RSS Feed

~ගිම්හානයේ රැයක~

ගිම්හානයේ රැයක  සිහිනෙක

සොඳුරු මතකය වී ඇවිත්

තුමුල ගිරි හිස සෙමින් සිඹ සිඹ

සඳ හොරෙන් එබිකම් කරයි

කුමුදු කොඳ මල් සෙමින් පිබිදෙන

නිසල  රැය ගිම් නිවාලයි

සියපතක් මත විසිරි පිණි කැට

හෙමි හෙමින් රූරා වැටෙයි

විලේ දිය මත රිදී පැහැයෙන්

සඳේ කැල්මන් ඉරි අඳියි

සුමුදු සුදු මුදු සුළං රැළි විත්

අපට ඉඟි බිඟි කර නටයි

මගේ මතකය ඔබත් එක්කම

එකට අත් වැල බැඳ  හිඳියි

ඉතිං කොහොමද දුරස් වෙන්නේ

සිහින විල් තෙර ඔබ ළඟින්

Advertisements

22 responses ඊළඟ »

  1. සිහින සිතුවිලි අවදි වී නම්
    හීතලම පිණි වැටෙන මේ රෑ….

    මන්ද අප මේ දුරස් වන්නේ
    ලංව ඉමු මගෙ රත්තරන්…

    ලස්සනම ලස්සන පද ඇමුණුමක් නිමන්ති සහෝදරී.. අනර්ඝයි

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. වසන්තේ ගිම්හානයේ
    සිසිරයේ හේමන්තයේ
    කොහේ හිටියත් සොඳුරියේ
    මට ද නුඹ අමතක නොවේ…
    සසල දළ රළ
    මැදින් නොසැලී
    නැ‍ගී සිටිනා සෙල් කුළක් සේ
    මසිත් සයුරේ
    නුඹ ද නොසැලී
    ප්‍රේමයේ සිත්තම අඳියි තව.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. ගිම්හානයේ රැයක දුටු සිහිනයක් සේ

    ඔබේ සිත තුල මා රැඳෙයි නම්

    විල් දියත මත ඇඳි ඉරක් සේ

    මගේ සෙනෙහස ඔබ හඟියි නම්

    සියපතක් මත විසිරි පිණි කැට සේම

    මා ගැන වූ මතකයන්

    ඔබේ සිතින් රූරා වැටෙනු ඇති

    මේ ගිම්හාන කාලයත් සමගින්

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • රැයේ සිහිනෙක ළඟට ආවත්
      කවමදාවත් නොයයි සිතනෙමි
      විලේ දිය සේ නිසල වී මා
      ළඟම රැදෙතැයි සිහින දකිනෙමි
      සියපතක් මත විසිරි පිණිකැට
      සේම සතුටින් සිනා නගමින්
      සෑමදාමත් වසන්තයවී
      මා අසම ඔබ තනි රකිනු ඇත..!!

      ප්‍රති-පිළිතුරු සැපයීම
  4. හීන තටාකය මතුපිට
    නැගෙන දිය රැළි…….
    හෙමින් කොඳුරන
    මතක සැලි සැලි….
    පෙලයි මා යලිත්
    නගා හද මැසිවිලි……
    සොයා පෙරදින
    මැවුනු සිතිවිලි…….

    ප්‍රති-පිළිතුරු සැපයීම
  5. සසල උනා මේ පද පෙල කියවලා. අපේ ජීවිත වල ගැස්මයි මේ… සුන්දරයි අක්කේ… අති සුන්දරයි….
    (මට පහුගිය දවස් ටිකේ ඔයා ලිව්ව ලස්සන කවි ගොඩක් මිස් උනා… මේ දැන් පටං ගත්තා ඒ ටික කියවන්න) 🙂

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • අහා ගොඩාක් කාලෙකින් තමා නේද..?
      මිස්ට මිස් වෙලා.. 😛
      හ්ම්ම්ම් කියවලා එන්නකෝ එහෙනම්..
      පහුගිය දවස් වල ඉතිං ඔයා මේ ලෝකේ නෙවේ අඟහරු ලෝකෙනේ හිටියේ නේ..
      මේ ගිය සතියේ තමා පොළවට ගොඩ බැස්සේ..මටත් ඒක පෙනුනා…ඔයා ලියපුවා කියෙව්වාම. 🙂
      මල් වැස්සේ තෙමිලා යාන්තන් නුවර ගියාට පස්සේ තමා
      පියවි සිහිය ලැබුනේ නේ 😀

      ප්‍රති-පිළිතුරු සැපයීම
  6. කවිය නම් හරිම ලස්සනයි… ඒත් ගිම්හානයේ රාත්‍රිය නම් මට පේන්න බෑ.. රස්නෙට එපා වෙලා…

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • ස්තූතියි..!! චේජනා
      පහුගිය දවස් වල නම් එපා වෙලා තමා හිටියේ.. 😦
      කවදාවත් නැතුව ඉවසගන්න බැරි ඔලුව රිදිල්ලකුත් ආවා රස්නේ කොයි තරම්ද කියනව නම් …
      ඒත් මේ සතිය නම්..හොඳයි..ලාවට වැස්සක් තියනවා.. බොහෝ විට…
      ඒ නිසා ඇත්තටම හිතුනදේ තමා මේ ලිව්වේ මම ..ඒත්.. තව කියන්න දේවල් තියනවදෝ මන්දා කියලත් හිතුනා ….මට අඩුවක් දැනුනා.. මේක ලිව්වා උනත් කවදාවත් නැතුව….. 😦 😦

      ප්‍රති-පිළිතුරු සැපයීම
  7. හුඟක් ලස්සනයි ඔක්කොම කවි.
    හැමදා කවි ලියන්න මගෙන් සුභපැතුම්

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: