RSS Feed

~මම~

වියලි

තණ පත් අතර

තැලී පෑගී පොඩිව ගිය

සිතත් අරගෙන

මම

යන්න යමි

කිසිදා නො එන ලෙස

ඉන් පසු

සොයාගනු නොහැකිව

නොහඬන්න කිසිදාක

යලි නො එමි

කොහොමත්ම

Advertisements

16 responses ඊළඟ »

  1. සොයාගන්නට
    අතරමං වූ……
    කඳුලු කැට
    මයෙ හිත් මලේ……..
    වෙලා ගත්තට
    විරහ සිතුවිලි…..
    මතකයන්
    කුණු බක්කියේ….

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. ඕක හරි යන්නෙ නෑ අක්කෙ…හිත කියන්නෙ ටිකකින් ආපහු හැදෙන එකක් නෙ.. හිත හැදුන ම ආයෙ එන්න හිතෙනව…

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. වේගයෙන් දුවන මේ යාන්ත්‍රික ලෝකයේ පීඩනය වැඩියි.

    හොඳ විවේකයක් අරන්, හිතටත් විවේකයක් දීලා අයෙත් නිස්කලංකව හිතෙන්ම විමසලා බලන්න කෝ…

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. මට නම් හිතෙන්නේ නිමන්ති අක්ක පින්තූරය දිහා බලාගෙන ලිව්ව පද ටිකක් කියලයි…මේ දවස්වල ගෙදර යුද්ධ ප්‍රකාශ කරලා මහන්සිත් ඇතිනෙ…..

    හිත කියන්නෙ ටිකකින් හැදෙන දෙයක් කියලා නම් මම හිතන්නෙ නෑ. හිත හැදෙන්න කාලයක යනවා…කාලයක්…..

    ප්‍රති-පිළිතුරු සැපයීම
  5. වියළි තණ පත් අතර
    තැලී පෑගී පොඩිව ගිය
    රිදුම් කන
    නුඹේ සිත් පොඩිය
    රැගෙන මම
    සුවපත් කරන්නෙමි
    ඉඳින්
    හැරදා මෙමා
    යන්න නොසිතන් කිසි දින………….

    ප්‍රති-පිළිතුරු සැපයීම
  6. නිමල සිත් මලක් සොයමින්
    ලඟ නොව දුර මැ බල බලා
    යොදුන් ගව් දුර සැරිසරා
    සරතැස් ව
    නැවතී
    බැලිමි ආ මඟ.
    මගේ මිරිවැඩියට ම පොඩි වී
    ඔබ පරවෙලා.

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • සියක් ගව් දුර ගෙවා
      දහක් පැතුමන් පුරා
      නිමල සිත් මල සොයා
      ආපු දුර වැඩි නිසා
      නොපෙනෙන්න ඇති මාව
      දැන් කුමක් කරන්නද
      යන්න ඔබ තවත් දුර
      නොනැවතී දැන් මෙතැන
      ඉටු වේවි නොවැරදිම
      ඔබේ සිත රැඳි පැතුම
      පතන්නම් මම එහෙම …!!

      ප්‍රති-පිළිතුරු සැපයීම
  7. වියලි ගිය
    තණ පත් අතර
    නොරැඳී
    පලා යනු මැන
    නැවත නොඑන්නටම
    මෙතැන
    ගිනි ඇවිලෙන සුළුයි
    මා මේ වියලි බිමෙහිම
    ‍රැඳී ඉන්නම්
    කෙම් බිමක් කරා
    ඔබ යන තුරා
    ඔබ හඹා එන
    ගිනි දළු නිවන්නට

    ප්‍රති-පිළිතුරු සැපයීම
  8. දැවී යනු ඇත
    ඒ හරිත තණ පත්ද
    ඉක්මණින්ම
    නිමා වන ලකුණු නැත
    මේ නියඟය,
    ඇරඹුනා පමණි තව
    ඔබ යන්න
    මගේ මුල් මෙහි ඇදී ඇත
    යා නොහැක හැර දමා
    රැඳී සිටිය යුතු වෙමි
    අවසානය තෙක්
    කුමක් වුවත් එය

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: