RSS Feed

~සෙවුම~

බොහෝ දුක් දොම්නස් දරාගෙන ගෙන

කඳුළු  සුසුමන් හිත දවටගෙන

ජීවිතේ මඟ ගෙවා යන ‘තර

සිනා කැල්මන් සමඟ රහසෙම

සතුට තැන තැන සඟවලා ඇත

මඟ දෙපස ගැන හොඳින් විමසා

සොයා ගැනුමයි  භාර අප හට

අවැසි දේ පමණක්ම  දිවියට

Advertisements

29 responses ඊළඟ »

  1. දෙනෙත් ඉදිරිපිටම
    සැඟවූ දේ
    හොයාගන්න කොයිතරම්
    නම් අපහසුද……….
    අප තුලම සැගවුනු
    දෙයක් නම්
    කොතරම් අපහසු
    වේවිද හිතා ගන්නට…..

    Thnx 4 that info…that bugger has posted 2 of my poems on that forum…i wonder why do they do such things…whats the point of posting sm one else’s poem on a poetic forum…can’t figure it out…thnx anyway……

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. පුංචි කාලෙ ඉදලම හොයලා හොයලා මහන්සියි දැන්.. මහන්සිය විතරයි ඉතුරුවෙලා තියන්නෙ.. දැන් හොයනවා, හොයද්දි අමතක වුණු දෙවල්, අතහැරුණ දෙවල්. මගෙ හම මෙච්චර සිනිඳුයි කියලා දැන දැනත් ගල් තලාවෙ සෙල්ලම් කරන්න ගිහින් තුවාලවෙලා ඉන්නෙ. දැන් ජිවිතයට අවැසිදෙ එකම දෙයයි. හුස්ම ටිකයි, කැම ටිකයි විතරයි. එ දෙ සොයන්න ලොකු මහන්සියක් වෙන්න ඔනා නැහැ.. ජිවිතෙ එහෙමයි කියලා මෙහෙම ජිවත්වෙලත් හරියන්නෙ නැහැ. නෙද..? කවිය ලස්සනයි, කියවපුහාම ගොඩක් දෙවල් මතකෙට ආවා.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. ක‍ටු කොහොලින් පිරුනු..
    මේ ජිවිත මන් තලාවේ
    සුවද දෙන රෝසමල්….
    අතු අග ක‍ටු තිබේ…

    සුවද පසුපස හබාගොස්
    බාදුරාමල් වල වැටේ

    යායුතු මග කිමැයි…..?
    හිතට වදයක් නමුත් …
    පිලිතුරක් ….
    කොහේ වෙද….
    නිව‍රැදි මග දිගේ යන්න…

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. මග දෙපස ඇති සතුට සොයමින්
    කඳුලු සලමින් ඔබ යනා’තර
    නොදැනුවත්වම වැටෙනු ඇත
    ඔබ වෙනුවෙන්ම කැණ ඇති බොරු වලක

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • ෂ්… එහෙම වෙයිද??
      හ්ම්ම්ම්ම් සමහරවිට..ඒත් නොවෙන්නත් පුලුවන් නේද…??
      ඇද වැටුනද යා යුතුවෙයි පෙරට
      අතාරින්නද ජීවිතය නැතිනම් ..
      නැහැ නේද..??
      කඳුළු පිරි නෙත් වලට නොපෙනී
      කැණපු බොරු වලවල් තිබිය හැක
      වැටෙන හැම විට නැගිට යන්නත්
      උදව් කරනට කෙනෙක් සිටියැ’කි..!!

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • යා යුතු දුර බොහෝයි
        මග දෙපස පීර පීරා සිටියොතින්
        හොඳටම පමා වෙයි
        ජීවිතය ඔබ පසු කරන් යයි
        ඒත් කෙසේ දුව යන්නද
        ජීවිතය පසු පසින්
        සතුට අත හැර
        හරිම උභ‍තෝකෝටිකයක්
        නොවෙද මේ ජීවිතය

      • යා යුතු දුර කොතෙක් වුව
        යන්නට කොතෙක් පමාවුව
        හිත දුකින් පුරෝගෙන
        යන්න සිතනුයේඇයිද ඒ මඟ
        සතුටත් සොයාගෙන
        සෙමින් ගමනක් ගිය කල
        බොහෝ දුර යා නොහැකි වූවත්
        සිතවත් සතුටින් තියෙයි නොවේද..
        ඒ පුංචි කාලයටවත්..!!
        ඇත්තටම ඔව් ඒත් විසදුම් සොයා ගතයුතු..! 🙂

  5. කවි පද වගේම පින්තූරෙත් හරිම ලස්සනයි.

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • කවිය ලියලා පින්තූරයක් ගැන හිතමින් ඉන්නකොට කවියකුත් එක්ක පින්තූරේ FB wall එකට ආවා.
      ඉතිං කවියේ අයිතිකාරයගෙන් පින්තූරේ ඉල්ලගත්තා.
      ස්තූතියි..!! ඉසිඹුව
      සචිනි නංගිටත් ස්තූතියි..!! මට පින්තූරේ දුන්නට 🙂

      ප්‍රති-පිළිතුරු සැපයීම
  6. හ්ම්… එකෝමත් එක කාලෙක
    එකෝමත් එක නගරයකට සංචාරකයෙක් ගියාලු…
    මනුස්සයාට නවතින්න තිබුනේ “කුමාර” නම් නවාතැන්පලෙලු…
    ඉතින්,
    ඔහු මුලු නගරෙම පීරාලා හොයල බැලුවලු කොහේද “කුමාර” නවාතැන්පල තියෙන්නේ කියලා… හොයලා හොයලා හොයාගන්නම බැරි වුන තැන ආපහු හොයන්ට පටන් ගත්ත තැනට ආවලු… එතකොටලු මනුස්සයාට තෙරුනේ තමන් ඉඳල තියෙන්නේ “කුමාර” නවාතැන්පලෙම නේද කියලා

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • ඒක ෂෝක් 🙂 🙂
      සමහර වෙලාවට එහෙම වෙන්න පුලුවන් තමා.

      (රහසින්- මේක මේ ඔයාට උන දෙයක් එහෙම නෙවේ නේද??) : D

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • ඔය කථාව තිබ්බේ ගොඩාක් කාලෙකට කලින් දිවයින පත්තරෙ කසුරිගෙ වටරවුමේ වගෙ මට මතක හැටියට…. ඇත්තම කියනවනම් මටත් ඕකට සමානම අත්දැකීමක් තියෙනවා…. 😀
        මමත් සතුට කියන දේ තියෙන්නේ කොහේද කියලා හෙව්ව සැහෙන කාලයක්… පස්සෙ තමා තෙරුම් ගත්තේ ඇත්තටම සතුට කියන්නේ කොහෙවත් තියෙන එකක් නෙවේය මඟෙ ලගම තියෙන එකක්ය කියලා…
        ඒ මොනව වුනත් කවිය ලස්සනයි…

      • හ්ම්ම්ම්.. හොයාගන්න බැරුව අපිට නොපෙනී අත ළඟම සතුට තියෙන්නත් පුලුවන්….
        අනික ඉතිං එක එක කෙනා හිතන විදිය අනුවනේ සතුට උනත් තීරණය වෙන්නේ නේද..??
        මම විහිලුවටයි ඇහුවේ තමන්ටම උන දෙයක්ද කියලා 🙂
        ස්තූතියි ..!!

      • හේහ්..හේ… මම දන්නවා විහිලුවක් කියලා… 🙂
        බලාගෙන ගියාම ඒකත් හරි… ඒක එක්කනාගෙ විදි වෙනස්නෙ නේද… තමන්ගෙ මට්ටම් තංමැට්ටං කිව්වලු…

      • හා හා තමන්ගෙ මට්ටම් තංමැට්ටං 🙂
        ඒක හරි 😀

  7. සතුට සොයමු අප සැමතැන
    වෙහෙස වෙවී මුලාවෙමින්
    එය ඇත්තේ අප සිත තුල
    පිටත කොහිද එවන් සතුට
    මැණික්(සුළඟ)

    ප්‍රති-පිළිතුරු සැපයීම
  8. නිමන්ති, ලස්සන අදහසක්. මට එකපාරටම මතකයට ආවෙ ඔයාගෙ උමං දුම්රිය පොළේ වාදකයා ගැන ලියපු කවිය. අපි හැල්මෙ කොහේදෝ යනව, මොනවදෝ හොයාගෙන. හැරිල බලන කොට අපට හුඟක් දේ මග හැරිල. සතුට තියෙන්නෙ අහවල් තැනය කියල සීමා ඉරක් නෑ. ඒත් හුඟක් අය හිතන්නෙ ඒක තමන්ගෙන් ආලෝක වර්ෂ ගාණක් ඈත තියෙන දෙයක් කියල. සටහනක් තියල යන්න බැරි උනත් හැමදාමත් මේ පැත්තට ඇවිත් කවි කියවල, රස විඳල ගියා.

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • ඇත්තටම අපි ජීවිතේදි සතුට කියලා ලං කරගන්නේ වෙලාවකට දුකමයි නේද කියලා හිතෙනවා.
      හරියටම සතුට සොයා ගන්න අපහසුයි. මටනම් හිතෙන්නේම ඒ සතුට සඟවලා තියන නිසා කියලයි.
      කවි කියවල, රස විඳල යනව නම් ඒක මට සතුටක් 🙂
      ඇවිත් යන්න එනවට ස්තූතියි..!! වළාකුළු

      ප්‍රති-පිළිතුරු සැපයීම
  9. ඒකනම් හැබෑව. ඒත් අපි ගොඩක් දෙනා අවශ්‍ය දේ නෙවෙයිනෙ ජීවිතේට ලන් කොර ගන්නේ. ඒක නෙව පුරස්නෙ.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  10. ජීවිතේට හරවත් යමක් හැමදාමත් … නේද අක්කේ.
    ඔන්න කාලෙකින් අද මේ පැත්තෙ ආවේ.

    අර කිව්වත් වගේ අපි යන ගමනෙදි ඔය කියපු සඟවලා තියෙන සතුට හොයාගන්න අමතක වෙනවා අපිට වෙලාවකට… ස්තුතියි ඔයාට සැ‍රින් සැරේ මතක් කරල දෙනවට.

    -ජය

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • හා…නේ… සාදරයෙන් පිලිගන්නවා කාලෙකින් තමා නේ.
      සුභ පැතුම්..!! සුභ පැතුම්..!! ඉස්සෙල්ලාම හොදේ.

      හැබෑටම දැන් කොහොමද සැප දුක්??
      මෙහෙම අහන්නත් බයේ බෑ වගේ …නේද චේජනා?
      කමක් නෑ ඉතිං චේජනා, මම වගේ අය ‘වචී පරම’ නොවී වෙන මොනා කරන්නද දුකින් උනත්..
      ඒ නිසා ඉතිං ඔන්න ඇහුවා.
      ආ..හ්.. ඒ මොකද්ද ඒ කියන්නේ..??
      තාමත් බය වෙලාද ඉන්නේ?? 😛
      බයවෙන්න එපා, බයවෙන්න එපා බලමුකෝ නේ අපි 😀 😀

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • ස්තුතී අක්කේ සුබපැතුමට…
        සැපදුක් අහන්ඩ ගිහිල්ලා ඇස් රතුකරගත්තු අය තාම ඉන්නවා. ඒක නිසා මාත් ඉන්නෙ බයෙන් මේ දවස්වල 😀
        චේජනා නං ඔය ඉන්නෙ සාක්කි ඕන්නං…

        ඒක නෙමේ අක්කෙ අර ඔයාට අංක එක දීපු එක්කෙනා එහෙම ආවෙ නැද්ද මේ පැත්තේ ? වැඩිය සද්දයක් නෑ මේ දවස්වල.”අරාබි සෝකය” හැදිලා(ඒක තමා ලෙඩේ නම)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: