RSS Feed

~විසිරුණු සිත~

වැදුනු පහරින් බිඳී විසිරුණු

මගේ හිතත් කැඩපතක් වාගෙයි

කෑලි එකිනෙක පුරුද්දා යලි

බොහෝ වෙහෙසින් අලවලා ඇති

එසේ ඇලවූ හැම කොටසකම

සිට යලිත් නුඹ සිනාවෙන හැටි

මගේ සිත මත පිනුම් ගසමින්

මටම යලි යලි රිදවනා හැටි

කවදාක හෝ යලිත් බිඳෙතැයි

බිය සැකක් සිත ළඟකවත් නැති

අරුම වෙනසට හේතු සොයමින්

කල්පනාවක මගේ සිත යලි

Advertisements

30 responses ඊළඟ »

  1. ඒකනම් අපූරුම කවියක්…
    මගේ හැටිත් ඔහොම තමා ටිකක්..
    ලස්සනයි නංගියෝ…

    ප්‍රති-පිළිතුරු සැපයීම
  2. බිඳී වැටුනත්…
    ඒ හැම කොටහකම…
    ඇත්තේ ඔබමයි එක වගේ……..
    පෙර තිබුනු එක හිත වෙනුවට…
    දැන් විවිද හැඩතල ඇති
    හිත් සිය ගානක්…
    විමසනවා නුඹ ගැනම යලි යලිත්….
    බුර බුරා ඇවිලෙන
    අතීත වේදනාවට පිටුපාන අතරේ…….

    ප්‍රති-පිළිතුරු සැපයීම
  3. ලස්සන පද පෙලක් සහෝදරී.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  4. ලස්සනයි සහෝදරි පද වැළ. දිගටම ලියන්න සුභපැතුම්

    ප්‍රති-පිළිතුරු සැපයීම
  5. විසිරුණු සිත – ගිම්හානයේ රැයක – අතීතයට ගමණක්……….
    (පෝස්ට් 3 කට එකපාර කමෙන්ට් දාන ක්‍රමයකි)

    ප්‍රති-පිළිතුරු සැපයීම
  6. මොනතරම් කෑලි වෙලා විසිරුණත් නැවත එක් රැස් කර තනන්න ඕනේ. අප්‍රමාණ ඉරිතැලීම්, දෙදෙරීම තියෙන්න පුලුවන්. ඒත් ගොඩ ඒමයි වටින්නේ. මා ඒ ගුණාංගය ගොඩාක් ප්‍රිය කරනවා, පිලිපදිනවා බොහෝ සේ. විවේක ලද විටෙක බලන්න මගේ සටහන මෙතැනින්:

    http://amazingspring.blogspot.com/2010/03/blog-post.html

    පදපෙල ගොඩාක් සිත්ගත්තා. ජය!

    ප්‍රති-පිළිතුරු සැපයීම
  7. වරක් බිඳි විසිරුණ සිතක්
    තව වරක් විසිරෙතැයි
    බිය නොවන්ට කාරණ කිමැයි
    නොදනීද සැබැවින්ම
    “අසිරිමත් වු දේකි මෙලොව ප්‍රේමය නමිනා
    වැනූ පොරණ කිවිඳුන් සොඳ රසමුසු බසිනා”
    විය නොහැකිද එයම
    කාරණය

    ප්‍රති-පිළිතුරු සැපයීම
  8. කවිය කියවපු 8 පාරම මට එයාව මතක් උනා.

    ප්‍රති-පිළිතුරු සැපයීම
  9. වරක් බිඳුන සිත
    යලිත් පුරුද්දා
    අලවා පුරුදු ඇති නිසා
    යලි යලිත් බිඳුණත්
    ඇලවිය හැකිය පෙර ලෙසම
    ඉතින් කුමට බිය වනුද?

    ප්‍රති-පිළිතුරු සැපයීම
  10. බිඳුනු පසු
    කැඩපත් හිතක්
    තැනිය හැක යලිත්…
    වෙහෙස වී බෝ සේ
    කැබලි එකිනෙක පුරුද්දා….
    කුමක් කරම්ද මං
    බිඳී ගිය ගල් හිතක
    කුඩු කැබලි පුරුද්දා….

    ප්‍රති-පිළිතුරු සැපයීම
  11. බිඳී විසිරුනු හිතක
    කැබැලිති
    මමද
    හෙමි හෙමින්
    ඇහිඳිමි…
    අහුලනු නොදෙමි
    කිසිවෙකුට….
    උන් දෙන්නේ නැහැ
    තිබ්බ විදියටම
    පරෙස්සම් කර !

    ප්‍රති-පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: