RSS Feed

~~නිහඬතාවය~~

නිහඬ ඔබ ලඟ නිසල  වෙමි මම

සසල  මගෙ සිත සඟවමින්

සසල මා ලඟ නිහඬවී ඔබ

බලා සිටියා බොහෝ දුකින්

අපේ  කථාබහ නවතලා  අපි

ලඟින් සිටියෙන් මේ ලෙසින්

නිහඬතාවය හොඳම ගීයව

ඇසෙනවා දැන් දස අතින්….

Advertisements

20 responses ඊළඟ »

  1. නිහඩබව හුගක් දේවල් වලට පිළියමක් වෙනවා…..මටත් ඔය අත්දැකීම තියනවා…….

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. සසල ඔබෙ සිත තුළ
    තෙරපෙනා රස රහස
    නිහඬ මගෙ සිත හැදිනුවා
    එනමුදු නිහඩ බව හොඳම වේ යැයි
    ම’සිත මට කෙදිරූ නිසා
    සසල ඔබවද නිසල කරමින්
    මමද නිහඩවම උන්නා………..

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. තාරාවි.(nethaara)

    අදයි මුලින්ම ඔයාගෙ බ්ලොග් එකට ආවෙ…ලස්සන කවි ටික..ආයෙත් එන්නම්…..

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. නිහඬ බව…..
    දවසක් මම නිදාගන්න ඇදට වැටුනා. මට ඔනා උනෙ නිහඬ බව විදින්න… මම හුස්ම ගන්න එකත් අඩු කලා. රැට කැගහන සත්තුන්ගෙ හඩ ඇහෙනවා..මම කොට්ටෙන් කන්දෙක වසා ගත්තා.. මට සතුටු හිතුනා දැන්නම් මුකුත් ඇහෙන එකක් නැහැ කියලා. ටික වෙලාවකින් මට ඇහෙනවා මගෙ පපුව ගැහෙන හඩ..මට වැටහුනා එතකොට. අපි හොයන දෙවල්, අපිට ඔනා යි කියලා හිතෙන දෙවල් කවදාවත් ලැබෙන්නෙ නැහැ.. අපිට ලැබෙන දෙ ගැන සතුටු වෙන්න ඔනා නෙද කියලා. නිහඬතාවය තාම මට හොයාගන්න බැරි වුනා..

    හැමදාම අපිව මුළා වෙනවා. ඔයා කවියෙ විස්තර කරන නිහඬබව නිසා.. ඔය නිහඬ බව මායාවක්, ඔකට මිනිස්සු ඇබ්බැහිවෙනවා.. මට පුදුමයි මමත් ඇබ්බැහි වෙලා..

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • හ්ම්ම්ම්ම්.. ඒත් සමහර වෙලා වලදි, සමහර ප්‍රශ්න වලදී කථා කරනවට වඩා නිහඬව සිටීමෙන් වඩාත් නිවැරදි වඩාත් හොඳ පිලිතුරු ලැබෙනවා කියන එකයි මල්ලී,
      මට මෙතනදී කියන්න ඕනේ උනේ ඇත්තටම.
      අනික හිත නිදහස් වෙන්න උනත් නිහඬ බව හොඳයි..
      ස්තූතියි බොහොමත්ම..!

      ප්‍රති-පිළිතුරු සැපයීම
  5. මාත් ඔය නිහඬතාවය පිළිපැද්දා….කාලයක් යද්දී මට පිළිතුරු ලැබිලා තිබුනේ තනිකමෙන් විතරයි අක්කේ…අදනම් මම නිහඬතාවයට ඉඩ දෙන්න කැමති නෑ…ඇත්තමයි

    ප්‍රති-පිළිතුරු සැපයීම
  6. වලාකුලින් බර අහස් කුස
    ඈතින් වැටෙන හිරු කිරණින් දිලෙන ගල්තලාව
    දිගු ගමනකට සැරසි ඔරුකඳ
    නිසසල ජලතලය මත නිහඬව

    ඒ නිහඬතාවය ගෙනෙයි පිලියම

    ප්‍රති-පිළිතුරු සැපයීම
  7. නිසල වී
    නෙතු පියාගෙන
    විඳින මේ නිහඬ ගීතය
    නිමා වනු ඇත ඉක්මනින්
    කළු වලා කැටි වී
    අඳුරු වූ අහස කුස
    කුනාටුව ළඟ එන බව කියයි

    ප්‍රති-පිළිතුරු සැපයීම
  8. ලොවම අමතක කර
    අපේ ගැන පමණක්….
    ආත්මාර්ථකාමී නැත්ද එය?

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • පරාර්ථකාමීවී මෙතෙක් කල්
      ලබා ගත් දෙයකුත් නැති කොට
      ඔන්න ඔහෙ මක් වේද..??
      ටිකක්වත් ආත්මාර්ථකාමී උනාම

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • එකඟ විය නොහැකි මුත්
        මක් කරන්නද
        ඔබ නිහඬවම සිටියොත්
        නිහඬ බව රකින්නට
        කා සමග
        දොඩන්නද මම මාත් ඉන්නම් ඔහේ
        ඔබ ලඟට වී
        වදනකුදු නොදොඩාම
        කුණා‍ටු සුලි සුලන්
        ඔහෙ හමද්දෙන්

      • එකඟ විය නොහැකි මුත්
        මක් කරන්නද
        ඔබ නිහඬවම සිටියොත්
        නිහඬ බව රකින්නට
        කා සමග
        දොඩන්නද මම
        මාත් ඉන්නම් ඔහේ
        ඔබ ලඟට වී
        වදනකුදු නොදොඩාම
        කුණා‍ටු සුලි සුලන්
        ඔහෙ හමද්දෙන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: