RSS Feed

දයාබර මකුළුවාණනී….!

කොයිද අද ඔබ කිමද නිහඬව

අතැර ගොස් ඇත ඔබ මෙහේ

බොහෝ කල් ගෙන දැල වියන’යුරු

බලා සිටියෙමි මම ඔහේ

ඔබෙ දැල අද මෙතැන ඇති ‘මුදු

නොමැත ඔබ නම්  අද මෙහි

මේ කඳුළු කාගේද ඇත්තට

ඔබෙද

නැත්තම් ඔබේ ගොදුරෙද..??

Advertisements

29 responses ඊළඟ »

  1. හරිම ලස්සන පද පෙලක්…
    හිතන්න බොහො දෙවල් ..තියනවා…

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. ගොදුර බදනුව බැඳපු දැල, ඉන්
    මිදෙන ගොදුරෙන් බිඳෙන’යුරු දැක
    හැඟිනි, ගොදුරට වඩා මා බැඳි
    දැලෙහි විසිතුර මට අගේ බව.

    බැඳී වෙහෙසෙන ඇගේ කඳුලට
    මගේ ලතැවුල් මුසු ව වැගිරුනි
    යලිදු නොබඳිමි බිඳෙන දැල් මම
    හැලුණු කඳුලැල් හොඳටෝම ඇති!

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. දැලක් බැන්දා තමයි
    ගොදුරු සොයනට
    බලා හිඳිනුත් දුටිමි
    ඒ දෙස
    යන්න කල් ඇවිත්
    දැන් මට
    රඳවමී දැල මත
    හැර යන දුකින්
    සැලු කඳුළු කැට

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. මේ කඳුළු කාගේද ඇත්තට
    ඔබෙද
    නැත්තම් ඔබේ ගොදුරේද..??

    හරිම අපූරු අදහසක්…

    ප්‍රති-පිළිතුරු සැපයීම
  5. නෑ මගෙත් නෙමයි
    ඇගෙත් නෙමෙයි
    මේ අප වෙන් කල
    අකාල වැස්සක
    පසු ලකුණුයි

    ලස්සනයි සොයුරිය ඔබේ පද වැල

    ප්‍රති-පිළිතුරු සැපයීම
  6. උඩ අත්තෙන් වැටී
    පැටලුනේ කොෂයක්
    උදුරන්න මැලිව
    චූටි දුවාගේ සමනල සිහිනය
    නිදහස් කර
    එලූ දැල සැරසුවෙමි කඳුලින්

    ප්‍රති-පිළිතුරු සැපයීම
  7. දැලේ පැටලුන
    මනස උස් සතුන්
    හෙලන කඳුළු
    හා එක්වූ
    මගේ කඳුළු
    වග නම්!
    – මකුළුවා

    ප්‍රති-පිළිතුරු සැපයීම
  8. නුඹේ කඳුල….
    මගේ සන්තෘප්තිය වේවිද?…
    නුඹේ ලතැවිල්ල…..
    මගේ සැනසිල්ල වේවිද?
    නුඹේ දසුන මාගෙත්
    මගේ දසුන නුඹගේත්……..
    හද ගැස්ම වැඩිකරාවිද?
    නුඹේ අවසන් සුසුම මට තවත්
    එක මොහොතක් දිවි ගෙවීමට….
    ජීවන සුසුමක් වේවිද?
    නුඹ අතීතය ගැන පසුතැවෙද්දී
    මා අනාගතය ගැන සිතන්නද?

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • මගේ කඳුළැලි සිතේ ලතැවිලි
      නුඹට කුමට ද කියන් බලනට
      නුඹ දන්න මුත් මා නොදන්නා
      නුඹේ සිතුවිලි කොහොම වේවිද
      මගේ සුසුමට දුක සිතන්නට
      ඔබ සිතන්නේ ඇයිද ඇත්තට
      මගේ අතීතය මට තිබුනු දෙන්
      යන්න ඔබ දැන් අලුත් ලෝකෙට…!!
      බොහෝම ස්තූතියි…!!!

      ප්‍රති-පිළිතුරු සැපයීම
  9. ගොදුරක් එනතෙක්
    ‍රැක සිටිද්දි
    මා වියු දැල තුලම
    ගොදුර බවට පත් වීමි මා
    අහර සොයා ආ
    කිරිල්ලියකට
    එසඳ
    මා දෑසින් ගලා ගිය
    කඳුලුයි මේ
    මක් කරන්නද
    කැලයේ නීතිය එයයි

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • බලවතා දුබලයා පාගන
      කැලේ නීතිය දැනන් සිටියට
      හදේ කොතැනක තිබුනේද ඔබ
      අද කියන ඔය කඳුළු කැට ටික
      ටිකක් වත් සිතුවාද පෙර නම්
      මෙහෙම වේයැයි කවදාකවත්
      කමක් නැහැ මම ඔබේ තනියට
      ඔබේ සිත ලඟ කඳුළු එක්කම

      ප්‍රති-පිළිතුරු සැපයීම
  10. ඔබේ නෙතු දුටු
    මගේ වියමන්
    කරන්නේ මා කුස නිසා
    පැමිණ පැටැලෙන
    ගොදුරු මිතුරන්
    මට ද කදුලක් ගෙන එනා
    එවුන් පැමිණිය
    සැනින් මා යනු
    දකින්නට ඇත
    ඔබද නිබදේ…
    නමුදු මිතුරේ
    එවන් මොහොතක
    සතුටු හිතුණේ
    මා කුසට මිස…
    සත්තකින්…
    මට නොවේ.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  11. ඔය කඳුලු මගේ….:'(
    මන් අඬ අඬ පාරේ යද්දි මකුණු දැලක් මූනේ වැදුනනේ.
    හ්ම්.. හොර ගෙඩියා….. හොරෙන්ම ඒ මකුණු දැල ෆොටෝ ගහගත්තා නේද. අහුවෙද්දෙන්කො මට.

    මේ….. ඇඬුවෙ මොකටද කියලනම් අහන්න එපා ඕන් 😀

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • අහ්: මේ කඳුළු ඔයාගෙද..?? කවුද අප්පා දන්නේ..
      ඇත්තටම ඇයි මල්ලියේ පාරේ අඬ අඬා ගියේ. ඇයි අර විරෝධතා ව්‍යාපාරයට කවුරුත්ම ආවේ නැද්ද හැබෑටම..??
      ඔය නොආපු අයට ඒකේ පාඩුව දැනෙයි..ඔන්න ඔහේ අඬන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගන්න දැන්වත් 🙂 🙂

      ප්‍රති-පිළිතුරු සැපයීම
  12. ඒකනේ කියන්නෙ. එකෙක් ආවෙ නෑනෙ. මටත් ඉතින් මොකො. මගේ වැඩක්යැ. හැමෝම ගැන හිතලා මන් ඔය කටයුත්තට අත ගැහුවේ. එයාලට ඕනෙ නැත්නම් මටත් කමක් නෑ. මන් ඉතින් කොහොමත් ඔය කුඩ අස්සේ යන්නෙ නෑනෙ. හික්ස්.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  13. වියූ දැලෙහි මා පෙර දිනේ
    පැටලී හැඩූ අහිංසකාවියගේ
    නෙතින් වට කඳුළු කැට
    දුටිම් මම දැල මත
    සෝ ගින්නෙන් දැවෙන මා සිත
    සනසනු වස් අතැර යමි මම
    වියූ ඒ දැල……..

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: