RSS Feed

~~සෙබළ සොහොයුර පුංචි දියණිය~~

සමුගන්න නොව පිලිගන්න ආ

දෙනෙත් කඳුලින් පිරුණු ඉක්මන

කවමදාවත් නොයන්නට ආ

වගත් අමතක කරපු සක්මන

සුමුදු මුදු සුදු පුංචි දෝණියෙ

අප්පච්චි ලඟ හිඳියි  ආයෙම

මෙතෙක් ගැලු ඔබෙ ඇසේ කඳුළැල්

පිස ගෙනම අද සතුටු වනු මැන

සටන් කොට මවු බිමේ නාමෙන්

යලිත් එන්නට උනත් මේලෙස

අමිල වූ දෑ පුදා රැකගත්

මවුබිමේ අභිමානේ ඔබ ලඟ

සදා කාලෙන් සදා කාලෙට

ණය ගැතියි අපි සැවොම ඔබ හට

අහිමි වූ දිවි දුන්න සැමටත් ණය ගැතිය මුළු රටම සැමදින…!!

Advertisements

18 responses ඊළඟ »

  1. ප්‍රහේලිකාවකි….
    මන්ද මේ උනේ ඔබට
    සදාදරණීය පියාණනී…
    මේ කාලය අපේ..ඉතින් එන්න ඔබ
    මල් සුවඳ හමන
    නිදහස් දේශයට
    පිස මගේ කඳුළු කැට
    හිනහෙන්න මගේ ලග
    ලැබුනා ඔබව නැවත් මට……..

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. දෙපා නැමද පෙරදා නුඹ මගෙ දෝණි
    අවසර දුන්නෙ යන්නට පෙර මගේ දෝණි
    අද අසරණයි නුඹේ පියා මගේ දෝණි
    මා සතු එකම ජීවය නුඹ මගෙ දෝණි……..

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. මේ මගේ කවියේ පලවෙනි පදයයි
    මේ මගේ කවියේ දෙවෙනි පදයයි
    මේ මගේ කවියේ තුන් වෙනි පදයයි
    මේ මගේ කවියේ අවසන් පදයයි

    ඔන්න මාත් අමාරුවෙන් ගැටගහගෙන කවියක් ලිව්වා.
    ඔයාගෙ නිර්මාණය ගැනනම් ඉතින් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ අක්කෙ. හැමදාම වගේ මරේ මරු…..

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • ආ…නේ මල්ලියේ ගොඩාක් ස්තූතියි…!! මේ තරම් මහන්සි වෙලා ලියපු කවියට ..
      හරී..ම ලස්සනයි.. 😀
      මදැයි මේ කලන්තේ දාන්න ලංවෙලා ඉන්න වෙලාවේ මෙච්චරවත් කවියක් ලියාගත්තා නේද??
      ඔයා ලෑස්ති කරපු පිකටින් එක දැන් කවදා විතරද තියන්නේ..??
      මම මේ අහන්නේ අර ගාලු කොටුවේ..
      ඒක කරන්න කොහොම හරි..?? හැමෝගෙම හිත සුව පිණිසනේ නේද??[අදාල අයගේ හොඳද??]

      ප්‍රති-පිළිතුරු සැපයීම
  4. හිතට දැනුනු තවි පෙළක් සොයුරිය. ඇත්තටම මේ වගේ දරුවෝ කොච්චරක් නම් අපේ රටේ ඉන්නවාද? යුද්ධය ඉවර නිසා මේ දුවරු පුත්තු පියවරු බොහෝ දෙනෙකුට අමතක වෙලා යයි කාලයත් එක්කම. එදාට ස්වභාව ධර්මයේ ශාපයෙන් ගැලවෙන්න ඒ අයට නොහැකි වේවි.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  5. කොහේද මේ අපේ කට්ටියත් එක්ක බෑනෙ අක්කෙ. හැමෝම “අපි ඕන දේකට රෙඩී” කියලා කෑගැහුවට, එන්න කිව්වම කවුරුවත් නෑනේ. අන්තිමේ මට විතරක් තනියෙන් තමා ඕක කරන්න වෙන්නේ. අව්ලක් නෑ එක කෙල්ලෙක්වත් හිටියොත්. ඔය මටත් කුඩයක් යටට වෙලා ඉන්න් බැරියැ. හික්ස්.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  6. අක්කෙ මගෙ ඇස් දෙකට කඳුළු පිරුනෙ කවිය කියවන්නත් කලිනුයි ඒ කඳුළු එක සීරුවටම ගලා ගෙන ගියා ඔයාගෙ කවිය කියවාන යන තුරාම. මේ තමයි අක්කෙ අපේ ජීවිත බේරා දුන්නු අපේ දෙවියන් මල් පහන් තියල වැන්දත් පව් නෑ මේ අයට

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • ඉසිඹුව,

      ජීවිත කැප කිරීම තුලින් දේවත්වයට පත් වුනු මේ දෙවියන් පිලිබඳ මතකය අපෙන් ඈත් කරල ඕපපාතිකව අපේ හිතට දෙවියන් යයි කියාගෙන රිංගන්න හදන අසුරයන් රැලකුත් මේ රටේ ඉන්න බවත් අපි සැමදාමත් මතකයෙන් ගිලිහෙන්නට නොදී තියා ගනිමු; මන්ද, එය අපේ මතකයෙන් යම් දවසක ගිලිහුනොත් දෙවියන් වෙනුවට අසුරයන් රැලකට වන්දනා කොට අපිත් මහා පාප කර්මයකට හවුල් වෙන නිසයි.

      මන්දාකිණියේ තවත් හොඳ නිර්මානයක්!

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • සුදත්..,
        බොහෝමත්ම ස්තූතියි…!!
        ඇත්තටම ඔව් මෙච්චර කල් කරපු මෝඩකම් වලට අමතරව ආයෙමත් හදාගන්න බැරි ලොකු වරදකුත් අපි කරමින් ඉන්නවා නේද??? කියන සිතුවිල්ල මට ආව 17 වෙනිදා රූපවාහිනි නාලිකාවක එක්තරා ප්‍රවෘත්තියක් දැක්කාම.ඒකමයි මම මේක 18 වෙනිදාම ලියන්න ඕනේ කියලා හිතුවේ..
        අපිට කවදාවත් කරන්න බැරි උන දෙයක් කරපු ඔවුන්ට අපෙන් හිමිවිය යුතු තැන ඔබ කියනවා වාගේම දෙවියන්ට හිමි තැන වගේ විය යුතුයි මිනිසුන්ගේ හදවත් වල …
        නමුත්…නමුත්…නමුත්…ඇත්තටම අපි එහෙම කලාද??????

        සුදත්..,
        ‘මන්දාකිණිය’ට ඇවිත් ඔබ මේ තබා ගිය සටහනටත් ස්තූතියි..!! ඔබට

    • @ ඉසිඹුව
      ඇත්තටම ඔව් නංගියේ අපිට නම් කරන්න තියා හිතාගන්නවත් බැරි දෙයක් ඔවුන් අපි වෙනුවෙන් කලේ ..
      මට දැනුනා අපි ඔවුන් වෙනුවෙන් කලයුතු දෙය කලේ නැහැ නේද?? වගේ හැඟිමක් ස්තූතියි ..ඔයා තියපු මේ සටහනටත්..

      ප්‍රති-පිළිතුරු සැපයීම
  7. මට අමතක වීමක් උනා..

    http://pradeepdesilva.com/disabled_war_heroes_unity/Disabled-War-Heroes-IT-Programme.html

    මේ අපේ රටේ ආබාධිත රණවිරුවන් කීපදෙනෙකු ලියන බ්ලොග් අඩවි කීපයක්.නමුත් ඔවුන් ඒවා පවත්වා ගෙන යාම අතින් නම් පසුගාමි..
    ඒ අතර ඉන්නවා රණවිරු බිරිදකුත්..
    http://diledirisinghe.blogspot.com/
    මේ ඇගේ බ්ලොග් අඩවිය
    කැමති කෙනෙක් බලන්න…ඔබට පුලුවන්නම් ඔවුන්ව දිරිමත් කරන්න ..මට හිතෙනවා යලිත් ඔවුන් තමන්ගේ අත්දැකීම් මේ විදියට හරි ලියන්න උනන්දුවෙයි කියලා..

    ප්‍රති-පිළිතුරු සැපයීම
  8. මේ පදටික කියවදි මගේ ඇස්වලට කදුලු අවා සහෝ…

    ලස්සනම ලස්සන පද පෙලක්………

    මගේ ඇස්දෙකෙන්න්ම දැකපු දෙයක්………

    ප්‍රති-පිළිතුරු සැපයීම
  9. මෙ පදපෙල කීවරක් කියෙව්වාද කියන්න මං දන්නේ නැහැ.

    සටහනක් කරන්න ගත් සෑම උත්සාහයක්ම ව්‍යාර්ථ වුනේ මෙවන් කිහිපදෙනෙකු මගේ ජීවිතයට ඉතා සමීප බැවින්. අද උත්සාහයෙන්ම පදපෙල නොකියවා ලීවා.

    මෙ පදපෙල එතරම් තාත්වික පරිසරයක් රූපනය කරන්නේ, බොහෝ වටිනා කාර්යයක්.

    (පමාවට සමාවනු මැනවි)

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: