RSS Feed

~~අත් වැට~~

උදෑසන  පිණි පොකුරු අතු අඟින් එබෙන විට

අකුරු කරනට යනෙන මඟ දෙපස අතර මඟ

මරු කපොලු බොහෝ හිඳ  මඟ බලනවා නොවෙද

පොඩි දෙපා අවසඟව ගියොත් හෙම අහම්බෙන්

අත් වැටක් නැති දිවිය අත් හැරෙයි ඉක්මනින්

බලන්නට කෙනෙක් නැති අසන්නට කෙනෙක් නැති

පාලමත් නිසල  වෙනු හැර කුමක් කරන්නද

එනිසා යනෙන මඟ පියවර හෙමින් තියා

සසලව ගලන දිය කඳෙ   සෙවනැලි තබලා

ඉතිරිව තිබෙන අත්වැට පිහිටට රඳවා

අකුරට ගිහිං  එනු මැන යලි මෙගොඩ බලා…!!!

Advertisements

22 responses ඊළඟ »

  1. සුකවිහරණයනට හඬන රට
    විදෙස් නළු නිලි ආවඩන රට
    මිලියන ගනන් විසිකරන විට
    අත්වැල මොටද මැතිඳුනට
    මිලක් වෙත්ද මුකලානේ මලට
    සිරස තබා පුදාපිය දෙඉර උනට

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. බලන්නට අසන්නට කෙනෙක් නැති
    අත් වැටක් ද නැති අපෙ දිවියෙ
    සුඛවිහරණය පතා
    යා යුතු එකම මග මේ යැයි සිතා
    අකුරට අපි යන්නෙමු එගොඩ බලා……..

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. දහසක් විදින ඔය දුක් ගැහැටතරම්
    මල් පල බරවෙන්න ඉගෙනුම ඉවර කරන්
    විදි දුක් අපමනයි ඒවත් මතක් තියන්…
    ඔතනින් කෙනෙක් මේරට අගමතිම වෙයන්…..

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. තිත්තම තිත්තයි……ඒ වුනත් ඇත්තයි….:(.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  5. මේ ඒ දන්ඩෙන් එගොඩ වෙලා මීට වසර ගනනාවකට කලින් පාසැල් ගිය අයත් නූගතුන් වෙච්චි නිසා නොවේද රට වෙනුවෙන් හිතලා තීරණ ගන්න බැරි පාලකයෝ තෝර ගන්න බැරි . . . පාසැල් ගියාට වැඩක් නෑ නේ අනාගතයක් දකින නුවණක් ලැබෙන්න ඉගෙන ගෙන මොළෙත් දියුනු වෙන්න එපැයි . . ඒ දවස එනකම් අපි ඒ දඬු ගැන කවි ලියමු . . .

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • අනේ මංදා දුකා..
      සාක්ෂර තාවය 87% ක්ද කොහෙද වෙච්චි රටේ ඉන්නේ මේ තරම්ම මොලේ නොදියුණු මනුස්සයොද ..???
      එතකොට ඉතිං සාක්ෂරතාවය .. මනින එකේ තේරුමකුත් නැහැ වගේයි.
      හ්ම්ම්ම්ම්…
      ඒ දඬු ගැන කවි ලියමු
      උක් දඬු ගිනි තපිමින්වත් 😦

      ප්‍රති-පිළිතුරු සැපයීම
  6. අත් වැට කැඩුණු පාලමෙන් එතෙර වී
    ගුරුන් නැති, ඩෙස් බංකු නැති
    පාසලේ බිම ඉඳන්
    මතු රැකෙනා ශිල්පයම
    උගත මනාය.

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • පාලමෙන් සුරැකිව
      එතෙර වෙන්නට ලැබුනොත්
      ගුරුන් නැති පාසලක
      පොතුත් නැති උනු කලට
      මතු රැකෙනා ශිල්පය ලෙස
      කුමක් ඉගනගන්නද ඇත්තට ?????

      ගස් නැගීම වගේ දෙයක් තමා..නේද ?????
      ඒකත් ඉතිං ඉස්කෝලේ ගස් ඇත්නම් පමණි 😀
      පොල් ගෙඩියක් වත් කඩාගන්න ස්වයං රැකියාවක් විදියට ..
      හ්ම්ම්ම්ම් ඒකත් නරකම නැහැ වගේ.. 🙂

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • ඉස්සරනම් තිබුනා
        කොලු පැටවුනට හමුදාව
        කෙලි පොඩ්ඩන්ට ඇඟලුම් හල
        දැන් යුද්ධයත් ඉවරයි
        ජී එස් පී ත් නැහැ නොව
        පොල් කඩන්නට පොල් ගසුත් නැහැ
        ලක්ෂයක් කපනවා නොව
        රෝගයෙන් බේරෙන්න
        මක් කරන්නද ඉතින්

      • ඉස්සර මොකෝ… දැනුත් තියනවා..
        වරාය හදන්නේ හමුදාවෙන් කියන්නේ
        ගංවතුර ආවාම වාහන තල්ලු කරන්න..
        ජී එස් පී නැති උනාට
        කමක් නැහැ කියන්නේ
        අපියැ ලොකු ලොක්කෝනේ
        එහෙනම් ඉතිං වෙන ක්‍රමයක් ඇති
        ආශ්චර්යයනේ…… බලං ඉමු පෙලහර පානකම් 🙂
        ලක්ෂයක් ගස් කපන ගමන්
        දස ලක්ෂයක් වවයි
        ඒවට දක්සයෝ ඕනෑ තරම් ඇත
        කටින් බතලකොළ වුව සිට විය හැකි….!

  7. @nimanthi
    තව තව ක්‍රම තියෙනවා නෙව
    පටවමුකෝ අම්මල අක්කලා නංගිලා
    අරාබියට
    ඒත් මදිනම් තුත්තුකුඩියට හරි
    විකුනමු වකුගඩු, අක්මාව,
    හර්දය වස්තුව පවා
    මැරෙන හා බාගෙට මැරුණ මිනිසුන්ගේ

    ප්‍රති-පිළිතුරු සැපයීම
  8. මම කවි ලියන්න සහ ඒවා අගයන්න නම් එච්චර හපනෙක් නෙවෙයි.. ඒත් කවි සංකල්පනාව සහ පින්තූරය ඉතාම සංවේදී එකක්.. ස්තූතියි

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • ලියන්න නම් සමහර විට බැරි උනත් කියවලා තමන්ට හිතෙන දේ කියන එක තමා අගයනවා කියන්නේ ..
      මම නම් හිතන විදියට ඒක වෙනස් වෙන්න පුලුවන් එක එක්කෙන හිතන විදිය අනුව.
      ඒත් ඒක කවි කියවන්න හා තමන්ට හිතෙන දේ කියන්න බාධාවක් කරගන්න එපා ඒකනම් වැරදියි මට හිතෙන විදියට.
      බොහෝම ස්තූතියි..!! සමීර මන්දකිණියට ඇවිත් යන්න ආවටත් .

      ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: