RSS Feed

සිනාවෙනු මැන ඉතිං….!!!!!!!

සැඟව ලොවටම රහසින්

වියූ කඳුළු වියමන් සිත රිදවු පැතුමන්

අතැර සිත් අහසින්

එන්න දැන්වත් ඉතිං ළඟින් ඉන්නම් මෙමං

සතුට ඇති බවවත්

නොදන්නා ලෙස දැන් කලක් ගතවී ඇතත්

ඔබ තාම කඳුළින්

රිදුනු සිත තිබුනත් හිතට ගෙන දිරියක්

ඇයි බැරිද සැබැවින්

පිසලන්න කදුළැල්

අතැර නොයමි මං සිනාවෙනු මැන ඉතිං…..!!

Advertisements

28 responses ඊළඟ »

  1. සිනහව සොයා ගෙන
    එන්න මට හිතුනත්
    සිනහවට වඩා මගෙ හිත
    කදුලට පෙම් කරයි දැන්

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. සීතල ද කදුළු මෙතරම්
    දුක ගෙනෙයි මහමෙර තරම්
    සිනහ ලොව මා හැරදමා
    ගිය දුරක්…
    හිතා ගන්නත් බැරි තරම්.
    මගේ දුක දැක
    දුක හිතයි ඔබ..
    ඒත් ඒ දුක සතුටමයි මගෙ
    ජීවිතය මා පෙරට ගෙනයන
    සිහිනයයි.
    ශෝකයත් රසයක්ය.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. දුටු අපි අසරණ බව
    හදේ නැගෙන සෝ සුසුමින්
    රත් වූ සුයුමැලි දැස
    සිසිලසින් දෝවන්නේ
    කඳුල

    එහෙත් වෙරදරමු
    කඳුලින් සිනාසෙන්න

    අගේ ඇති පදවැල.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. රිදුන සිත ළඟ
    ඉකිබිඳින පිනි කඳුළු
    පිසදා සතුට තවරා
    හිඳින්නෙම් නම් ළඟින් සැමදා
    සිනා මල් පොකුරකින් සැරසී
    ඉන්නම් ඔබට ළංව මෙලෙසින්………….

    ප්‍රති-පිළිතුරු සැපයීම
  5. රිදුනු සිත සුවපත් කරලනු රිසිනි
    බැඳුනු හිත් මල පරවී නොගිසිනි
    කුමට තව තව තැවෙනුද දුකිනි
    දුක හැර දමා පියඹනු සතුටට තුටිනි

    ප්‍රති-පිළිතුරු සැපයීම
  6. ඔබේ ඔය මුදු වදන්
    මදනල හා මුසුව
    මා සොයා එන තුරා
    බොහෝ කල් බලා උනිමි
    හිරු උදා වූ පැයේ සිට
    රෑ අඳුර එනතෙක්ම
    ඉනික්බිති තරු එලිය නිමි ගොස්
    යලිදු හිරු පායන තුරාවට
    බලා උනිමි මම
    බොහෝ කල් ගෙවී
    ඔබ මා සොයා එන විට
    ඔබ කවුදැයි මට අමතකය
    මම කව්දැයි පවා මට අමතකය
    කිසිවෙක් මා සොයා එනතුරා
    මා බලා සිටි බව පමණි
    මට මතක
    ඉතින් ඒ ඔබද?

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • බොහෝ කල් බලා උන්
      දවස ඇවිදින් සක්මන්
      කරනවා වාගෙයි
      මුදු මඳ නලත් සමගින්
      හිරු සමග නික්මන්
      වූ විටදි දවස ඉක්මන්
      තරු එලිය සමගින්
      කලාවෙද ??නුඹ
      නපුරු සෙල්ලම්
      අමතකද සැබැවින්
      එන බවට දුන්
      සොඳුරු පිළිණ..!!
      බලන් ඇස හැර දැන්වත්
      ඇදිනිය හැකිද??? මේ මං

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • බලා සිටි කල් බොහෝ දිගයි
        සිය වසකටත් වැඩි සේයි
        පෙනෙන නොපෙනෙන ගොම්මනේ
        නුඹ නැවත ආ සඳ
        ඇසැර බැලුවත්
        හඳුනනු කෝම
        දෙනෙත් නොපියා බලා හිඳ
        ශත වර්ෂයක්
        දෑසද නොපෙනෙන ලෙසයි
        එනමුදු තවම මතකයි
        නුඹ සුවඳ
        වත මෙලෙක
        මලක් වන්
        ලං වන්න
        අඳුනා ගත හැකියි

      • ඈ හෙවත් අයේෂා

        සියවසක් බලා සිට
        සොයා ආවිට ඔබව
        සසර පෙර පුරුදු ලෙස
        හැදිනුවා නොවෙද මම
        ඉතිං කෙලෙස ගෙවුවාද??
        නුඹ
        මා නොමැති ජීවිතය
        මෙතෙක් කල්..!!!

  7. අමතක නොමැති මතකයන්
    අඳුරු සෙවනැල් ගෙනෙනුයෙන්
    කප් කෙලක් භාවයන්
    මුදාලිය’තුය වර පටින්
    දුක් කවි අතර පතරින්
    ලියූවත් සිත මුදන අටියෙන්
    අත්වැල් බඳිමි සතුටින්
    යන්න ඔබ සමඟින්

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • අහා ..!!!!!!මගේ පිළිතුරට දුන් පිළිතුරම
      හ්ම්ම්ම්………
      අඳුරු සෙවණැලි මතකයන්
      මුදා හැර වරපට බැමින්
      පිලිගනිමි මම ඔබ බැතින්
      සිත් අහස තරු මල් වලින්
      වසා ගවසා සරසමින්
      ඉදින් එතෙකින් මා ලඟින්
      ඉන්න සැමදා
      නොයන් කිසිදා
      කඳුළු මල් මට දි ඉතිං..!!

      ප්‍රති-පිළිතුරු සැපයීම
  8. @nimanthi
    කුමට සිහි කරනුව
    ඔබ නොසිටි ඒ අතීතය
    කටුක දුක්බර.
    කඳුළු පිස සිනාවෙමු
    ඔබට මා
    මටද ඔබ
    යලිත් හමු වූ නිසා

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • ඔව් සැබැවින්ම
      කුමට සිහිකරමුද
      නොදැකම ගෙවුනු සියවස
      කඳුළු පිස සිනාවෙමු
      සතුටින් ගෙවමු දිවියම
      අපට අප හමුවූ නිසාවෙන…!!!

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • නැවතත් පළමු පැනය
        ඇත්තෙන්ම
        අපට හමු වුනේ
        සැබෑ අපමද
        අප නොවේනම් කවුරුන්ද
        අපේ වෙස් ගෙන
        කවි ලියන්නේ

      • අහා
        සැබැවින්ම නොදනිමි
        අපිමද
        සමහර විටෙක ඒ
        අපිම විය හැක
        සමහරක් විට
        අපි නොවිය හැක
        වෙන කවුරුන් හෝ
        අපි ලෙස ලියනු ඇති
        නැතිනම්
        අපිම වෙන කවුරුන් හෝ
        වෙනුවෙන් ලියනු ඇති …
        උභතෝකෝටිකයක්

  9. @nimanthi
    අප සිටින්නේනම්
    ඒ අප විය යුතුය
    ඒ අප නොවේ නම්
    අප නොසිටිය යුතුය
    මක් නිසාද යත්
    අප උදෙසා කව් ගී ලියන්නේ
    වෙන කව්රුන්ද?
    මට නම් නොපෙනේ
    උභතෝකෝටිකයක්
    එය එතරම්ම සරලය

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • මෙලෙස් විය නොහැකිද සැබැවින්ම
      මගේ සිතින් සිතා
      ඔබට ලිවිය හැකිය
      මා ගැන
      ඔබේ සිතින් සිතා
      මට ලිවිය හැක
      ඔබ ගැන .
      මා සිතුවෙ එලෙසින්…
      බොහෝදේ අප ලියන්නේ සැබැවින්ම එලෙසින් නොවෙද

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • ඔබ සිතින් සිතා
        ඔබ ගැන මට ලිවිය හැක
        මක් නිසාද යත්
        සියවසක් තිස්සේ
        මා ඔබ ගැනම
        සිත සිතා සිටි බැවින්
        ඔබ එන දෙසම
        මග බලා සිටි බැවින්
        නමුදු ඔබ
        හැකිද ඔබටත් එලෙසින්ම

      • සැබැවින්ම හැකිය
        මටත් එලෙසින්ම
        සොයා ආ මඟ දිගට
        මගේ සිත අසල හිඳ
        මගේ තනිය මැකූ ඔබ
        ඔබේ සිතිවිලි වලින්
        ඉතිං පුරුදුයිද කෙතරම්
        මට ඔබව
        නිසැකවම හැකිය මට
        ලියන්නට
        ඔබේ සිතින් ඔබේම කවි..!!!!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: