RSS Feed

~~අහම්බෙන්~~

නව දලුලන අතු රිකිලි..

සේපාලිකා

මල් පාවඩය මත

පිණි බිංදු

පුංචි කුරුලු පැටියෙක්

අහම්බෙන් ඇවිත් අද

එලවන්නේ කෝම මම

ඉන්න කිව්වා ඔහොම

මොනවා වෙනවද  නේද?

Advertisements

21 responses ඊළඟ »

  1. ආදරේ හිතෙනව අක්කෙ…ලස්සන හුරතල් කවියක්..

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. මෙන්න ආයෙත් අක්කගේ Style එක ..
    “මොනවා වෙනවද නේද? ”
    ඒක සජීවීයි.. හරිම අව්‍යාජයි.
    කියල වැඩක් නෑ. චේජනා කිව්වා වගේ හරිම ආදරේ හිතෙන කවියක් !.

    -ජය

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. හුරුබුහුටි පදපේලියක්, වචන වල සරල බව හරි අලංකාරයි.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. සති දෙකක පමණ සිට blogger බ්ලොග් අඩවි වලට ප්‍රතිචාර පලකිරීම දැඩිසේ අපහසුවෙමින් පවතී .
    සමහර විට 6 සැරයක් පමණ ප්‍රතිචාරය submit කලයුතුවේ. හේතුවක් දන්නවාද?? කවුරු හරි.
    ‘මන්දාකිණිය’ පටන්ගත් අලුතමත් මේ කරදරය තිබුනු අතර පසුව එය මඟ හැරිනි. ‘සුදාරකගේ අන්තර්ජාල සටහන’අඩවියට mozilla fire fox වෙතින්පිවිසීමට කිසිසේත් නොහැක.හේතුවක් දන්නේ ද?

    ප්‍රති-පිළිතුරු සැපයීම
  5. ආසයි මම හරිම
    දුර ඈත නිල් අහසෙ
    තටු සලා පියාඹින්න
    මඳ ඉසිඹුවක් ලන්න
    නැවතුනා පුංචි අතු රිකිළි මත
    දනිමි නුඹෙ අහිතක් නොමැති බැව්………..

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • දුර ඈත නිල් අහසේ
      තටු සලා පියඹලා
      වෙහෙසවූ පසුව ඔබ
      ආ බවක් දනිමි මම
      ඉතිං ගිම් නිවාගන්
      ඇති තරම් නැවතිලා
      සුමුදු මුදු පවන් රැලි
      වෙහෙස නිවනුව ඇතිය
      මල් පෙති දෙපෙති
      සුවද විහිදනු ඇතිය
      ඔබ ඉන්න ඇති තරම්
      කල් ඔහොම නැවතිලා..!!

      ප්‍රති-පිළිතුරු සැපයීම
  6. ඔන්න ඔහේ ඉන්න
    මක් වෙනවාද
    සෑහේද එපමණක්
    උකුස්සෙක් විත්
    ඩැහැ ගෙන ගියොත්
    නොරිදේද හදවත ඔබෙත්
    ඉන්න දේ නම්
    නිරන්තරයෙන්
    සුරැකිය යුතුය
    ඒ කුරුළු පුංචා

    ප්‍රති-පිළිතුරු සැපයීම
  7. රැකවරණය අවැසියි
    සැබවින්ම
    නමුත් නිදහස
    කැප කල යුතුද එය
    ඒ තරම්
    නොහැකිද
    නිදහසයි සෙනෙහසයි
    දෙකම ලැබුමට

    ප්‍රති-පිළිතුරු සැපයීම
  8. සරළ සොඳුරු පදවැල්…. ඇත්තටම හිත් ගන්නවා ඔබේ ශෛලිය…

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: