RSS Feed

කවුළුව ලඟ බලා සිටිමි….!

වතු සුදු ගහේ මල් පොකුරට රොනට එන

මීමැසි බඹර කැල අහනවා ඔබගෙ ගැන

ඔබ කොහෙ ගියා දැයි නොම දැන තවම මම

මඟ බලනවා ඔබ එන දවසකට හෙට

අවසන් වරට හමුවී ඔබ එක දිනක

යන්නට යනව යැයි කීමුත් මඟ නොදැන

නවතාගන්ට හැකි කමකුත් නොවුනු කල

යන්නට සමුදුනිමි සමු නොගෙනම එදින

යලි ඔබ එන නේන බව නොදැනම මම මෙහෙම

මඟ බලනවා හැමදාමත් කවුළු හැර

දොරඟුළු ලන්න අමතක කල මගේ සිත

කඳුළුම ඇහැරවයි ඔබෙ මතකත් එක්ක

කෙතරම් කඳුළු මගේ හිත මත ගලනවද

නොදැනම ඔබත්  මේ කොහෙ හරි ඉන්නවද

සිතෙනා විටදි නිකමට මෙන් මට එහෙම

අත දිගු කරනු කොහොමද මම ඇත්තටම

දොරඟුලු ලන්න  ඔබ හා බැඳි අතීතෙට…..

Advertisements

10 responses ඊළඟ »

  1. නැවතී ඉන්න මොහොතක්…
    මගේ ආදරෙත් එක්ක…
    යනතැන නොකියා යන්න උනේ ..
    ජිවිතේ හැටි එහෙම…
    ඔබ දිගුකල අත ගන්න ….
    මම එනකම් ඉන්න….

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. යන්නට සිදු වුනෙන් ඔබ අතැහැර එදින
    නොපෙනෙන ඈතකට ගියෙම් මම නොකියාම
    කවුළුව ළඟ හිද නුඹ බැලුවත් දුර ඈත
    නොපෙනෙන බැවින් දොරගුලු දමන් ඒ මියැදුනු මතකයට……….

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. මහා වැසි ඇද හැලුන
    අඳුරු සීතල ‍රැයෙක
    හිරු මඬලක් සේ
    සදා උණුසුමින් පිරුනු
    ඔබෙ නිවහන අතැර
    මගට බැස ගියෙමි මම
    අරමුණක් නොමැතිවම
    යනු කොහේදැයි නොමදැනම
    දැන සිටිය එකම දෙය
    යලිදු මා නො එන බව
    කෙසේ නම් කියන්නද
    ඔබෙ හද මුදු වැඩියි
    ඒ අඳුරු රාත්‍රීන් පිස දමා
    හමා ගිය
    මරණයේ සත්‍යය පිලිගන්න

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • මහා වැසි ඇද වැටුනු
      ඒ නපුරු රාත්‍රියේ
      නිහඬවම බලා සිට
      වදනකුදු නොකියමින්..
      යලිත් මුණ ගැසෙමු යැයි
      ලියාදී සමු ගත්ත මොහොතේම
      කියවිමී ඔබෙ දෑස
      කඳුළු නොසැලූ නමුදු
      දහස් වර හැඬිමි මම
      රවට්ටා ගතිමි සිත
      හෙටක් ගැන සිහිනයෙන්
      යලිදු ඔබ
      මුණ ගැසෙන සිහිනයෙන්…!!
      තවත් මඟ බලමි මම කවුළුවෙන්

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • දිරිය ගෙන හදවතට
        වසනු මැන කවුලු දොර
        සිහිනයෙන් මිස හැබෑවට
        නැවත හමු වීමක් නොමැත
        කඳුලු කුමටද
        එය අපට උරුම නැත
        හෙට උදෑසන පිපෙන
        හිරු මලට පෙර
        අවදි වී සිටිනු මැන
        උදා තරුවක් ව
        මා නැවත නො එන බව
        හිරු දරුවනට කියන්නට

      • ඔබ නැවත නොආවත්
        කාටවත් කිව නොහැක
        දුක් කඳුළු සඟවාන
        ඉන්නෙමි මම මෙහෙම
        කවුළු දොර තිබුනු දෙන්
        පෙනෙන්නට මහ පාර
        හිත හදා ගන්නවත්
        එන තුරා සිහිනෙකින්…!!

  4. කවියාවත් කවියවත් මේ වෙලාවෙ මතක් නොවුනට හරිම හුරු පුරුදු කවි රටාවක්. හිතට දැනෙන කවි රටාවක් වගේම ලස්සන කවියක්…

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • ස්තූතියි..!! වළාකුළු..
      මට මේ කවිය මෙහෙම ලියන්න පුළුවන් උනේ මගේ යාලුවෙක්..මට එවලා තිබුන ‘චන්ද්‍ර කුමාර වික්‍රමරත්න’ නම් කවියා ගැන ලිපියක් දැක්කට පස්සෙයි..
      මම ඉතාමත් කම්පනයකට පත් උනා ඇත්තටම ඒ ලිපිය කියවලා..
      ඒ ලිපියේ කියවුනේ අවසන් වරට ඔහු තම මිතුරකු හමුවට ඇවිත් ටික කාලයකට නැවත තමා කිසිවෙකුව මුණ නොගැසෙන බව පවසමින් පිටව ගියපසු ඔහු අතුරුදහන් වූ බවයි…
      ඔබටත් සුපුරුදුයි වගේ හැඟුනේ එතුමා වෙන්න ඇති සමහර විට..

      මම නොදැන හිටපු කෙනෙක් ගැන මාව දැනුවත් කල මගේ යාලුවටත් බොහෝම ස්තූතියි..!!!!

      ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: