RSS Feed

එන්න බැරිවෙද යලිත්……

හමන මඳ නල  සමඟ එක්වී

පාව යන්නට සිතූ මගෙ සිත

නවතගන්නට හිතුවෙ නැහැ මම

මාත් දන්නෑ එයට හේතුව

එහෙම වූ පසු කුමක් කරමිද

මඟ බලාගෙන සිටිනු හැර මම

එලෙස ගිය මගෙ සිතත් අරගෙන

එන්න බැරිවෙද යලිත් ඔබ හට

ඉන්න පුළුවන් වේවි අපහට

පෙර පරිදි බෝ තුටින් එතකොට

Advertisements

12 responses ඊළඟ »

  1. සුලඟේ පාව ගිය ඔබේ සිත
    නැවත ඔබ වෙත රැගෙන එන්නට
    පිටත් කොට හැරියා මම මගේ සිත
    ඇත්තමයි ඒ ඔබ කියන්නත් පෙරයි
    ආවේ නැහැ එය තවම ආපසු
    සිතුවේ එය ඔබ ළඟ ඇතැයි
    මාත් ඔබ මෙන් බලා ඉන්නෙමි
    මගේ සිත ඔබේ සිත හා එනතුරා
    සිතනු බැහැ වෙන මක් කරන්නද
    සිතන්නටවත් සිතක් නැහැ නොව.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. බලන් ඉමු
    ඔව් වෙන මක් කරන්නද?
    ඒත් බලාපොරොත්තු ?????
    අහිමි සිත් ඇතිව …….
    ඒවා උපදින්නේ සිතේ නොවැ

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. පාවී යන්නට ගිය නුඹේ සිත
    කෙලෙස අල්ලා ගන්නෙම්ද මම
    නුඹට නවතා ගත නොහුනු ඒ සිත
    කීකරුව නවතීවිදැයි මා කියූකළ…
    බොහෝ තනිකම දැනේවිනම්
    ඇවිත් ළඟින් ම ඉන්නම්
    පාව ගිය නුඹේ සිත
    නැවත එනතුරු බලා ඉන්නට
    නුඹත් සමඟින…

    -ජය

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. හමන මද නළ සමග එක් වී
    පාව ආ නුඹේ සිතුවිලි,
    මගේ සිතුවිලි හා එක් වී
    මැව් සතුටු සිනා මල් සුවද හබා
    මම යළිත් එන්නෙමි
    නුඹව දකින්නට.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  5. මන්දාකිනිය
    බොහෝ සිත් තුල කවි හැඟුම්
    උපදවන ලෙසකි නුඹ
    සුබපැතුම්

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: