RSS Feed

~~මලේ පෙති මත~~

මලේ පෙති මත කඳුළු තිය තිය

හැමදාම ඔබ හඬනවා

උදෑසන පිණි බිංදු එතකොට

ඔබේ  අතැඟිලි  තෙමනවා

නටුවෙ කටු මත ඇනී ඔබ සිත

නොදැනීම ලේ ගලනවා

ඒ රුහිරු බව නොහැඟෙනා ලෙස

ඔබත් නිහඬව ඉන්නවා

විලේ ඉවුරේ පිය මනිමින්ම

සිතේ සැනසුම සොයනවා

විලේ ඉවුරට පාව එන රළ

නොදැනීම පා තෙමනවා

නොදන්නා ලෙස එහෙම වෙන කොට

තවත් ඔබ දුක සිතනවා

යන්න තැනකුත් නොහඳුනන  සිත

තවත් තනිකම  පතනවා…!!!

Advertisements

13 responses ඊළඟ »

  1. නෙළා ගන්න ගිය
    රෝස මලේ
    නටුවෙ කටු
    බව නොදැන උන්නු හන්දා
    ඇනුණු විස කටු
    පාරවයි සිත
    කුමක් කරමිද මන්දා………..

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. මලේ පෙති මත කඳුළු තිය තිය…

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. සොයුරිය, ඔබෙ පදවැල් අතරේ පාලුව කාන්සිය ට තැනක් ලැබුනත් ඒ පදවැල අවසන වෙන බලාපොරොත්තුව කිසියම් විශේෂයක් දක්වනවා. එය මා ගොඩාක් අගේ කරන්නක්.

    පදපෙල අපූරුයි. ජය.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. නටුවේ කටු ඇනී
    ගලා යන විට රුහිරු
    නොදන්නවා සේ සිටියේ
    ඒ රුහිරෙන් පෙඟුණු
    රෝස මල් රතු පාට වෙන නිසා
    රතු රෝස
    හරි ලස්සනයි

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • අහිමි වූ පෙම
      නොකර අමතක
      රෝස මල්
      රතු පාට වන තුරු
      රිදුම් දෙන
      හදවතත් සඟවන්
      මලේ පෙති මත
      කඳුළු තිය තිය
      හඬන ‘යුරු ඔබ
      බොහෝ දුකකින්
      දුරක සිට දැන් කාලයක්
      බලා හිඳිනෙමි ……..

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • කඳුළු නොතියමි
        මලේ පෙති මත
        බොහෝ දුක් විඳ
        මා හද ලෙයින්
        රතු කල
        මලේ රතු පැහැ
        එයින් සේදී
        යන නිසා

      • කඳුළු වලකා
        නෙත් දෙකින්
        හදින් ගලනා
        ලේ වලින්
        සිත්තමක් කර
        විස්කමින්
        සුරැකි රතු මල
        කාට පුද දෙන්නෙද ඉතිං ??

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: