~ළඟින් ඉන්නම්~

බොහෝදුර වුව ගතින්

සිතින් ළඟ නිසාවෙන්

තනිය මකමින් සිතින්

ළඟින් ඉන්නම් නිතින්

හැමදාම මම ඉතිං

දුකක් නොසිතන් යලිත්

36 responses ඊළඟ »

  1. තරුවක් වෙලා
    ඉන්නම් අහසේ……
    එළියක් වෙලා
    සඳ නැති දවසේ….
    සැනසුම් සුසුමක් වී
    ඔබ පහසේ…..
    රැඳෙන්නම් හොර රහසේ…..
    තනිවුනු මොහොතේ………

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. ගතින් ලග …
    හිටියත් නොහිටියත්
    හිතින් හිත යාවී තිබේනම්
    එයයි ප්‍රේමයේ සොදුරු සිතුවම
    ගහට පොතක් සේ වේනම්

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. ලඟ ඉන්නවානම් ඉතින්
    දුක විසි කරන්නම් සිතින්
    සෙනෙහස දුන්නෝතින්
    හිනහෙන්නම් මම තුටින්

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. මෙවන් වූ සොඳුරු වදන්
    ඇසෙයි නම් නීති ඔබ මුවින්
    දුරින් වුව ලඟින් වුව
    කිම් ද දුක් වන්ට කාරණ

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • දුරින් ඉඳන් අසා ඉන්න
      ලඟින් වගේ දැනෙයි එවිට
      දුකක් නැතිම නම් සිතවට
      කියා එව්වොතින් ඇත්තට
      සතුටු හිතෙයි මට එතකොට

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • සුලඟ හා පාව එන
        ඔබ මුදු වදන්
        දුර ඉඳන් අසනු මිස
        ලඟින් ඉන්නට වරම් නැති බැවින්
        දුකක් නැතිවම නෙවෙයි!

      • හිතෙන දුක් බිඳෙන් බිඳ
        සිත ලඟින් දුරලන්න
        සතුට පමණක්ම ඔබෙ
        සිත ළඟින් තියාගෙන
        ළඟින් ඉන්නට නැතත්
        කමක් නෑ තුටින් නම්
        පුංචි දුක හිතෙන දේ
        කරමු අමතක හෙටත්..!!

  5. ෆා ද බ්ලොගී

    සිතන්නේ ‍කෙළෙසකද
    නුඹ ඉන්නේ ඈත බව
    නෙත් පියන පමාවට
    නුඹ ඇවිත් මගෙ හිතට

    ප්‍රති-පිළිතුරු සැපයීම
  6. බොහෝම ලෙන්ගතු පදපෙලක්, ගොඩාක් සිත්ගත්තා.

    මෙ අදහසම ජීවනාලිය වූ සමයක කටුක ජීවිතය ජීවත් කෙරුවා
    එම අදහසම ජීවිත රාශියක් බලාපොරොත්තුවෙන් ජීවත් කරනවා

    ප්‍රති-පිළිතුරු සැපයීම
  7. වෙලාවේ හැටියට හොඳ අත් බෙහෙතක්…! ස්තූතියි…

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • හා ඔව් අයියේ’අරාබි සෝකය’ට හොඳ බෙහෙතක් තමා..
      අක්කා කථා කරයි තව ටිකකින් 🙂

      හ්ම්ම්ම් කොහොම උනත් ඔන්න අයියාගේ මේ කමෙන්ට් එක මන්දාකිණියේ 1000 වෙනි කමෙන්ට් එක. 🙂 🙂

      මේතරම් කල් මාත් එක්ක හිටපු හැමෝටම බොහෝමත්ම ස්තූතියි..!!

      ප්‍රති-පිළිතුරු සැපයීම
  8. මන්දාකිණියේ කමෙන්ට් 1000ක්, වැදගත් කඩඉමක්!

    සුවහසක් සුබපැතුම් ගල්මල් අඩවියෙන්.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  9. මගේ ප්‍රියතම කිවිඳියක වූ නුඹට චිරාත් කාලයක් කව් පද ගොතන්නටත් ඊලඟ පරපුරට ඒ රසවින්දනය, නිර්මාණශීලිත්වය උරුම කර දෙන්නට හැකි වේවායිත් පතමි… !

    ප්‍රති-පිළිතුරු සැපයීම
  10. බොහෝ දුර වුව ගතින්
    දකිමි නුඹෙ රුව
    කවි පද මතින්…
    සුසුම් වැල් අතරින්
    සිප වැළැද ගමි
    කවි මල් සෙනෙහින්…
    හැඟේ මට…
    නුඹ,
    මගෙ ලඟින්
    මගෙ ලඟින්…

    ප්‍රති-පිළිතුරු සැපයීම
  11. හ්ම්ම්..වෙන මොනා කරන්නද ඉතින්
    අපිට ත‍ටුත් නෑ නෙ..
    ඒ ගොල්ලන්ට තිබුණට

    ප්‍රති-පිළිතුරු සැපයීම
  12. තරහ වෙන්න එපා මෙහෙම කමෙන්ට් එකක් දැම්මට.

    අපි හැමෝම ගස්ලබු කොල ඩෙංගු ප්‍රතිකාරය ගැන අපේ බ්ලොග් එකේ පෝස්ට් එකක් දාමුද ? මේක පුළුවන්තරම් ප්‍රසිද්ද කරමු. ජීවිත කීයක් මේකෙන් බේර ගන්න පුළුවන් වෙයිද ? ඔක්කොම බ්ලොග් යාළුවන්ටත් කියමුද මෙහෙම කරන්න කියලා ?

    ප්‍රති-පිළිතුරු සැපයීම
  13. හැමදාම…? ට්‍රැජඩියක්ද? මොනවා උනත් ලස්සනයි.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  14. බෝ දුර වුවත් ඔබ
    සිතින් සැමදා මා ළගයි
    තනි නොතනියක්
    නොදැනෙ කෝමවත්
    ඉතින් ඇයි මට දුකක්……..

    ප්‍රති-පිළිතුරු සැපයීම
  15. ඔන්න නිමන්තිගෙ අඩවියටත් මම ටිකකට ගොඩවැදුණා.
    මේ පුංචි කව ලස්සනයි! 🙂

    ප්‍රති-පිළිතුරු සැපයීම

nimanthi වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න