RSS Feed

ඔබ දන්නවද..? මාව මතකද..?

අතීතයේ එක දිනයක විදුලි අකුණු පිරි සවසක

සරසවියේ පටු පාරක අප තෙමුණා මහ වැස්සක

ඔබට මතකද..?

අති’නත ගෙන එක්ව යන්න හැමදාමත් ළඟින් ඉන්න

කවදාවත් සමුනොගන්න පිළිණ දුන්න ඒ දින ගැන

ඔබට මතකද..?

ජීවිතයම කතරක් කර ඔබ සමුගෙන ගිය පසුවත්

මගෙ  සිත කඳුළින් වැලපෙයි ඒ මතකය මා රිදවයි

ඔබ දන්නවද..?

ඔබට මතක නැති උනාට නොසැලී  සිත ළඟ තවමත්

ඒ සිහිනය මං ගාවම තියාන මඟ බලනා බව

ඔබ දන්නවද..?

කවදාවත් ඔබ නාවත් හැමදාමත් ඉස්සර වගෙ

මං තාමත් නොවෙනස් බව

ඔබ දන්නවද..?

මාව මතකද..?

Advertisements

42 responses ඊළඟ »

  1. හරිම ලස්සනයි අක්කා….ඒත් ගොඩක් දුක හිතුනා කියවන් යද්දි….

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. මම හිතනවා මේ ඔබේ මතකයක්නෙමේ කියල…

    හරිමලස්සන පද පෙලක්…

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. මතකය තාමත් තියෙනව…….
    මහද පැරණි පෙට්ටගමේ…….
    විඩින් විඩේ උඩට එනව…
    ඉපිල්ලියක් වගේ ජලේ…….
    මම වැරදිද?නුඹ පැරදිද?
    දන්නේ අපි අපිම නොවෙද?……
    බින්දුණු හීන කන්නඩිය…
    ඉඳහිටලා පණ ලබනවා…….
    නුඹ ඔතැනම මම මෙතැන…..
    අපි දෙතැනක කල් මරනව…..
    මගේ හදවත තව උඹ ලඟ……
    බලන් තාම පණ ගැහෙනවා….

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • මතක සිහින හිත තියාන
      ඔබ කුමටද දුකින් බොහොම
      පැරදුනෙ මම විතරක් බව
      සිතමි තවමත් මගෙ සිත
      නුඹ වැරදිද මම නොදනිමි
      මා ළඟ නැති බවම හඟිමි
      නුඹ ඈතක නැත මා අස
      ඔබට පිදූ මගේ සෙනෙහස
      පමණක් ඇත මගෙ සිත මත….

      බොහෝම ස්තූතියි..!!! හේමලයා

      ප්‍රති-පිළිතුරු සැපයීම
  4. මම දන්නවා.
    ඔබව මතකයි…

    හරිම ලස්සනයි අක්කේ. මම ගොඩක් ම කැමති විදියේ කවියක් කාලෙකින් ආයෙමත් !

    ප්‍රති-පිළිතුරු සැපයීම
  5. ඔබ මා සිහින එක්කල
    අතීතයේ එක් වැහිබර සැඳෑවක
    ගෙවුණු ඒ සොඳුරු නිමේශය
    ඔබේ පමණක් නොව
    මගේ හද තුලත්
    තවම සැරි සරයි නිබඳව
    එදා කෙ‍ටු විදුලි අකුණු
    මාහද තුල තවමත් පුපුරයි
    එදා ඇද වැ‍ටුණු මහ වැසි
    උණු කඳුලු සේ
    මා දෙනෙත් තුලින් තවම ගලද්දි
    ඔබ අසයි
    ඔබව මතකදැයි
    ඉතින් මා කුමක් කියන්නද

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • අපේ සිහින සේදී ගිය
      මහ වැස්සට පසුව ආව
      හැමදාමත් ඔබ එනතුරු
      බලාන උනිමි
      කවදාවත් අද වෙනකන්
      ඔබ නාවෙන් මා බලන්න
      මගේ කඳුළු කවි අකුරුව
      අමුණා තැබිමි
      මෙය කියවා ඔබ කියනා
      මතක පොතේ පිටු පෙරලා
      හැමදාමත් සේ තවමත්
      මම අද අඬමි
      ඒ තරමට මට පෙම් කල
      ඔබ ආයෙම තව සැරයක්
      එනවා දැයි නොකියා ගියෙ
      ඇයි දැයි සිතමි…!!

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • නො එන්නට ගිය ගමනක්
        නොවන නිසාවෙන්
        එන නො එන බව නොකියා ගියා මිස
        හඬවන්නට ගිය ගමනක් නොවේ
        එහෙත් ජීවිතය සරල නැත
        දූපතක් සේ
        මහද්වීපයක් සේ සන්කීර්ණයි
        දේශ සීමා බොහොයි තරණයට
        ඔබ කරා යලි එන මගේ
        මම එමි කෙදින හෝ
        එතෙක් ඔබ ඉන්න
        කඳුලු කවි පසෙකින් තබා

      • යලි නො එන්න නොගියානම්
        කියා නොගියේ ඇයි එහෙනම්
        කඳුළු සමඟ හාද වෙන්න
        මම අකමැති බව දැන දැන
        ආය එන්න පමා උනත්
        ඔබ එනතුරු බලා සිටිමි
        කඳුළු කවිය මං ලඟ මම
        මගෙ තනියට තියා ගනිමි
        මගේ තනියට ඔබ ආ දින
        ඒ කවි පොත වසා දමමි..!!

  6. බොහෝමත්ම ලස්සන පදපෙලක්.

    “…සමුනොගන්න පිළිණ දුන්න…” පද පෙල ගොඩාක් සිත් ගත්තා
    (පිළිණ වචනයේ දුර්ලබ බාවිතය නිසාවත්ද නොදනිමි)

    ප්‍රති-පිළිතුරු සැපයීම
  7. සොඳුරැ මන්දාකිණියේ කෙලවරක,
    ඔබ ගෙත්තම් කල ඒ පදවැල් දැක….
    ආදරය පපුවට අනිනවා, කඳුළු දෑසට උනනවා සොඳුරිය,
    මේ හීතල වැහි බිංදු සමඟින්…

    ජීවිතය නිම වුනත් මිහිරිය,
    ආදරය නිම නොවන නිසා..

    සිනහාවනු මැන එක්වරක්වත්
    එදා හිනැහුන ලෙසින්…. යලිත්, ආදරෙන්……

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • සීතල හිරිකඩ වැස්සට
      බොහෝ කලක් අමතක කල
      මතක සිහින ආය සැරයක්
      අරන් ඇවිත් හිත මත්තට
      නිමක් නැති සෙනෙහසට
      නැති නිසාවෙන් ඉඩක්
      සිනා නගනුයේ කෝම ..
      කඳුළු රැදි සිත එක්ක
      බොහෝම ස්තූතියි…!! හෙළයා ‘ මන්දාකිණිය’ට ඇවිත් යන්න ආවට ඔබට…

      ප්‍රති-පිළිතුරු සැපයීම
  8. අවිහිංසක නුඹෙ හිත් පොඩියට
    අහසක් සේ පැතුමන් පුරවා
    හොර රහසෙම මං යන්න ගියා
    යළි එන්නට බැරි දුරක අනේ …………

    ප්‍රති-පිළිතුරු සැපයීම
  9. මං තාමත් නොවෙනස් බව
    ඔබ දන්නවද..?
    මාව මතකද..?
    මට දැන් කවි ලියන්ට අමතකයි… බැරිවෙලා හරි ලිව්වනම් මගෙ කවියත් මේකම වෙයි……..
    ලස්සනයි… 😀

    ප්‍රති-පිළිතුරු සැපයීම
  10. හැමදාමත් ඉස්සර වගෙ
    මං තාමත් නොවෙනස් බව
    ඔබට කියාදෙන්නෙ කොහොම
    මම නම් තාමත් හිතනව
    මැණික්(සුළඟ)

    ප්‍රති-පිළිතුරු සැපයීම
  11. හිමි නොමැති වග දැනගෙනත් මට
    ලොබ බැදිමි ඔබ ඇසුර ලැබුමට
    අදත් පැණයක් ඉතිරි වී ඇත
    පිලිතුරක් කිසිදිනක නොලැබෙන
    ආදරේ මුත් උනුන් හට අපි
    කිමද සිතුනේ එක් නොවන්නට
    කෙලෙස නම් මා මකා‍ලන්නද
    අපේ ඒ සුන්දර අතීතය

    ප්‍රති-පිළිතුරු සැපයීම
  12. තවම මතකයි කියා ඒ ගැන
    ඔබත් දන්නව මට වඩා
    දුරක ආවේ මා මිසක මගෙ
    හිත නොවෙයි සොඳුරිය සදා…

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • නොදන්නා දුර ගිහිං ඔබ අද
      තනිව මම මඟ බලං ඉන්නවා
      සිතින් වත් ඔබ මගේ ළඟ දැයි
      මගේ සිත අද මගෙන් අසනවා
      කඳුළු පමණක් උරුම මගේ සිත
      තනියමම ඔහෙ බලං ඉන්නවා

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • කියා ආවා නම් ඔබට මම
        හොයා ගෙන එන බවත් දන්නව
        නොයා ඉන්නට බැරිම වූ බව
        මම වගේමයි ඔබත් දන්නව
        සෑමදාමත් නෙත් වගේමයි
        හිතත් කඳුලින් පුරෝ ගන්නව
        නුමේ සෙනෙහස පරදවන්නට
        අයෙක් නැතිබව හොඳට දන්නව…

      • සොයාගෙන එන්නටම බැරි වුව
        තවත් මම මඟ බලං ඉන්නවා
        බොහෝ දුර සිට වුව ඔබ කියන දේ
        තවමවත් මම අසා ඉන්නවා
        හිතේ රැඳි දුක නෙතේ කඳුලින්
        පාර අහගෙන නික්ම යන සඳ
        මගේ සෙනෙහස හොඳින් දන්නා
        නුඹෙ ගමන ගැන මම සිතනවා
        බලාපොරොත්තු මගේ සිත මත
        ආයෙ සැරයක් යාවි පිය මැන

  13. එපා මා ගැන මේ තරම්
    සිතන්නට තවමත් ඉතිං
    කියන්නේ කෙළෙසකද සොඳුරිය
    මගෙ ද සිතුවිළි නුඹම පමණකි

    අපට අප හිමි නැති ලොවේ
    දෙදෙන දෙතැනක හිඳ තැවේ
    හිඳින්නේ ගිලෙමින් සොවේ – නුඹ
    ලැබේවා මතු අත් බවේ…

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • නුඹේ සිතුවිලි නොදැන සිටියෙමි
      කඳුළු මල් දොරකඩම මඟ බැලි
      දුර ගමන් ගිය නමුදු ඔබ අද
      හිතින් හඬමින් කිමද යලි යලි
      අපට අප අහිමිව ගියත් අද
      කුමක් කරමිද සිටිනු හැර මෙහි
      අසුරු සැනකවු නිමේශෙක යලි
      විදුලියක් සේ ඇඳී යනු ඇති

      ප්‍රති-පිළිතුරු සැපයීම
      • තවත් කදුලැලි පුරව ගනිමුද?
        මෙතෙක් කල් හිදි ලෙසම හිදිමුද?
        අළුත් කඳුළුත් රැගෙන යමි මම
        එහෙමනම්… ආයුබෝවන්
        හමුවෙමු මතු අත්බවේ
        වෙන් නොවෙමු යළි මේ ලෙසේ….

      • තවත් කඳුළැලි නෙතේ කොහින්ද
        ආපු දුර නම් බොහෝ දුර වැඩි
        ආයුබෝවන් නොකියමී මම
        වෙන් නොවන්නට පතමි මෙලෙස..!

  14. මේක කියවද්දි මට ඇති උන හැඟීම් ගැන මම අක්කට මෙතන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ නේද අක්කේ.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  15. නොවෙනස්? වෙන්ඩ බෑ. දැං බ්ලොග් එකක් ලියනවා කියල ආරංචියි.

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: