RSS Feed

විජ්ජුලතාවනි මේඝවර්ණියනි….

දිය අඟලේ දිය කඳුළු සලනු ඇසුනා

ඇහැල මල් කිනිති සුසුමන් පා කෙරුවා

සිහගිරියම මගේ දෑසේ බොඳව ගියා

පිය ගැට පෙල මත කඳුලැලි විසිර ගියා

විජ්ජුලතාවනි මේඝ වර්ණියනි මොකද උනේ ඔබට

කහ සමනළයින් කුඹලුන් ලෙස අද ආවද ගල උඩට

ඝන්ඨාරයෙ හඬ තාම ඇහුනේ නැතිවත්

රහස දන්න නුඹ සසල වෙලා නේද

බඹරුන් කෝ අද තනියිද ඔබ සැමට

සෙබලුන් නැතිවම සටනට ගියොතින්

පැරදේ යැයි ඔබ සිතුවද සැබවින්ම

සටන අතහැරියේ ඒකද ඇත්තටම

ගල් අසුනේ සිට පියගැට පෙල බැසලා

කැටපත් පවුරේ සීගිරි ගී කියවා

බිතු සිතුවම් රූ ඇඟිලි තුඩින් අතගා

සුළං කපොල්ලෙන් කඳුලැලි විසි කරලා

සමුගෙන යන්නම් නො එන්න යලි කිසි දා….

Advertisements

24 responses ඊළඟ »

  1. මම අහලා තියනවා කහ සමනලයින් ගල උඩට ආවොත් ගලේ ඉන්න අයට ගල අතැරලා දාල යන්න වෙනවලු.
    සීගිරිය රැක ගන්න ඉන්න සෙබලුන් තමයි ලු බඹරුන්..
    ඇත්තටම ඒක බොරුවක් නෙවෙයි කියලා හිතන්න කාරණා දැන් සියල්ලම සපිරිලා නේද?? කියලා මට හිතෙනවා.
    බඹරුන් සියල්ලන්ම විනාශවෙලා යද්දින්ම කුඹලුන් සීගිරියට ඇවිත් ලු.
    ඉතින් මේ තරම් කල් සීගිරියේ හිටපු සීගිරි ලලනාවන් ට දැන් සැබැවිම සීගිරිය අත ඇරලා දාල.. යන්න වෙලා නෙවේද??මේ තියන්නේ.
    ජනප්‍රවාදයන් බැහැර කරන්න අපිට බැහැ නේද ?ඒවා බොරුමයි කියල.

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • බඹරු ගැන ජනප්‍රවාදය අහල තිවුනත් කහ සමනලයින් ගැන නම් මම මීට කලින් අහල නැහැ. ජන කතා මොනවා උනත් වසර දහස් ගණනක් තිබුණු පරිසර පද්ධතියක් වෙනස් කරන කොට ඒ ගැන හොඳ අධ්‍යනයක් කරලා තියෙන්න ඕනේ. අපේ රටේ කෙරෙන්නේ නැත්තේ එකමයි. මේ හැම දෙයක් ම දේශපාලනික තීරණ. දේශපාලකයෝ තීන්දු ගන්නවා තමන් දක්ෂයෝ කියල පෙන්වන්න. මේවා ගැන දැනුමක් තියෙන නිලදාරීන් හිටියත් ඒගොල්ලෝ කට අරින්නේ නැහැ . ඒකට එයාලට කොන්දක් නැහැ. එහෙම නැත්නම් වාසි නිසා කට වහගෙන ඉන්නවා. අන්තිමේදී ක්‍රියාවට නැගෙන්නේ විෂය ගැන කිසිම දෙයක් නොදන්නා දේශ පාලුවෙකුගේ තීරණයක් .මේක මේ බඹරු ප්‍රශ්නෙදි විතරක් නෙවේ. හැම තැනම එහෙමයි. W3 lanka බ්ලොග් එකේ තිබුන park and ride බස් සේවය ගැන කියවල බලන්නකෝ.

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • ඔව්.., ඒක තමා ඒත් ඉතිං එහෙමයි කියලා මේ වගේ දෙයක් විනාශ වෙලා යන එක ගැනනම් මට තියන්නේ ලොකු දුකක් ඇත්තටම..
        ස්තුතියි..!! gadfly මම ඒකත් කියෙව්වා ගිහිං..

  2. අක්කෙ, ඔය ජනප්‍රවාදය ඇතුලෙ හැන්ගිල ඇත්තෙ ඒ ජීව පද්දතියෙ පැවැත්ම ගැන කතාව, ඉතින් ඒව බැහැර කරන්න බෑ, ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ සැඟවුන කතාව තේරුම් ගන්න අපි පරක්කුයි..
    ඔයාගෙ කවිය නම් ලස්සනයි…ගොඩාක්….එදා ලියපු චුට්ටටත් මට ආස හිතුන..ඒ වෙලාවෙම

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. පරිසරයත් මිනිස්සුත් අතර ඇතිවන ගැටීමෙදී හැමදාම කම්පාවෙන කවි හිත !…
    පරිසරය ගැන විතරක් නෙමේ .. අන්තිම පද කීපය කියවද්දී ඇත්තටම හරි දුකක් දැනුනා හිතට.
    ලස්සන ගෙත්තමක් …‍

    -ජය

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • ඇත්තටම සීගිරිය මටනම් පේන්නේ ලොකූ වටිනාකමක් තියනදෙයක් විදියට..
      මොකද දැන් අපිAuto CAD භාවිතයෙන් හරිම ලේසියෙන් Plan එකක් අඳිනවා.නමුත් හිතන්න මේ තරම් ඈත අතීතයකදී සැලසුමක් ඇදලා නිර්මාණයක් කරන්න ඕනේ කියලා හිතපු අය අපේ රටේ ඉදලා තියනවා.
      ඉතිං ඒ නිර්මාණයේ කොටස් තමා මේ විදියට එකින් එක විනාශවෙලා යන්නේ..
      ස්තූතියි…!!!! මල්ලී බොහෝමත්ම

      ප්‍රති-පිළිතුරු සැපයීම
  4. ලස්සන කවියක් කියවා, නොදත් දෙයකුත් දැන ගත්තා…යෝගි කිව්වා හරි.. ඇත්තටම දුකක් දැණුනා…

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • බොහෝම ස්තූතියි!!!! nethmi මන්දාකිණියට ඇවිත් යන්න ආවට ඔයාටත්.
      නොදත් දේ මොකද්ද..???කියලා මට තේරුනේ නැහැ..
      ඇත්තටම මටත් මේ වෙන දේවල් නම් කණගාටුවට කරුණක් තමා 😦

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • සීගිරිය වටා බැඳුණු ජනප්‍රවාදයන් ගැන ඔයා කියා තිබූ දේ මා දැන සිටියේ නැහැ.. ඒ වගේම ලස්සන සිතුවමත් කවි ගෙත්තමත් හිතට වැදුණා

      • ආ හරි එහෙනම් හොඳයි ,
        නොදත් දෙයක් කියාදෙන්න පුලුවන්වීම ගැන මටත් සතුටුයි 🙂

  5. බැලු බැලු බෝ දනා
    ගී ලියා ලූයෙන්
    රැකෙයි සිතමින
    අපේ වත ගොත මතුවටත්
    බෝ දනන් වෙනුවෙන
    රෑ සිරින් ඔකඳව
    බැලු බැලු බෝ දන
    මන් තොසින් පුරාලමින
    වුසූ ආලකමන්දාපුර අතැර
    පළා යන්නෙම්
    සැවොම අපි
    කසුප් රජ සොයා
    කියන්නට මේ හදිය

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • බැලු බැලූ බෝදනා
      ලියා ගිය ගී පමණි
      ඉතිරිව ඇත්තේ දැන්
      අනේ ඒ ටිකවත්
      රැකුනොත් ඇතැයි සිතමින්
      කසුප් රජුනුත් කඳුළු සලාවි
      අහෝ මේවා දුටුව නම්
      අහල ගම් හතකවත්
      නොදෙනවලු ඉදිකෙරුමට කිසිවක්
      නමුදු
      සිංහපාදය ලඟම
      හැදෙනවලු මැවෙනවලු
      ගොඩ නැගිල්ලක්
      ඉබේම වෙන්න ඇති..
      කවුරුත්ම දන්නේ නැතිලු
      වගකිව යුත්තන්..
      හනේ නේද???????????
      ස්තූතියි…..!!!!! isimbuwa

      ප්‍රති-පිළිතුරු සැපයීම
  6. ලස්සන කවියක්, බොහෝ නොදත් දේවල් දැනගත්තා. ගොඩාක් පිං.

    අපේම දේවල් වනසන එකේ කෙලවරක් නැහැ. ඒ ගැන ලියන්න ගියොත් කෙලවරක් ද නැහැ…

    (මේ පොස්ට් එක මට මග හැරුනා)

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • සතුටුයි නොදත් දෙයක් දැනගත් එක ගැන..
      මේ වගේ වටිනා දෙයක් විනාශවෙලා යන්න දීම නම් අපරාධයක් ඇත්තෙන්ම.

      ස්තූතියි බොහොමත්ම…!!!ඔබටත්

      ඇත්තටම මටත් එහෙම වෙනවා.මොකද අලුත් post එකක් එකතුවෙලාද කියලා පේන්නේ නැහැ මට කාගෙවත්ම..මම හිතන්නේ wordpressවල blogger වල වගේ හදාගන්න බැහැ වෙන්න ඇති.

      ප්‍රති-පිළිතුරු සැපයීම
  7. හරිම අපූරු කවියක් නිමන්ති. මේක වගේම අනික් පෝස්ට් දෙකත් ඒ දවස්වලම බැලුවා. ඒත් ප්‍රතිචාරයක් දක්වන්න වෙලාවක් තිබුණෙ නෑ. සුබ පැතුම්.

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: