RSS Feed

රැදෙන්න මේ ලෙස…..

නැවුම් දියෙන් පිරි මැටි කළයක්

සිත් පහදවනා පුන් කලසක්

සමන් පිච්ච මල් පෙති  අහුරක්

මගේ ලොවට  නුඹ සොඳුරු කවක්

අඳුරු ලොවට මගෙ එලිය අරන්

නොසිතූ මොහොතක සොයා ඇවිත්

පවන් රොදක් සේ ලඟම ඉදන්

සිත් අහසට තරු මල් ඉසිමින්

පුංචි ලොවම මගෙ එලිය කරන්

රැදෙන්න මේ ලෙස හැමදාමත් …!!!!

Advertisements

55 responses ඊළඟ »

  1. ලස්සන, ආදරණීය කවියක්.
    නියමයි අක්කෙ.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. එක දිගටම අනං මනං කියන්න ගිහින් අමනාප වෙයිද දන්නෙත් නෑ. ඒත් මට හිතෙන්නෙ හොද කවියෙක් වෙන්න ඉවසීමත් හොදට තියෙන්න ඕනෑ. වෙන කෙනෙක් ලිව්ව නම් ලස්සනයි කියල කියනව. ඒත් ඔබ දැන් ආපස්සට යන්න වගේ හදන්නෙ. කලබල වෙන්න එපා. හෙමින් හොඳ ගමනක් යන්න ඔබට පුළුවන්.

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • නැහැ නැහැ එහෙම අමනාප වෙන්න හිතනවනම්
      මම කියන්නේ නැහැනේ
      ” මගේ වැරදි පෙන්නලා දෙන්න කාටම හරි පුලුවන්නම්!!!! මම කැමතියි” කියලා
      මම එහෙම කිව්වෙත් ඇත්තටමයි..විහිලුවකට නෙවෙයි.

      ආපස්සට යන්නම නෙවේ වළාකුළු මම හිතුවා මෙහෙම දේවලුත් ලියන්න පුලුවන්ද?? කියලා බලන්න ඕනේ කියලා මම ගොඩාක් වෙහෙසට පත් වෙලා ඉන්න වෙලාවේ.
      ඔබ කියනවා හරි මගේ ඉවසීම පලුදුවෙලා..මේ දවස් ටිකේ මම බොහොම කලබලයකට පත්වෙලා..
      සාමාන්‍යයෙන් මම ගෙවන්නේ කලබල හරිම අඩු ජීවිතයක්..ඒකයි මේ වෙනසට හේතුව..මම හිතන විදියට.
      මේ සතිය ගෙවිලා යද්දින් මට පුලුවන් වෙයි බොහෝ විට ආපහු හැරිලා එන්න බලමු ..!!
      බොහෝමත්ම බොහෝමත්ම ස්තූතියි…!!!!!! වළාකුළු..ඔයා හැමදාමත් බොහෝම අවධානයෙන් මේ මම ලියන දේවල් කියවන එකටත්..
      මම ලියන දේවල් ගැන ඔබට හිතෙන දේවල් කියලා යන එකටත්..
      මමත් ඔයාලා කියන හැම දේම ගැන ගොඩාක් දුරට හිතනවා.. 🙂
      ස්තූතියි…!!!!!! ආයිමත්

      ප්‍රති-පිළිතුරු සැපයීම
  3. “මගේ ලොවට නුඹ සොඳුරු කවක්”…
    නියමයි අක්කේ…
    මේ පේලිය විතරක් අරගෙන ඔයාට ආයෙ කවියක් ලියන්න පුළුවන් වෙයි වගේ..
    “අඳුරු ලොවට මගෙ එලිය අරන්”…
    පින්තූරේ තියෙන එළිය සහ අඳුර ඔයාගේ කවියෙන් ලස්සනට එළියට ඇවිල්ලා තියෙනවා.. අපූරු නිර්මාණයක් ..

    -ජය

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • අද නම් කවිය ලියලා ඉවර වෙලයි..මම පින්තූරයක් තේරුවේ..

      “අඳුරු ලොවට මගෙ එලිය අරන්”…කියන පද පේලිය නිසාමයි ඇත්තටම මම මේ මල තෝරලා ගත්තේ..
      මට හිතුනා පසුබිම දැඩි අඳුරක තියන නමුත් මලට දීලා තියන එලිය නිසා මේ කවියට ගැලපෙයි කියලා.
      බොහෝම ස්තූතියි..!!!!!!!!මල්ලී

      ප්‍රති-පිළිතුරු සැපයීම
  4. ආදරණීය ප්‍රාර්ථනාවක්.ආරාධනවක්…සුන්දරම හැගීම ආදරය ගිලිහෙන්නේ නැතිව රඳවගන්න හිතෙන සිතිවිල්ලක්..හරිම අපූරුයි නිමන්ති අක්කා

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • ස්තූතියි…!!!!!!!! නංගියේ
      ඇත්තටම මගේ ප්‍රාර්ථන ය ආදරේ අහිමිවීම නිසා දුරස් වීම නිසා රිදිලා තියන හිත් ළඟට සතුට ඉක්මනින්ම ලං වෙන්න කියලයි..
      දුක හිතෙන දේවල් නම් ගොඩා ක් ලියන්න පුලුවන් උනත්
      මෙහෙම ලිව්වේ කියවලා යන එක්කෙනෙක් වත් පුංචි වෙලාවකට හරි පුංචි හරි සතුටක් ලබයි කියලයි…
      හැබැයි කවුරුත් අතරමං කරන්න නම් නෙවේ

      ප්‍රති-පිළිතුරු සැපයීම
  5. රැදෙන්න මේ ලෙස හැමදාමත් ………..
    ලස්සනයි නංගා

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • අහා..!! අද ‘ මන්දාකිණියට’ අක්කා කෙනෙක් ඇවිත්. ඉතිං ඔන්න බොහෝමත්ම ආදරෙන් මම ඔයාව පිලිගන්නවා..
      මට ඉන්න තරමක් ඉන්නෙ නංගිලා මල්ලිලානේ .. D

      ‘රැදෙන්න මේ ලෙස හැමදාමත් ………..’
      ඇත්තෙන්ම මම හැමදාමත් ප්‍රාර්ථනා කරන්නේ එහෙමයි..හැම දෙනාටමත්..
      ස්තූතියි බොහෝමත්ම!!!!!!!! මන්දාකිණියට ඇවිත් යන්න ආවටත් මම වෙනුවෙන් සටහනක් තියලා ගියාටත්…

      ප්‍රති-පිළිතුරු සැපයීම
  6. @වළාකුළු:
    ඔබේ අදහස ගැන මම දෙයක් කියන එක හරිද මන්දා.. වරදක් නම් සමාවෙන්න.
    ඒත් මට මේ කවිය කියවගෙන යද්දී හිත පුරා බොහොම අව්‍යාජ හැඟීමකින් ලියැවුනු එකක් විදියට පේන්නේ.එක එක්කෙනාට පෙනෙන විදිය ද.. මා හොඳ කවියෙක් නම් නෙවෙයි. ඒත් මේ වගේ දේවලින් හොඳ වින්දනයක් ලබනවා.

    මේ කවියේ මං දැකපු විශේෂත්වය කියන්න ද.

    පද ‍පේලි දහයක් ගලපලා තියෙන මේ කවියෙන් ඇය කියන්න තනන්නේ පුංචි පේලි දෙකක පනිවිඩයක් නේද ?

    නොසිතූ මොහොතක සොයා ඇවිත්
    රැදෙන්න මේ ලෙස හැමදාමත් …!!!!

    අනිත් පද පේලි අට පුරාම කියැවෙන්නේ ඔය මුල කියපු පදයේ සඳහන් වෙන කෙනා පිළිබඳ ඇයගේ හදවතට දැනෙන හැටි සහ දෙවැනි පදයේ සඳහන් ආකාරයට ඒ පුද්ගලයාට මෙන්න මේ විදියට මා ළඟින් ඉන්න කියන ආකාරය ඇයට දැනෙන විදියේ කාව්‍යාත්මක ගැලපීමක් නොවේද ?..

    නැවතත් කියන්නම්.. මේ මට හිතුනු දේ …

    කෙබඳු විචාරයක් වුවද සතුටින් පිළිගෙන ඇය තවත් සුන්දර නිර්මාණ අපි වෙනුවෙන් කරාවි ඉදිරියේදී . මා සිතන්නේ ඔබේත් මගේත් පැතුම එයයි .

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • යෝගි, මමත් කවියෙක් නෙවෙයි. ඒකමයි ආසාවෙන් මේ පිටුව හොයාගෙන ඇවිත් කියවන්නෙ. මම මේ කවිය හොඳ නැහැ කියල නෙවෙයි කියන්නෙ. මම කියවපු නිමන්තගෙ සමහර කවි වල තියෙන ගැඹුර මේ කවියෙ නැති බව. නමුත් රසය තියෙනව.

      ‘නැවුම් දියෙන් පිරි මැටි කළයක්’

      ‘සිත් පහදවනා පුන් කලසක්’

      වැනි යෙදුම් ඇත්තටම අපූරුයි. ඒත් මේ වගේ කවි හුග දෙනෙක් ලියනවා. ඒත් හොඳට බලන්න මන්දාකිණියෙ නිමන්තිගෙ අනන්‍යතාව රැකගත්තු සංවේදී නිර්මාණ රැසක් තියෙනව.

      නමුත් කවියෙකුව එක තැනක හිර කරන්න අපට අයිතියක් නෑ. එතැනදි මම වැරදියි.

      ඔබේ අදහස් වලට ස්තුතියි. නිමන්ති අනාගතයේ අපේ ප්‍රියතම කිවිදියක වේවි. ඒක නිසැකයි.

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • ඔබ හරි .. එතනදි මම එකඟයි. ඇයගේ බොහොම නිර්මාණ බොහෝ පුළුල් මාතෘකා ඔස්සේ ගලායෙන යනවා.. සමහර වෙලාවට ඊමෙල් එකක් දාලා නිමිත්ත අහගන්න වෙන්නේ 🙂

      • @වළාකුළු & යෝගී
        ඔයාලා දෙන්නම වගේ තමා මමත්..
        ලිවීමේ බොහෝ අත්දැකීම් ඇති පල පුරුද්දක් ඇති කෙනෙක් නෙවේ..මම
        ඉතින් මට ඔයාලා හැම දෙනාගෙම අදහස් ගොඩාක් වටිනවා.
        ඔයාලා දෙන්න මේ කථාකරලා තියන දේවල් හැම එකක්ම මම මතක තියා ගත්තා හොඳද..???
        දෙන්නටම බොහෝමත්ම ස්තූතියි!!!!! මෙහෙම දේවල් මට පෙන්නලා දෙනවට..
        මම ලියන දේවල් කියවන්නත් ඔයාලා හැමදාමත් එන්න..

  7. මගේ ලොවට නුඹ සොඳුරු කවක්

    ඒ කව අමුණන මුතු දෙපොටක්
    ඒ කවි ලියවෙන පත් ඉරුවක්
    ඒ කව කියවන සොඳුරු හිතත්
    ඒ හින්දම මං ළඟ ම ඉතින්

    රැදෙන්න මේ ලෙස හැමදාමත් …!!!!

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • WOW …!!! චේජනා හරිම ලස්සනයි..!

      මුතු දෙපටේ මුතු කැට අහුලන්
      පත් ඉරුවේ කවි පද කියවන්
      සොඳුරු හිතේ ආදරය දරන්
      තනියට හැමදා ලඟම ඉදන්
      අපි යමු ජිවන ගමන ඉතින්!

      ප්‍රති-පිළිතුරු සැපයීම
    • මේ වගෙ අදහස් හැමදාම හිතුනට අද වගේ sure ම දවසක ඇරෙන්න ලියන්න බෑ අක්කෙ..

      “මම නැතුවට ඔය ඕන තරම් අය ඉන්නේ දැන්…” වගේ හිත රිදෙන ඇනුම් පද අහන්න වෙනව මට… එතකොට මම පව් නෙ..ඒව අහල ඇඬුවම….

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • මම ඔයාට දවසකුත් කිව්වෙ නංගී
        ගහකින් කොලයක් වැටුනත් වැස්සක් වැස්සත්, ඒ වැස්සම පෑව්වත් අපි හිත රිදවගන්න ගියොත් ආය වෙන වැඩක් නැහැ කියලයි මම නම් හිතන්නේ,
        මම වැඩ කරන්නෙත් එහෙම හිතාගෙන එතකොට ඇත්තටම අපේ හිත් රිදෙන වාර ගණන අඩු වෙනවා…
        මම කියනවට ඔයා කරලා බලන්නකෝ
        sure ම දවසක කියන්නේ …?????
        ඒත් ඉතින් මේ ඊට පස්සේ කියලා තියන දේ නම් ඇත්තටම මට තේරුනේ නැහැ..

      • අක්කේ…
        ඔයා ඉන්න පැත්තේ ලොකු කළුගලක් නැද්ද ? චේජනාට කියනවට වඩා හොඳා කියන කට ගලක අතුල්ලගන්න එක.

  8. ලස්සන කවිපෙල, හරිම සෞම්යයි. ගොඩාක් රසවින්ඳා.
    රූපය හරි විස්තරාත්මකයි.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  9. නුඹේ දැක්ම මට සුභ දසුනක්
    ගත සනහන මුදු මඳ පවනක්
    සිත නිදි ගන්වන ගී තනුවක්
    රිදෙන හදට නුඹ දිව ඔසුවක්

    ගිනි ඇවිලෙන නව සටන් බිමේ
    දිවිය හරින්නට සිතු මොහොතේ
    නුඹේ සුසුමන් මා ළඟ දැවටී
    අසීරුවෙන් මා කැටි කරගත්
    මගේ දිරිය දිය කර ලයි

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • WOW….!!! gadfly
      “නුඹේ දැක්ම මට සුභ දසුනක්
      ගත සනහන මුදු මඳ පවනක්
      සිත නිදි ගන්වන ගී තනුවක්
      රිදෙන හදට නුඹ දිව ඔසුවක්”
      මේ ලියන්නේ ලස්සනට..! මෙතන නැහැනෙ කිසිම ගොරහැඩි බවක්.
      ඔන්න ඔයාටත් පුලුවන් ලස්සනට ලියන්න..!!

      ගිනි ඇවිලෙන විට සටන් බිමේ
      ඇයි නුඹ ඒ ලෙස පසු බැස්සේ
      දිව ඔසුවක් සේ ඔබව රකින්නට
      කවියක් පා කර එවමි මෙසේ

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • thank you.

        පසු බැසීම් ……
        එය මෙහි වලංගු නැත
        මේ සටන ජීවිතයයි
        මරණයට එරෙහිව කරන
        ඉදින් පසු බැසීමක් නොමැත
        ගිනි දැවෙන යුද බිමෙන්

        ඔබේ කව් දිව ඔසුවක් බැව් සැබැයි
        එනමුදු දුබල කරන මා සිත
        පලා යන්නට සිතෙයි ඔබ සොයා
        මේ රණ බිමෙන්
        එහෙත් ය මරණයයි
        මක් නිසාද යත්
        මේ ජීවිතයේ යුද බිමයි

      • මරණය
        එක් නැවතුමක්ම පමණයි..
        යලි ඇරඹෙනු ඇත
        නව දිවියක්
        එදාට
        අපි හමුවෙමු නැවතත්
        එතකන්
        සමු ගමි පුරුදු ලෙසින්..!

  10. සුමට පද පෙලක් අක්කේ……. සැහැල්ලුවෙන් ලියපු පද පෙලක්………. මේ වගේ ආදරණීය හැඟීමක් මේ විදිහට ලියවුන නිසාම ලස්සනයි…..

    ප්‍රති-පිළිතුරු සැපයීම
  11. ප්‍රේමණීය ප්‍රේමයක් . . .
    ප්‍රේමියකගේ උදාන ගීයක්
    ලෙසට හැඟුනු හැඟීමක්

    දැනේ මට සුවඳක්. . .

    පියඹා යන ලෙසක් . . .

    මන්මත් වූ ප්‍රේමයක් . . .. !

    හරිම ලස්ස්න පද පේලියක් නිමන්ති . . . මේ කවිය ඇතුලේ ඇත්තෙන්ම හරිම ජීවී ගතියක් තියෙනවා . . .

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • බොහෝම ස්තූතියි..!!! දුකා
      ‘මන්දාකිණිය’ට ඇවිත් යන්න ආවටත්..මේ ලියලා තියන දේටත්..
      ඒත් ඉතින් මේ දවස් වල නම් අගක් මුලක් මැදක් ගලපන්න බැරි දේවල් මම අතින් ලියවෙන්නේ කියලයි …මට හිතන්නේ..
      ඒ නිසා මේ කියපු දේ ගැන මම බොහෝමත්ම සතුටු වෙනවා..

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • මට නම් එහෙම අගක් මුලක් නැති එකක් කියලා හිතෙන්නේ නෑ . . .නිර්මානයක් රසවිඳිනකොට අපිට ඒ නිර්මාණය හරහා අපේම සිතුවිල්ලක් ගොඩනගා ගන්න පුලුවන් නිසා ඔයා අගක් මුලක් නොහිතා ලිව්වත් මම නම් මේක ත් රසවින්ඳා . ..

      • ඔව් ඒක ඇත්ත ඕනෙම කෙනෙක් ලියන ඕනෙම දෙයක් දිහා
        අපි කොයි තරම් නැහැ කියලා හිතුවත්
        බලන්නේ අපේ සිත් තුල තියන දේවල් එක්ක තමා.
        ඒක ඇත්තම ඇත්ත..

  12. මම දන්නේ නෑ

    ලස්සනම ලස්සන කවි පෙලක් අක්කා.මං අදයි ඔයාව බලන්න අවේ.
    නැවුම් දියෙන් පිරි මැටි කළයක්

    සිත් පහදවනා පුන් කලසක්

    සමන් පිච්ච මල් පෙති අහුරක්

    මගේ ලොවට නුඹ සොඳුරු කවක්
    මේ කොටසට මගේ හිත ගොඩාක් බැදුනා…

    ප්‍රති-පිළිතුරු සැපයීම
  13. “පුංචි ලොවම මගෙ එලිය කරන්
    රැදෙන්න මේ ලෙස හැමදාමත්”

    සෑහෙන්න සිත් ගත්තු පද පෙලක් අක්කෙ. වැඩි වැඩි විචාර ඕනෙ නෑ. කියන්න තියෙන සේරම එකම එක වචනෙකින් කියන්නම්.
    පට්ටයි.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  14. හරිම ආදරණීය විදියට කරපු අහි0සක ඉල්ලීමක් වගෙයි. නොසිතූ මොහොතක ඒ ආපු කෙනාගෙ වටිනා කම කොතරම්ද කියල භාවිත කරපු සාර්ථක ස්0කේත මගින් පැහැදිලි වෙනව. ලස්සනයි.

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • ඇත්තටම නොසිතූ මොහොතක හිතාගන්නවත් බැරි තරම් දුරකින් එන අය අපිව පුදුමයෙන් පුදුමයට පත් කරනවා, හරීම වටිනවා තමා..
      එහෙම එන්න හිතනවා වගෙම ආය නොයා ම ඉන්නව නම් ඒකත් හොඳයි නෙ නේද?.
      එහෙම නැත්තම් ඉතිං කියන්න වෙන්නේ

      ‘රැදී ඉන්න ඔබ අතේ දුරින් ඔතනින්
      බලා සිටින්නම් දුරින් ඉදන් දුකකින්’ තමා
      මේක ලියද්දින් මම එහෙමත් හිතුවා..

      බොහෝම ස්තූතියි..!! ඉසිඹුව, මන්දාකිණියට ගොඩ වැදුනට.ඇයි?? ඔයා ගොඩක් දවසකින් ලිව්වේ නැත්තේ.

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • අනේ ඔව් මට විවේකයක් තිබුනෙ නෑ ලියන්න. පහුගිය දවස් වල අපි ගේ මාරු කළා ඉතින් ටිකක් වැඩ වැඩි උනා.

  15. @ nimanthi
    you are spending much energy in replying comments. it shows how kind you are. but……..

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • Gadfly..!
      But Y ….????
      ඉතිං කියලා යන්න..
      මෙහෙමයි අද නම් මට මේ අලුත් දේ කියන්නම ඕනේ උනා එච්චරයි. මේකටද ???
      කිව්වේ..,
      මම ඔබට කියපු දේටද ??මෙහෙම කිව්වේ.. ඒක නම් මට පැහැදිලි නැහැ. කියන්න..මම කැමතියි දැන ගන්න.!

      ප්‍රති-පිළිතුරු සැපයීම
  16. ඔබ මට කියපු දේට? නැහැ .එහෙම දෙයකට නෙවේ.
    නමුත් … මම කියන්න හැදුවේ නව නිර්මාණ කරන්න කියලා .
    වැඩි වෙහෙසක් අවධානයක් ඒ වෙනුවෙන් යොදන්න කියලා. මට මේ නිකම් හිතුන දෙයක්.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  17. @nimanthi
    හේතු අහන්නේ නැහැ. හැබැයි අලුත් පොස්ට් එකේ පරණ රිද්මය නැහැ වගේ.

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • සමහරවිට වෙන්න ඇති..මාස හතරක් වගේ පුංචි කාලෙකදි මීට පෙර කිසිදු පලපුරුද්දකුත් නැතිව තියද්දින්..ලියන්න ගියාම එහෙම වෙනවා ඇති කියලා මට හිතුනා..ඒක76 වෙනි කවිය මේ බ්ලොග් එකේ.
      බොහෝම ලොකු දේවල් කරන්නේ කොහොමද?? මම.

      Thank you..!!! gadfly

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • බොහොම ලොකු දේවල් කරන්නේ කොහොමද මම ? කියල අහන්නේ තරහ ගොහින් වගේ. අපොයි මම දොසක් නෙවේ කිව්වේ. මං කිව්වේ පරණ රිද්මය නැහැ කියල විතරයි. අනික ඒ මට හිතුන දෙයක් විතරයි. ඔබේ පරණ නිර්මාණ ඔක්කොම කියවන්න තවම වෙලාවක් හොයාගන්න බැරි උනා. ඒවත් කියවන්න ඕනේ සැසඳීමක් කරන්න .

      • අනේ මංදා තරහා යන්නේ මොනවටද ..??
        මම කිව්වේ ඇත්ත..එහෙම නැතුව ඉතින් කොහොමද? ඕක කියන්නේ කියන්න බලන්න..
        ඒ මම දෙයක් කියන විදිය ..තරහා ගිහිං නෙවේ. 🙂
        කියවලා බලන්නකෝ වෙලාවක් ලැබුනාම.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: