RSS Feed

රහසක්…

රූස්ස ගහ පාමුල

තණ කොළ පඳුරු අතර

සැඟව සිටි

එකම  එක  පුංචි   බිම්මල

පමණක් දැනන්  සිටි  රහස

උඩවැඩියා  මල

බොහෝමත් දුකින් බව

හැමදාම හඬන බව

කොහොම අත දිගු කරන්නද?? ඇය

බෙදා ගන්නට ඔහුගේ දුක් සිත….

Advertisements

20 responses ඊළඟ »

  1. ෂහ්… කමක් නෑ… දුකින් බවවත් දන්නවානේ … ඒත් මදෑ…

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. පුංචි බිම්මලත් නොදැන සිටි රහස
    උඩවැඩියා මල හඬන්නේ
    දුර ඈත ඇති
    රතු රෝස මල නිසා බව

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • හරි නරකයි ඇයි කිව්වේ මට
      හා කමක් නැහැ
      මාව නොපෙනෙනවා ඇති
      නමුත් මට පෙනෙනවනෙ
      කඳුළු හැමදාම වැටෙන බව..
      මට පුළුවන් උදව්වක් විදියට
      සුසුමක් පාකරලා යවන්න
      මාත් ඉන්න බව දන්වන්න
      තනියට ලඟින් ..!

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • නොපෙනෙනවා නොවේ
        බිම්මලේ නුඹ
        හිත ගියේ රෝස මලටයි
        නොකියා කෝමද මේ බව
        නුඹේ සුසුම් හැමදාම ඇහෙන කොට

      • මං ගැන
        හැමදාම දුක සිතූ තණ පත
        එක අතකට
        කමක්නැහැ කිව්වට
        මගේ සුසුම්
        අහන් ඉන්න බැරිකමටමයිනේ
        ඒකත් ඇත්ත
        ඉවරයක් නැහැනේ මගේ දුක් සුසුම් වලත්

  3. පු0චි බිම්මලේ,
    නුඹේ අත දිගු මානයේ නොවුනත්
    මා මෙදවස
    දිනෙක මතුදා
    නුඹේ සෙවන යට
    තණ පත් අතරේ
    සීතල සෙවනේ
    සැතපෙන්නට එන්නෙමි……

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • ඒකනම් බිම්මලට දුක හිතෙන උත්තරයක් වේවි.

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • @gadfly
        නැහැ
        වැඩිය උස නැති
        දුර පෙනෙන් නැති
        ලැබෙන දෙයකින් සතුටුවෙන
        නොලැබෙන දේට නාඬන
        හැමම සතුටින් තැබුමට කැමති
        පුංචි බිම්මල
        දුක හිතුවෙ නැහැ..!!
        අනික
        නොපෙනේද??
        මොහොතකට හරි
        මියෙන්නට පෙර
        හමූවීමකුත් ඇතිවිට
        කුමට දුක් සිතන්නද??
        ඒ ඇතිය බිම්මලට

    • @ isimbuwa
      (කඳුළු බිඳුවල ලියා තිබී කියවා ගතිමි රහසින්)

      සුසුමක පාකර යවමි මෙසේ ලියා මම

      ඇත්තමයි ඔබ එන්න
      බලා ඉන්නම් මම ත්
      උදාවෙන තුරු එදින
      ලපළු තනපත් අතර
      සීත පිණිකඩ වැස්ස
      වැටෙන දිනකදි අරුම
      සැතපෙන්න එකම ළඟ
      අවසාන වතාවට..සහ පළමු වතාවට
      හමුවෙමුය අප එදින ..!

      ප්‍රති-පිළිතුරු සැපයීම
  4. @nimanthi
    ලොකු හදක් ඇති
    පුංචි බිම්මල
    දැන සිටියානම්
    උඩවැඩියා මල මේ දුක
    නිසැකයි ඔබ සොයා එන බව
    බෝ කලින්
    කුමට තැවෙන්නද
    අහංකාර රෝසමල් ගැන

    ප්‍රති-පිළිතුරු සැපයීම
  5. පුංචි බිම්මල
    නුඹත් උඩවැඩියා මල වගේමයි
    ඇයි නුඹට නොඇසේද
    තණ පතේ ඉකිබිඳුම්

    ප්‍රති-පිළිතුරු සැපයීම
  6. අපුරු පද පෙළක් අක්කෙ…

    මන්දා හැමෝම වගෙ ලියල තියෙන එවා තදින්ම හිතට දැනෙනවා…
    අක්කගෙ මේ පද පෙළත් ඒ වගේ..

    “කොහොම අත දිගු කරන්නද?? ඇය…
    බෙදා ගන්නට ඔහුගේ දුක් සිත….”

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • හ්ම්ම්
      ඒත් ඒක අහම්බෙන් සිදු උනු දෙයක් කියලා හිතන්නකෝ එතකොට හරි..

      ඔව් ඇත්තටම
      “කොහොම අත දිගු කරන්නද?? ඇය…
      බෙදා ගන්නට ඔබගේ දුක් සිත….”
      තේරෙනවනෙ හොඳටම ඒක.

      ඒ නිසා හෙමින් තමන්ගේ දේවල් කරගන්න..
      කාලය විසදුමක් ලබාදේවි අනිවාර්යයෙන්ම

      හැබැයි….,
      යලි යලිත් කියන්නම්
      ප්‍රවේශම වැදගත් බව
      ඉතා වැදගත් බව
      මතක තියාගන්න හොඳින්ම ..!!!!

      ස්තූතියි …!!මල්ලී බොහෝමත්ම ඇවිත් ගියාට

      ප්‍රති-පිළිතුරු සැපයීම
  7. ලං වන්න නොහැකියාවෙන්
    බිම් මලේ දුක් නොවන්
    උඩම වඩිනා උඩවැඩියාවන්
    නොවේ කිසිදා නුඹට
    ගැලපෙනු

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: