර් සහ
      E.L Voynich ගේ THE GADFLY
      එවිට
      මම
      ජීවත් වුවත්
      නැතත්
      වාසනාවන්ත මැස්සෙක්මි!!!!! 🙂 🙂
      කියන ඒ පොතේ සඳහන් වචන ටික..

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • මම නම ගත්තේ ඒ පොතෙන් තමා. මගේ ප්‍රියතම පොත් කීපයෙන් එකක්. ඔබ සඳහන් කරලා තියෙන කොටස තියෙන්නේ රිවාරේස් තමාගේ මරනයට කලින් ජෙම්මාට ලියපු ලියුමේ . ඒ පොතේ තියෙන සංවේදීම තැන තමා ඔහුගේ මරනින් පස්සේ ඇයට ඒ ලියුම ලැබෙන වෙලාව.මතකද?

        “Dear Jim.”

        The writing grew suddenly blurred and misty. And she had lost him again –had lost him again! At the sight of the familiar childish nickname all the hopelessness of her bereavement came over her afresh,and she put out her hands in blind desperation, as though the weight of
        the earth-clods that lay above him were pressing on her heart.

        “Then am I A happy fly,
        If I liveb Or if I die.”

      • හ්ම්ම්ම්ම්ම්ම්
        ඔබ ලියන දේවල් කියෙව්වාම මට නිකමට වගෙ හිතුනා.
        මමත් බොහෝම කැමති පොතක්..
        සත්‍යට බොහෝමත්ම ලඟයි වගේ එය..
        ලිපිය ජිම් අතට පත්වෙන තැන වගේම.., වෙඩිපහරවල් වැදිලා..උනත් තමන්ගේ මිනීවල පෙනි පෙනී ආයෙමත් නැගීසිටින්න තරම්..ඒ වගේ කථාකරන්න තරම් නිර්භීතකමක්..මේ සිද්ධීන් දෙකම එක වගේම සංවේදීයි මට නම්..
        කථාව හරිම ඉක්මනින් අවසන් කරලා බවක් මට දැනෙනවා මේ පොත කියවන හැම විටකම මේ සිද්ධියෙන් පස්සෙ….අනිත් හැම තැනදිම උවමනාවටත් වඩා විස්තර සහිතව සිද්ධීන් ඉදිරිපත් කල කතුවරිය..ඊට පස්සෙ හරිම ඉක්මන්වෙලා වගෙයි මට නම් හිතෙන්නේ..
        පොත කියවපු කෙනෙක් විදියට ඔබේ අදහස මොකද්ද ඒ ගැනකියලා දැන ගන්න මම කැමතියි.. කතුවරියගේ ඒ ඉක්මන් වීම ගැන..

        තවත් දෙයක් අන්තිම පද කීපය තේරුම් ගත්තොත් පුංචි වැරදීමක් තියනවා තමා ඔබ කිව්වා වගේම.., මම ඒක හදන්න හිතුවා මේ විදියට දැන් හරි මට කියන්න ඕනෙ උනදේ හරියටම 🙂

        ඔබ හෙලු කඳුළු හැම තැන විසිරී තිබුනි
        ඒ කඳුලින් මා නෙතු කඳුලින් පිරුනි
        මගෙ ඒ කඳුළු කවි අකුරුව ඇමිනුවෙමි
        මේ දුක් මතක අමතක වන්නට කලිනි
        මේ ලෙස ලියමි ඔබෙ දින පොත සේ රකිමි….!

  5. ඈන් වෙනුවෙන් හිතට නැඟුන සිතුවිලි අක්ක හැමදාමත් වගෙ හරි අපූරුවට කවි කරලා…. මේ ගැන වැඩිය මුකුත් කියන්න බෑ අක්කේ……. මොන හේතුවක් නිසාද මන්දා මේ කතාව ගැන හුඟක් දෙනා කිවුව දුක්බර කතා නිසාම මට මේක කියවන්න හිතුනේ නෑ……… සමහර විට මගෙ අතට මේ පොත් පත් වෙද්දි මමත් ඈන්ගේ වයසෙම හිටි නිසා ඈන් මිය ගියා කියන දේ මගේ මනසට දරන්න බැරි වෙන්න ඇති…. ඒ වයස වෙද්දි වයසට ඔරොත්තු නොදෙන තරම් පොත් කියවලා තිබුණත් මේ පොත කියවන්න නොහිතුනේ ඒ නිසා වෙන්න ඇති…..

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • @විශ්මි මං සාත්තරයක් කියන්නද ?
      ඒ පොත ඔයාගේ අතට පත්වෙනකොට ඔයාට වයස කීයද කිව්වොත් මං තව අවුරුදු දහයකින් ඔයා‍ගේ වයස කීයද කියනවා …

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • @යෝගී
        ඔහ්: ඒ ගමන සාස්තරත් කියන්න පටන් අරගෙනද..??
        මම කියන්නම්කෝ ඉස්සෙලාම තව අවුරුදු 10 කින් විශ්මිගේ වයස දැන් මගේ වයසට සමාන වෙනවා ඇති කියලා මට හිතෙනවා..!!
        බලමුකෝ හරිද??කියලා..
        හොඳට මතක තියාගන්න මම මගේ වයස ගැන කිසිම ප්‍රශ්නයක් මෙතන අහලා නැහැ හොඳඳ???

      • හා හා…
        එනෙනං විශ්මිට දැං 41 ක්?.
        හරිද බලන්න මගෙ ගනිත සෑත්තරේ

      • @යෝගි අයියා.. අනේ අම්මෝ…… මම එච්චර වයසයිද? මං දන්නෙත් නෑනෙ…….

      • හා හා ඔය තියන්නේ ගණිත සාස්තරේ..
        කොහෙන්ද දන්නේ නැහැ ඉගන ගත්තේ නේද..??විශ්මී..
        අපිටත් යන්න ..
        අහසේ තරු ටිකවත් ගණන් කරගන්න පුලුවන් වෙයි
        මේ සාස්තරේ ඉගන ගත්තොත්..
        කාගේ හරි වයස කොහොම උනත් 🙂 🙂

    • @විශ්මි
      ම්…ම්. ඒකත් ඇත්ත..
      මට හැම වෙලාවෙම මෙහෙම හිතිලා තියනවා..
      මෙහෙම හැංගිලා ඉන්න…කඳවුරක දුක් විදින්න වගේ සිදූඋනා නම් මට මොනවා හිතෙයිද?? මම මොනවා කරයිද??කියන එක..
      ස්තූතියි..!!! විශ්මී

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • @යෝගි අයියා, නිමන්ති අක්කා…… හි හි ඔය දෙන්නට මගේ වයස හොයන්න ගණන් හදන්න ඕනෙ නෑනෙ…. මගේ profile එක බැලුවනම් හරි…….. 😀

      • එහෙම උනානං ෂුවර් එකටම අක්කේ ඔයා ඈන් ලිව්වා වගේ දෙගුනයක් ලියයි.. පන්සිය පනස් ජාතක පොත ව‍ගේ දීග….. එකක්

      • @යෝගී
        මමත් මේ තරම් කල් හිතාගෙන නම් හිටියේ ඕක මොකද්ද?? කියලා තමා..
        ඒත් ඒක එහෙම නැහැ..
        ඒ නිවසේ අදටත්..ඒ භයානකකම එහෙමම රැදිලා තියනවා…
        අඩි දෙකක් වත් පලළ නැති ලී තරප්පු පේලියකින් එක පාරකට යන්න පුලුවන් එක්කෙනෙකුට විතරයි..
        කාර්යාලයකට ඒ වගේ තැනක් තෝරා ගත්තේ ඇයි..???
        ඒක නම් රහස් බිංගෙයක්ම තමා..
        මම කිව්වේ මේ කිසිම දෙයක් මටනම් ඒ වෙලාවේ එතනදි හිතුනේ වත් නැහැ…ඒතරම්ම භයානකයි..
        ඒ භයානක කම වචනයෙන් විස්තර කරන්න බැහැ.. 😦

  6. කමෙන්ට් එකක් දාන්න පරක්කු උනේ මම කතාව කියවලා නැති නිසයි. වවුල් තිප්පොලේ චමිල චිත්‍රපටයක් ගැන කවියක් ලියුවා. බලන් ඉන්න බැරිම තැන ඒක හොයන් බැලුවා. දිල් කවියක් ලියලා තවත් චිත්‍රපටයක් ගැන. දැන් ඒකත් බලන්න ආසාවක් ආවා. ඒ අස්සෙ අක්කා ඇනී ෆ්රූන්ක් ගැන ලියලා. පුස්තකාලෙදි මම නිතර දැකපු නමුත් මගේ අත නොගිය පොතක්.

    පොත කියවපු දිනයක මේ කවියත් අනිවා කියවන්නම් ආයෙමත්. නැත්නම් ඉතින් උඩින් අතපත ගෑමක් විතරයි මගෙ අතින් වෙන්නෙ.

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • ආ දෙන්නම එකතුවෙලා පොතක් අත් ඇරලා ..
      කියවලා බලන්නකෝ..
      පොතෙන් පෙනෙන දේවල් දහස් ගුණයකින් වැඩිවෙලා දැනෙන්න පටන් ගන්නවා සැබැවටම ඒ නිවස තුලදී
      එය හරිම බිය කරුයි
      මම දැන් හිතනවා මරණයෙ සීතල කියන්නේ ඒ හැඟීමට වෙන්න ඇති කියලා
      බොහෝම ස්තූතියි…!!!!!! මල්ලී

      ප්‍රති-පිළිතුරු සැපයීම
  7. @nimanthi
    ඇට මැස්සාගේ මරනින් පස්සේ කතාව ඉක්මනින් ඉවර කරලා කියන ඔබේ කතාවේ තරමක් දුරට ඇත්තක් තියෙනවා.ඒකට හේතුවකුත් තියෙනවා. ඒක කතුවරිය ඇගේ පොතේම ලියලා තියෙනවා, මෙහෙම.
    And now the land of his heart’s desire had vanished, like the fairyland of golden sunset dreams that fades away when the darkness comes; and he was driven back into the world of every day and every night–the
    world of Grassini and Galli, of ciphering and pamphleteering, of party squabbles between comrades and dreary intrigues among Austrian spies–of
    the old revolutionary mill-round that maketh the heart sick. And somewhere down at the bottom of his consciousness there was a great empty place; a place that nothing and no one would fill any more, now
    that the Gadfly was dead.

    Someone was asking him a question, and he raised his head, wondering what could be left that was worth the trouble of talking about.
    ඇට මැස්සාගේ මරනින් පස්සේ කතා කරන්න තරම් වැදගත් දෙයක් නැහැ නේද?
    එතකොට ඔබේ කවියට කරපු වෙනස් කම ……
    ඇත්තටම ඒ වෙනස වඩා හොඳින් ඔබේ අදහස කියනවා කියලා මට හිතෙනවා.
    හැබැයි මම හොඳ කවියෙක්නම් නෙවෙ. දැක්කානේ මම ලියලා තියෙන කවිය. හරිම ගොරහැඩියි නේද? ඒ වුනත් ඒ දරුවාගේ මරනය ගැන කියවුවාම මට ඒ කවිය නොලියා බැරි වුනා.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  8. ‘a place that nothing and no one would fill any more,’ හ්ම්ම්ම් ඒක නම් ඇත්ත තමයි..නේද??? ඒ අඩුව පිරවිය හැකි එකක් නෙවේ.

    ඔබ ලියලා තියනදේ ගැන මා නම් සෑහීමකට පත්වෙනවා.කියන්න ඕනෙ දේ එතන තියනවනේ.
    මම ඇත්තටම දැකලා තියනවා අලියෙක් පෑගිම නිසා මියගිය පුද්ගලයෙක්ව..මීට අවුරුදු 10 කට විතර කලින්..,
    ඒ මරණය කොයි තරම් නම් වේදනාකාරී වෙන්න ඇතිද කියලා මට නම් තාමත් හිතාගන්න බැහැ..
    පුංචි දරුවෙක්…එක මොහොතකට හරි කොයි තරම් වේදනාවක් දරන්න ඇතිද..මේ වගේ දේවල් කවදා නිවැරදි වෙයිද?? හිතාගන්නවත් බැරි තරම්…
    හරියටම මායා එලියක් පිටිපස්සේ දුවන ඉතාලිය වගේ අපිටත් දැන් උන්හිටි තැන් හොයාගන්න බැහැ වගෙයි මට නම් හැඟෙන්නේ
    ස්තූතියි බොහෝමත්ම……!!!

    ප්‍රති-පිළිතුරු සැපයීම
  9. හ්ම්ම්ම්ම් , ස්තූතියි කියලා දැම්මේ සංවාදය නවත්වන්න නේද? ඕන්න මම ගියා
    ආයෙත් නිවාඩු වෙලාවක ලියන්නම්

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • හපොයි පිස්සුද ??? 😦 😦
      මට මේ විදියට කථාකරන්න ලැබුනේ පළවෙනිම වතාවට..කෙනෙක් එක්ක.
      ඒකමයි මම මේ මේතරම්..විස්තර ලිව්වෙත්..
      එහෙම නම් හිතන්න එපා.
      නිවාඩු වෙලාවක අනිවාර්යයෙන්ම එන්න..
      ස්තූතියි! කිව්වේ කථා කරන්න ආවටයි..
      ජිම් වගේ සංවාදය අරගෙන යනවා මම 😀 🙂

      රිවාරේස් කෙනෙක් වෙන්න..හැබැයි අනිත් කරදර නැති.
      ඒ ලියන විදියට ලියන..
      දැන් ඉතින් මේකටත් අර විදියටම ලියන්න එපා යන්නනේ මේ කියන්නේ කියලා
      නිවාඩුවෙලාවක නොවරදවාම එන්න..!!

      ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: