RSS Feed

~~අප්පච්චී~~

නිවසේ හැම තැන දුව පැන ඇවිදපු

පුංචි දෝණි අද නැහැ  ලඟ නම්

බොහෝ දුරු රටක ඇයත් තනිවෙලා

පුංචි පැටව් දෙදෙනෙකු සමඟින්

පහන් පැලට මල් කඩන්න යනකොට

වතුසුදු ගහ අහනවා තාමත්

ඉස්සර මල් නෙලු  පුංචි දෝණි කෝ

කවදද එන්නේ ඇය ආයෙත්

මිදුලේ අඹ ගහ මල් පුරවාගෙන

බලාන ඉන්නවා හැමදාමත්

ඉස්සර ඇහුනට දැන් නෑසේ යැයි

පරණ  පුරුදු ඔංචිලි වාරම්

කවදද ආයෙත් ඇවිත් යන්නවත්

එන්නේ ඇත්තට මෙහෙ නෑගම්

අප්පච්චී මුත්තණුවන්වී  අද

මඟ බලනවා කඳුළුත් සඟවන්

Advertisements

22 responses ඊළඟ »

  1. ලස්සනම් ලස්සන පද පෙලක්……

    ගොඩක් අය හිතයට තියාගෙන දුක් විදින දෙයක්..
    අද පදවලට හරවලා

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. මමත් එහෙමය
    ඒත් මම කියන්නේ නැත

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. පුන්චි මුතු කැට
    හැඩ ගෙන
    ලොකුවී පෙනුනා
    පදපෙල

    හරිම සංවේදියි. හංගන්නට බෑ ඇත්ත.
    යන්නට ඇත්නම් ආයේ…

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. හිතට දැනෙන පද පෙළක්..

    ප්‍රති-පිළිතුරු සැපයීම
  5. අපි පොඩි කාලෙ හිතුවේ තාත්ත වගෙ වෙන්න… දැන් හිතෙනවා ආපහු ඒ කාලෙටම යන්න.. ජීවිතේ මාරයිනේ….

    ප්‍රති-පිළිතුරු සැපයීම
  6. ම්…. හරිම ලස්සනයි. කවි ලියනවා වගේම සතුටක් කවි කියවනකොටත් ලැබෙනවා. හැමදාම කවි හිත තියගෙන ඉන්න වරම් ලැබෙවා.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  7. රෑ මැදියම හිරු පායන දිනවල
    කෙත මත සඳ සිහිනෙන් පෙනුනේ
    ගෙයි දොරකඩ ටියුලිප් මල් පිපෙද්දි
    පිච්ච වැලේ පුසුඹයි දැනුනේ
    ගන සළු පොරවා සියොලඟ උණුසුම
    රැකුමට වලි කන සීත සමේ
    අප්පච්චියෙ නුඹෙ ඇකයේ මා ලද
    උණුසුම හද පතුලෙම ගැවසේ.

    වියතුන් සබ මැද ඉදිරි ව ඉනු යැයි
    නුඹ පැතු දේ මම ඉටු කළෙමී
    දිග් විජයට ලොබ වූ සිත, මා ගත
    නොරටක ගෙන’වුත් එහි රැඳවී
    මව් බස නොදොඩන නුඹේ මුණුබුරන්
    මා මව් බිම නොතකන බැවිනි
    උන්ගෙත්, මගේම උන්නතිකාමෙත්
    සිරකාරිය වී මෙහි වෙසෙමී.

    මගෙ සිත සනසා ගන්නට නුඹ හට
    මෙරටට එන්නට කීවත් මං
    නිකමෙකු සේ මෙහි කුමක් කරන්නද?
    නුඹ නො එතැයි දන්නෙමි මැනවින්
    මට පණ නල දුන් නුඹේ හුස්ම පොද
    ගිලිහෙන්නට මොහොතකට කලින්
    පරිගණකෙන් වත් පා යුග නමදිමි
    ‘පීතු පාදං නමා මහං’

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
      අනේ මංදා ?? මේක කියෙව්වාම නම් මට අපි අපි ගැනම දුක හිතුනා. 😦 😦
      කවදා ඉවරවෙන දෙයක්ද මේක කියලා.
      ඒත් ඉතිං කරන්න දේකුත් නෑ..මට නම් හැමදාමත් ඔහේ කොහේ හරි.නැවතුමක් එක තැනක් නැතිවම කාලය නම් ගෙවිලා යනවා විදුලි වේගෙන්..
      හ්ම්ම් ඒකවත් ඇති..
      ස්තූතියි බොහෝමත්ම …!!!

      ප්‍රති-පිළිතුරු සැපයීම
  8. මේ ලියවිලා තියෙන පුංචි දෝණි වෙන කවුරුවත් නෙමෙයි නේද අක්කා?

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • හ්ම්ම්ම්ම්ම්ම්…
      මමත් නම් එහෙම තමා. ඒත් මට කාලෙකට පස්සේ හරි ටික කාලයක් වත් ඉන්න යන්න පුලුවන්..
      ඒත් නිවාඩුවකට විතරක් ගිහිං එන්න පුලුවන් අය කොයි තරම් ඉන්නවද..??
      එහෙම අය මම දන්නවා ගොඩාක් දුකින් ඉන්නවා..
      බොහෝ විට ඒ දියණිය හෝ පුතා පවුලේ එකම දරුවා උනාම.
      එහෙම හිතලයි මම ලිව්වේ.
      ස්තූතියි..!! නංගී

      ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: