RSS Feed

ඔබෙ කඳුළු නෙත සුවපත්ව සැනසෙන්…!!!

සිතාරයේ තත් අතර නුඹගේ

සිහින මතකය  රඳවමින්

අතීතෙට පිය මනින සිතිවිලි

කවුළු දොරකඩ පසු කරන්

යන්න යනවිට මතක මංපෙත අතීතෙට ඒ දුර ගමන්

ඔබේ සිහිනෙන් අවදි වෙන්නට

සිදුවෙනා බව මේ ලෙසින්

නොදැන සිටියා නොවේ ද ඇත්තට

කඳුළු හිමිවන බව නොනිම්

බොඳව ගිය ඒ සිහින සිත්තම සුමුදු ස්වර කර වයද්දින්

කඳුළු ඇහැරෙන බව දනිමි මං

කුමක් කරනුද ඊට දැන්

සිනා සඳකැන් අරන් එන්නට

නොහැකිමුත් කාටවත් දැන්

පතන්නම් මම බොහෝ දුර සිට

ඔබෙ කඳුළු නෙත සුවපත්ව සැනසෙන්…!!!!!

Advertisements

11 responses ඊළඟ »

  1. සිනා සඳකැන් අරන් එන්නට
    නොහැකිමුත් කාටවත් දැන්
    පතන්නම් මම බොහෝ දුර සිට
    ඔබෙ කඳුළු නෙත සුවපත්ව සැනසෙන්
    හැමදාම වගේ ලස්සනයි.
    මැණික්(සුළඟ)

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. කඳුළු ඇහැරෙනා බව
    දැන දැනම මං
    ඒ සිහින සිත්තම වයන්නෙම්
    බොඳව ගිය දෙනෙත් අභිමුව
    මැවෙන ඒ නුඹව සොය සොයා
    අතීතයේ දොරගුළු හරින්නෙම්………..

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. බොඳව ගිය ඒ සිහින සිත්තමෙ
    රටා සේදී පෙරී උණූ කඳුළුව
    මගෙ නෙත් තෙමාලයි
    දුක හිතෙයි…මට තනියි…

    සිනා කැන් අරන් එන්නට
    බැරිව හිත ලත වෙවී
    අනේ මම දුර හිදන්
    නුඹ දෙසම බලා හිදී….

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. ඔබ හද සිතාරයෙන්
    වැයෙන මියුරු ස්වරයෙන්
    අවදි නොම වෙයි
    සිහිනයක නිදන මා සිත
    ඒ මුදු ස්වරයන්
    තව තවත් මා සිත
    සිහිනයේම ගිල්වයි
    සිනා සඳ කැන් අරන් එන්නට
    නොහැකිවුවත් කමක් නැහැ
    නොනැවතී වයනු මැන
    සිතාරය
    කඳුළු නැති මේ සිහිනයෙන්
    මා අවදි නොම කොට

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • සිතාරයේ තත් අතර
      ආදරය සොයනා’තර
      කඳුළු නැති වුව
      වඩා වටිනුයේ
      එය නොවෙයි සැබැවින්
      සිහින ලෝකෙන් සැබෑ ලෝකෙට
      පියමනිමු අපි දැන්
      සැබෑ ලෝකෙදි සිනා සඳ මුදු
      හැමදාම හමු නොවෙන මුත්
      කඳුලු වැකි ඔබෙ
      සුමුදු මුදු සිත
      සුවපත්ව සැනසෙන්…!!!!!
      පතන්නම් සෙනෙහෙන්…

      ප්‍රති-පිළිතුරු සැපයීම
  5. අම්මට සිරි…. හැමෝම කවි වලින් ප්‍රතිචාර ටික ලියලා. දැන් මමත් කවියෙන්ම ලියන්න ඕනද……. ම්…ම්…ම්….

    පැය බාගයකට පසුව……

    බෑ…. බෑ…. මට කවි ලියවෙන්නෙ නැතෝ….. අනේ ඔන්න මන් කවි දාන්නෙ නෑ. නිකම් කියලා දානවා.
    ලස්සන සිතුවිල්ලක්. පුදුමාකාර විදියට හදවතට දැනුනා. ඇත්තටම හුඟක් ලස්සනයි.

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • අනේ ඔව්නේ..එන හැමෝම කවි ලියලා යන්න ඕනේ..
      පේන්වනේ දැන් ඔක්කෝම එහෙමයි..කරන්නේ..
      ඇයි කවි මඩුවේ කවි ලියලා කවි ඉවර වෙලාද දැන්..????

      පැයකට පසුව…..
      හා කමක් නැහැ එහෙනම්..වෙන දවසක කවියක් ලියලා යන්නකෝ.
      බොහෝම ස්තූතියි …!!!මල්ලී

      ප්‍රති-පිළිතුරු සැපයීම
  6. ඇත්තෙන්ම එහෙම ප්‍රාර්ථනා කරනවා ඇර තුන්වෙනියෙක් වුනු අපි වෙන මොනා කරන්නද?

    මමත් ඒ විදිහටම පතන්නම් . . .

    ඇගේ / ඔහුගේ කඳුළු නෙත සුවපත්ව සැනසෙන්…!

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: