RSS Feed

ඔබ පමණක් දුටු මාවත් නොදුටුව මං…..

අතැඟිලි අල්ලා සිත තැවරූ සෙනෙහෙන්

සෙනෙහස හඳුනා සතුට ලදිමි ඔබගෙන්

ලඟම ඉදන් ඔබ හෙලන සුසුම් හඳුනන්

කඳුළු සැලිමි මම ඔබේ නෙතට රහසින්

ඔබෙ පිය ගැටෙනා හඬ හඳුනමි  මං දැන්

අතැඟිලි  බැඳුනේ පියගැට පෙල අසලින්

වාරු උනෙමි මම ඔබෙ දෑතට සෙනෙහෙන්

ගිලිහී යා දැයි නොදන්න මුත් එතෙකින්

සිත් අහසේ  මම  රටා ඇදිමි සැනෙකින්

පාට වලලු  පෙල  ඇඟි තුඩින් අතගා

තෝරාගමි මා  කල හැකි කිසිවක් නෑ

ඔබ පමණක් දුටු මාවත් නොදුටුව මා

රකින්න හැකි දැයි කියන්න බලන්න හිත රිදවාගන්නෑ…..

Advertisements

48 responses ඊළඟ »

  1. හරිම හැගීම්බර කවියක්. ඇත්තටම සුන්දරයි. සුබ පැතුම්!!!

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. අතැඟිලි බැඳුනේ පියගැට පෙල අසලින්

    වාරු උනෙමි මම ඔබෙ දෑතට සෙනෙහෙන්

    ලස්සන ලොකයකට අපිව අරගෙනයනවා….ලස්සන් කතාවක ලස්සන ආරම්බයක් වගේ…..

    ලස්සනයි…

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. මට ලස්සන මුල් 3/4 විතරයි.. අනිත් කාලේ මොකද්දෝ පරහක් දැනෙනවා නේ..

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • හ්ම්ම්ම්ම්… එහෙම කියලා විතරක් මම දැනට නවතින්නම් නේද..??
      පස්සෙ වෙලාවක ආපහු ඇවිත් බලලා යන්නකෝ එතකොට හරි 🙂 🙂
      බොහෝමත්ම සතුටුයි….!!! නැවත දකින්න ලැබීම ගැන නව නිර්මාණයකුත් සමගින්ම.
      මට මේ අදනෙ තේරුනේ හරියටම හේතුව 🙂 🙂
      කමක් නැහැ කොහොම හරි..නේද..??
      බොහෝම ස්තූතියි ….!!!!!

      ප්‍රති-පිළිතුරු සැපයීම
  4. මුදු පදපෙලක මුතු වලින් කාන්තිය විහිදෙයි…
    ඒ තුල ගැබ්ව ඇති බලාපොරොත්තුවේ පොහොට්ටුව අගේය…සුපිපේවා!
    පදවැල ගොඩාක් රසවිඳා. සුබපැතුම්.

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • ඇත්තටම කාගෙ උනත් බලාපොරොත්තු ඉටුවෙනවා නම් මමත් හරිම කැමතියි.
      කවුරුත්ම දුක් නොවිද.
      විශේෂයෙන්ම ආදරය වගේ දෙයකදි. එහෙම නැති උනාම සමහරු තමන්ගේ ජිවිත ගොඩාක් අවුල් කරගන්න බව මේ ටික දවසට මට ඇත්තටම පෙනිලා තියනවා.
      ඒ හැමෝටම ඉක්මනින්ම තමන්ගේ සතුට ලැබෙන්න කියලත්
      මම ප්‍රාර්ථනා..!!!! කරනවා 🙂 🙂
      බොහෝම ස්තූතියි..!!! ඇවිත් ගියාට ‘මන්දාකිණිය’ට

      ප්‍රති-පිළිතුරු සැපයීම
  5. හා පැටික්කි (MS)

    ලස්සනයි අක්කේ…….

    ප්‍රති-පිළිතුරු සැපයීම
  6. ඔය සතුට සෙනෙහස ඔය විදියටම ලබන්න විදින්න කාලෙකට කලින් මාත් හිතුවා…හීන දැක්ක..දන්නෙවත් නැතිවෙලාවක් ඔක්කොම ගිලිහුනානෙ නිමන්ති අක්කා…

    ඒත් ඔයාගෙ සතුට කියවද්දී හිත ඇතුලෙ අමුතුම හැගීමක් උපන්නා…ආයෙමත් බලාපොරොත්තුවක් වගේ…

    හරිම රසවත් පද ටිකක් අක්කේ….සුබ පැතුම් මගෙනුත්

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • හ්ම්ම්ම්ම්
      බලමුකෝ නේද? අපි බලාපොරොත්තු ඉටු කරගන්න උත්සාහ කරමු..!!

      මම හිතන්නේ ඒ අමුතු හැඟීම එන්න ඇත්තෙ එක පාරටම නොතේරුන දේ නිසා වෙන්න ඇති දිල්
      ඇය දෑස නොපෙනෙන කෙනෙක්….
      ස්තූතියි..!! දිල්

      ප්‍රති-පිළිතුරු සැපයීම
  7. ලස්සනයි අක්කෙ, හරි සැහැල්ලුයි…
    ඒත් පොඩ්ඩක් දුක තැවරිල ද මන්ද…?

    ප්‍රති-පිළිතුරු සැපයීම
  8. දෑසින් ලෝකය දකින්නට වරම් නොලත් අහිංසකාවියකගේ‍ ප්‍රේමය…
    ස්පර්ශයේත් සුසුමේත් උණුසුමින්
    ඔහුගේ පියවර හඬින්
    ප්‍රේමය හඳුනාගන්නට උත්සහ කරන ඈ… මට ඇත්තටම මැවිලා පෙනුනා අක්කේ…
    ලස්සනයි.

    -ජය

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • අක්කෙ,
      යෝගි කියන තුරුම
      “ඔබ පමණක් දුටු මාවත් නොදුටුව මා” කිව්වට
      මට ඇගේ ඇස් පෙනෙන්නෙ නැති බව තේරුනෙ නෑ..
      ඒක තේරුනම කවිය තව ලස්සනයි, ඒක අලුත් සුන්දරත්වයක්…
      ඉස්සෙල්ල දුක තැවරිල කියල හිතිල තියෙන්නෙ ඒකයි මට..

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • @චේජනා:
        අපේ අක්කට හැමදාම කියනවා පොඩි පූර්විකාවක් පේලි දෙකක වත් ලියන්න කියලා කවියට… අඩු ගානේ පසුවදනක් වත්.
        ඕන්නං නියමෙට ම පූර්විකා ලියන අයිය කෙනෙක් ඉන්නවා … අඳුන්නලා දෙන්නත් පූලුවං..
        කොහෙද ඉතිං ..

      • ‘යෝගී & චේජනා
        මම ඒ අඩුව පුරවන්න තමා පින්තූරයක් දැම්මේ .:D
        අපි කොයිම වෙලාවකවත් වළලු තෝරනවද??? කන්දි අහල ..බලන්න
        ඇගේ ඇස යොමුවෙලා තියන්නේ ඈතකට මිසක් වළලු පේලිය දිහාට නෙවේ.
        මම හිතුවා තේරේවි කියලා.අනික ඉතින් මොකද?? වෙන්නේ චුට්ටක් විතර හිතුවාම නේද .?

        මට ඕනේ කවුරු උනත් නිකන්ම පද කීපය කියවලා මෙතනින් යනවා දකින්න නෙවේ. මොනවාම හරි දෙයක් අලුතෙන් හිතලා යනවා දකින්නයි..
        ඊට පස්සෙ ඔයාලගෙන් එක්කෙනෙක් හරි මොනවා හරි දෙයක් දැක්කාම අනිත් අය හිතන විදියට වඩා පොඩ්ඩක් හරි වෙනස් විදියට හිතලා..ඒකෙන් කාට හරි මොකක්ම හරි උදව්වක් උනොත් මම හිතනවා ..එතකොට මට සතුටු වෙන්න පුලුවන් කියලා.
        මගේ අරමුණ ඒකයි..

    • @යෝගී
      ඇත්තටම පූර්ණ අන්ධ භාවයෙන් පෙලෙන අය ලෝකයත් එක්ක ගණු දෙනු කරන්නේ,ලෝකය දකින්නේ
      ස්පර්ශයෙන් සහ හඬින්
      මට කියන්න ඕනෙ උනේ ඒකයි
      හැමෝටම වගේ වෙනසක් දැනුනත් හරියටම තේරුම් අරන් තියන්නේ මල්ලි විතරයිද..??? මංදා

      ස්තූතියි..!!! බොහෝමත්ම

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • @ යෝගී
        මේකනේ මට ලියන්න පුලුවන්. ඒත් එතකොට කවුරුත්ම හිතන්නේ නැහැනේ චුට්ටක් වත් මොකද්ද?? මේ කියන්නේ කියලා.
        වැඩි දෙනෙක් කියවලා තමන් හිතනදේ කිව්වට පස්සේ මම හැමදාම අනිවාර්යයෙන්ම කිව්වනේ මොකද්ද මට ඇත්තටම කියන්න ඕනේඋනේ කියලා.
        ඔන්න නොකියා හිටියා නම් ඔයා කියන දේ හරි මල්ලි..
        කෝ කවදද?? ඇහුවෙ එක්ක එන්න පූර්විකා ලියලා දෙන්න කෙනෙක් මට නම් මතක නැහැ. එක්ක එන්නකෝ ඉතිං එහෙම කෙනෙක් ඉන්නවා නම්..මාත් කැමතියි මමම මේ දේවල් කියනවට වඩා වෙන කෙනෙකුගෙන් පැහැදිලි කිරීම් ලබාගන්න ..එතකොට මටත් දෙයක් ඉගන ගන්න පුලුවන්නේ..
        ආය එනකොට අඬ ගහගෙන එන්නකෝ හරිද..?

      • ආ… එයා මේ බොහොම ජනප්‍රිය කෙනෙක්.. ඔයා දන්නවත් ඇති. තිෂ්ෂ කියලා අයිය කෙනෙක්. මං ආයෙ එනකොට කතාකරගෙන එන්නං…

      • @යෝගී
        මහින්දාගමනයේ පෙර ගමන් කරු නෙවෙයි නේද???
        එයා නම් එපා ඔන්න..:D

  9. පූර්විකා ලියන්න එපා. එතකොට ඔයාගෙ කවිය සාර්ථකද කියල ඔයාට මැන ගන්න බැරි වෙනවනේ.

    ”හැමෝටම වගේ වෙනසක් දැනුනත් හරියටම තේරුම් අරන් තියන්නේ මල්ලි විතරයිද..??? මංදා”

    ඔන්න ඔන්න රසිකයන්ට අපහාස කරන්න පටන් අරගෙන. හහ්.

    ෆනා චිත්‍රයටයෙ රූපරාමුව නිසාත් ඒක බලපු කෙනෙකුට ඉක්මනටම අදහස වැටහෙනවා.

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • අහා ..!!ඔයාටත් තේරුනාද?? කියන්න එපැයි කලින්. 😀
      එහෙනම් හරි .
      ‘ෆනා චිත්‍රයටයෙ රූපරාමුව’ ඔව්

      ඔව් ඇත්තටම පූර්විකාව නොලියන්නේ ඒ නිසයි.
      ටිකාක් විතර පස්සේ මේ කියන්නේ නැත්තන් ඇත්තටම මෙයාලා මගේ Mail එක පුරවනවා. ඒ නිසයි
      අනේ අනේ රසිකයින්ට අපහාස කලේ නැහැ. 😀
      මම කිව්වේ තේරුනේනැති අයට හොඳද???
      හපෝයි මොනව කරලවත් බේරෙන්න බැහැ වගෙයි මේ යාලුවන්ගෙන් මට 🙂 🙂
      ස්තූතියි..!! වළාකුළු

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • අක්කේ..
        පූර්විකාව ගැන මං ඔයාට කිව්වේ මේ කවියෙදි විතරක් නෙමේ.. උදාහරනයක් විදියට ඔයා Ann Frank ගැන ලියපු කවි‍යත් ඒකේ පින්තූරයත් ගත්තාමත් Ann ගැන කියවලා තියෙන ‍කෙනෙකුට මිසක් ඒ කවියේ නියම රසය විඳින්න බැරිවෙනවා..
        එතනදී ඔයා බලාපොරොත්තු වෙන දේ හරියටම ඉටුවෙනවද කියන එකයි මට හිතුනේ .. ඒකයි එහෙම ලිව්වේ..
        මේ ලිපියේම උඩින් චේජනාගේ ප්‍රතිචාරය බලන්න.
        “ඒක තේරුනම කවිය තව ලස්සනයි, ඒක අලුත් සුන්දරත්වයක්…” . ඔබට මට තියෙන වෙලාව , දවසේ වැඩ වලින් හෙම්බත් වුන වෙනත්බොහෝ දෙනෙකුට නොතියෙන්න පුළුවන්. ප්‍රෙහෙලිකා විසඳනවට වඩා ඔවුන් දෙයක් රසවිඳලා
        අක්කගේ හිත කියවලා යනඑක හොඳයි නේද කියල හිතුනා..

        කෙසේ වෙතත් සමාවෙන්න. ඔබේ බ්ලොග් අවකාශයේ මගේ අදහස් කියා කාගෙවත් හිතරිද්දන්න අදහස්කලේ නෑ.. මට හිතුනු පොඩි දෙයක් කිව්වා විතරයි.

      • @යෝගී
        ඔව් ඇත්තටම ඒක නම් එහෙම තමා..ඒත් ඊයෙත් මම කිව්වේ කවුරු මොනවා කොහොම ලිව්වත් අපි ඕනෙම දෙයක් දිහා බලන්නේ අපිට වඩාත් සමීප දෙයක් එක්කයි.
        අපි කාටවත්ම අපිට මුලුමනින්ම සමාන කෙනෙක් හොයන්න බැහැ නේද?ඉතින් මම කවි වලට පූර්විකාවක් දැම්මොත් කියවන්න එන කෙනාට මම බලකරනවා මම ලියපු දේ කියවන්නත් කලින්ම..ඔබ මේ දේ කියවන්න ඕනේ මෙන්න මේ වගේ මම හිතන විදියටම හිතලයි කියලා. ඉතිං ඕනෙම කෙනෙකුට මම එහෙම බල කිරීමක් කරන එක සාධාරනද..??
        නැහැ නේද..??
        මම හිතුවෙ ඒකයි..අනිත් කාරණය තමා.මම මෙහෙම කලාම ඕනෙම කෙනෙකුට පුලුවන් තමන්ගෙම කියන අදහසකුත් එක්කම ආපහු..මම මේ දිහා බලලා තියන විදිය සාධාරණ ද කියලා මම කියලා තියනදේ හරිද?? කියලා හිතලා බලන්න .
        කවුරුත් හිත රිදව ගන්න අවශ්‍ය නැහැ..ඕනෙම කෙනෙකුට තමන්ට හිතෙන දේ ලියන්න පුලුවන්..
        ඉතින් ඔයා මේ කියපු දේට පිලිතුර තමා මට තේරෙන පමණින් මම මේ දුන්නේ.
        ස්තූතියි බොහෝමත්ම …!!!!!ඔයාට

  10. යෝගීත් එක්ක මම එකඟයි… මම සාහිත්‍යක් කවදාවත් ඇසුරු නොකරපු හන්දා වෙන්නැති, මට ඔය මෙලෝ හත්තිලව්වක් හරියකට තේරුනේ නෑ…ඒක නිසා පූර්විකාවක් ලිව්වා නම්, තේරුමත් එක්ක ලස්සනට ගලපා ගන්න තිබ්බා… යෝගියා තේරුම කිව්වාම තමයි, මේකේ තියෙන ලස්සන මම වින්දේ හැබහින්ම..

    ඔයා ඉතිං කැමති නම් විතරක්, එහෙම කරන්නකෝ…අපි මොක්කුන්ද එහෙම කියන්න..

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • සාහිත්‍ය පිළිබඳව හසල දැනුමක් ඇති කෙනෙක් නෙවේ මමත්..අනිත් එක..මම කවදාවත්ම ..කොහෙන් හරි වචන වල තේරුම හොයලා දැන ගත යුතු විදියේ වචන එකම එකක්වත් භාවිතා කරන්නෙත් නැහැ.
      අනිත් එක ලොකූ සාහිත්‍ය දැනුමක් නැත්ත ඕනේම කෙනෙක් ලියන දෙයක් එය සරල නම් අපිට රස විදීමට බාධාවකුත් නැහැ.
      මුල් 3\4 ඔබ මුලින් ලස්සනක් දැක්කේ ඇය දෑස නොපෙනෙන යුවතියක් කියලා නොදැනමයි නේද??
      මම මේකට ‘දෑස නොපෙනෙන ඇය’ වගේ මාතෘකාවක් දාල තිබුන නම්..මේ ඇත්ත ඔබට තේරෙන්න තිබුන ..නමුත් ..ඒ ලොකු දුකකුත් එක්කම වෙන්න බැරිද..??
      නිකන් හිතන්න එහෙම.ඒත් මම එහෙම නොකරපු නිසා ඔබ ටිකක් හරි වෙනස් විදියකට නෙවේද?? මේ දිහා බැලුවෙ.
      ඊට පස්සෙ අර දැනුනු පරහා මොකද්ද?? කියල දැන ගන්න නෙවේ ද? ආය ඔබ මේ කවිය දිහා හැරිලා බැලුවේ අදත්.මම හිතනවා ඔව් කියලා.
      මේ ලෝකෙ හැමෝම එකම විදියට හිතන්න පතන්න ගියා නම් ලෝකය ඉස්සරහට යන්නේ නැහැ. වෙනස් වෙනස් විදියට හිතන පතන අය නිසයි ලෝකය ඉස්සරහට ගමන් කරන්නේ.කවුරුත්ම මම හිතන විදියටම හිතන ඕනේ කියලා මම හිතන්නේ නැහැ කවදාවත්..හැමදෙනාටම තමන්ගේම ඉඩක් ලබාදෙන්නයි මම එහෙම කරන්නේ..හැබැයි මම හිතන විදියත් එක්ක සසඳලා බලලා වඩාත් නිවැරදිම දේ තෝරා ගන්නවාටයි මගේ වැඩිම කැමැත්ත.
      ස්තූතියි….!!!! බොහෝමත්ම ඔබේ මේ අදහස් පලකිරීමට ..
      මමත් අලුත් දේ බොහෝම හිතන්න පෙලඹුනා මේ කථා බහ නිසා.

      ප්‍රති-පිළිතුරු සැපයීම
  11. කවිය ගැන නම් මම මුකුත් කියන්නෙ නැහැ.. බොහොම ස්තුති.. මම වයසට ගිය ආදරවන්තියෙක්ගෙ යැදීමක් , ඉල්ලිමක් දැක්කා.. කවියෙන් … ඔයා දන්නෙ නැති වුනාට හිතෙ හැංගිලා තියන දෙවල් ඔක්කොම කවියෙ හංගලා… එක ඔයා හිතලා කරා කියන්න නම් එපා… හරිද… අක්කෙ කවියෙක් කවදාවත් එයාගෙ ජිවිතයෙන් , ස්වායත්තව හැසිරෙනවා මම දැකලා නැහැ… ඔයා මෙ කවිය ලියලා නෙමෙ.. කොටලා.. තාලය තැන් දෙකකදි වෙනස් කරා.. අක්කා.. ගැහැණු කෙනෙක්ගෙ හිතක් තෙරුම් ගන්න හරිම අමාරුයි.. නමුත් ඔයාලා ලියන දෙවල් වලින් යම් යම් තැන් තියනවා මගෙ මොලෙට අහුවෙන.. දැන් මට හිතෙනවා මගෙ අදහස් හරිම ආත්මාර්ථකාමී නෙද කියලා..

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • කවිය කොටලා අනේ මන්දා මට නම් තේරෙන්නේ නැහැ .මම ඉතින් මට පුලුවන් විදියට තමා ඔය ලිව්වේ.
      මම නම් හිතන්නේ මෙහෙමයි..අපිට සමීප අත්දැකිම් ගැන අපිට වඩාත් හොඳින් ලියන්න පුලුවන්..
      අහන දකින දේවල් වලට වඩා කියලා..
      මම සාර්ථක නැහැ වගේ පෙනිලා තියන්නේ ඒක වෙන්න බැරිද ????
      ස්තූතියි…!!! රවා

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • අන්ධ කෙනෙක්ගෙ ඉල්ලිමකට වඩා දෙයක් මෙතන තියනවා. ඔයා අසර්ථක නැහැ. මම හිතන දෙ හරි නම් ඔයා ගොඩාක් සාර්තකයි..
        ජිවිත ගමනෙ කවියා නොදුටු බොහො මාවත් තුල කවියගෙ සගය ඇවිද ඇති බවත් ඇය වත් රැකගෙන රැගෙන යන ලෙසත් අවසානයෙ පවසනවා. සගයාගෙ ගමන ගැන කවියා ඉතාම හොද අවභොදයකින් යුතුව සිටින බවත් මුල් කොටසින්ද, බාහිර ලොකයෙ තිබෙනා වෛවාරන සිදුවිම් ඇය ප්‍රායොගිකව අත්දැක නැති බවත් එවා මනසින් ස්පර්ශ කර ඇති බවත් මැද කොටසින් කියවෙනවා.. මම තෙරුම් ගත්තෙ එවිදියට එක හරිමයි කියලා කියන්න මට බැහැ. හැබැයි එක වැරදි කියලා කියන්න කාටවත් බැහැ…

  12. කවියකට පූර්විකාවක් දෙන එක එච්චර හොද වැඩක් නෙමෙ යොගි අයියා.. මොකද අපි එකිනෙකාගෙන් ස්වායත්තව මෙක රස විඳින්න ඔනා… කෙනෙකුට කියන්න පුළුවන් මෙක අන්ධ ගැහැණුකෙනෙක් එයාගෙ පෙම්වතා වෙනුවෙන් කියලා.. නමුත් මෙකෙ ඇතුලෙන් වෙනස් තැන් ස්පර්ෂ කරන්නත් පුළුවන්.. මම කවියක් කියවලා ඉස්සලාම කමෙන්ට් කරලා තමයි, අනිත් අය දැම්ම කමෙන්ට් කියවන්නෙ.. හැම වචනෙම අහුලලා, ඇයි එ වචනෙ දැම්මෙ.. මොකද්ද උච්චාරනය කරද්දි එන හැගීම.. හැම දෙය කල්පනා කරනවා…. කවියක රසවිදිම මරනවා පූර්විකාවක් තුලින්.. මොකද එතනදි මනස නභි ගත කරනවා එක දිශාවකට…කවියා ලියන්නෙ මොනවද එ දෙම අපිට දකින්න බැහැ.. නමුත් එතන ස්පර්ශ කරන්න පුළුවන්…නිමන්ති අක්කා මෙවට පූර්විකා දාන්න එපා…

    ප්‍රති-පිළිතුරු සැපයීම
  13. @ පිස්සා

    “යෝගියා තේරුම කිව්වාම තමයි, මේකේ තියෙන ලස්සන මම වින්දේ හැබහින්ම..”

    දැන් මම හිතන්නෙ ඔයාටත් වැඩි පුරම රස දැනෙනව ඇත්තෙ අර අන්තිම 1/4 වෙන්න ඇති. ඇත්ත අපි වැඩ දාහක් අස්සෙනෙ මේ කවි බලන්නත් එන්නෙ. එතකොට සමහර දේවල් අහුවෙන්නෙ නෑ.

    “පාට වලලු පෙල ඇඟි තුඩින් අතගා

    තෝරාගමි මා කල හැකි කිසිවක් නෑ”

    “ඔබ පමණක් දුටු මාවත් නොදුටුව මා

    රකින්න හැකි දැයි කියන්න බලන්න හිත රිදවාගන්නෑ…..”

    අන්ධ තරුණියක් වෙනුවෙන් මේ තරුණය තම ජීවිතයම කැප කරාවි කියල ඇයට හිතා ගන්නත් බෑ. ඒකයි ඇය කියන්නෙ ඇත්තම කියන්න කියල. ඒ කටුක ඇත්ත ඇය සිය ජීවිතයෙ කී පාරක් නම් විදල ඇත්ද?

    මට මේක කියවද්දි වී.කරලෙන්කො ගෙ “අඳ වාදකයා” මතක් උනා.

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • @ වළාකුළු- ඔයාට ස්තූතියි, මම කැමතියි පොඩි පූර්විකාවක්, පොඩි විචාරයක් එක්ක කවියක් රස විදින්න..
      මම ඇත්තටම පොඩි කාලේවත්, කිසිම සාහිත්‍යකට ආදරේ නොකරපු අමුතුම පොරක්.. ඒත් දැන් මේවා කියවන කොට, ඔයාලා ආදරෙන් නොදන්න තැන් තේරුම් කරන කොට, මටත් ආසයි කවි කියවන්න.. අඳ වාදකයා නම් මම දන්නේ නෑ.. අනිත් දවසේ ලින්ක් එකක් එක්ක දාන්න..

      සමහරක් විට ඕගොල්ලෝ කවි ලියනවා ඇත්තේ, සාහිත්‍යක් ගැන ගැඹුරක් දන්න, මහා පඩියොන්ට කියවන්න වෙන්න ඇති… අනේ මන්දා…

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • @පිස්සා
        “”සමහරක් විට ඕගොල්ලෝ කවි ලියනවා ඇත්තේ, සාහිත්‍යක් ගැන ගැඹුරක් දන්න, මහා පඩියොන්ට කියවන්න වෙන්න ඇති””

        ඔබ එහෙම කියද්දින් ..මම මෙහෙම කිව්වොත්..

        මම කවදාවත්ම මේ විදියට පද කීපයක් වත් ලියලා නැහැ මීට කලින්..මේ පලවෙනිම වතාව..
        මම මේ යොදාගන්නේ මගේ දරුවන් දෙදෙනාම පාසල් යන්න පටන් ගත් නිසා දහවල් කාලයක් තනිවම නිවසේ ගත කරන්න සිදුවීමෙන් මට ලැබුනු කාලය ‘පැය අටක්’ දුරු රටක තනිවම ගෙවා ගැනීමට දරන පුංචිම පුංචි උත්සාහයක් මිසක් මහා පණ්ඩිතයින්ට කියවන්නට දේවල් සොයා දීමක් නම් නෙවෙයි.
        මම නම් හීනෙකින්වත් එහෙම හිතන්නේ නැහැ.
        ඉතිං ඇත්තටම බොහෝමත්ම ස්තූතියි..!! මේ කථා බහට ඔබට

  14. @ පිස්සා

    මේ තියෙන්නෙ මම ආසම කවියක්

    සෙල්ලම්ගේ වී නිවස නෝරා සේ පිටත්වී ගියා නම්
    එල්ලා මල්දම් පුදමි සිරසින් දෙව්දුවක් යැයි ඔයා නම්
    ඇල්මෙන් හෙල්මත් සමග වෙසෙමින් ඈ වගේ පෙම් කළා නම්
    ඉල්ලා ගන්නත් පෙර පුදුම දේ දෙන්නෙමී නෙත් පියා මම්
    (දූත ගීතය – දර්ශන රත්නායක)

    මේක රස විදින්න නම් සෙල්ලම් ගේ කියන්නෙ මොකක්ද? නෝරා කව්ද? හෙල්ම කව්ද? නෝරා පෙම් කළේ කොහොමද? පුදුම දේ මොකක්ද? කියන මේ හැමදේම දැනගෙන ඉන්න ඕනෑ. ඒ ටික නොදන්න කෙනෙකුට ඒක රස නෑ. ඒ ටික දන්නෙ Henrik Ibsenගෙ A Doll’s House නාට්‍ය කියවපු, බලපු කෙනෙක් විතරයි.

    ඉතින් සාහිත්‍ය ඇතුළෙ එහෙම දේවලුත් තියෙනව. සමහරු ඒක දුර්වලකමක් කියලත් කියනව. කවිය රස විදින්නෙ තම තම නැණ පමණින්. තමතමන්ගෙ අත්දැකීම් අනුව. ඒකත් ඉගෙන ගන්න ඕන දෙයක්. ඒක නෙ අපි අනෙක් අයගෙ විචාර කියවන්නෙ. එතකොට අපිටත් නොදැනීම අපි හිතන හැටි දියුණු වෙනව. එතකොට “මහා පඩියො” නූනට ජීවිතේ හරිම රසයක් විද ගන්න පුළුවන්.

    මෙහෙම කිව්වට මමත් කවියෙක් නෙවෙයි. ඒ හින්ද ඉදල හිටල මම ලියන කවියක් බලල කෝ මූ දුන්න පොර ටෝක් කියල කියන්න එහෙම එපා.

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • ඔයාට බොහෝ………………………ම ස්තූතියි වළාකුළු…
      හ්ම්ම්… මම සාහිත්‍යය ගැන ටිකක් සීරියස්ලී, ඉගෙන ගන්න ඕනේ වගේ දැනෙනවා..
      බලමුකෝ… ඔයාලාගේ උදව් වලට බොහෝම පිං..

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • @පිස්සා
        “සාහිත්‍යය ගැන ටිකක් සීරියස්ලී, ඉගෙන ගන්න ඕනේ වගේ දැනෙනවා..”
        මම නම් හිතන්නේ නැහැ එහෙම .
        එහෙම නම් ඉතිං මේ විදියට දිගටම මේ ලිවීම පවත්වාගෙන යා යුතු නම් මම වහා වහා කල යුත්තේ මේ ලිවීම ටිකකට නවත්වලා සාහිත්‍ය ඉගන ගන්න යන්නයි.මොකද මමත් සාහිත්‍ය ගැන කිසිම හැදෑරීමක් නොකල කෙනෙක් නිසා.

  15. @ පිස්සා

    අපි දෙන්න මේ අනුන්ගෙ පිලකට වෙලා කයිය ගගහ ඉන්නවා. ගෙදර මිනිස්සු පේනතෙක් මානෙකවත් නෑනේ. යමු යමු යන ගමන් මගින්වත් තේ එකක් බොන්න බැරියෑ.

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • මම ඉබ්සන්ගේ බෝනිකි ගෙදර කියවලාවත් බලලාවත් නැහැ..ඇත්තටම අපි නොදන්නා කොයි තරම් දේ තියනවාද..?

      ඇත්තටම සමාවෙන්න ඔබට රාත්‍රිය උනත් ඒ වෙලාව මගේ දරුවන් දෙදෙනා ගේ නිවාඩු දිනයේ හවස් වරුව.
      ඉතින් මම ඔවුන් වෙනුවෙන් කැප විය යුතුයි. මම නොහිටියේ ඒ නිසයි..
      බොහෝමත්ම ස්තුතියි …!!!!!ඔබටත් කථා බහට එකතු උනාට්.

      ප්‍රති-පිළිතුරු සැපයීම
    • @වලාකුළු:
      උඹලා දෙන්නා ලෝකේ කොහෙහරි රටවල් දෙකකට වෙලා කයිය ගගහ හිටියට ලංකාවට ගොඩක් රෑ වෙලා හින්දා මම ගියා නිදා ගන්න.. නිමන්ති අක්කටත් ඒ සෙතේම ද දන්නෑ උනේ..
      හොඳ සංවාදයක් ගිහිල්ලා නොවැ…
      සතුටුයි. සතුටුයි..

      ප්‍රති-පිළිතුරු සැපයීම
  16. කඳුළු හෙලන ඔබේ නෙතින්
    ඔබව ඔබට නොපෙනෙන මුත්
    ඔබව පෙනෙන මට නොපෙනෙන
    ලොවක් ඔබේ හදින් දකින

    වාරු වෙන්න මගේ දෑතට සෙනෙහෙන්
    අතැඟිලි අල්ලා මල් පෙති විලසින්
    සිත් අහසේ ඇඳි සිතුවම් බලමින්
    පියවර මනිනට සෙමින් සෙමින්

    ප්‍රති-පිළිතුරු සැපයීම
  17. @ යෝගි,
    මමත් ලංකාවෙම තමයි ඉන්නෙ. නිවාඩු දවසනෙ. ටිකක් රෑ වෙනකල් හිටියා.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  18. ඔහුගේ හඬින්, ස්පර්ශයෙන් ඔහුගේ සෙනෙහස හදුනා ගත් ඇය ඇගේ සිත් අහසේ ඔහු පිළිබද සිතුවම් අදිමින් ඔහුගේ සෙනෙහස සොයන්නී, පු0චි සා0කාවකුත් හිතේ කොනක හ0ගගෙන “ඔබ පමනක් දුටු මා වත් නොදුටුව මා රකින්න හැකි දැයි කියන්න බලන්න හිත රිදවාගන්නෑ” කියන කියමනෙන් ඇගේ ඒ සා0කාව මතු කරල තියෙනව.

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: