RSS Feed

~~අද කවි නැත~~

අද කවි නැත මගෙ සිත මත

ඔබ පමණක් තනියට ඇත

සිත් අහසට තනි රැක රැක

තරු මල් ඉසිමින් සිත මත

සිත් අහසට ඔබ විසි කල

තරු මල් එක එක ගැන ගැන

තනුවක් වූ ඔබෙ සෙනෙහස

ගයමි මම මුදු  ස්වර කර

ස්වර එකිනෙක ගීයක් වී

මුදු සුළඟට  මුසු වන විට

හීන් හඬින් මුමුනණු මැන

මගෙ සවනට ඔබෙ සෙනෙහස..!

Advertisements

22 responses ඊළඟ »

  1. කවි නැති සිත
    කවියක් වී
    ලියා තියා
    අපූරුවට
    සෙනෙහස පිරි
    කවි නැති සිත
    ගොළු කවියයි
    දු‍ටුවේ මම

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • කවි නැති කල
      කවි මවමින්
      මා සිත ලඟ
      ගොළුවී හිඳ
      පත් ඉරු මත
      කවි ලියමින්
      සෙනෙහස පුදනා
      ඒ සිත ..!!
      ඔයා එදා ලියපු කවියටත් මම කැමතියි..
      මේ ඒක
      කවි නැති සිත
      කවියක් වී
      පත් ඉරු මත
      අපූරුවට

      බොහෝම ස්තූතියි..!! චේජනා

      ප්‍රති-පිළිතුරු සැපයීම
  2. හරිම අපූරු පද පෙලක් අක්කා. හරිම ලස්සනයි.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. අපූරුම කවියක් නෙ. කවි නෑ කිව්වට ඔය තියෙන්නෙ.
    🙂
    අදාළ නැති වුනත් මට මතක් වුණේ මේ කවිය. ඒකෙ කවි බැරි නිසාම අග නොකවි කරල.

    “රණවරා ගහේ මල් පිපෙන කාලෙට
    සඳසරා කුමරිය ඇවිත් කන්දට
    අතවනා කියයි මට ගමට එන්නට
    සකිසඳේ හැඬුම් මිස බැරිය සීපද”

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • බොහෝම ආදරෙන් පිලිගන්නවා මන්දාකිණියට..
      ස්තූතියි බොහෝමත්ම…..!!
      ඔයාගේ ‘ මේ මා දැන උගත් කවි කලාවයි’
      ලිපි පෙල කියවන්න මම බලාගෙන ඉන්නවා ..
      නොදන්නාදේ දැන ගන්න..!

      හ්ම්ම්ම් මේ කවිය කාගේද ?? කාගේ උනත් මෙහෙම වෙනස් උනා නම් හොඳයි වගේ තමා..

      “රණවරා ගහේ කහ මල් පිපෙන කාලයට
      සඳසරා කුමරි අද ඇවිත් දුර කන්දට
      අතවනා කියයි මට යලි ගමට එන්නට
      සකිසඳේ හැඬුම් මිස බැරිය සීපද මෙමට”

      ම්ම්ම් දැන් කොහොමද බලන්නකෝ.. 🙂

      එහෙම උනා නම් එළි වැටවත් රැකෙනවානෙ නේද ..පද හතරේ??
      හැබැයි මම මේ දේවල් ගැන වැඩිපුර නොසිතාම තමා ලියන්නේ. 😀

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • ලියන්න ඕනෙ අක්කෙ. කළිං ටිකට උදාහරණ ලිව්වෙ මතකෙන්. ඉතිරිවාට උදා: මතක්වෙන්නෙ නැති නිසා ලිව්වෙ නැත්තෙ. ගෙදර ගිය වෙලාවක එකතු කරල තියෙන කවි ටික අවුස්සල හොයාගෙන ඇවිත් ලියන්නම්. මම ඉන්නෙ බෝඩිමක ගෙදර යන්න වෙන්නෑ කාලෙකට. ගිය ගමන් ලියනව.
        ඔයාගෙ කවියත් මරු. ඒත් මට හිතුණෙ ඕක ඔහොම ලියන්න ඇත්තෙ එළිවැට ගලපගන්න බැරුව නෙවෙයි.
        ඔයින් කියවෙන්නෙ හරි හම්බ කරගන්න දුර ඈතක ගිහින් දුක් විඳින තාත්ත කෙනෙක්, සල්ලි නැති නිසා අලුත් අවුරුද්දෙත් ගමට යා ගන්න බැරිව, මඟ බලං ඉන්න දරුවො මතක් කරල, හිතේ දුකට කියන දේවල්. දුක නිසා එයාට අඬනව ඇරෙන්න කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ. ඒ නිසා වෙන්න ඔනේ මුල් පද 3ම යස අපූරුවට ගළපල අන්තිම එක නොගළපා තියෙන්නෙ. අනික සීපද බැරිය කිව්වම බැරි බව පෙනෙන්නත් එපැයි.
        ලියල තියෙන්නෙ රත්න ශ්‍රී විජේසිංහ. මේක ගීතයක්. අක්ක අහළ නැතිව ඇති. කියන්නෙ සුනිල් එදිරිසිංහ. තනුව පණ්ඩිත් අමරදේව. සංගීතය රෝහණ වීරසිංහ. (හරි කියල හිතනව )
        ඒ තනුවයි බට නළා හඬයි එකතු වෙලා වචනයෙන් කියන ඒ කටුක දුක්බර වේදනාව මගෙ හිත ඇතුළෙත් ඇතිකළා. මිං එහාට ඒ ගැන මං මුකුත් කියන්න යන්නෙ නෑ. මේ ලියන්නෙත් ඒක අහමින් නිසා.

        රණවරා ගහේ මල් පිපෙන කාලෙට
        සඳසරා කුමරිය ඇවිත් කන්දට
        අතවනා කියයි මට ගමට එන්නට
        සකිසඳේ හැඬුම් මිස බැරිය සීපද

        වැඩපලේ වහල උඩ හඬන කොවුලනි
        මොකද මේ තොපට නැතුවද බඩගිනි
        නම කියා විහිළු කළ කුරුළු දරුවනි
        පරවුණාම එරබදු මලෙත් නෑ පැණි

        එනතුරා පැලට අවුරුද්ද දුක නැති
        මඟ බලාන දොරකඩ පුංචි දුව ඇති
        පඩි අරං හෙට උදේ ගමට යන සකි
        නුඹ අතේම මට මගෙ කඳුළු යැව්වැකි

        http://www.infolanka.com/miyuru_gee/kk/k563.ram

      • ලියමු ලියමු එහෙනම් හෙමින් සැරේ..:D
        අපොයි හපොයි ඇත්තටම මම අහලා නෑ..
        මම ඉතිං කොයි සිංදුවද අහලා තියන්නේ මෙහෙම බලාගෙන යනකොට නේද..??
        මම හිතුවේ මේ ඔයාට මතක තිබුන කාගේ හරි කවියක් ලිව්වා කියලා..
        ඒ කවුරුත් මේක දකින්න එපා 😦 😦
        හ්ම්ම්ම් එහෙම වෙන්න ඇති එහෙමනම් මේහෙම ලිව්වේ..කියලා මටත් හිතුනා.
        ස්තූතියි..!! නංගී ඔයාගේ මේ දීර්ඝ පැහැදිලි කිරිමට.

        “නුඹ අතේ..ම මට මගෙ කඳුළු යැව්වැකි ”
        ඔව් ඔයා හරි ඒ පේලියෙන් ඒක හොඳටම දැනෙනවා සිංදුව අහද්දින් නේද??

  4. කවි හිත තුල කවි හිදුනද….
    සොරේක් ඇවිත් අරන් ගිහින්
    කවි හිත තුල ඇති පද වැල…
    සෙනෙහස හා මුසු කොට..

    ප්‍රති-පිළිතුරු සැපයීම
  5. නොසිතනු මැන
    කවි නැතැයි ඔබේ සිත
    ඔබම කවියක්ය මසිතට
    ගයන විට මුදු සරින් ඔබ
    සෙනෙහසේ ගීතය
    අහුලමින් තරු මල්
    වයන්නම් මියුරු සර
    හඬවමින් බිඳුණු තත්
    මහද සිතාරයේ

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • සිත් අහස පුරා ඔබ කරනා සක්මන්
      තරු මල් ඇහිදින්නටයි කියා
      දුර ඈත ගියා සිත මතක අතීතෙක
      සොඳුරු හීන මල් සිතේ තියා
      එදා වාගෙමයි වෙනසක් නැහැ නුඹේ
      සතුටු කඳුළුමය මා දෙනෙතේ
      මම බලා හිඳිමි මේ ලෙස නිහඬව අද
      සිතාරයේ තත් සෙමින් වැයේ
      මුදු සුමුදු සරින් මා ගයනා ගීයට
      අත්වැල් අල්ලන ස්වරය වෙලා
      ඔබ ඔහොම ඉන්න මං ළඟට වෙලා
      මම බලා හිඳින්නම් ඔබේ දිහා

      ප්‍රති-පිළිතුරු සැපයීම
  6. හිත කවියක්මය
    එලිසමය මනාව සුරැකි
    ඔබ ඉන්න තුරු……
    මොහොතකට
    ඔබ පිටව ගිය පසු…
    විකාර රූපී නිසඳැසක්මය……..
    සිතුවිලි පොකුරු……..

    ප්‍රති-පිළිතුරු සැපයීම
  7. පැණි තැවරූ වදන් ඔතා
    උපමා රූපක පොඟවා
    ආයාසයකින් නොතරම්
    පබඳින කවි මටත් එපා.

    සවන් දෙන්න නිහඬ බවට
    එතකොට ඔබ හට ඇසේවි
    මා ළමැදින් බුබුළු නඟින
    සෙනෙහස් රැල්ලේ රිද්මය

    ඔබේ හදත් ඒ රිද්මෙට
    අනුනාද ව හඬ දේ නම්
    මිහිරි කවත් රස ගැයුමත්
    මට නම් එයමයි කවදත්.

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • රස මී පැණි වල පොඟවා
      නාම විශේෂන සඟවා
      උපමා රූපක ඇමිණූ
      කවි කවදත් නොලියමි මං..!!

      නිහඬ නිසල ඒ ලෝකය
      මැදින් ඇසෙන සසලවු හඬ
      ඔබෙ සෙනෙහසෙ දිය රැලි බව
      හඳුනා ගත්තෙමි හොඳටම..!!

      ඔබේ සිතේ අනුනාදය
      මා සිත බව දන්නා නුඹ
      මා ළඟ හිද මුමුණන බව
      දනිමි ඔබේ සිත සෙනෙහස..!!

      චංචල දිය රැලි මතු පිට
      සුදු මෘදු ස්වරයෙන් සුගැයෙන
      ඔබේ සොඳුරු කවි පද වැල්
      එවනවාද මුදු සුළඟක..!!

      ඔබේ සුමුදු මුදු වැයුමට
      හැඬවෙන වෙන තත් අතරෙදි
      කෙතරම් කවි පබැඳු මුත්
      නුඹ අභියස අසමත් මං ..!

      ප්‍රති-පිළිතුරු සැපයීම
  8. හැමෝම කවි වලින් comment දාල තියෙන තැනක නිකංම නිකං වචන ටිකක් ලිව්වම හොඳට අතුගාල තියෙන මිදුලක බල්ලෙක් ජරා කරා වගේ තියෙයි… ඒ මොනව වුනත් කවිය ලස්සනයි…. ඇත්තටම ලස්සනයි..

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • එහෙම දෙයක් නම් නෑ …
      තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍ය විදියට
      කවිය වගේම නිසඳැසත්, වාක්‍යයත් යොදා ගන්න පුළුවන්..
      එය තමන් කැමති විදියක් 🙂
      මම ඔබේ බ්ලොග් එකට ගිහිං බැලුවා..
      නමුත් ඔබ තාමත් ලියන්න පටන්ගෙන නැහැ….ලියන්න පටන් ගන්න
      sudantha100 බොහෝම ස්තූතියි ….!! ‘මන්දාකිණිය’ට ඇවිත් යන්න ආවට..

      ප්‍රති-පිළිතුරු සැපයීම
  9. sehr nett. Ich mag es. Keep it up. Glück.

    හූ… හූ… අපිටත් පුලුවන් හරිද.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  10. කවියක් නැතත්
    ඇත විහඟ ගීතයක්
    සැම උදෑසනකම ඇසීමට රිසි
    නෙත ගැටෙන හැම කුසුම් පෙත්තක
    දිලෙන පිණි කැට දඟලන
    සංගීතයෙන් මුසපත් උන

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: