RSS Feed

~අතීතයට ගමනක්~

සැදෑ ඉර ගල කන්ද මතු පිට

සොඳුරු සිතුවම් අඳින සවසක

එකින් එක වූ පහන් එළි වැට

දොරින් දොර හෙමි හෙමින් දැල්වෙන

කන්ද පසු කර ගලන ඇල්ලට

දිය බිඳින් කිසි අඩුවකුත් නැති

මලක පෙති මත හාදු තිය තිය

දවස අවසන් කරන බිඟු කැළ

ලන්ද අවසන ගලන මීදුම්

බිඳිති එක එක එකතු කරගෙන

හමන සුළඟට රහස් කියමින්

සෙමින් සැලෙනා නිල් ගොයම් පැල

වළාකුළු වුව ඈත අහසේ

නොබිදෙනා පොඩි භාවනාවක

පාලු මාවත තනි මඟක මම

අතීතෙට යන සොඳුරු ගමනක…!

Advertisements

14 responses ඊළඟ »

  1. “වළාකුළු වුව ඈත අහසේ
    නොබිදෙනා පොඩි භාවනාවක”

    අපි ඉතින් බණට දහමට ලැදි මිනිස්සුනෙ නිමන්ති. හ්ම්… ලස්සනයි කවිය.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. අතීතය……
    අපේ හිතේ…
    සදාදරණීය නැවතුම්පළ……
    ලස්සනයි පද පෙළ……

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. හරිම සුන්දර පරිසරයකට අරන් ගියා මේ පදපෙල.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. අතීතෙට යන සොඳුරු ගමනට
    මාත් එන්නම් කැ‍ටුව යනවද
    මගේ අතීතෙට යනෙන ගමනත්
    බොහෝමත් සමවේය ඔබහට
    ඒත් කිසිදා සොයුරියක් නම්
    මගෙ අතීතෙට ඇවිල්ලා නැති
    ඒ නිසා සොයුරියක වී මට
    අනාගතයට යමු ඉතින් අපි

    අක්කෙ, මේක නම් හරිම ලස්සනයි, මම ආස කරන Rhythem එක තියෙනව ඒ කවියට…

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • අතීතය සිහිනයක් වාගෙයි
      බොහෝ කලෙකින් යන්න බැරි උනු
      අහම්බයකින් හමුවෙලා අද
      ලොවේ දෙතැනක ඉදන් වුව අපි
      ඉතිං එහෙනම් අනාගතයට
      යන්න පිය මැන හෙමි හෙමින් හරි
      එන්න අතැඟිලි අල්ල ගන්නම්
      ගතින් දුර වුව සිතින් ළඟ අපි..!
      ඇත්තටම පුදුමත් හිතෙනවා වෙලාවකට මටත් මේ, අපි නිකන් හරියට කාලයක් දැනගෙන හිටපු අය වගේ කතා කරන දේවල් දිහා බලපුවාම නේද..??
      ස්තූතියි…!! චේජනා..

      ප්‍රති-පිළිතුරු සැපයීම
  5. සැදෑ ඉර මල අඳින සිතුවම්

    අඳුර සමගින් වියැකී යයි නම්

    රැයේ දැල්වූ පහන් එලි වැට

    සුළං පහරින් නිමී යත් නම්

    කන්ද මුදුනින් ගැලු දිය ඇලි

    දැවෙන නියඟයේ සිඳෙයි නම්

    සිඳී ගිය දිය පාර අස

    නිල් ගොයම් පැල මිය ඇදෙයි නම්

    මලින් මල රැඟු තරුණ බිඟු කැළ

    කොහි ගියේ දැයි නොම දනී නම්

    වලාකුලකුදු නොමැති අහසත්

    මහ පොලව සේ දැවෙයි නම්

    පාලු මාවත කුමට යන්නේද

    අතීතය සිහිනයක් නම්

    ප්‍රති-පිළිතුරු සැපයීම
    • අඳුර සමඟින් වියැකි ගිය මුත්
      සොඳුරු බව සිත තුල රැඳේ නම්
      සුළං පහරට නිවී යන මුත්
      පුංචි එළියක් වුවත් දේ නම්
      අකල් නියඟය සොඳුරු දිය ඇලි
      නොපෙනෙන්නටම අරන් ගිය මුත්
      සිඳී ගිය ඇල දොළින් දිවි ලැබු
      නිල් ගොයම යලි පණ ලබා යැයි
      යන්න ගියමුදු තරුණ බිඟු කැල
      යලිත් ඒ යැයි සිහින මවමින්
      වළාකුළකුදු නොමැති වූවත්
      ඒ අහස යට සිහින සොයමින්
      අතීතයෙ ඒ සොඳුරු සිහිනෙට
      යන්න බැරි ඇයි සතුට සොයමින්
      අයෙත් යන්නට ඔබත් එනවද
      මාත් එක්කම ගිහිං එමු අපි
      බොහෝම ආදරෙන් පිලිගන්නවා ‘මන්දාකිණිය’ට…
      බොහෝම ස්තූතියි..!!! ඇවිත් යන්න ආවට

      ප්‍රති-පිළිතුරු සැපයීම
  6. අතීතෙට යන සොඳුරු ගමනක……

    මාත් යනවා අතීතයට…. ඒත් ආයෙ එන්න වෙනවනෙ දුක පිරුණු වර්තමානෙටම. අනේ.. ඒ සුන්දර අතීතයේම ඉන්න තිබ්බනම්.

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: