RSS Feed

අවසරද…..!!

දරාගනු බැරි දුකට තනිව හිඳ

හැමදාම හඬන අහස නුඹ

ඒ හඬන දුක් කඳුළු බර දරාගෙන

සදාකල් නිහඬවන පොළොව මම

දුක හිතෙන හැම විටම

නොනැවතී  මොහොතකුදු

හඬමින්ම රැලි ගසන පුංචි විල  නුඹ

එ විල් දිය මත පිපී රැලි  නැගෙන  හැමවිටම

තැවෙන සිත හංගාන පිපී මියෙමින් සිටින

පුංචි  රතු  නෙළුම   මම

සැඩ සුළං කුණාටුවේ

දිවි දියඹ මැද අතරමං වූ ඔරුව නුඹ

ගොඩබිමක් සොයා යන

ගමනකට අත් වැලක් සපයනා

රුවල  වෙන්නට ඉඩක්

දෙන්න පුළුවන්ද සැබැවින්ම  මට…..!

Advertisements

20 responses ඊළඟ »

  1. පුදුමයි.. ඔයා ..
    හරිම ලස්සනයි දැනෙන හැගීම … මිට වඩා වෙන මොනවද… හරිම ලස්සනයි අක්කා අවසරය ඉල්ලපු හැටි…. හරිම ලස්සනයි..

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. සත්තයි
    වස්සානයේ අහස සේ
    මා හඬද්දී
    නිහඬවම නුඹ බලා සිටියා
    අකම්පිත මහා පොලව සේ
    සුළං පහරින් සලිත වන
    විල් දියක් සේ
    මා හඬද්දී
    නිහඬවම නුඹ බලා සිටියා
    දියට ඉහලින් සෙමින් සැලෙනා
    රතු නෙළුම සේ
    දැන් මා සේ ම
    මං මුලා වු
    බෝ දනා සමගින්
    චණ්ඩ රල හා සටන් වැද
    එතෙරවන්නට සිතන සඳ
    මා ඔරුව රුවල වන්නට
    කිමද නුඹ පතන්නේ
    මා දසුන් අවුල් කොට
    නැවත මා දිවි සයුරේ
    අතරමං කරන්නද
    නොඑසේව සැබවින්ම
    මේ සියලු දන සමග
    ගොඩ බිමක් වෙත රැගෙන යන්නද?

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • බලා සිටියෙමි බොහෝ කල්
      නමුදු
      නොමැත මෙහි අවසානයක්
      සැබැවින්ම
      ඔබ සියලු දෙන සමඟ
      කෙම්බිමක් වෙත
      රැගෙන යන්නට සදන කල
      කිමද මේ ?? ඇත්තටම..
      නොතේරෙද චේතනා යහපත් බව සත්තකින්ම ….!!

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • චේතනා යහපත් බව සැබැයි
        නෝක්කාඩු කිව්වේ
        කෝප වී මා සමග
        මේ ගමන නොඑන්නයි
        යා යුතු දුර බොහෝයි
        සයුරු රල ප්‍රචණ්ඩයි
        කෙසේනම් ඔබ සමග
        දියඹ වෙත පදින්නද
        මගේ ජීවන ඔරුව
        ඒ නිසා සමු දෙන්න
        හැකි තරම් දුර
        පැද යන්න
        පෙරලෙන්න පෙර ඔරුව

      • පෙරලෙන්න යැයි සිතා
        කුමට පැද යනවාද..
        අමතකද ඇත්තටම..
        එයම හේතුවන බව
        වැරදෙන්න හැමදේම..
        කෝප නොවෙමි
        මම ඔබ වැනි
        දුරදිග නොසිතනා අය සමග..
        හැමදේම අමතක කරන අය සමඟ 😦

  3. සැඩ සුළං හමා යන
    තෙරක් නොපෙනෙන දිය ගැබරෙ
    හසරක් සොයාගත නොහැකිව
    මංමුලා වූ මගේ ජීවන ඔරුව
    පැද යන්ට අවසරයි නුඹට
    පුංචි රතු නෙළුම් මලේ………….

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. සුන්දර අයැඳීමක්.

    නැවත නැවත කියවන්න සිත පෙරැත්ත කරන අපූරු පදවැලක්.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  5. ලස්සන පද පෙලක්. සුන්දර අයැදීමක්. ඇත්තටම ආයෙ ආයෙ කියවන්න හිතෙනවා
    මැණික්(සුළඟ)

    ප්‍රති-පිළිතුරු සැපයීම
  6. @nimanthi
    පෙරලෙන්න යයි සිතා
    පැද යනවා නොවේ
    එහෙත්
    නොපෙරලේ යැයි
    සහතිකද නැත
    ඒ නිසා
    ඒ නිසා පමණක්ම
    මා කෙරෙහි කෝප වී හෝ
    ඔබ නොනගින්න
    මේ පුංචි ඔරුවට
    දැඩි සිතින් යා හැක එවිට
    අමතක වීම් නම්
    හැම තැනම
    හැම විටම
    හැමෝටම

    ප්‍රති-පිළිතුරු සැපයීම
  7. ඉරී වෙර දුන් රුවල
    බිඳී ප්‍රේමයේ ඔරුකඳ
    හති වැටී
    වියරු රළ රැළි අතර
    මම…
    ගිලී සැඟවෙන්නම් ඉතින්
    නුඹට,
    තනියක් නැහැ නේද?

    ප්‍රති-පිළිතුරු සැපයීම
  8. ලස්සනයි අක්කෙ .. කියලා විතරක් කියලා යන්නම්…

    ප්‍රති-පිළිතුරු සැපයීම
  9. ප්‍රේමයේ ගඟ දෙතෙර
    මුණ ගැසුණි අපට අප
    අපි අපේ වන්නට
    මම එමිය ඔබ වෙතට
    ගැඹුරුම තැනදි ගඟ මැද
    දිටිමි සගයා නුඹෙ
    මහමෙර සදිසි පෙම්බර
    ඉරී වෙර දුන් රුවල
    බිඳී ප්‍රේමයේ ඔරුකඳ
    හති වැටී
    වියරු රළ රැළි අතර
    මම…
    ගිලී සැඟවෙන්නම් ඉතින්
    නුඹට,
    තනියක් නැහැ නේද?

    (දැන් අදහස සම්පූර්ණයි නේද? මම යන්නම් කියල නෙවෙයි කිව්වෙ. මට ඔබව නොලැබෙනව නම් ගිලිල මැරෙනව කියලයි.)

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • මුණ ගැසුනු දා දුන්නු
      පිළිණ මතකය තාම
      සගයෙක් නොමැත මා අස
      වරදවා වටහා ගෙනය ඔබ සිත
      බිඳුණු ඔරු කද මත
      ඉරුණු රුවල් යට
      තනිව හිඳ
      මඟබලමි හැමදාම
      තනිය මකනට
      ඔබ එතැයි සිතමින්
      තනිව හැඬු
      ඔබ එතැයි සිතමින්..!

      හ්ම්ම්ම් අදහස නම් සම්පූර්ණයි තමා..
      ඒත් ඉතිං..මේ සිතුවිල්ල ගැන නම් මගේ වැඩි කැමැත්තක් නැහැ වළාකුළු..
      ජීවිතය කියන්නේ මිට වඩා දුර දිග හිතන්න ඕනෙ දෙයක් කියලයි මට හිතෙන්නේ..

      ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: