බලා නොසිටිමි ….

ඔබ එතැයි කියා සිතමින්

මඟ බැලිමි බොහෝ කල් මං

තරු එක්ක කථා කරමින්

සුභ සිහින පොදි  බැඳිමි මං

යලි  එතැයි කියා සිතමින්

මං බෝම පෙරුම් පිරුවත්

ආය එන්න බැහැයි කියමින්

ඔබ යන්න ගිහිං නොවැ දැන්

ඔබ යන්න ගිහිං වග නම්

මම දන්නෙම නැහැ එතකන්

මගේ සිහින කඩා ඉහිරන්

මඟ බලන්නේ නැහැ ආය නම්

හෙට එන්න හිතූවත් දැන්

පිලිගන්න බෑනෙ දැන්නම්

ඔබ යන්නම යන්න ඉතිං

මඟ බලා නොසිටිමි   මං…

61 responses ඊළඟ »

  1. හොඳ සිතිවිල්ලක්.
    බලා නොසිටින්න හැකිනම් යන්නට දීම වඩාත් යහපති.යන්න කිවුවට හෝ ගියාට පස්සෙ බලා සිටීම තමයි වේදනාත්මක.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. යන්න දුන්න එකේ වැරද්ද… මත්තේ නැහෙන්න ඕනෑ යන්න හදන කොට…

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. අක්කා ගොඩක් දෙවල් කැඩිලා ඉක්මනට හැදෙනවා නෙද හැමදෙම එහෙමමත් නෙමෙයි නෙද… ස්තුති ඔයාට මට මෙහෙම යම් යම් දෙවල් උගන්වනවට.. හරිම ලස්සනයි.. ගැහැනියෙකුගෙ හිත තෙරුම් ගන්න අමාරුයි ගොඩක්. වත් අක්කා දවසක් මට කිව්වා. අම්මා කියන තැනදි හැරෙන්න අන්සැම තැනකදිම ගැහැනිය චපලයි කියලා….හරිම වටින විදියටනෙ වචන එකතු කරලා තියන්නෙ.. හරිම ලස්සනයි.. බොහොම හිමිට ගොඩක් දෙවල් කියලා.. හරිම ලස්සනයි…

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • මම නම් හිතන්නේ කාගෙ උනත් හිතක් තේරුම් ගන්න අමා රුයි කියලයි…

      නැහැ ගැහැනිය චපලයි කියන එකට නම් මම එකඟ නැහැ රවා. අම්මා කියන තැනදි මවක් සහ දරුවෙක් අතර තියන සම්බන්ධයේදී දෙදෙනාම ඉතා හොඳින් දන්නවා එකිනෙකා කිසිම විටක එකිනෙකාරවටා නොගන්නා බව අනිත් හැම තැනදිම කාන්තාවකට ඒ විශ්වාසය ඇති කර ගන්න බැහැ නේද?? ඒක නෙවෙයිද ??හේතුව
      කැඩිලා හැදෙනවා වෙන්න පුලුවන් ඒත් විශ්වාසය කියන එකනම් පලුඳු උනොත් ආය කවදවත් පෙර පුරුදු විදියටම හැදෙන්නේ නැහැ කියලයි මම හිතන්නේ.

      බොහෝම ස්තූතියි ..!!!!!!!!රවා.මම මේ හිතපුදේන් ඔයා මොනවාම හරි දෙයක් වටහාගත්තානම්…මම ඒ ගැන සතුටු වෙනවා…
      මගේ අරමුණ තමා..මම හිතන විදියට කෙනෙක් හිතුවොත්…එහෙම හිතලා ඒ කෙනා වෙන කෙනෙකුට හරි මේක මෙහෙම වත් කරලා බලමු හරියයිද?? කියලා වගේ දේකින් ඕනෙම කෙනෙක්..සහනයක් ලබනවා දැකීම..

      ප්‍රති-පිළිතුරු සැපයීම
    • අනේ මේ රවා… ලොකේ කරක් ගහපු උඹ මොනවා තිරුම් ගන්නද මේ නියපිටින් ගැහුවම තුවාල වෙන දලඹුවන්ගෙන්…? ටිකක් අඩු චපල එකක් හොයා ගනින්…. වැඩේ ක්ලෝස්

      ප්‍රති-පිළිතුරු සැපයීම
  4. සමහර අය මම ඉස්සරහා අර්ථ දක්වන යම් යම් දෙවල් වලට මෙ කවියෙන් පිළිතුරු හමබ වුනා. දැන් එ වගෙ තැන් වලදි සමහර අය තනි වෙන එකක් නැහැ..

    ප්‍රති-පිළිතුරු සැපයීම
  5. නවත්තගෙන වද විඳිනවට වඩා යන්න දෙන එක දාහෙන් සම්පතයි අක්කෙ..
    ගියාට පස්සෙ කාලය ඇති වුන තුවාලෙ සුව කරනව.. ඒත් නවත්තගත්තම හිත නිතර ම පෑරෙනව..ඒ හින්ද මම කැමතිත් යන්න දෙන්න.. ඒත් එක කොන්දේසියක් එක්ක…
    ‘යළි එන්නම එන්න ම හිතුනෝතින් නුඹ එන්න එපා මගෙ හිත තහනම්..’

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • ඇත්තටම ඔව් නංගී මම නම් හැමදාමත් හිතන්නේ එහෙමයි..
      හැබැයි ඉතින් මට ඒ විදිය අත්දැකීමක් නම් නැහැ… කියනවා වගේ ලේසි නොවෙන්න පුළුවන් කරන්න ගියාම..
      මේකත් කියවලා බලන්නකෝ වෙලාවක් තියනවනම්..
      ඔයාගේ සිංදුවට සමානයි..
      ඔයා කියවන්න නම් ඇති සමහරවිට මේක.
      පෙබරවාරියේදි විතර ලියපු කවියක්

      නිසල විල….!!!

      ස්තූතියි බොහෝමත්ම..!!!

      ප්‍රති-පිළිතුරු සැපයීම
    • පයිප්පේ ඇර ගන්නනේ ඉතින් බලං ඉන්නේ… ඉදිලද කියලවත් බලන්න බෑනේ කෙක්කෙන් තට්‍ටුවක් දාපු ගමන්ම තුවාල වෙලා කිරි වෑස්සෙන ගස්ලබු ගෙඩි නේ… මොකට සම්බන්ධ කම් ඇතිකරගන්නවද මන්දා… කැප කිරීම් කරන්න බැරි… පරිස්සම් කරගන්න බැරි… වාත කෝච්චි….

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • අනේ මගේ කට..
        ඔය තියෙන්නේ කෙකි අරං ගිහිල්ලා තට්ටු දාපු කතන්දර..
        රටේ ලෝකේ පුරා ලබ්බවල් වලට තට්ටු දාලා කෙකි වට්ටි අරං රුවන්වැලි සෑ වඳින්න යනවා කියලා ඒවා අහක ඉන්න අහිංසකයන්ගේ ගේ පිටිං අරිනවා නේද?

      • මොකටද කෙක්කෙන් තට්‍ටු දාන්න යන්නෙ… ගස්ලබු ගෙඩිවලට ඒ වයෙ පාඩුවෙ ඉන්න දීල තමන් තමන්ගෙ පාඩුවෙ හිටිය නම් ඉවරනෙ..
        මටත් අහන්න තියෙන්නෙ ඕකම තමයි..
        “මොකට සම්බන්ධ කම් ඇතිකරගන්නවද මන්දා… කැප කිරීම් කරන්න බැරි… පරිස්සම් කරගන්න බැරි… වාත කෝච්චි….”
        ඊයෙ රෑ මම ආයෙ ඉදිලද බලන්න ආවම අහුනොවුනු එක ගැන හරි දුක ඇති නේ..

      • හහ් හහ් හා…. සතුටේ බැරුවා.
        මේවට උත්තර දෙන්ඩ ලොක්කා මේපැත්තේ එන්නේ නැත !

  6. මාත් යන්න දුන්න නිමන්තී…ආයේමයි එයි කියලා බලා උන්නෙ නෑ.එන්නෙ නෑ කියලා දන්න නිසා….හරියටම අවුරුදු 5ක් ගියා…….දුක් වින්දා..අන්තීමට හිත හදාගත්තා…..මම එහෙම හිතුවා…
    ඒත්…තාමත් හිත පහුරු ගාලා වද දෙන්නෙත් ඒ මතකයමයි….ඒක අමතක කරන්නෙ කොහොමද?

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • මට සැබෑ අත්දැකීමක් නැතුව..මම දෙන උපදෙස් නම් ප්‍රායෝගික නොවේවී නේද?? නංගි..
      අනික ඉතින් අවුරුදු 5 කියන්නෙත් ලොකු කාලයක්නේ.
      මම මෙහෙම කිව්වොත්..අනිත් හැම තැනදීම බොහෝම ශක්තිමත්ව..ජීවිතයට මුහුණ දුන්න ඔයා..
      මෙතනදි විතරක් හිතටම ඉඩ දීලා නිකන් බලාගෙන ඉන්නවා නේද??මට හිතෙන්නේ එහෙමයි…
      අනිත් හැම තැනදීම ඔයා බොහෝම ප්‍රායෝගීක උනේ ඔයා ඔයාගේ හිතට ඕනේ විදියට වැඩ කරන්න ඉඩ නොදුන් නිසා..මෙතනදිත් එහෙම කරන්න..
      Match එකකට ගිහින් පැරදුනා කියලා අඬලා තියනවද..??
      මම නම් කවදාවත්ම නැහැ..නංගී..කමක් නැහැ අපි ඊලඟ එක කොහොම හරි ගහමු කියන්න තරම් මම ශක්තිමත්..
      මම හිතනවා ඔයත් එහෙම කෙනෙක් කියලා..ඉතිං මේ ගැනත් තව කාලෙ ටිකක් හරි අරන් හිත හදා ගන්න බලන්න..
      බලාගෙන ඉන්න එක තේරුමක් නැහැ නංගී…

      ප්‍රති-පිළිතුරු සැපයීම
    • මෝඩ හරකියෝ…. එහෙම කොහොමද දාලා යන්න දෙන්නේ…. ? එක්කෝ තමන් බාගෙට ආදරේ කරලා… එහෙම නැත්නම් යන යක්ක එපා වෙන තරමටම හිත රිද්දලා ගිහිං… ඔය ඇරුනහම කොහොමද අප්පා එහෙම යන්න දෙන්නේ…? පිරිමියෙක් වෙලා මටනම් බැරියෝ… ඔක්කොම විනාස කරනවා… මං නං මගේ හිතයි ඒ හිතයි දෙකම…

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • “ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි” . . .. මම හිතුවේම මේක බොරුඅක් කියලා . . ප්‍රේම කල හිතකින් වෛර කරන්නේ කෝමැයි . . ? ඒත් . . ඒත් . . මේ උඹ කියන විදිහට “ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි” වගේ නෙද??

  7. මේක ගොඩාක් හිතට වැදුනා.. හේතුව මේ මගේ ජීවිත කතාව නිසා.. නිමන්ති අක්කා.. හැමදාමත් වගේ ඔබේ පද අනර්ඝයි….
    ඔබ මා ගැන සිතා නොලියු මුත්, ඔබ ලියු දේ මාම කියා මට හැඟුනා..
    ඒත් මම දුර්වලයි එක තැනකදී…
    යන්නම ගිය දේ ‘ගියාවේ’ කියා පයින් ගහන්න බැරි තරම් මම දුර්වලයි… ආයි ආවොත් කුණු ගොඩක් උනත්, බදා ගන්න තරම් මම දුර්වලයි…

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • ඔයාට කියන්නේ මොනවද?? කියලයි මම මේ කල්පනා කලේ
      අර ඔයා දවසක් ලියලා තිබුන මුදුවේ කථාවටත් මම නොදැන දුන්න උත්තරය නිසා ඔයා හිත රිදවගන්න ඇති කියලා මට හිතුනා.
      .ඔයා හොඳින්ම දන්න ඔයාගේ ඒ දුර්වල කම ටිකින් ටිකවත් පාලනය කරගන්න උත්සාහ කරන්න නංගී..
      මම හිතන්නේ ඔයාට පුලුවන් ඒක කර ගන්න.
      .එහෙම නැති උනොත් හැමදාම හිත රිදවගන්න වෙයි නේද???

      ප්‍රති-පිළිතුරු සැපයීම
    • මහම මහ මෝඩියෝ… දුර්වල නම් පටන් ගත්තේ මොකටද…? අනෙක් නිමන්ති කියන විදිහට මේක මැච් එකක්ද…? ඊලඟ එක දිනනවා කියලා හිතන… විකාර… මේක knock out tournament එකක්… You have to play to WIN… නිකං දුර්වල වෙන්න එපා ඔක්කොලම එක්ක එකතු වෙලා… මහ නෝංජල් අප්පා…

      ප්‍රති-පිළිතුරු සැපයීම
  8. මේ පින්තූරෙ දිහා බලලා ඒ වගේ තේමාවක් ගැන හිතන්නේ කොහොම ද? අර ඇරුනු දොරින් එබී බලාසිටින බලාපොරොත්තු පිරුණු අහිංසක ගැහැණියක් ඔයා දකින්න ඇති. ඔයා දෙයක් දිහා බලන කෝණය වෙලාවකට මාව පුදුම
    කරවනවා අක්කේ.
    යාම් ඊම් තමයි ජීවිතයේ පිරිලා තියෙන්නේ.. සමතුලිත මනසකින් ජීවිතේ යතාර්ථය දකිනා ශක්තිමත් ගැහැණියකගේ හිත ඔයා අකුරු කරලා වගේ..

    -ජය

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • මේ පින්තූරෙ දිහා බලලා ඒ වගේ තේමාවක් ගැන හිතන්නේ කොහොම ද?නේද ??
      ඇයි ඉතින් ඔය තියන්නේ
      මිදුල පුරා විසිරුනු අතීතයේ කළු සෙවනැලි..
      ඒ අතරෙම තියනවා නේද?? තැනින් තැන ආලෝකයත්
      ඒ තමා නැවත
      මඟ නොබලන්නට අලුතින් ජීවිතේට එක්වුනු බලාපොරොත්තු
      කොතනද ඇරුණු දොර..?? මම ඒක දැක්කේ නැහැ
      මම හිතුවේ වසා ඇති සියලු දොර ජනෙල්..
      නැවත ආවත් පිලිනොගන්නා බවට පල කෙරෙන ඉඟියක්..
      ඉතාමත් නිහඬ බවක් පල කරන
      මුළු පරිසරයම..සියල්ල විද දරා ගන්නා ඔබ කියන
      සමතුලිත මනසකින් ජීවිතේ යතාර්ථය දකිනා ශක්තිමත් ගැහැණිය…!!!
      මේ මම හිතුවදේ දැන් කියන්න බලන්න මල්ලි ඔයාට හිතුනදේ…

      ප්‍රති-පිළිතුරු සැපයීම
    • හරි හරි එතකොට සාත්තු කරල හදාපු පැලේ ගලවං යනකං බලං ඉන්න එක තමා සමතුලිත කම… මේං තවත් මඝ මානවකයෙක්…!

      ප්‍රති-පිළිතුරු සැපයීම
  9. බලන් ඉන්නෙ නැතුව යන්න කියන එක හොඳයි….. ජීවිතය ඉදිරියට යා යුතුයි…. ඒත් ඉතින් යන්න කියන තරම් ලේසි නෑ අක්කේ යන කෙනා දිහා බලන් ඉන්න එක හෝ ගිය කෙනා අමතක කරන එක….. ඒත් බලා සිටීමට වඩා ඒ වේදනාව ඉවසන එක හොඳයි මට අනුව නම්……

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • ඕං ආවා ඒ පාර එයත්… අම්මපා ආසයි යන හැටි බලං ඉන්නවා දකින්න… මේ දුර්වල ගෑනුන්ගෙන් උපදෙස් ගන්න එපා ඔයා

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • ඒක දුර්වල කමක්ද කියන්න නම් දන්නේ නෑ අයියේ…. ඒත් යන්න හදන කෙනෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙන ආදරේ බලෙන් ලබාගන්නවට වඩා යන්න අරින එක හොඳයි කියල හිතෙනවා.. නැත්නම් අපි රැවටෙනවනෙ තමන්ගේ නොවන දෙයක් තමන්ගෙයි කියලා හිතන් ඉන්න එකෙන්……. එහෙම දෙයක් මගේ කියල හැඟෙන්නෙ නෑ මට නම්…

        හැබැයි මගෙයි කියල හැඟෙද්දි නොයා බැරිකමට යන්න හදනවනම් ඒ ආදරේ මගේම විතරක් නම් අතපය ගැටගහල හරි තියාගන්නවා….. බැරි වුනොත් මරාගෙන හරි මැරෙනවා…

      • @ විශ්මී
        හපෝයි..මරාගෙන මැරෙනවා.. 😦
        දැන් යුද්ධෙ ඉවරයි ළමයෝ

    • අන්න මගේ නංගියා… ඇති යන්තන් කොන්ද පන ඇති එක කෙල්ලෙක් වත් මේ රෑනේ ඉන්නවා…

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • ඒකමත් නෙමේ අයියේ.. අපේ කපුටු පැටියා උදේ පාන්දර ම දීපු Talk එකට තද වෙලා ඔය ඉන්නේ.. රස්නේ ටිකක් අඩු උනාම එකම රෑනේ කුරුල්ලෝ..

      • @නිමන්ති අක්කා…… ආදර යුද්ධය ඉවර වෙන්න මැරෙන්නම ඕනෙ අක්කෙ…. මැරුනත් කොහේ කොහේ හරි තැන් වල මේ ආදරේ ඉතුරු වෙයි…..

        @තිස්ස අයියා…….. අනිවාර්යෙන් අයියේ…….. 🙂

        @යෝගි…… ඕන්න කිවුවා කතාවක්…. එක රෑනේ පියෑඹුවට එක තරමට පිහාටු නෑ අයියණ්ඩියේ……

  10. අදත් රටඉඳි මුට්ටියට පාරදීලා ද දන්නෑ..
    වැඩ වැඩිකම නිසා ජීවිතයක් අකාලයේ විනාස වෙනවා.. ගල් මල් අයියේ… ගෙදර තිබුනු රට ඉඳිබීම මුට්ටිය කෝ ?

    ප්‍රති-පිළිතුරු සැපයීම
  11. වැඩ වැඩිකම නිසා ජීවිතයක් අකාලයේ විනාස වෙනවා…= Maxaaa 🙂

    ප්‍රති-පිළිතුරු සැපයීම
  12. ඔබ සොයා එමි
    බොහෝ දුර
    බොහෝ කල් සිට
    ගිරි දුර්ග
    වන මැදින්
    පා පැලී රුධිරය ගලයි
    රුදුරු වනසතුන්
    ඉව කරයි රුහිරු සුවඳට
    තරු පවා නොමැති රාත්‍රියේ
    පා පැකිලි ඇද වැටෙයි
    අතරමං වී සිටිම් මම
    මේ මහා වන ගැබේ
    සොයමි නෙතු අයා
    මග කියන තරු ලකුණ
    අමාවක රෑ අහස
    කලු වලාවෙන් වැසී ඇත
    ඉතින් මම කෙසේ එන්නද
    ඔබ කියන ඉක්මනින්

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • කෙදින හෝ ඒවි යැයි
      මඟ බලා සිටිත හැක
      ඔබ එන්න කැමති නම්
      ඉක්මනින් නාවාට
      අමනාප නැහැ ඉතිං
      අද අමාවක උනත්
      පුර පෝය සඳ එක්ක
      සතුට අරගෙන එන්න
      තරු ලකුණු මඟ කියයි
      අද නැතත් හෙට තියෙයි
      නොවැරදිම ඔබ එන්න
      පුංචි තරු කැටක් හෝ
      ඔබට මඟ කියනු ඇති
      කලු වලා පාව යයි
      සඳත් අටවක මවයි
      තනිකමක් නොදැනේවි
      හෙමි හෙමින් එන්න ඔබ
      කඳුකරය රුදුරු බව
      සීතලද කටුක බව
      නොදන්නවා නොවෙයි මම
      දෙපා පැකිලී වැටෙයි
      වනසතුන් හඹා එයි
      හෙමි හෙමින් එන්න ඔබ..
      හැබැයි ආය නොයන්නම
      හිත හදාගෙන නේද ?????
      ඔබ ආය මෙහි එන්නේ..!!!

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • ඔන්න ඕකනේ කියන්නේ… උඩ කවියයි comments යි බැළුවාම ආයෙ එන්න එපා කියල පන යනකං කෑ ගහනවා… ඊට පස්සේ කියනවා හෙමි හෙමින් එන්න , කමන් නෑ කියලා.‍
        බලාගෙන ගියාම රටඉඳි බීලා සූරපප්පා කියන ඒවයේ වැරැද්දක් නෑ නෙව..

        අක්කේ මේ කවිය ගැන කියනවනං ඒක තව post එකක දාන්න තරම් ලස්සනයි..

      • මටද??? මේ කියන්නේ
        හපොයි මෙහෙමත් රහස් පරීක්ෂකයෝ
        අහන්න මල්ලී මම උත්තරය දුන්නේ මේ ලියලා තියන කවියටනෙ
        මේ ගිය කෙනා නෙවේනෙ
        අලුතෙන් එන කෙනෙක් නේ
        කෙනෙක් ගියා කියලා ඊට පස්සේ එයා අමතක නොකර ඉන්නද කියන්නේ
        ඒකනෙ මම මේ ජිවිතේ මල් ටයි දිල් ටයි දෙන්නටම කියන්නේ
        කල් අරගෙන හරි හිත හදා ගන්න කියලා
        අපි නම් යන අයට යන්නම අරිනවා ඔබ යන්න..මොකද්ද ඒ සිංදුව පන යනකන් නෙවේ ඕනෙ විදියකට කෑගැහුවට අපි සැලෙයි ඕවට…ගියොත් නම් ආය එනු බොරු 😀
        ඉස්සෙල්ලා අහලා දැන ගන්න එපැයි මෙයත් යන්නවත්ද??
        එන්නේ කියලා..
        එක පාරක් වැටුන වලේ මොකට වැටෙනවද? ආයෙත්.

        “ඔබ ආය මෙහි එන්නේ..!!!”
        තැන ‘ආය’ නැහැ

        එතනදි වැරදීමක් වෙලා. 😀
        බලන්නකෝ
        අමාරුවෙන් උත්තරයක් ලියලා
        Press එකට බාරදුන්නාම අකුරු ටික අමුනන්න
        ඒකවත් හරියට කරන්නේ නැහැනේ..P
        ඔහොම මයි ඔය කට්ටිය ආය මමම අකුරුත් අමුනන්නම් කෝ නේද???
        මේ වගේ වැරදි නොවෙන්න D
        හපොයි මේ මල්ලිත් ලේසි නැහැ 🙂 🙂

      • කෙදින හෝ එන්න
        හැකි වේද නොම දනීම්
        යලිත් කියමි
        මග බෝ දුෂ්කරයි
        මර උගුල් අනන්තයි
        හඹා එන වන සතුන්ගෙන්
        බේරුමක් නැති හැඩයි
        හෙමි හෙමින් ඇදෙන
        මේ ගමන අනියතයි
        ජීවිතය සෙමැයි
        එපා ඔබ බලා ඉන්න
        ජීවිතයේ සිහිනයන්
        ඔබව පසු කරන් ඉවත යයි
        මේ සොඳුරු යව්වනය
        ගෙවී යයි නොදැනීම
        විඳිය යුතු ජීවිතය
        එපා ඔබ විඳවන්න
        සුබ සිහින වැළඳ ගෙන
        ජීවිතය විඳ ගන්න
        එපා ඔබ බලා ඉන්න
        ඒත්
        මම එන්නම් කෙදින හෝ
        හිත හදාගෙන
        ෆ්ලොරෙන්ටිනෝ අරීසා සේ
        ෆර්මිනා දාසා සොයා ආ

      • කෙදින හෝ එන්න
        ඔබ දුන් පිලිණ
        තබා හද තුල
        රකිමි මම මතක
        යව්වනය
        නිමාවනු ඇතිය
        බොහෝවිට
        ඊට කම් නැත
        මඟ බලමි මම
        ජිවිතය තුටින් විදින්නට
        කෙදින හෝ
        ලැබේ යැයි
        සිතමි මම
        ඉතිං ඔබ එන්න
        යලි කියමි..
        මඟ බලමි..! මම

        @ gadfly මේ ෆ්ලොරෙන්ටිනෝ අරීසා,ෆර්මිනා දාසා කියන නම් මට මතකයි ඒත් කොහේද?? එය තියන්නේ කියලා මම මේ තරම් වෙලා මතක් කරා..මතක් කරගන්න බැරි උනා..
        කියන්න පුලුවන්ද??

  13. අදහස ඇත්තටම ලස්සනයි. ඒත් මම කියවපු ඔයාගෙ අනිත් කවිත් එක්ක බලද්දි මේකෙ ටිකක් ආධුනික බවක් පේනව. සමහර විට ඒ ආයාසයකින් එළිසමය රකින්න ගිය නිසාද කියලත් හිතෙනව. සමහර තැන් වලදි රිද්මය බිදිල. කොහොම උනත් ඊලග කවිය ලියනකල් බලාගෙන ඉන්නව. සුබ පැතුම්.

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • මම ඉතාමත් වෙහෙසට පත් වෙලා ..හේතුව ඒක වෙන්න ඇති..

      මම ලියන දේවල් පැටලිලි සහගත ..බව මටත් තේරුනා
      සමාවෙන්න..ඔබේ වටිනා කාලය නිකරුනේ වැය උනානම්..
      දැන් වචන වැඩි ගනනක් වැයකරන්න සිදුවෙලා මට ඕනෙ දේ කියන්න
      අනිත් වැදගත්ම දේ තමා මම ඇත්තටම ආධුනිකයි..
      මගේ වැරදි පෙන්නලා දෙන්න කාටම හරි පුලුවන්නම්!!!! මම කැමතියි
      ස්තූතියි වළාකුළු…!!!!!
      ඔබව හොයාගන්නත් බැරුවයි මම හිටියේ..
      අර කවි තිබුන පිටුව සොයා ගන්නේ කොහොමද ???

      ප්‍රති-පිළිතුරු සැපයීම
  14. රූස්ස ගස් මුදුන් එකිනෙක පැටලී
    වියනක් මෙනි අහස තලය යට
    හිරු එලිය බිඳකුදු නොවැටෙන
    පොලෝ තලය මඩ වගුරකි
    අඳුර දැඩිය වෙනසක් නැත
    දිවාකල වුව රාත්‍රිය වුව
    මේ අඳුර මැඩ මග කියනුව
    අවැසිය දිදුලන හදවතක්
    දන්කෝ ගේ මෙන්
    ලොවට එලිය දී මිය ගිය
    හැකිනම් අඳුර පලවා
    ලොව එලිය කරන්නට
    කැප කර මගේ හද
    එන්නම් කෙසේ හෝ
    අවසන් සුසුම් පොද
    ඔබ තුරුලේ හෙලන්නට

    @ nimanthi
    ෆ්ලොරෙන්ටිනෝ සහ ෆර්මිනා ඉන්නේ ගෙබ්රියේල් ගාර්ෂියා මාර්කේස් ගේ “කොලරා කාලේ ආලේ” නව කතාවේ . අනික ගූගල් තියෙද්දී මොකටද මතක් කරන්න මහන්සි වෙන්නේ .ගහලා බලන්නකෝ .

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • ඉර එලිය නැති
      ගොහොරු බිම මත
      යටි වියන යට
      සෙමින් ගමනින්
      තනිව එනවිට
      තනිය මකනට
      කෙනෙක් නැතිමුත්
      මුදු සුළඟ ඔබෙ තනි රකිවී
      එන්න හැකි බව දනිමි ඔබහට
      දිදුලනා හදවතත් රැකගෙන
      ඉතිං මක් වෙනවාද ??
      මඟ බැලුවාම මම ..

      ඔහ් ඒකත් ඇත්ත දැන් මට මේ අත ළඟ තියන දේත් පෙනෙන්නේ නැතිද ??
      කොහෙද..
      ඇත්තටම මම ඒක අමතකවෙලා හිටියෙ..
      ස්තූතියි!!!!! ඒක මතක් කරලා දුන්නට ඔයාට

      ප්‍රති-පිළිතුරු සැපයීම
  15. මේක කියෙව්වාම මොන හේතුවක්දෝ මන්දා . . මට ආවේ මගේ හිතට ආවේ එකම එක හැඟීමයි . . .

    දයාබර දෙවෙන්දරා සං . . .
    මට බෑ තවත් බලන් ඉන්න නම් . . .
    මේ ඔබේම නොරිකෝ සං . . .

    ප්‍රති-පිළිතුරු සැපයීම

nimanthi වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න