RSS Feed

ඔබ නොදනී…

ඔබ ඇවිත් යන  සැම විටකදිම

සිනාසී සමුදී තැවෙන්නම්

නොසිතාම යලි  හෙටත් එන්නැයි

සමුගන්න සැම විට කියන්නම්

නාවොතින් හෙම බැරි වෙලාවත්

හවස් වෙනකම් මඟ බලන්නම්

ඔබ නොදන්නා මගේ සෙනෙහස

මං ලඟම මම තියා ගන්නම්

පාව යන මේ සුමුදු  සුළඟට

මගේ රහස මම කියා ගන්නම්

කියා ගන්නට බැරි රහස් ටික

හදේ කුටියක සඟව ගන්නම්

ළඟට එන්නට බැරිම නම් ඔබ

දුරින්වත් මම තියා ගන්නම්

කවදාක හෝ ඔබ ලැබේ යැයි

බලාපොරොත්තු  රඳව ගන්නම්..!!

Advertisements

38 responses ඊළඟ »

  1. එක්වෙනවාට වඩා
    හොඳ නැත්ද
    එකිනෙකා දිහා බලාන
    රේල් පීලි දෙකක් වාගෙ
    අනන්තයට යන එක…..
    තබාගෙන ආදරයට ඉඩක්
    අප අතර හැමදාම..
    ලෝකයම හිතපුදෙන්
    අපි අනන්තයෙදි එක්වන බව…..
    අපි ඉදිමු හැමදාම
    සමාන්තරව….
    මිතුරුව….
    (Looking @ Love & expectations from another view point…)

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • හැමදාම හැකිවෙයිද
      එකිනෙකා දෙස බලාගෙන
      දුරින් ඉන්නට
      ලං නොවී
      සමාන්තරව
      මිතුරුව
      නොසිතේවිද දුකක්
      පුංචිම පුංචිවත්
      කාලය ගෙවෙද්දින්

      “අපි ඉදිමු හැමදාම
      සමාන්තරව….
      මිතුරුව….”
      මේ පද කීපය හරි වෙනස් ලස්සනක් ගෙනාවා කියලා මට හිතුනා.. 🙂
      ස්තූතියි ..!! හේමලයා

      ප්‍රති-පිළිතුරු සැපයීම
  2. සෑම පෙම් වන්තියකගෙම ඊට පස්සෙ බිරිඳකගේම පැතුම මේකම නේද නගෝ . . . ලස්සනයි !

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. ලස්සනයි අක්කෙ, මෙ බලාපොරොත්තු තමයි මිනිස්සුන්ව ජිවත් කරවන්නෙ.. ලස්සනයි… හරිම අගනා අදහසක්. ඔයා මෙක වචන කරත් වචන වලට කියන්න , විස්තර කරන්න බැරි බොහො දෙවල් තියනවා. මෙතනදි ඔයා උත්සහ කරන දේත් එ වගෙ දෙයක්… හරිම ලස්සනයි

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. අදහස් නම් ගොඩක් ලස්සනයි.ඒත් බලන් ඉන්න කෙනා ආයෙත් සදහටම නාවොත් මොකද කරන්නේ?කොහොමද දුක ඉවස ගන්නේ…?

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • බලාපොරොත්තු වෙන කෙනා නාවොත්..??
      නැවිත්ම ඉන්නවට වඩා වෙන්න ඉඩ තියන්නේ
      හැමදාටමත් මිතුරන් විදියට ඉන්න සිදුවීම කියලා තමයි මගේ නම් සිතුවිල්ල… හේමලයා කිව්වා වගේ.
      ඒක හොඳයි නේද?? නෑවිත්ම ඉන්න එකට වඩා..
      බොහෝම ස්තූතියි…!!! මන්දාකිණියට ඇවිත් යන්න ආවාට 🙂

      ප්‍රති-පිළිතුරු සැපයීම
  5. ළඟට එන්නට බැරිම නම් ඔබ
    දුරින්වත් මම තියා ගන්නම්
    රේල් පීලි දෙකක් වාගෙ
    අනන්තයට යන එක…..
    තබාගෙන ආදරයට ඉඩක්
    අප අතර හැමදාම..
    ම්… ලස්සනයි නේද එහෙම වුනාම.
    මැණික්(සුළඟ)

    ප්‍රති-පිළිතුරු සැපයීම
  6. සිනාසී නුඹ යළිත් එන්නැයි
    අයැදිනා කල
    දුටිමි දෙනෙතේ
    පෙර නොකී රහසක්
    ඉතින් කෝමද
    නුඹ බලන්නට
    නෑවිදින් ඉන්නේ මං…………

    ප්‍රති-පිළිතුරු සැපයීම
  7. සමහර බලාපොරොත්තු ඈතයි
    ගොඩක්ම ඈතය…
    හරියට ක්ෂිතිජය වගේ…
    ළං වෙනවා වගේ පෙණුනත්
    ගොඩක් දුරයි…
    ගොඩාරියක්ම ඈතයි…

    ඒත් දුරින් ඉදන් බලනකොට ඒ බලාපොරොත්තුව
    ගොඩාක්ම ලස්සනයි…

    ප්‍රති-පිළිතුරු සැපයීම
  8. කාලෙකින් මම ආසා කරන විදිහේ කවියක් නංගි අතින් ලියවෙලා…
    හේමලයා කියපු විදිහ දුක වැඩිවෙන වැඩක්, කවිය ලස්ස වුනත්… කෝච්චියට හෙණ ගහපං කියලා මමනම් ඇණ මුරිච්චි ගලවලා එක ලඟ තියනවා…

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • අනේ අම්මේ ..යි හැබෑටම.. 😀
      බොහෝම ස්තූතියි..!! එහෙනම් මුලින්ම.
      ලාන්තරාස් එහෙම නෑනේ අද නේ.
      කෝච්චි පෙරලන්න හදන්න එපා..ඒවා ඔහේ ගියපු දෙන් හරි පාරේ.අයියා ඔහේ තියන වැඩක් බලාගන්න.
      දැන් ඇත්තටම කොහේද ඉන්නේ.??

      ප. ලි .
      යෝගියා කියලා ගිහිං තියනවා අයියට සනීප නෑලු කියලා. මොකද්ද අයියේ ඒ ලෙඩේ. “අරාබි සෝකය”ලු
      ඒකත් අර අරාබි නිසොල්ලාසය වගේ එකක්ද..??
      කොහොම උනත් කියන්නකෝ කවුද දැන් දැනුම් දෙන්න ඕනේ යාලු මිත්‍රාදීන් කියලා .
      ඔන්න මේ අහන්නේ කලින්ම ..පස්සේ අහන්න එපා ඕන් අමු කැවිලද කියලා හොදේ..?? (අනික අමු මෙහෙ ඇත්තෙත් නෑ)

      යාලු මිත්‍රාදී ලිස්ට් එක දෙන්නකෝ මම “සංවේගයෙන් දන්වා සිටිම්” කියලා පෝස්ට් එකක් දාන්නම් අයියේ.එතකොට කාගේ කාගෙත් ඇස් රතු වෙන්නේ නැති වෙයිනේ නේද…??

      හා තව දෙයක් රුවන්වැලි සෑය වඳින්න ගියාද ..?? මල් එහෙම කඩාගෙන.. 😛

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • අවසරයි! දැන්නේ අර “අමු” කතිකාවේ “අත් එසවීම” හරියටම තේරුම් ගියේ.
        බයවෙන්න එපා “අයියා” හොඳින් ඉන්නවා.

      • සංදුක්කේ…
        මේක ප්‍රස්න පත්තරයක් නේ…!
        උත්තර පත්‍රය
        1. ලාන්තරාස් එහෙම නෑනේ අද නේ = අද ලාන්තරාස් නැත… (විහිලුවට කියූ වචනයක් අල්ල ගෙන මෙලෙස දිගින් දිගටම රිදවීම හොඳද…?)
        2. දැන් ඇත්තටම කොහේද ඉන්නේ.? = දැන් ඉන්නේ පු‍ටුවක් උඩ
        3. ඒකත් අර අරාබි නිසොල්ලාසය වගේ එකක්ද..? = මල්ලියාට අධික උණ නිසා ඇතිවූ අතුරු ආබාධ
        4. කවුද දැන් දැනුම් දෙන්න ඕනේ යාලු මිත්‍රාදීන් කියලා = තැපැල් දෙපාර්තමේන්තුවේ ඇබෑර්තු ඇත
        5. එතකොට කාගේ කාගෙත් ඇස් රතු වෙන්නේ නැති වෙයිනේ නේද…? = බොරුවට අඬ අඬ අම්මිට වද දෙන පුංචි මගේ සුදු දූ කුමරී…
        6. රුවන්වැලි සෑය වඳින්න ගියාද ..? = ගස් ගල් වන්දනාවේ යෙදෙන්නෝ මිත්‍යා දුරුස්ටිකයෝය..
        7. මල් එහෙම කඩාගෙන. = මල් කඩන්න පස් මහ බැලුම් ඇවැසි නැත….

      • අනේ මන්ද යෝගි නම් කියන්නෙ “අරාබි සෝකය ” දරුණු ලෙඩක් කියල…

        අක්ක තාම worry වෙනව නේද ඉල්ලන් කෑව එක ගැන…ඔච්චර worry වෙන්නෙපා..
        මම නම් පොඩ්ඩක්වත් worry නොවී යෝගි හින්ද බැනුම් ඇහුව නිසා හරියටම සමානව යෝගි එක්ක දෙකට බෙදාගත්ත අහපු බැනුම් ඔක්කොමත්…
        නැත්නම් ඉතින් යෝගි හැදෙන්නෙත් නෑ නෙ.. 😉

      • @ගල්මල්-Coral
        බොහෝම ස්තූතියි අයියේ..
        නැතුව ඉතිං බැනුම් අහන්න බෑනේ. ඒකයි මම කිව්වේ නම් කතා කරලා බනින්න කියලා.කවුද දන්නේ කාටද බනින්නේ කියලා..??
        අනික ඉතිං ඒ කියන දේවල් ගැන හිතල බලන්නකෝ. අපි මේ මනුස්සකමට කාට හරි ලෙඩක් හැඳුනාම ..බෙහෙතක් ගන්න යන්න කියලා ඊට පස්සේ මොකද කියලා අහන එකටත් .. කියන කතා දැක්ක නේද අයියත්..?
        හපෝ.. 😦 😦

      • @තිස්ස දොඩන්ගොඩ
        හාහ් මම නම් හිතුවේ එන්නේ නැති වෙයිම කියලා අර යෝගියා කියන්නා වගේ.
        1.ආ ඒක විහිලුවටද කිව්වේ??කවුද ..දන්නේ.
        මම මේ අහලා බැලුවේ කවිය ඇත්තටම හොඳඳ නරකද කියලා දැන ගන්නයි..
        ලාන්තරාස් දවසටත් කියන්නකෝ ආය හරිද??
        2.හානේයි ඇත්තද?? පුටුවෙන් වැටෙන්න එපා.පරිස්සමට..ඉන්න..ඕනෙවට වඩා තරහා ගන්නත් එපා.
        3.ඔන්න යෝගියෝ ආයෙමත් මල්ලියාලු..ඉතුරු ටික ඉතිං කියලවත් වැඩක් නෑ. දන්නවා දැන් වැඩි දෙනෙක්.
        4. මම ඉන්නේ ඊට වඩා ලොකු දෙපාර්තමේන්තුවකනේ තැපැල් ගාස්තු නොමිලේ සපයනවා මාක්..ඒ නිසා ලිස්ට් එක එවන්න…
        5.හයියෝ මම නම් ඔය සමහරු වගේ ඕනේ එකටයි එපා එකටයි හැම එකටම අම්මට කරදර කරන ජාතියේ නෙවේ.. ඉන්නකෝ තව ටික දවසකින් මම් වැඩකරන විදිය බලාගන්න 🙂
        6.ෂුහ් හැබෑටම.. අදනෙ දන්නේ.
        එතකොට මොකටෙයි ..අර සමහර දාට ගස් ගල් උඩ යනවයි කියලා යෝගියා ඔය වෙලාවකට කියන්නේ.
        7.ඔහෝ ඔන්න චේජනා ..පේනවානේ පිලිතුර. හැබැයි ඇත්තම කියලා
        “”මල් කඩන්න පස් මහ බැලුම් ඇවැසි නැත””
        ඒකට මොකද කියන්නේ නම් යෝගියාට 😛

      • @Chejana
        ‘අරාබි සෝකය’ දරුණු ලෙඩක් කියලා යෝගියා කියලා ගිහිං තියන නිසා තමා..මම මේ දැනුම් දෙන්න හදන්නේ.
        ඔන්න මම නම් දැන් යුතුකම කරා.
        ඒක ඉතිං කොහොමද කරන්නේ..අර ලෙඩ වෙලා ඉදලා ගෙදර ආපු කෙනාට බනින්න බෑනේ.
        අනික ඉතිං කාගෙවත් නෙවේනේ වරද.ඔය අයියගෙම නේ..මේ අපිට හැම තැනම බැන බැන ගියාට.වැඩිහිටියන්ගේ ආදර්ශනේ චේජනා පොඩි ළමයි ගන්නේ. 😦

  9. ගිහින් එන්නම් කියූ හැමවිට
    නුදුටුවෙද මා හද තැවරි සොව
    නොකීවද ඔබ හෙටත් එන්නැයි
    නොදන්නෙද මා හෙටද එන බව

    දන්නෙ නෑ ඔබ, එන්න බැරි උන
    හැම දිනක මා වින්ද ගින්දර
    ඔබ නොදනිතත් මහද ගැඹුරෙම
    ඉන්නෙ ඹබ මිස වෙනත් කවුරුද…?

    ඔබ නොදන්නා මගේ සෙනෙහස
    සුළඟටත් නෑ මම කියන්නේ
    කෙසේ හෝ ඔබ සවනතට විත්
    හද පෙළයි දැයි කව්ද දන්නේ…

    බීර බඳුනක පෙණ බුබුළු ළඟ
    අහිමි සෙනෙහෙක සුවඳ සොයනෙමි
    හෙටත් හවසට පුරුදු විදිහට
    ඇවිත් ඔබ දෙස බලා සැනසෙමි

    කවමදාවත් එන්න බැරි බව
    දන්න හින්දා තනිව වැළපෙමි
    ඔබට මෙන් නොව, ඔබෙත් මාගෙත්
    දෙහදෙහිම ගින්නෙන් දැවෙන්නෙමි…

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • නික්ම යන්නට හැරුණු හැම විට
      මගේ සිත මත දුකක් අතුරා
      නොදුටුවෙමි කිසිවක්ම ඔබ සිත
      දෙනෙත් කඳුලින් පිරුණු හන්දා

      ඔබ නාව ඒහැම දිනක් ගැන
      මතක කඳුලින් ලියා ඇත මම
      ඔබේ සිත ළඟ මා ඉන්න බව
      නොකියාම ඇයි මෙතෙක් කල් නුඹ

      ඔබේ සෙනෙහස හදපෙලාවී
      යැයි සිතුවෙ ඇයි ඇත්තටම ඔබ
      මගේ සිත මත ඇදුනු ඉරි ගැන
      නොසැලකුවෙ ඇයි ටිකක් වත් නුඹ

      අවන්හලකදි රැයින් අඩක්ම
      ගෙවා දමනා බව ඇසිමි මම
      හේතු නොදැනම නිහඬවම මම
      අසා සිටියෙමි නොදන්නා ලෙස

      කවමදාවත් එන්න බැරි යැයි
      සිතන මුත් ඔබ මම නොසිතුවෙමි
      කවදාක හෝ එන්න හැකිවෙයි
      බලාපොරොත්තු රඳව ගමු අපි

      බොහෝමත්ම ස්තූතියි ..!! වළාකුළු

      ප්‍රති-පිළිතුරු සැපයීම
  10. මා නොදනියි යැයි ඔබ සිතුවද
    මම දනිමි, මම හඟිමි
    ඔබ මෙන්ම මමද තැවෙමි
    කිසිදා නොලැබෙන සෙනෙහස වෙනුවෙන්

    ඔබේ හදෙහි මෙන් මහද තුලත්
    දහසක් කව් පබැ‍ඳෙයි නිබඳව
    සෙනෙහස වෙනුවෙන් ඔබට ගයන්නට
    එහෙත් කිසිදිනක නොගැයුණු

    ඔබට නොගැයුණු හදේ කවි මල්
    වීසි කරනෙමි ඈත අහසට
    අමාවක රෑ තාරකා සේ
    ‍රැය පුරාවට එලිය දෙන්නට

    ඔබේ රහස ‍රැඳි මුදු සුලඟ
    මගේ කවි ගෙන එන තරු එලිය
    මුණ ගැසෙනු ඇත සෑම ‍රැයෙකම
    ඔබෙත් මගෙත් සෙනෙහස වෙනුවෙන්

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • රහස රහසක් කර රකින්නට
      සුසුම් මට ඉඩ නොදෙන හින්දා
      මගේ කඳුළැලි නුඹ දකින්’නැති
      සමාවක් නොලැබෙයිද මන්දා

      ඔබේ මුදු සිත බඳින කවි පද
      කවමදාවත් නොදුටු හින්දා
      සෙනෙහසක් සිත නැතැයි සිතුවෙමි
      මෙතෙක් කල් මම අනේ මන්දා

      මට ඇසෙන්නට නොගැයු කවි පද
      සොයා මම රෑ අහස පීරමි
      තාරකා වල පුංචි එලියෙන්
      මට යන්න මම මඟ අසා ගමි

      අමාවක රැයකදී වූවත්
      හෙමි හෙමින් මම ඇවිද යන්නෙමි
      මට නොපෙන්වූ නමුත් ඔබෙ කවි
      එකින් එක හෝ සොයා ගන්නෙමි

      එසේ ගෙන එන ඒ සොඳුරු කවි
      රහස අරගෙන ගිය සුළං රැලි
      මුණ ගැසෙන හැමවිටම එක්වී
      අපේ සෙනෙහස රැකගනිමු අපි..!!

      ප්‍රති-පිළිතුරු සැපයීම
  11. පදපෙල හා අදහස ලස්සනයි.
    ඔබේ පදපේලි අතර දකින “බලාපොරොත්තුව” තීව්‍රව මෙ කව් පෙල තුලින් ද ආයෙත් දැක්කා. වාසනා වේවා!

    ප්‍රති-පිළිතුරු සැපයීම
  12. කවිය නම් ගොඩක් ලස්සනයි අක්ක.. මේ දවස්වල මගෙ අතින් වැඩිය කමෙන්ට් ලියවෙන්නෙ නෑ.. sorry හොඳේ..

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • අක්කෙ ,
      මම නං මැරෙන්ඩ වැටිල ඉස්පිරිතාලෙ හිටියෙ.. ඒක හින්දා කමෙන්ට් ලියවුනේ නෑ වැඩිය.. ඒත් ‍අපේ චේජනාට කමෙන්ට් ලියවෙන්නැත්තෙ ඇයි කියල පොඩ්ඩක් හොයල බලන එක වටිනවා.

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • @Chejana
        ඇවිත් යන්න ආවට ස්තූතියි චේජනා…මට හිතුනේ වැඩ වැඩි ඇති කියලා.වෙන හේතුවක්ද

        @ යෝගී
        කියන කතාවල හැටියට කමෙන්ට් නෙවේ යෝගියෝ මේ ලියවිල්ලත් අතාරින්නයි මට නම් හිතුනේ. 😦
        ඒත් ඉතිං අහලා බලමුකෝ.
        ඇත්තටම ඇයි චේජනා. මාත් අහන්න කියලයි හිටියේ ඔයාගෙන්..

      • දකුණු අතේ සේලයිං බටේ… අරහෙන් රාජකරී හිරවෙලා… මෙහෙන් ගෙදර උන්දෑ morning sickness… වං අතෙන් ඇස් ඇම් ඇස් වලින් මල් කඩයි…
        මරණ තුනක් ඇති මිනිහෙක් කන පැණි… සංදුක්කේ…!!!

    • @තිස්ස දොඩන්ගොඩ
      ඈ තාමත් සේලයින් බටේ අතේ…ඒ මදුරුවා පුදුම මදුරුවෙක්නේ.. එහෙනම්…
      අයියා හීනෙන් කියවනවද මංදා.. වෙලාව කීයද ඔහෙට??
      @ යෝගි
      ඔන්න යෝගියෝ මම නම් වචනයක් කිව්වේ නෑ කා එක්කවත්..මෙන්න ඔයාගෙ ආදරණීය අයියා ඇවිත් කියන්න තියන ඔක්කෝම කියලා ගිහිං හොදේ.ඔන්න
      විසඳගන්න….!

      ප්‍රති-පිළිතුරු සැපයීම
  13. වචන ගලපා ලස්සන කමන්ටුවක් දැමීමට තරම් මනස නිරවුල් නැත. එනිසා කවිය කියවූ බවත් එය ඉතා අගනා මිහිරි එකක් බවත් පවසා යන්නෙමි. සමාවුව මැන.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  14. දිලන්ත මානෙත්

    ~~ඔබ නොදන්නා මගේ සෙනෙහස, මං ලඟම මම තියා ගන්නම්~~
    නොදන්නවා නෙමෙයි, දන්නා බව පෙන්නුවොත් මාව නැතුව බැරි වෙයි මොහොතකටවත්…

    ~~පාව යන මේ සුමුදු සුළඟට, මගේ රහස මම කියා ගන්නම්~~
    රහසක් වෙන්නේ කොහොමද මට හිඉනෙන් වගේ ඇහෙද්දී… එක් වෙන්න හිතින් හිතන වාර ගණන…

    ~~කියා ගන්නට බැරි රහස් ටික, හදේ කුටියක සඟව ගන්නම්~~
    සමාවෙන්න නපුරි කිවුවට….

    ~~ළඟට එන්නට බැරිම නම් ඔබ, දුරින්වත් මම තියා ගන්නම්~~
    බොරුකාරි!

    ~~කවදාක හෝ ඔබ ලැබේ යැයි, බලාපොරොත්තු රඳව ගන්නම්..~~
    පොරොන්දු වෙන්නම් ආශිර්වාද මැද .. අරන් යන්න…. හැමදාටම..!

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: